IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ලන්දේ උකුල උඩ

ගීවිනිස 136

 

 

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ සිංහල අලුත් අවුරුදු අසිරිය කුලුගන්වයි.


කොවුල් නදින් රටක් අවදි කළ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ උණුසුම තවමත් අප අතරින්  ගිලිහී ගොස් නොමැත.නැකත් චාරිත්‍රානුකූල දවස් ගෙවී ගිය ද වසන්ත උදානයේ මිහිර තවමත් ජනී ජනයා අතර රැඳි පවතී.එපමණක් නොව බක්මහ උළෙල ඇතුළු විවිධ අවුරුදු සැණකෙළි ද අප්‍රේල් මාසය පුරාම පැවැත්වෙි.අපි කුමන දේශ දීපංකරේක සිටිය ද අවුරුදා එකට එක්වෙමු.එහෙත් මෙි වූකලී පුරුදු නුපුරුදු ගැමිකමක් ආරෝපණය කරගත් සාම්ප්‍රදායික  සංස්කෘතික මංගල්‍යයක් නො වෙි ද?මෙයට උර දෙන්නෝ සැබෑ දේශප්‍රේමියෝ ය.ඔවුහු තම දූ දරුවන් සමඟ හෘදයාංගම ප්‍රේමයෙන් අවුරුදු සමරති.

වෙනදාට කොන්ක්‍රීට් වනාන්තරයක ඒකාකාරී රෝබෝ ජීවිත ගතකරන ජනතාව අවුරුද්දට ලහි ලහියේ ගම් වදිති. නගරයේ යෝධ කඩ සාප්පුවල සිට ගමේ හන්දියේ පොඩි කඩේ එළිපත්තේ පවා අලු‍ත් හට්ටි මුට්ටි,අවුරුදු රස කැවිලි, අවුරුදු උත්සව අංගෝපාංග,රතිඤ්ඤා,ඇඳුම් පැළඳුම් දක්නට හැකිය. වෙනදාට විවිධාකාරයේ ගීත ප්‍රචාරය වුණු විද්‍යුත්  නාලිකාවල පවා පණ්ඩිත් අමරදේව,මොහිදින් බෙග්,සනත් නන්දසිරි සුජාතා අත්තනායක,එච්. ආර්. ජෝතිපාල, ලයනල් රන්වල,රෝහණ බැද්දගේ වැනි පෙර පරපුරේ ඇත්තන්ගේ අවුරුදු ගීත ප්‍රචාරය කරයි.ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා”‍,”‍කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ”‍,කිරි ඉතිරේවා නව වසරේ,”‍මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාලේ වැනි අවුරුදු ගීත දවස දෙවේලේ අසන්නට ලැබෙි.රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත මෙි ගීමිණ ද යටකී  අවුරුදු සිරිය කුලුගන්වන්නකි.

අනූව දශකයේදී  නිර්මාණය කෙරුණු මේ අරුමැති අවුරුදු ගීතය මුල් වරට ප්‍රචාරය වුණේ උපාලි ආරියසිරි අධ්‍යක්ෂණය කළ “මියුරුසර වසන්තයේ ගී”‍නම් වූ අවුරුදු රූපමය ගීත විචිත්‍රාංගය වෙනුවෙනි.එම වැඩසටහනේ එකම ගේයපද රචකයෝ  රත්න ශ්‍රී විජේසිංහයෝය.ඔවුහු සියලු ගීත රචනා කළෝය. මෙහි එකම සංගීතවේදීයෝ නැසීගිය ඔස්ටින් මුණසිංහයෝය.ඔවුහු සියලු ගීතවල තනු රචකයෝ ය.
රංචාගොඩ ළමයා,ගජමන් නෝනා ඇලපාත මුදලි, අන්දරේ, බරණ ගණිතයා වැනි චරිතවලට ආරෝපණය වෙමින් නිර්මාණය වූ එම ගීත ගොන්නෙහි සුවිශේෂ ගීතයක් වූ ”‍ලන්දේ උකුල උඩ…”‍ ගීතය ගායනා කළෝ ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහයෝ ය. 

ලන්දේ උකුල උඩ
නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න සිනා වෙනවා

කන්ද, ලන්ද, වැව්,ඇළදොළ,ගංගා ගැමියාට සුපුරුදු තැන් නො වෙි ද?මෙි වූකලී සොබාදමෙි සොඳුරු දායාද යැයි කීම ද අතිශයෝක්තියක් නො වෙි .ගම්මු මෙි සියලු සොඳුරු දසුන් ඇසුරේ නිදහස් සාමකාමී සරල සුගම ජීවිතයක් ගතකරති.අවුරුදු සමය ළඟාවෙත් ම එරබදු ගස්වල රතුපාටින් මල් පිපේ.එහෙත් ඒ මල් කැකුළු මෙතෙක් දවස් සිටියේ නිද්‍රාවට වැටීගෙනය.මෙහිදී  ලන්දේ උකුල උඩ එරබදු මල් නිදා සිටිය බව කියැවෙයි.මෙි වනාහි ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්තියකි.වසන්ත උදානයත් සමඟ මුකුලිත මල් විකසිත වීම ද නොරහසකි.මෙයින් හැඟවෙන්නේ අවුරුද්දත් සමඟ අවට සිදුවන පාරිසරික විපර්යාසය ගැන නො වෙි ද?

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්

එරබදු ගස්වල අතු ඉති රතුපාට  මලින් බර වී ඇත. එපමණක් නොව අටුකොටු පිරී භව භෝගවලින් මුළු ගමම සශ්‍රීක වී තිබෙි. බක් මාසය කුරුලු පවුල්වලට ද මහාමංගල්‍යයකි. අලු‍ත් අමුත්තන් ඇවිත්  කුරුලු පැටවු දොරට වඩිනා හඬ ඇසේ.මෙි වුකලී   වෙනදා නෑසූ විහඟ ගීතයකි. අවුරුදු රස කැවිලි සහ කෑම, පවුල් අතර තෑගි බෝග හුවමාරු වන්නේ තරහ මරහ ආදිය   ධූරිභුත වී වේවා යැයි යන අපේක්ෂාවෙනි.


පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්
තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්


සූර්යයා වසරක් පුරා නොනවතින සක්මනේ වටයක් ගොසින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා රාශි දොළහ ආවරණය කරමින් 365 වැනි දින නැකතක් නොමැති ”‍නොනගත”‍ කාලයේදී මද විරාමයක් ගනී.ඒ නොනගත කාලයේදී අපි හැමෝම සියලු‍ වැඩ රාජකාරීවලින් මිදී පුණ්‍ය කටයුතුවල යෙදෙන්නේ සූර්ය සංක්‍රාන්තියට ගරු කරමිනුයි.පුණ්‍යකාලයේ දී ගැමියෝ ආගමදහමට මුල්තැන දෙමින් පන්සල් ගොස් වන්දනා මාන කරති.දොළොස්මහේ පහන දල්වති.අවසාන  වදන්වැළෙන් සුවිශද වන්නේ  හිරු දෙවියන් සූර්යමංගල්‍යයට වඩිනතුරු සියලුදෙනා අපේක්ෂා දල්වාගෙන බලා සිටින බව නො වෙි ද?

සිංහල අලුත් අවුරුදු උදාව පිළිබඳ විවිධ ගීත රචනා වී ඇත.එහෙත් මෙි ගීතය එහි සැබෑ අරුත ග්‍රහණය කරගෙන ඇති බව කීම අතිශයෝක්තියක් නො වෙි.රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වදන්වැළෙන් එය වඩාත් තීව්‍ර වී තිබෙි.මුළු ගීතයටම විෂය වී තිබෙන්නේ සිංහල ජන සංස්කෘතිය යි.එහි පෙනෙන,නොපෙනෙන පැති පමණක් නොව පාරිසරික සාධක පවා ඉතා සූක්ෂ්ම අයුරින් විදහා දැක්වීමට ද රත්න ශ්‍රී විජේසිංහයෝ උත්සුක වෙති.මෙනයින් බලන කල අපට හුරුපුරුදු ගැමි වදන් මාලාවකින් රචනා කර ඇති මෙම ගීතය සුදුර්ලභ ගීමිණක් නො වෙි ද?



අදහස් (0)

ලන්දේ උකුල උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

ලන්දේ උකුල උඩ
2025 අප්‍රේල් මස 22 857 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස


මිනින්දෝරු කන්තෝරුවෙි
2025 අප්‍රේල් මස 15 852 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ


මිහිරැති වසන්ත කාලේ
2025 අප්‍රේල් මස 08 630 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 1076 1

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 1016 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


ගංගා එන්න කෝ ගංගා
2025 මාර්තු මස 18 1122 1

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 880 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site