අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ නෑනා මස්සිනා දෙදෙනකුගේ පෙම්පලහිලව්වකි.මෙි ගීතයෙන් සුවිශද වන්නේ විප්‍රලම්භ ශෘංගාරය යි.
මෙරට ගැමි තරුණ තරුණියෝ අහිංසකයෝය.ඔවුහු සෙයිලමෙි තරුණයන් මෙන් ජීවිතයේ සපල නොවන සිහින නොදකිති.අහස් මාලිගා නොතනති.කල්පනා ලෝකවල සක්මන් නොකරති.සැබවින්ම ගැමි තරුණයකුට ඇත්තේ සරල, සුගම අහිංසක බලාපොරොත්තුවකි.එනම් ගමෙි වැදගත් තරුණියක හා විවාහ වී දරු මල්ලන් සමඟ සතුටින් ජීවත් වීම පමණි.දුක් මහන්සියෙන් ගෙපැලක් තනාගෙන ගේහසිත ප්‍රේමය විඳීමට ගැමි තරුණයෝ අනවරතයෙන් ම අපේක්ෂා දල්වති.එකල නෑනලා මස්සිනාලා අතර දලුලන පෙම් බැඳුම් බොහෝය.ඇතමෙක් එබඳු පෙම් සිහින සපල කර ගනිති.එහෙන් සමහරු එම සිහින බොඳවී හඬති.ගැමි ජීවිතයෙන් සංකේතවත් වන ප්‍රධාන සාධක දෙකක් ඇත.එ් හේන සහ ගෙපැල යි.හේන තුළින් ආර්ථිකය ද ගෙපැලක් සෑදීමෙන් ආරක්ෂාව ද ශක්තිමත් වන බව ගම්මු විශ්වාස කළහ.ගෙපැලක් යනු විවාහයකට මූලික සුදුසුකමක් ලෙස ද ගම්මු කල්පනා කරති.මෙි ගීතයට විෂය වන්නේ ද මෙවැනි අත්දැකීමකි.
මෙි නෑනයි මස්සිනයි දෙපල ද වැලි කෙළියේ පටන් එකට හැදුණු වැඩුණු අය වෙති.මෙසේ හැදී වැඩී එන කාලයේ ළමාළපැටියන් තුළ නොයෙක් ඇලුම් බැලුම් ඇතිවෙයි.මෙකී බැඳීම්වල සැඟවුණු සානුරාග පදනමක් ද තිබෙන්නට පුළුවන.එහෙත් මෙි අහිංසක ලැදියාවන් තාරුණ්‍යයට එළැඹීමත් සමඟ ආදර අන්දර බවට පත්වෙයි.සමාජ චලනයත් සමඟ යටකී ළමාළපැටියෝ ද හැදී වැඩී සමාජ ජීවිතයට ඇතුළු වෙති.ළමා වියේදී නූපන් සානුරාග සිතිවිලි තරුණ වියේ ජනිත වීම අස්වාභාවික නො වෙි.ඇතැම් ඒවා විවාහයෙන් කෙළවර වන්නට ද පුළුවන.එසේ නැතහොත් සියල්ල උඩුයටිකුරු වී අපේක්ෂා සුනුවිසිනු වීමට ද ඉඩ ඇත.මෙි ගීතයේ කථකයාට සිදුවී ඇත්තේ එබඳු වියෝගයක්,විපතක් නො වෙි ද? මෙි යුග ගීතයෙන් විශද වන්නේ දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්ත බිඳී විසිරුණු ආකාරය යි.
රෑපැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතිවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාස පෝය දා වාගෙයි ගම්මානේ
මෙි කථකයා රාත්‍රී කාලයේ නිදි වරමින් සීපද කියමින් හේනට වී පැල් රකින්නේ තම නෑනා සමඟ විවාහවී අනාගත ජීවිතය සරුසාරව සුරක්ෂිත කරගැනීමටය.එහෙත් ඔහුගේ පාළුව,කාන්සිය විඩාව බෙදා හදා ගැනීමට අද ඇය ඔහු අසල නැත.ඇය ගමෙි පොහොසත් තරුණයකු හා හෙට දිනයේ දීගෙක යන පුවත ඔහුට සැල වෙයි.එයින් ඔහු දැඩි කම්පාවටත් වෙිදනාවටත්,දුකටත් පත්වෙයි.කථකයාට මෙි අනපේක්ෂිත සිදුවීම,ඇගේ වියෝව දැනෙන්නේ අමාවක දිනයක් උදාවූවාක් මෙනි.මාසේ පෝයා දාට සඳ අමාවක වන බවත් එවිට අලෝකය නැති අහස මෙන් ගමත් කළුවරින් වැසී යන බවත් ඔහු කියයි.ඔහු ඇය වෙනකකු හා දීගෙක යන බව දැන ගන්නේ අහම්බෙනි.එවිට ඔහු තුළ දරාගත නොහැකි ශෝකයක් උපදී.
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඬන් මස්සිනේ පෙර පිං නැතුවාට
එකල ඔවුන් හමුවූයේ ඉඳහිටය.ඇතැම්විට ගඟෙන් එගොඩ වැව් ඉස්මත්තේ දී පමණි.ඇය ඇළ කණ්ඩියේ සිට ඔහුට අත වනමින් ආලවන්තකම් පෑවාය.එහෙත් ඒ සියල්ල ඇය කළේ තම හිතුමනාපයට මිස දෙගුරුන්ගේ අනුහසට,කැමැත්තට නොවෙි.එබැවින් ඇය තම මස්සිනාට පවසන්නේ පෙරපින් නොමැති ප්‍රේමයක් වෙනුවෙන් නොහඬන ලෙසය.මෙනයින් ඔවුන් දෙදෙන ගතකළ කෙළිබර සොඳුරු විය දැන් අවසාන වී ඇත.
හැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්න ද
බාලේ ඉඳන් බැඳි ආලේ
බිඳින්න ද
රෑ තුන් යමේ මේ හැටි දුක්
විඳින්න ද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්න ද
කාලයාගේ ඇවෑමෙන් ඔවුහු වැඩුණහ.ආලයෙන් වෙළුණහ.ගේහසිත ප්‍රේමයට මුල පිරූහ.එපමණක් නොව ඔහු ඇය වෙනුවෙන්ම ගෙපැලක් ද තැනුවෙිය.ඔහු එම ගෙපැල හදන්නේ ම තම ප්‍රාණසම නෑනාණ්ඩිය කරකාරෙට ගෙන සුන්දර ජීවිතයක් ගත කිරීමටය.එහෙත් දැන් ඒ සියලු සිහින බොඳවී ගොස්ය.ළමා කාලයේ සිත් තුළ නිදන්ගතව තිබූ අනුරාගය,පාරිශුද්ධ ප්‍රේමය දැන් බිඳි ගොස් අවසන්ය.දැන් ඔහු තුළ ඇය නිසා ශෝකය උපදී.
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි
මෙි කථකාවගේ ප්‍රාර්ථනය කුමක්ද? ඇය පතන්නේ තම මස්සිනාට යහපත් ජීවිතයකි හොඳ කලදවසකි.එසේම ධනවත් යුවතියක් සරණබන්ධනයට ලැබෙන්නැයි ද ප්‍රාර්ථනා කරන්නීය. එපමණක් නොව ඇය තම මස්සිනා ආරක්ෂා කර දෙන ලෙස පත්තිනි මැණියන්ගෙන් සහ ගම්භාර දෙවියන්ගෙන් ද ඉල්ලා සිටින්නීය.කුරහන් කපන දා මා සිහිකරන්යි යනු කිම? මෙි වූ කලී සම්භෝග ශෘංගාරය දනවන යෙදුමකි. මෙහි ව්‍යංග්‍යාර්ථය දන්නෝ දනිති.මෙනයින් බලන කල වත්මන් සමාජය වූ කලී තව දුරටත් ප්‍රේමය නමැති මල් කැකුළ සුපුෂ්පිත වීමට තුඩු දෙන ප්‍රතිරූප දේශයක් නො වෙි.
ප්‍රේමතී ජායතී සොකො
ප්‍රේමතෝ ජායතී භයං
ප්‍රේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං
ප්‍රේමය නිසා ශෝකය උපදී.ප්‍රේමය නිසා භය හටගනී.ප්‍රේමයෙන් මිදුණු සිතැත්තහුට කිසි ශෝකයක් නැත.බියක් කොහින්ද?
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
රෑ පැල් රකින