බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම් වූ මෙි ගීමිණ අප හද තුළ මානවබන්ධුත්වයෙන් පිරි කරුණරසය දල්වයි.
මෙි ගීතයේ අත්දැකීම කොතැනින් ගලා එන්නේ ද? මෙරට විදෙස් විනිමය උපයන ප්‍රධාන කේෂ්ත්‍රයක් වන ඇඟලුම් කර්මාන්තයේ නියැළී සිටින යුවතියන්ගේ ජීවන ඛෙිදවාචකය මෙි ගීතයට විෂය වී තිබෙි. නිදහස් වෙළෙඳ කලාපවල පමණක් නොව අනෙක් නාගරික පෙදෙස්වල ද තරුණියෝ විශාල පිරිසක් ඇඟලුම් කම්හල්වල සේවය කරති.එහෙත් ඔවුහු හුඟදෙනෙක් එම රැකියාවෙි නියැළෙමින් අපදුක් විඳිති.කුසට හරිහමන් අහරක් නොමැතිව,කුකුළු කොටු වැනි බෝඩිං කාමරවල ජීවත් වෙමින් නිදිවරමින් යටකී යුවතියෝ තම වටිනා තාරුණ්‍ය දියකර හරිති.පන්ති පීඩනයෙන් ද දුප්පත්කමින් ද මිරිකී සිටින මෙි අසරණ යුවතියෝ සමාජයේ ද අවමානයට,සෝපාහසයට ලක් වෙති.ඇතමෙකුට ඇය ගාමන්ට් කෑල්ලකි.තවකෙකුට ජුකී බට්ටෙකි.බඩුවකි. මෙි සියලු නින්දා අපහස විඳිමින් එම තරුණියෝ දුක සේ රැකියාව කරති.එහෙත් මෙි අසරණ යුවතියන් දිව රෑ නොබලා නිදිවරමින් දහදිය මහන්සියෙන් වැයකරන ශ්‍රමයට හාම්පුත්තු නිසි වටිකම්ක් නොදෙති.ඔවුහු එම කතුන්ගේ රීරි මාංශ උරා බොමින් වැඩගනිමින් මාසය අවසානයේ සොච්චම් වැටුපක් ගෙවති.රටෙි පාලකයෝ ද යටකී ඇඟලුම් නිෂ්පාදන පිටරට යවා යහමින් ඩොලර් උපයමින් එයින් සුරසැප විඳිති.මෙනයින් බලන කල එම දුර්දශාවට පාත්‍ර ව සිටින්නා වූ සන්නාලියන් කෙරෙහි අප තුළ ප්‍රබල අනුකම්පාවක් ජනිත නො වන්නේ ද?
නූතන සන්නාලියගේ ඉරණම පිළිබඳ ප්‍රවීණ ගේයපද රචක බන්දුල නානායක්කාරවසම් රචනා කළ මෙි අනභිභවනීය ගීමිණ ඊට සාක්ෂි නො වෙි ද? කලාව මානවබන්ධුත්වය තිරසර කරතැයි කියනු ලබන්නේ මෙවැනි ලක්ෂණ දරන උත්කෘෂ්ට නිර්මාණ නිසා නො වෙි ද? ඵෙතිහාසිකව ම ගීතය සම්භව වී විකාසනය වී තිබෙන්නේ කිසියම් රමණීය හැඟීමක් දීපනය කොට රසිකයාගේ අධ්‍යාත්මය එයින් සුපෝෂණය කිරීමට ය.එසේ බලන කල මෙි ගීතයෙන් යටකී ඵෙතිහාසික කාර්යභාරය ඉටු වී නැද්ද?
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට
ඇඟලුම් සේවිකාවන් බොහෝදෙනකුගේ රාත්‍රි වැඩ මුරය අවසන් වන්නේ අලුයම් කාලයටය.කුරුලු කූජන ඇසෙන ඒ මොහොතට හිරු කුමාරයත් නිදියහනෙන් නැගිට සේවයට සූදානම් වෙයි.එහෙත් සොඳුරු පියුමක සදිසි යුවතියකගේ මුහුණ ඒ මොහොතට පරවුණු මලක් ලෙස දිස්වීම කෙතරම් සෝචනීය ද?අභාග්‍ය සම්පන්න ද? මෙහි 'පරවුණු කුසුම' යන සොඳුරු හැඟුම් දනවන යෙදුම අප කෙරෙහි ඇය පිළිබඳ සියුම් ශෝකයක් දනවයි.රමණීය කාව්‍යෝක්තියක් ගොඩනගයි.එහෙත් අවසන් ගීපාදයෙන් පවසන අන්දමට මෙි සියලු දුක් ගැහැට,හිරිහැර ඇයට ළඟාවූයේ පූරුවෙි කළ පවක ආනිසංස හැටියට ද? ගිය ආත්මයේ පින්කළ මිනිසා මෙලොව දුක් විඳී.මෙලොව දී පින් කළ හොත් එලොව සැප ලබයි.ආගම දහමට අනුව හැඩගැසුණු සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාජ දෘෂ්ටිවාදය මෙය නො වෙි ද?එහෙත් මෙලොව දී නම් මිනිසාට විමුක්තියක් නැත.එලොවක් තිබෙනවා ද කියා සහතිකයකුත් නැත.එහෙයින් ඔහුට ආගම බොරු කරන්නට හෝ සැබෑ බව දකින්නට හෝ විධියක් නැත.මෙි විෂම චක්‍රය දෙස බලන විට පූරුවෙි කළ පවට දුක් විඳීම යනු ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයක් නො වෙි ද?
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැෂිම ද හිත ද මහ හයියෙන් හඬන්නේ
ඇඟලුම් ඇණවුම් වෙලාවට සම්පූර්ණ කර දීමට තුන්තිස් පැයම වෙහෙසිය යුතුය.එනිසාම මෙි තරුණියන්ගේ දෑඟිලිවලට කිසිදු නිදහසක්, ඉස්පාසුවක්,නිවාඩුවක් නැත.ඔවුන්ගේ එ්කායන අරමුණ කීයක් හරි වැඩිපුර ඉපයීමය.එසේනම් ඊට නිදිවරා වෙහෙසි අතිකාල දීමනා ලබා ගත යුතු නො වෙි ද?කම්හල් පියස යට ලස්සන විදුලි බුබුළු තිබුණ ද එහි නිල් පැහැති වර්ණාලෝකයට ඇගේ රූප සම්පත්තිය තීව්‍ර කරන පෙති ගෝමර පවා දිය වී යයි.යුවතියකගේ ජීවිතයේ සුන්දරම කාලය හෙවත් තාරුණ්‍ය මෙසේ දියවී යාම කෙතරම් අභාග්‍යයක් ද? තතු එසේ වූව ද ඇතැම් තරුණියෝ කාමාතුරයන්ගේ ග්‍රහණයට නතුවෙති.මෙනයින් බලන කල සමාජයේ අනෙක් තරුණියන් සුවසේ සැපසේ ගෙවන ජීවිතය ඇයට උරුම නැත.ඇගේ මුළු ජීවිතය ම ශෝකාලාපයකි.වැලපුමකි.මෙහිදී රචකයා පවසන්නේ සිත්පිත් නැති යකඩ මැෂිමට වඩා වෙිගයෙන් ඇගේ හිත හඬන බවයි. මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන මෙය නො වෙි ද?
නුඹෙ කඳුළැලි ද සයුරේ රළ නගන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද
මහන්නේ
මෙහිදී රචකයා තවත් පැණසර පැනයක් අසයි.එයින් හැඟවෙන්නේ ඇය හෙළන කඳුළු ගංගාව මහසයුරට මුසුවී රළ නගන බවය.එපමණක් නොව ඇගේ හදින් නැගෙන දුක් සුසුම් නොවෙද මෙි පවනක් වී හමන්නේ?මෙහිදී බුදුන් කී පරිදි "ඡායාව අනපායිනී" සංකල්පය ද රචකයා ඇයට මතක් කර දෙයි.එනයින් මිනිසාට තනි නොතනියට සිටින්නේ තමන්ගේ සෙවණැල්ල පමණි.එකම සෙවණැල්ල සමහර විට පියකරුය.ඇතැම්විට බියකරුය.එහෙත් සෙවණැල්ල පියකරු හෝ බියකරු කරගැනීම තමතමන් ම කරගන්නා දෙයක් නො වෙි ද?මෙහි අවසන් ගීපාදයෙන් නැගෙන හැඟීම ද අර්ථපූර්ණය.මෙහිදී රචකයා ඇගෙන් අසන්නේ මැෂිම ද නුඹෙි ජීවිතය ද මහන්නේ යනුවෙනි.මෙි වූකලී කෙතරම් අර්ථපූර්ණ, ඖචිත්‍ය, රමණීය යෙදුමක් ද? දුකින් වෙිදනාවෙන් පරිපීඩිත වූ නූතන සන්නාලියගේ ජීවන ඛෙිදවාචකය යටකී පදවලින් සුවිශද නො වෙි ද? ගීතයේ නිර්මිත සරල, නිසංසල මනෝභාවයට රෝහණ වීරසිංහයන්ගේ ස්වර ව්‍යුහය ද ඉතා උචිතය.එයින් පැන නැගෙන්නේ ද ශෝකී රාවයකි.අසරණ ඇඟලුම් සේවිකාවක සමඟ මෙි සුගායනය හරහා සරන අපි ඇයගේ අසරණ භාවයෙන් කම්පිත වෙමු.ඇය කෙරෙහි සසල හදින් යුතුවන අපි කරුණරසය වින්දනය කරමු.කරුණරසයට ඉලක්ක වන්නේ අන්‍යයා දුක හා දොම්නස පසක් වීම නො වෙි ද?මෙනයින් බලන කල මෙි ගීතයේ කරුණරසය මෙන්ම මානවබන්ධුත්වය ද නොඅඩුව ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෑ වැඩ මුරය