මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනියන්ගේ සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරරචනයෙන් ද යුතු මෙි විරෝධාකල්ප ගීමිණ සමාජ ප්‍රගමනය වෙනුවෙන් දූෂිත පාලන යන්ත්‍රය පෙරළා දැමීමට අරගල කළ තරුණ නැගීටීම සිහිපත් කරයි.
ගීතයකින් වෙඩි තියන්නේ කෙසේදැයි ඔප්පු කළ ගායක ගායිකාවෝ කවරහුද? ඔවුහු මානව ප්‍රගමනයට උර දුන් සැබෑ වීරයෝය. චිලියේ වික්ටර් හාරා,ජැමෙයිකාවේ බොබ්මාලේ,ඇමෙරිකාවේ මයිකල් ජැක්සන් ආදීහු එබඳු විභවයක් තිබු විප්ලවීය ගායකයෝය.එහෙත් ලංකාවේ ද සින්දුවලින් වෙඩි තියන අභීත ගායිකාවක් සිටින්නීය.සුදුවතින් සැරැසුණු මෙි නිරායුධ ගැහැනිය නන්දා මාලිනී වන්නීය. 88-89 භීෂණ සමයේ මානව ප්‍රගමනය වෙනුවෙන් සාම්ප්‍රදායික ගීතය කුඩුපට්ටම් කළ නන්දා මහැදුරු සුනිල් ආරියරත්නයන් සමඟ එකතු වී 'පවන' නමින් නැවුම් විරෝධාකල්ප ගීත සමුච්ඡයක් ඉදිරිපත් කළාය.එකල එක්සත් ජාතික පක්ෂ රජයට නන්දාගේ 'පවන' ගී ප්‍රසංගයෙන් ප්‍රබල අතුල් පහරක් එල්ල විය.නන්දා මාලිනියන් පවනේ ගැයූ මෙි ගීතයේ රචකයෝ මහාචාර්ය සුනිල් ආරියරත්නයෝය.ඔවුහු එදා පැවති දුර්දාන්ත පාලනයට එරෙහිව අභීතව පෑන හැසිර වූහ.මෙයින් සිහිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙකේ දී මියගිය තරුණයන් බව නිසැකය.මෙි ගීතයට විෂය වන්නේ ඒ අඳුරු අතීතය යි.වරෙක ජනතා විමුක්ති පෙරමුණ ගල්කටස් තුවක්කු ගෙන රාජ්‍ය යන්ත්‍රයට පහරදී එයින් පහර කා වැනසී ගියේය.තවත් වරෙක එක්සත් ජාතික පක්ෂයේ දුර්දාන්ත පාලනය පෙරළා දැමීමට සටන් කළේය.එහෙත් එකල සමාජ ප්‍රගමනය වෙනුවෙන් සටන් කළ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැගිටීම සම්‍යඥානය තිබෙන කිසිදු පුරවැසියකුට අවතක්සේරු කළ නොහැකිය.මෙි තරුණ කැරැල්ල භීෂණයක් බවට පත්කළෝ කවරහුද?ඔවුහු වෙන කවරුවත් නොව එකල සිටි දුර්දාන්ත පාලකයෝය.ඔවුහු තරුණයන් දහස් ගණනක් ටයර් සෑයට යැවූහ.එපමණක් නොව බටලන්ද,එළියකන්ද වැනි හිට්ලර්ගේ වධකාගාරවලට නොදෙවෙනි කඳවුරුවලට තරුණයන් ගාල් කොට විවිධ වධහිංසනයට ලක් කළහ. මෙනයින් බලන කල එදා පාලකයන් තරුණ අසහනය මර්දනය කළ ආකාරය තිරශ්චීන නො වෙි ද? සිත්පිත් ඇති කිසිවකුට ඒ ජුගුප්සිත අතීතය අමතක කළ නොහැකිය. 1971 සිදු වූ කැරැල්ල ම 1989 දී යළි පුනර්කරණය කළ ද එය දේශපාලන යථාර්ථයක්,ජයග්‍රහණයක් බවට පත් නොවීය.තතු එසේ වූව ද රාජ්‍ය ත්‍රස්තවාදය නොවන්නට මෙතරම් භීෂණකාරී පරිසරයක් උදා නොවනු ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි. එහෙත් දැන් ඒ අඳුරු අතීතයට සාප කොට පලක් නැත.අවි අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට මුලපිරූ එම තරුණයෝ පැනසර හිසින් අද දේශපාලන බිමට පිවිස සිටිති.ගුණදාස අමරසේකරයන්ගේ "ගනඳුරු මැදියමෙි දකිනෙමි අරුණලු" නවකතාවත් නන්දා මාලිනියන්ගේ 'පවන' ගී ප්‍රසංගයත් එදා තරුණ නැගිටීමට උත්තේජනය සැපයූ බව නොරහසකි.මෙි ගීතය විරෝධාකල්ප ගීතයක් වූව ද කලාත්මක බවින් පරිපූර්ණ නො වෙි ද?
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තළා - දෙතිස්වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම - දඬුවම් දෙන
වරද නම්
කුමට එරට අධිකරණය - නීතිය හා
විනිසුරන්
මෙි කථකාව වීර මාතාවක් වන්නීය. තම ප්‍රාණසම පුතණුවන් රට වෙනුවෙන් දෑනුරාගයෙන් දූෂිත පාලන තන්ත්‍රය පෙරළා දැමීමට සටන් කළ බව දැන ඇය එයින් කුල්මත් වී සිටින්නීය.මක්සීම් ගෝර්කිගේ 'අම්මා ' නමැති නවකතවෙි පාවෙල් ද රුසියානු විප්ලවයට උත්තේජනය සැපයූ වීරයෙකි.මෙි කථකාව ද තම වීර පුතු දෙස බලන්නේ යටකී හැඟීමෙනි.ඇය තම පුතු සිරගෙට රැගෙන යන විට අකම්පිතව සිටින්නීය.තම පුතු පවතින ජරපත් දේශපාලන සංස්කෘතිකට එරෙහිව අලුත් ලොවක් ගැන සිතීම ඇයට ප්‍රහර්ෂය දනවන්නකි.එහෙත් මෙි කුරිරු රාජ්‍ය ත්‍රස්තවාදීන් තම පුතුට දෙතිස් වධය දෙන බව ඇය දන්නීය.දෙතිස් වධය යනු කිම? දෙතිස් වධය යනු ශ්‍රී ලංකාවේ අතීතයේ රජසමයේ භාවිත වී ඇති දණ්ඩන ක්‍රම 32 කි. ඇය පවසන්නේ තම පුතු වරදක් කර ඇත්නම් ඔහුට දෙතිස් වධය පමුණුවන ලෙසය.අලුත් ලොවක් ගැන සිතමින් අරගල කළ පුතු මෙසේ කුරිරු වධහිංසනයට ලක් කරන රටක නීතිය හා විනිසුරුවරුන් කරන්නේ කුමක් දැයි ඇය ප්‍රශ්න කරන්නීය.එහෙත් මෙි හද කකියන වැලපුම පාලක පන්තියට නොඇසුණි.අතුරුදන් තරුණයන් වෙනුවෙන් මවුවරු දහස් ගණනක් මෙසේ වැලපුණහ.
කකා බිබී නටන අතර - නරුම යහළු
යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ - පාසල්වල
අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි
මට කියන්
සින්දුවෙන් පන්දුවෙන් නැළවෙන කූල්ටූර් පන්තියට රට ගැන කැක්කුමක් නැත.ධනපති පන්තයේ හැටි එසේ ය.කොළඹ උසස් පාසල්වල ඉගෙනුම ලබන අමනගති ඇති එබඳු සිසුහු කෙතරම් සිටිත් ද?ඔවුහු නරුමයෝ නොවෙත් ද?එහෙත් රටට සිදුවන ඔිනෑම විපතක දී ඊට එරෙහිව පෙරමුණ ගන්නේ පීඩිත පන්තිය යි.ගිනි ගෙන දැවෙන රට නිවන මං සොයන්නෝ වැරදිකාරයෝ නොවෙත්. මෙසේ බලන කල යටකී තරුණ නැගිටීම සමාජවාදී විභවයක් නො වෙි ද?
ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මවු ලෙස මම ඉන්නම් - එවන් පුතුන් ළඟ
රෝමය ගිනි ගනිද්දී නීරෝ අධිරාජ්‍යයෝ වීණා වැයුවෝය.මෙහිදී තම පාලකයාගේ අඳබාල හැසිරීම දැක පාලිතයෝ බියෙන් ඇළලී ගියහ.ක්‍රි.ව 64 ජූලි මාසයේ දී රෝමය ගිනිගත් අවස්ථාවේ ඒ ගැන තැකීමක් නොකළ නීරෝ අධිරාජ්‍යයෝ වීණා වාදනය කරමින් කල් ගත කළෝය.සාහසික ලෙස දේශපාලන පළිගැනීම් කළ මෙි කෘෘර පාලකයා අවසානයේ දිවිනසා ගෙන මිය ගියේය. ජනශ්‍රැතියේ සඳහන් වන්නේ සංගීතය කෙරෙහි දැඩි ඇල්මක් දැක් වූ ඔහු රටවැසියාගේ අභිවෘද්ධිය පිළිබඳ කිසිදු උනන්දුවක් නොදැක් වූ බවය.
මෙනයින් රටක් ප්‍රපාතයට තල්ලුවන විට නිනව්වක් නැතිව සිටින මොළ කෙසඟ පිරිසක් ද සිටති.ඔවුන් මීහරකුන් වැනිය.තතු එසේ වූව ද රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සිරගෙයි වධබන්ධයට ලක් වී මියගිය තම පුතු ගැන මෙි වීරමාතාව උදම් අනන්නීය.ඇය පවසන්නේ තම පුතු වැනි අභීත දරුවන් තව තවත් බිහි වෙිවා යනුවෙනි.මෙය කෙතරම් උදාර ආරම්මණයක් ද? උත්කෘෂ්ට ප්‍රාර්ථනයක් ද? එපමණක් නොව ඇය එම අලුතින් උපදින වීරපුතුන්ට කිරිමවක වීමට ද රිසි බව කියන්නීය.මෙි වූකලී කෙතරම් අර්ථපූර්ණ රමණීය යෙදුමක් ද?යහපත් සමාජයක් වෙනුවෙන් සටන් වදින දූපුතුන්ට සවියක් වීමට වැර දරන මෙබඳු මවුවරු ජාතියේ පිනට පහළ වූ වීරමාතාවෝ නොවෙත් ද?
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
යදමින් බැඳ විලංගු ලා