ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
මවුපිය සෙනෙහස අහිමි දරුවෝ ලොව කොතෙක් සිටිත් ද? ඇතැම් දරුවනට කුඩා කලදී ම තම පියා හෝ මව පමණක් නොව දෙදෙනාම අහිමි වෙයි.එවිට එම දරුවෝ සමාජය අබියස අසරණ වෙති.කාත් කවුරුවත් නැති අනාථයෝ බවට පත්වෙති. ස්වාභාවික මරණ හැර අන් සියලු හැරයාම් ද්වෙිෂ සහගතය.අකාරුණිකය.අවස්ථාවාදී ය.දරුවකු මෙලොවට බිහිකළ දා පටන් මවුපියෝ අවියෝජනීය බැම්මකින් බැඳෙති.මෙි වූ කලී දෙදෙනාගෙන් එකකුට හිතුමනාපයට බිඳිය නොහැකි රුහිරු මුසුවූ බැම්මකි.එහෙත් යටකී බැම්බ සුනුවිසිනු කොට තම රුහිරෙන් හදාවඩා ගත් දරුවා අනාථයකු කර යන මවුපියෝ නරුමයෝය.ඔවුහු තම දරුවාගේ අනාගතයට පමණක් නොව සමාජ සංස්ථාවට ම හානි පමුණුවන්නෝ ය.
මිනිසා වනාහි ක්ෂීරපායි සත්වයෙකි.එහෙත් අන්‍ය ක්ෂීරපායි සතුන් හා මිනිසා අතර බලවත් වෙනසක් පවතී.අන්‍ය ක්ෂීරපායි සත්තු වැඩිකල් නොයා මවගෙන් වෙන්ව ස්වාධීන වෙති.එහෙත් මිනිස් ළදරුවා එසේ නොවෙි.ළදරුවකුට දිගු කලක් තිස්සේ මවගේ සමාශ්‍රයෙහි ද සමාරක්ෂාවෙහි ද ජීවිත් වීමට ඇවැසිය.මෙනයින් සත්වරාජධානියෙහි මෙන් නොව මනුසත් උයනෙහි මව හා දරුවා අතර සුවිශේෂ සබඳතාවක් පවතී.මෙකී සබඳතාව කාලයක් යනවිට මව සහ පුතු අතරත් පියා සහ දියණිය අතරත් විරුද්ධ ලිංගික සබැඳියාවක්,ළබැඳියාවක් බවට පෙරළෙයි.සිග්මන් ෆ්‍රොයිඩ් නමැති මනෝවිද්‍යාඥයා ඊඩිපස් සංකීර්ණයෙන් ( Oedipus complex ) යටකී සබඳතාව වඩාත් පුළුල් අර්ථයකින් විග්‍රහ කරයි.මෙි ගීතයේ කථකයා දරු සෙනෙහස හොඳින් විඳින පියෙකි.වීදියක ඇවිද යන කුඩා පිරිමි දරුවකු දැක ඔහු හද කම්පා වෙයි.ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණ න්‍යාය කණපිට හරවමින් මහාචර්ය එදිරිවීර සරච්චන්යද්‍රයෝ සිය සිංහබාහු නාට්‍යයේ පිය පුතු සෙනෙහස පිළිබඳ මෙසේ වනති.
පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදා කල් නැත දුක් දෙවන්නේ
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක් දෙයි නිබන්දා
සදාතනික පිය-පුතු ගැටුම සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන තේමාව වූව ද පවුලක සියලු සාමාජිකයන් අතර ඇති වන බැඳීම් සහ ගැටීම් මෙන්ම, ඒ බැඳීම් සහ ගැටීම් හේතු කොටගෙන ඔවුන් තුළ ජනිත වන හැඟීම්ද අපට පෙන්වා දෙන්නට මෙහිදි සරච්චන්ද්‍රයෝ සමත්වෙති.මෙනයින් බලන කල මවක හෝ පියකු සිය දරුවා කෙරෙහි දක්වන කරුණාමෛත්‍රිය අපමණ නො වෙි ද?දරු සෙනෙහස සාගරය මෙන් අපරිමිතය.සාගරයේ පරතෙර නොදිස් වන්නාක් මෙන් පියකු තම පුතු කෙරෙහි දක්වන දරු සෙනෙහසෙහි ද පමණ නොපෙනේ. උප්පැන්න සහතිකයේ පියාගේ නම නොතිබුණ ද එම දරුවා ජාතක කළ පියාට තම හෘද සාක්ෂ්‍යයෙන් ගැලවිය නොහැකිය.දරුවන් වැඩිහිටියන් වූකල සියලු රහස් හෙළිවෙි.මවුපිය රැකවරණය අහිමි දරුවෝ වීදි කොනක,අගුපිලක සිට හෝ කුණුබක්කිවල ඉඳුල් බුදිමින් ජීවිතය සරිකර ගනිති.අවසානයේ ඔවුහු ලොකු මහත් වී ශ්‍රම බළකායට ද එකතු වෙති.ඇතමෙක් ඉගෙන ගෙන සුදු කරපටි රස්සා කරති.සමහරු අනුන්ගේ බැලමෙහෙවර කරති.තතු එසේ වූව ද එම අසරණ දරුවන් මහමඟට ඇද දැමූ මවුපියන්ට කිසිදු දවසක තම හෘද සාක්ෂිය සමාව නොදෙනු ඇත.මෙනයින් බලන කල මෙි ගීතයෙන් පෝෂණය කොට තිබෙන්නේ පීතෘ ප්‍රේමයේ රසය යි.
වීදි කොනේ මාවත අද්දර
හඬනා කිරි දරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූ දා
පියා කොහේදැයි
මවගෙන් අසනු එපා
මමත් පියෙකි පුත
නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි
සිත දැවෙන රඟේ
බලා හිඳිමි මම
නුඹ නළවන්නට
පොඩි හිස අතගා
සුරතල් පුතේ කියා
පියෙක් ඉඳී පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැති ද ඒ සෙවණේ
ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත්
පෙන්නා
මා අමතන විට සුරතල්
පුතේ කියා
ගායනය:මිල්ටන් මල්ලවාරච්චි
ගේයපද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වීදි කොනේ මාවත අද්දර