රජී වසන්ත වෙල්ගමයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද ඉන්දිකා උපමාලි නම් ඔපෙරාගිනියගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද අරුණ ගුණවර්ධනයන්ගේ ස්වරසංරචනයෙන් ද සුපෝෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ සම්භෝග ශෘංගාර රස දනවයි.
ගේහසිත ප්‍රේමයේ දී අඹුසැමියෝ සම්භෝග ශෘංගාර සුව විඳිති.ඔවුහු එයින් තෘප්තිමත්ව සුඛප්‍රහර්ෂයෙන් ජීවිතයේ පරමානන්දය සොයති.එහෙත් සම්භෝග ශෘංගාර සුව නොමැති කල ගේහසිත ප්‍රේමය ද දෙදරා ගොස් කුටුම්බ ජීවිතය ද කැඩී බිඳී සුනුවිසිනු වී යනු ඇත.මෙනයින් අඹුසැමි යුවළ අනවරතයෙන් ම උනුන්ගේ ඔිනෑ එපාකම් පිළිබඳ දැන සිටිය යුතුය.එසේ නොමැතිව පවුල් ජීවිත ගතකළ නොහැකිය.අද රටෙි බොහෝ පවුල් ආරවුල්වලට මුල ලිංගික ගැටලුය.එදා බත ඉදෙනතුරු තිබුණු අඬදබර අද කෙළවර වන්නේ දික්කසාදයෙනි.තම වල්ලභයා සමඟ පරිපූර්ණ ජීවිතයක් ගතකළ ද ඇතැම් බිරියෝ තහනම් ගහේ ගෙඩිවල රස බලති.ඇතැම් සැමියෝ ද තම බිරියට හොරෙන් බහුභාර්යා සේවනයේ යෙදෙති.මෙි වූකලි මිනිස් චෛතසිකයේ සැඟවී තිබෙන ජාගර ගති ඉස්මතු වීමක් නොවෙිද?මිනිසා වනාහි අසීමිත ආශා ඇති රාගාධික, තෘෂ්ණාවෙන් පරිපීඩිත, කෙලෙස් ප්‍රහීන නොකළ අරුම පුදුම සත්වයෙකි.අද පොලිසියේ සුළු පැමිණිලි අංශයට බොහෝවිට පැමිණෙන්නෝ අඹුසැමියෝය.බිරියගේ හෝ සැමියාගේ අනාචාර හැසිරීම්,විපරිත ලිංගික ක්‍රියා කාරකම් ඊට හේතු වී තිබෙි.අවසානයේදී ඔවුහු දරුමල්ලන් අතේ කරේ එල්ලාගෙන උසාවි ගානේ රස්තියාදු වෙමින් නයි මුගටින් මෙන් හැසිරෙති.මෙකී අඹුසැමියෝ දික්කසාද වී දරුවන්ගේ අයිතිය හෝ නඩත්තු ඉල්ලමින් නීතිඥවරුන්ගේ සාක්කු පුරවති.
ගෙදරදී හෙමින් සීරුවෙි විසඳා ගැනීමට හැකි ලිංගික ගැටලු ඇතමෙක් තෙවැනි පර්ශ්වයකට ද බාරදෙති.එහෙත් එයින් සිදුවන්නේ තත්වය තවත් බරපතළ වීම නොවෙිද?ලෞකික ආසා හා බැඳුණු මිනිස් සිත් සතන් තුළ ප්‍රේමයට මෙන්ම ලිංගිකත්වයට දක්වන ඇල්ම බැල්ම සුළුපටු නොවෙි.මෙනයින් පවුල් ජීවිතයට මෙන්ම ලිංගිකත්වයට ද වැඩි බරක් දිය යුතුය.
මිනිසා තිරිසනුන්ගෙන් වෙන් වන්නේ ඔහුට ඇති බුද්ධිය හේතුවෙනි.එහෙත් තිරිසන් සත්තු ගඳ සුවඳ ඇසුරු කරගෙන ලිංගික ක්‍රියාවෙි නිරත වෙති.මෙබඳු ලිංගික ක්‍රියාවලියකට මොළයේ ඇති හයිපොතැලමස නමැති උෂ්ණත්ව පාලක මධ්‍යස්ථානය උපකාරී වෙි.එහෙත් මිනිස් මොළය දියුණු මට්ටමක පවතින නිසා ඔහුට ලිංගිකත්වයට බුද්ධිය උපයෝගී කරගත හැකිය.ලිංගිකත්වය යනු සංසර්ගයම නොවෙි. එය අධ්‍යාත්මික වෙනසකට ද භාජනය කළ හැකිය.උත්සාහය,පරිත්‍යාගය,දැනීම,අවබෝධය,දෙදෙනා ම තම ක්‍රියාවෙි ප්‍රතිඵල එකසේ බාරගැනීම හා වගකීම් දැරීම,අනෙකාගේ සිතුම් පැතුම් කෙරෙහි ගරුකිරීම ආදී කැපවීම් තුළින් දෙදෙනකුට ප්‍රේමය හා ලිංගිකත්වයෙන් අනූන සැපවත් විවාහ ජීවිතයක් ගතකළ හැකිය.ගැහැනිය ශුක්‍රාණු එකතු කරන බඳුනක් ලෙස පිරිමියා නොසිතන තාක්කල් සාර්ථක යුග දිවියක් ගතකළ හැකිය. මෙනයින් කුටුම්බ ජීවිතයේ නෛතික සම්භෝග සුවය අවබෝධයෙන් විඳින්නෝ වාසනාවන්තයෝය.
කිසියම් ගීතයක පූර්වාවයවය වන්නේ පද සංකල්පනාවයි.මෙනයින් ගායන යෝග්‍ය පද පමණක් ගායනය සඳහා තෝරා ගත යුතුය.එහෙත් ගායන යෝග්‍ය වන්නේ කවරාකාර පද දැයි බොහෝ ගායක ගායිකාවෝ නොදනිති.ගායන යෝග්‍ය පද යනු කිසියම් මානවබන්ධුත්වයකින්,හැඟීමකින් ,ශ්‍රාවකයාගේ අධ්‍යාත්මය මනෝරංජනය කරන ගේය පදය.ප්‍රේමය,ශෝකය,ප්‍රහර්ෂය,ශෘංගාරය වැනි මානව හැඟීම් ජනිත නොවන ගීත ගායන යෝග්‍ය සුගීත නොවෙි.අප සන්මිතු රජී වෙල්ගමයෝ යටකී නූගුණයෙන් තොර ගේහසිත ප්‍රේමයේ ලිංගිකත්වය පිළිබඳ ඉගැඹුරු වූත් ඉසියුම් වූත් තතු සුවිශද වන සුගීතයක් මෑතකදී නිර්මාණය කළෝය.ඉන්දිකා උපමාලි ගයන "රෑ මැදියම මත් වූ තොටියෝ නමැති ගීතය අතිශය සුදුර්ලභ ගීමිණිරුවනකි.මෙි ගීතයට විෂය වී තිබෙන්නේ මාස් ශුද්ධියට මුහුණදී සිටින බිරියක තම සැමියාගේ අනුරාගික ඇරියුම ප්‍රේමාන්විතව ප්‍රතික්ෂේප කිරීමෙි සිද්ධියකි.ඇය තම සැමියාගේ ඇරියුම අඬදබර නොකර යාප්පුවෙන් ඉවතලන්නීය.සැමියා පැතු සම්භෝග ශෘංගාර රාත්‍රිය ඇය හෙමින් සීරුවෙි කරඅරින්නීය.මෙබඳු ප්‍රස්තුතයක් තේමා කොටගෙන අතිසාර්ථක ගීතයක් මීට බොහෝ කලකට පෙරද ලියැවී ඇත.එකී ගීතයේ පද රචකයෝ මහගම සේකරයෝය. "වක්කඩ ළඟ දිය වැටෙන තාලයට" නමැති එම ගීතයේ ගායකයෝ අමරදේවයෝය.එම ගීතයේ කථකාව ද මෙබඳු ම සංසිද්ධියකට මුහුණපා සිටින්නීය.
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටවු උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
මෙි ගීතයේ කථකාව ද තෙදිකක් පුරා මාස් ශුද්ධියෙන් පීඩා වින්දාය.මෙි හේතුවෙන් ඇගේ සැමියා අසරණ වී සිටියේය.සොඳුරු සුයාමය අහිමි වුව ද සැමියා තම බිරියගේ වෙස්පෙරළිය දෙස උපේක්ෂාවෙන් බලයි.සමාන්‍යයෙන් මාසික ඔසප් වීමක් සිදුවූ පසු කිසිදු කාන්තවකට සුපුරුදු පරිදි සම්භෝග සම්පර්කයට එළැඹිය නොහැකිය.දින තුනක් පමණ ඇය ගත කරන්නේ මහත් අපහසුවෙනි. මෙහිදී මහගම සේකරයෝ තම විශිෂ්ට කවීත්වය සුවිශද කරමින් සංකේත,සංකල්ප,උපමා රූපක ගොන්නක් ගොඩනගති.වක්කඩ ළඟ ගීතයේ හැමවිටම මතුවන්නේ දිසි අරුත නොව වැසි අරුතයි.සාහිත්‍යයේ දී මෙය ව්‍යංගය නමින් අරුත් ගන්වයි.මෙි ගීතයේ අර්ථය වඩාත් තීව්‍ර කිරීම සඳහා සේකරයෝ කටරොළු මල යොදා ගනිති.කටරොළු මල වනාහි ස්ත්‍රී නිමිත්තට සමාන නිල්පැහැති සුන්දර පුෂ්පයකි.ස්ත්‍රියගේ කාමාශා උද්දීපනය කරන කලාපයක් වන භගමනිය( Clitoris ) නමැති කුඩා මස් දල්ලට සමාන හැඩැති කොටසක් කටරොළු මලෙහි ද පිහිටා ඇත.එබැවින් කටරොළු මල ගීතයේ සාර්ථකත්වයට යෙදු ප්‍රබල රූපකාර්ථයකි.
රෑ මැදියම මත් වූ තොටියෝ ගීතය ද අපූරු කාව්‍යෝක්තියකි.මෙහිදී රචකයා ගොඩනගන සංකල්ප රූප රස මංජරිය විස්මිතය.මත් වූ තොටියෝ.මාස් වැස්ස,අලුත් වතුර,ඔරුපැදීම,රුවල් නැව් වැනි යෙදුම් ව්‍යංගාර්ථ දනවයි.ගීතයට ඇවැසි ඖචිත්‍ය ගුණය රකිමින් කවියා මවන ච්ත්තරූපික බස කෙතරම් අපූරු ද බලන්න.
රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන
රෑ මැදියම මත් වූ තොටියෝ
මෙි කථකාවගේ සැමියා රාගයෙන් මත් වී මැදියම් රැයේ සොඳුරු සුයාමයක රස පහස විඳීමට ඇයට ඇරියුම් කරයි.එහෙත් ඔහුගේ අනුරාගික ප්‍රේමාරාධනාව පිළිගැනීමට ඇයට නොහැකිය.මාස් ශුද්ධියට මුහුණදී සිටින ඇය මෙි දිනවල දැඩි ශාරීරික අපහසුතාවකට පත්වී සිටින්නීය.එහෙත් ඇගේ ආදරණීය සැමියා ඒ බව නොදනී.ඔහු ඇයට මැදියම් රැයේ සම්භෝග සුව විඳීමට ඇරියුම් කරයි.මෙහිදී ඇය තොටියා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ තම සැමියාටය.ඔහු රාගයෙන් මත්වී සිටියි.මහ රෑ ඔරු පදින්න කතා කළ ද මෙි ඊට වෙලාව නොවන බව ඇය ඔහුට ආදරයෙන් පවසන්නීය.මෙහිදී ඔරුපැදීම වැනි යෙදුම් බහුඅරුත් දනවයි.තනියම ඔරු පදින්න නොහැකි බව අැඟවීමෙන් ගම්‍යවන්නේ කුමක්ද?රචකයා එයින් අදහස් කරන්නේ සම්භෝග ශෘංගාරය පිළිබඳ නොවෙිද?එහෙත් මෙි ගමනට ඇවිත් ඇයට කිසිදු තෘප්තියක් නොලැබෙි.මෙි මොහොතේ එබඳු ඔරුපැදීමකින් එතෙර වන්න තමන්ට නොහැකි බව ඇය දන්නීය.එක් පාර්ශ්වයයක් පමණක් සුඛාස්වාදයට පත්වන සම්භෝගය පලක් නැත.මෙි කථකාව තම සැමියාට ආදරයෙන් පෙන්වා දෙන්නේ එකී යථාර්ථය නොවෙිද?
මාස් වැස්ස ඉවර වෙලා
අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ
ඔරුව පෙරළුණත් ගඟ මැද
මා අරගෙන ඔබෙි තුරුලට
එතෙර කළා මතකයි තොටියෝ
මෙි කථකාව ඔරුපැදීමට අකමැති හේතුව දෙවැනි අන්තරා කොටසෙන් ගම්‍ය නොවෙිද? මාස් වැස්ස යනු ස්ත්‍රියගේ මාස් ශුද්ධිය හෙවත් ඔසප් වීමයි.මෙහිදී ඇය තම සැමියාට මතක්කර දීමට යත්න දරන්නේ කුමක්ද?ඇය පවසන්නේ අතීතයේ දවසක මෙබඳු ම එක්වීමකදී සොඳුරු සුයාමය ගතකළ හෝරවෙිදී ඔරුව පෙරළි ගිය බවය.සම්භෝග ශෘංගාරය සුව විඳින මොහොතක හදිසියේ සුඛානන්දයට පැමිණ ගඟමැද ඔරුව පෙරළුණ ද තමා ළැමදට තුරුළු කරගෙන ප්‍රේමාලිංගනයේ යෙදුණු ආකාරය ඇය සැමියාට මතක්කර දෙන්නීය.මෙි ගීතයට පසුබිමින් තිබෙන්නේ ගේහසිත ප්‍රේමයේ සුකුමාර සෞන්දර්ය නොවෙිද?
රුවල් නගා යන නැව් දැක
සසල වෙලා බැලුවත් මම
නැව් නඟින්න හිත නෑ තොටියෝ
නුඹෙ ඔරුවෙන් යළි දවසක
කුමුදු පිපුණු හඳ එළියක
එතෙර යන්න ආසයි තොටියෝ
මාස් වැස්සෙන් පීඩාවට පත් මෙි කථකාව මෙවර ඔරුව අතහැර නෞකාවක් ගැන කතා කරන්නීය.එහෙත් තමා එබඳු නැවකට නැගී එතෙර වන්න අකමැති බවත් සුපුරුදු ඔරුවෙන් ම ගඟෙන් එතෙර විය යුතු බවත් ඇය තම ප්‍රාණසම සැමියාට පවසන්නීය.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? වාච්‍යාර්ථය ඉක්මවා බහුඅරුත් දනවන ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් මෙි ගීසපුව වඩාත් වර්ණවත් කරයි.මෙහි පෙදෙහි රසහව් සියල්ල සුවිශද කිරීම රචකයාට කරන අසාධාරණයකි.එබැවින් කාමීජන හද විස්මයෙන් දැදුරු කරන අර්ථ විග්‍රහයකට නොයමි.මෙි වචන සමූහයේ නිශ්චිතාර්ථ නැතැයි යමකුට කිව හැකිය.එහෙත් ඒ වචන සමස්තය තුළ කිසියම් අද්භූත හැඟීමක් අප තුළ උපදී.මෙකී අද්භූත හැඟීම පසුව විස්මයකට පෙරළෙයි.විස්මය යනු චමත්කාරයේ පදනමයි.චමත්කාරය නම් සිත කුකුසෙන් පිරී ඉතිරි යන විස්මය මුසු හැඟීමයි.මෙි ගීතයේ විස්මයට හේතුව එහි භාවිත අතිවිශිෂ්ට පද සංයෝජනය නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෑ මැදියම මත් වූ තොටියෝ