බන්දුල නානායක්කාරවසම්ගේ සුගේය පද සුරචනයෙන් ද විශාරද එඩ්වඩ් ජයකොඩිගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද සමලංකෘත මෙි ගීමිණ මිනිස් සන්තානයේ නොතිත් ආශා පිළිබඳ අඳුරු පැතිකඩක් සුවිශද කරයි.
මිනිස් ආශා අසීමිතය.භෞතික සම්පත් සීමිතය.ඇතමෙක් තමන් නොලද සම්පත් පිළිබඳ පශ්චාත්තාප වෙමින් මොහාන්ධකාරයේ ගිලුණු අඳමිටුවන් සේ දේපළ වස්තු තණ්හාවෙන් ආශා සන්තර්පණය කරගැනීමට මාන බලති.තමන් නොලද සම්පත් පිළිබඳ ලොබලිය වඩමින් සිහින මවන්නෝ කවරහුද? ඔවුහු දුගියෝය.පීඩිත පන්තියේ අසරණ ජනතාව හැමදාම තමා සේවය කරන හාම්පුතාට කඹුරමින් අශා දෑසින් මිය යති.මිනිසුන් බොහෝ දෙනා තමා නොලද සම්පත් ගැන සිහින මවති.එහෙත් ඒ සිහින පියවි ලෝකයේ සැබෑ නොවේ.ඒ සියලු සිහින බිඳී ගොස් ශෝකයෙන් කෙළවර වෙයි.
වැඩි තණ්හාවට ගිය ගොවියකුට අත්වුණු ඛේදජනක ඉරණමක් පිළිබඳ අපුරු කෙටිකතාවක් විශ්ව සාහිත්‍යයේ මහගත්කරු ලියෝ තෝල්ස්තෝහිහු ලියූහ.How much land does a man need?(මිනිසකුට කොපමණ ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ද?) ඔවුහු මෙි කෙටිකතාවෙන් මිනිස් සන්තානයේ අඳුරු පැතිකඩක් මහත් අපූරුවට අනාවරණය කරති.කතාව සැකෙවින් මෙසේය.
පාහෝම් අඳ ගොවියෙක් වූයේය.එහෙත් ඔහුට දිනක් තමාට ම කියා ඉඩමක් මිලදී ගැනීමට සිතක් පහළ විය.මෙි අල්ලපනල්ලේ ඔහුගේ බලාපොරොත්තුව සපල වන ආරංචියක් අල්ලපු ගමෙන් ලැබිණ.මෙි වූකලි නොමිලයේ ඉඩමක් ලබාගැනීමට වරමකි.එහෙත් එය අභියෝගයකි.අල්ලපු ගමෙි දේපළ හිමි බක්ෂීර්වරු පාහෝම්ට අපූරු අභියෝගයක් බාර දුන්හ.එනම් තමන් සිටින තැන සිට ඇවිද ගොස් හැකිතරම් බම්කොටස් ප්‍රමාණයක් අල්ලාගෙන හිරු බැස යාමට පෙර නැවත එම ස්ථානයට ම පැමිණිය යුතු බවය.මෙකී අභියෝගය බාරගත් පාහෝම් උදෑසන සිට සවස්වන තුරු හතිහළමින් විශාල වපසරියක ඇවිද ගියේය.එහෙත් හිරු බැස යාමට මත්තෙන් ඔහුට නැවත තමා සිටි ස්ථානයට පැමිණීමට නොහැකි විය.අවසානයේ ඔහු වේගයෙන් දුවන්නට පටන් ගත්තේය.ඔහු එම ස්ථානය ආසන්නයට ම පැම්ණියේය.බක්ෂීර්වරු අත්පොලසන් දී ඔහු දිරිමත් කළහ.එහෙත් සිදුවූයේ අවාසනාවකි.දිවීමෙන් අධික වෙහෙසට පත්ව සිටි පාහෝම් දිනුම් කණුව පෙනි පෙනී මැරී බිම ඇද වැටුණේ ය.අවසානයේ ඔහුට අඩි 6 ක කුඩා බිම් අඟලක මිහිදන් වීමට සිදුවිය.භෞතික සැප සම්පත්වලට අසීමිතව ආශා කරන මිනිසාට අවසානයේදී සිදුවන සන්තෑසිය මෙි කෙටිකතාවෙන් ලියෝ තෝල්ස්තෝයි අපූරුවට විවරණය කර ඇත.
මෙනයින් දේපළ තණ්හාවෙන් මඬින ලද මිනිසා අසංවෙිදී ආත්මාර්ථකාමියෙක් ද වෙයි.නොසංසිඳෙන ආශා සංසිඳවීමට යත්න දරන්නෝ අමනෝඥයෝය.
මෙි අත්දැකීම ඉතා ප්‍රබල සංකල්ප රූප පොකුරක් මඟින් සුවිශද කිරීමට ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසමයෝ උත්සුක වෙති.ඔවුහු මැණික්කරුවකු ස්වකීය මැණික් කපා කොටා ඔපමට්ටම් කොට එහි ප්‍රහර්ෂවත් බවක් විශෝධනීය බවක් උත්ප්‍රේරණය කරන්නා සේ ජීවිතය වටා රොක්ත වූ වෙිදයිත මෙි ගීතය ඔස්සේ අපූරුවට ගළපති.
රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා
හිරු ලෝකයට ප්‍රභාමත් එළියක් දායාද කළ ද මිනිසාට එහි අහලකටත් ළංවීමට නොහැකිය.සූර්යාලෝකයේ රශ්මි කදම්බය එතරම්ම ප්‍රබලය.මැක්සීම් ගෝර්කි කී පරිදි හිරු වනාහි මිනිසාගේ පරම ශක්තියයි.මව්කිරිවලට සමාන ශක්තියක් හිරු මිනිසාට සපයයි.එහෙත් හිරුගෙන් සිසිලස අයැදීම කෙතරම් නුනුවණකමක්ද? පිච්චී මැරී වැටෙන තරම් රශ්මියක් ඇති හිරුගෙන් පවා සිසිලස සොයන මිනිසුන් සිටින බව නොවෙිද මෙි කියන්නේ?සිත්පිත් නැති අහංකාර, උඩඟු මිනිසුන්ගෙන් යහපතක් දායානුකම්පාවක්,අත්වැලක් බලාපොරොත්තු වීම නිෂ්ඵල වෑයමක් බව රචකයා ව්‍යංග්‍යාර්ථයෙන් කියයි.පුන්සඳ හෙවත් පූර්ණ චන්ද්‍රයා ද එබඳු ම ප්‍රබල රූපකයකි.සොඳුරු සෞම්‍ය සඳමඬලින් උණුසුම අයැදීම ද නිරර්ථක ප්‍රයත්නයකි.සඳ කෙතරම් රමණීය සොඳුරු වස්තුවක් වුවද සඳුට කිසිමදාක කෙනකුට උණුසුමක් සැපයිය නොහැකිය.එහි ස්වභාවය එසේය.ලොව නියාම ධර්ම,ස්වභාව ධර්මය මිනිසාට වෙනස් කළ නොහැකිය.තතු එසේ වූව ද භෞතික ආශා පිටුපස ලුහුබඳින මිනිසා යකකුගෙන් හෝ යමක් ගන්නට නොපසුබට වෙයි.මිනිසාගේ ජාගර ගති අවිචාරවත් මුග්ධ ඇවැතුම් පැවැතුම් මියෙනතුරු ම වෙනස් නොවෙි.ලෝකය බිහිවූ දා සිට තෘෂ්ණාවෙන් කාමාග්නියෙන් පෙළෙන මිනිසා ගිරිහිස හෙවත් කඳුහෙල් මුදුනේ පවා මහනෙල් මල් පිපෙතැයි විශ්වාස කරයි.මෙහි ඉඳුවර යනු මහනෙල් මලට කියන තවත් නමකි.වෑතල,පොකුණු ගං හෝ පිපෙන මහනෙල් කවරදාකනම් ගිරිහිස සුපුෂ්පිත වෙයිද?මෙි වූකලි කෙතරම් අමනෝඥ,අභව්‍ය සිතුවිල්ලක්ද?"ගිරිහිස ඉඳුවර සොයමින් ළතැවෙනවා" නමැති සංකල්ප රූපය නොහිමි සම්පත් ගැන පවත්නා දළ ලොබලිය ධ්වනිත කිරීමට කෙතරම් ප්‍රබලද?මිනිසා දකින මෙි සියලු අයථාර්ථවත් සිහිනවල අවසන් ප්‍රතිඵලය කුමක්ද?පශ්චාත්තාපය යි.පසුතැවිල්ල හද තෙරපමින් දුක් ගෙන දෙයි.රාග,ද්වෙිෂ,මෝහ සිතුවිලි දමනය කරගත්තෝ බොරුවළක නොවැටී ජීවිතය ජයගත්තෝය.
සයුරේ පැන් තොට සොයමින් වැළපෙනවා
කතරේ කෙම්බිම දකිමින් රැවටෙනවා
දිලිසෙන දිය රැලි මාලා
නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා
සයුර කෙතරම් විශාල දිය උල්පතක් වුව ද මිනිසාට එහි ඇති වතුර පානය කළ නොහැකිය.ඒවා ඒතරමට ම ලුණු රසයෙන් පිරි පවතී.එහෙත් ළිඳෙන් වතුර බී මුහුදට ආවඩන්නෝ ඔිනෑ තරම් සිටින්නෝය. ඇතමෙක් රස නීරස පිළිබඳ නිනව්වකින් තොරව සියල්ල අනුබව කරති.එහෙත් මිනිසාට කෑ නොහැකි දෑ බෝහෝය.මරුකතරක අතරමං වී තනිවී සිටිය ද එය කේෂමභූමියක් හෙවත් කෙම්බිමකැයි සිතා ඇතැම්හු රැවටෙති.ජීවිතය නමැති මායාවෙි වෙළෙන මිනිස්සු කාල්පනික ලෝකයේ තනිවී මොහාන්ධකාරයේ ගිලී සදාකාලික සිහින දකිති.ඔවුහු පියවි ලෝකයට නොපැමිණ එහිම සැතපී සිටිති.සයුරේ පැන්තොට සෙවීම,කතරේ කෙම්බම් දැකීම වැනි රමණීය යෙදුම් අගනා කාව්‍යෝක්ති නොවෙිද?
ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා
නිවැරදි හැම සඟවාලා
වරදට මල් දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා
මිනිසා කෙතරම් භෞතික ආශා පසුපස හඹා ගිය ද යම් දවසක මෙි කෙටි ජීවන චාරිකාවට තිත තැබිය යුතුය.එහෙත් මරණමංචකයේදී පවා තමන් කළ කී දෑ පිළිබඳ නැවත වරක් අාවර්ජනය කිරීමට මිනිසාට සිදුවෙයි.මෙහිදී බොහෝ දෙනකුට ඉතිරි වන්නේ ළතැවිල්ලක් පමණි.ඇතමෙක් නිවැරැදි දෙයට පිටුපාමින් උගුරට හොරා බෙහෙත් බොති.තවත් අයෙක් තමන්ට වින කටින එකා පස්සෙ ම ගොස් වැඩ වරද්දා ගනිති.ඔවුහු සත්‍ය පෙනි පෙනී ම බොරුව මායාව හඹා යති.සමහරු සුරයන් අමතක කර අසුරයන්ට වැඳ පිදුම් සත්කාර කරති.මෙනයින් විවිධ ඇස්බැන්දුම් සෙල්ලම් ඉදිරියේ මං මුළා වූ මිනිස්සු ලොව කෙතරම් සිටිත්ද?රචකයා මෙහි පරිහරණය කර තිබෙන සංකල්ප රූප පොකුර අපගේ ජීවිතවල අඳුරු ඇතුළාන්තය විනිවිද දැකීමට ප්‍රබල අත්වැලක් සපයයි.ඔහු ඒ ඔස්සේ මිනිසාගේ ජීවිතයේ අඳුරු අහුමුළු අවුස්සා විසල් ඥාන රශ්මි කදම්බයක්,ප්‍රඥාලෝකයක් දසත විහිදුවයි.මිනිස් සිතේ විලිලන අාශාවෝ අප්‍රමාණයෝය.එය මිනිසාගේ ජීවන ලාලසාව තීව්‍ර කරයි.මෙනයින් ආශා,අපේක්ෂා,අභිලාෂ,සිතුම් පැතුම්, සිහින ඉපදී, පිබිදී,බිඳී මියයෑම ජීවිතයේ ස්වභාවය යි.අනියත ජීවිතයේ නියත කිසිවක් නොමැති බව පසක් කරමින් එහි ස්වභාවය මෙහි රචක බන්දුල නානායක්කාරවසමයෝ මනාව ප්‍රතිනිර්මාණය කරති.ජීවන වෙිදිකාවෙි මායාරංගනයක යෙදෙන මිනිසා එහි යථාර්ථය තේරුම් ගන්නා තුරු විවිධ සිහින සාප්පුවලට ගොඩවෙති.එහෙත් එහි තිබෙන කිසිදු දෙයක් මිලදී ගැනීමට නොහැකිබව දන්නේ කීයෙන් කීදෙනාද?මෙි ගීතයෙන් රචකයා මතුකරන සාරදර්ශනය කෙතරම් ප්‍රබලද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන් හිරුමඬලින් සිහිලස අයදිනවා