රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ සුගායනයෙන් හා සංගීත සමායෝජනයෙන් ද සමලංකෘත වූ මෙි සුදුර්ලභ ගීමිණ කරුණ රසයෙන් අප හද කලඹයි.
සුකීර්තිමත් කිවිසුරු ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයෝ සාහිත්‍යකරුවකු පමණක් නොව ගුරුවරයෙක් ද වෙති.ඔවුහු ස්වකීය ගුරු ජීවිතයේ ලද සුදුර්ලභ අනුභූති රැසක් ම කවි සංකල්පනා ඇසුරෙන් ගීත බවට පත් කළෝය.හෙළයේ මහ ගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යයෙන් ගැයෙන මෙි ගීතය ද විජේසිංහයන්ගේ ජීවන අත්දැකීමකි.එකල විජේසිංහයෝ දුෂ්කර ගම්මානවල දුප්පත් දරුවන්ගේ නැණස පෑදු දිසාපාමොක්වරයෙක් වූහ.මෙි ගීතයට පදනම් වූ යටකී සුදුර්ලභ අත්දැකීම පිළිබඳ රත්න ශ්‍රී විජේසිංහයෝ මෙසේ කියති.
"මට මතක හැටියට මෙි සිද්ධිය වුණේ 1981 අවුරුද්දේ .ඒ කාලේ තිබුණු ආණ්ඩුව මා ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට. මා වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය නම් වූ දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිළියක් වත් තිබුණේ නෑ. මෙි පාසලේ 7 පන්තියට දැරියක් ආවා.ඇය බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ළමයින් ගෙන් ඒගැන විපරම් කර බලද්දී දැනගන්න ලැබුණේ කනගාටු දායක ප්‍රවෘත්තියක්.ඇය හදිසියේම මියගිහින්. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයකුත් එක්ක අැගේ මළගෙදර හොයාගෙන ගියා. ඒ මළගෙදර තිබුණේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරය අසල තිබුණු වැව කිට්ටුව.
දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවා නම් මෙි දැරියගේ දේහය තියන්නවත් ඉඩක් තිබුණේ නෑ. ගෙයින් එළියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුණෙත් පෙට්ටිය අරන් දීල තිබුණෙත් ගමේ මිනිස්සු.මට හොඳට මතකයි ඇයට අන්දලා තිබුණේ පඬුපාට වෙච්ච පාසල් ඇඳපු එකම සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අැඬුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක්. මගේ වයස ඒ වෙනකොට අවුරුදු 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහුවා මොකද වුණේ කියලා. තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න. මල් කඩලා විකුණනවා පන්සලට.එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා.ඒ වගේම ඉතුරු වුණොත් ගෙදර වියදමටත් දෙනවා. නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා. පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකමි ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.ඒත් හොයාගන්න බැරි වුණා.පහුවෙනිදා පාන්දර අැගේ මිනිය පාවෙලා ඇවිල්ල ගොඩගහල තිබුණා වැව් ඉවුරට. අැගේ අතේ ලිහී ගීය නෙළුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුණා"
මෙි වූකලි කෙබඳු ඛෙිදවාචකයක් ද? මෙම ශෝචනීය අත්දැකීම ගීතයකට පෙරළීමට ආරම්මණයක් ඇතිවීම අරුමයක් නොවූව ද පන්ති සමාජය තුළ උදාර පරමාර්ථයකට කැපවී ගන්නා නිර්මාණකරුවකුට මෙබඳු ඛෙිදවාචකයක් දැක නිහඬ සිටිය නොහැකිය.රත්න ශ්‍රී විජේසිංහයන් සිය පන්හිඳ දිග හැරියේ මානවබන්ධුත්වයෙන් අනූන එබඳු උදාර වූ කර්තව්‍යයකට නොවෙිද?
අප වසන පන්ති සමාජයේ දුප්පතාගේ ඉරණම මෙි සුදුර්ලභ ගීමිණෙන් මොනවට පැහැදිලි වෙි.අකුරට ගිය දැරියට පෙට්ටයෙන් ගෙදරට ඒමට සිදුවුයේ පවුලේ දරිද්‍රතාව නිසා නොවෙිද? ඇය වැවෙි මල් නෙළුවෙි තම අධ්‍යාපනයට අවශ්‍යය ඔිනෑ එපාකම් පිරිමාසා ගැනීමටය.එහෙත් දෛවය ඊට හරස් විය.තුරුණු විය එළිපත්තේ සිටි දැරියට ජීවිතය අහිමි විය.
සුදු නෙළුම කෝ
සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝය දා පාළොස්වකේ
මල් නෙළා විකිණු පන්සලේ
මෙි ගීතයේ ස්ථායි කොටස ලියැවී ඇත්තේ ස්වාභාවෝක්තියෙනි.එහෙත් ඔරුව පෙරැළී වැව් දියේ ගිලී මියගිය එම කුඩා දැරිය ආමන්ත්‍රණය කිරීමට සුදු නෙළුම නමැති රූපකය යොදාගැනීම ඖචිත්‍ය නොවෙිද?නෙළුම් මල් කඩා විකුණු පුංචි දැරිය ගම පුරා විහිදු මල් සුවඳ තවදුරටත් නොමැති බව කීමට මෙයටත් වඩා උචිත යෙදුමක් තිබෙිද? මෙි වදන්වලින් ගම්‍ය වන්නේ මානවබන්ධුත්වයේ හෘදයාංගම භාවය යි.පසළොස්වක පෝයට පන්සල අසල මල් විකුණු දැරිය අද එහි නැත.ඇය නැති පාළුව ගමට නොදැනුනත් මවුපියන්ට නොදැනේවිද?මෙනයින් අප සාප කළ යුත්තේ දැරිය බිලිගත් සොරබොරවැවට නොව මෙි අනතුරට එම පුංචි සුරංගනාවිය හෙළුෑ කුරිරු පාලකයන්ටය.නැතිබැරිකම වැපුරු සමාජ පන්තියටය.මෙසේ බලන කල පීඩිත පන්තියේ දුප්පත් දරුවන්ගේ හෙට දවස අද මෙන්ම අඳුරු නොවෙිද?
වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙළූ මල් මිට ලිහී විසිරී
එහා ඉවූරට පාවුණා
මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? වැවට කළුවර යාවීම යනු දැරියගේ ජීවිතය වෙළාගත් ශෝකාන්ධකාරය පිළිබඳ ඇඟවීමට යොදාගත් අපූරු යෙදුමකි.මෙි පවසන්නේ රාත්‍රිය නොව මරණය ගැනය.දරිද්‍රතාව නමැති කුරිරු බලවෙිගය ඇය වෙත රැගෙන ආ අකල් මරණය පිළිබඳ විශද කිරීමට මෙි සංකල්ප රූප,ව්‍යංග්‍යාර්ථ උචිත නොවෙිද? සංසාර දුක බෝවීම යනු කිම? භවාන්ධකාරය පැතිරීමයි.එබඳු අඳුරකට දැරිය නතු වූ බව එම පද පෙළෙන් ගම්‍ය වෙි.මෙනයින් දෙවැනි අන්තරා කොටසේ යටකී යෙදුම මෙි ගීතයේ කූටප්‍රාප්තිය යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල් සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා
මෙි කුඩා දැරිය සුදු නෙළුමකට උපමා කිරීමත් වැසි දියෙන් වැව් ඉවුරු දෙකොපුල සේදීයාමත් කෙතරම් රමණීය යෙදුම් ද?කාව්‍යෝක්තිද ?මෙි ගීතයෙන් රත්න ශ්‍රී විජේසිංහයෝ දුප්පතුන් මෙන්ම පීඩිත පන්තියේ ජනතාව කෙරෙහි අප හද තුළ තීව්‍රතර අනුකම්පාවක් ද උපද්දති.මෙහි කිසිදු තැනක දැරිය පිළිබඳ කතා නොවෙයි.එහෙත් කවියා සිය ජීවිතානුභූතිය නිර්මාණාත්මක ප්‍රවෙිශයකින් ඉදිරිපත් කරයි.වක්‍රෝත්තිය,ව්‍යංග්‍යාර්ථය කවියට මෙන්ම ගීතයට ද ඇවැසි බව පැවසෙන්නේ මෙි නිසාය.මෙි ගීතයේ සාර්ථකත්වයට මෙකී සියලු කරුණු බලපා තිබෙි.කලාව මානවබන්ධුත්වයෙන් තිරසර කරතැයි කියනු ලබන්නේ මෙවැනි ලක්ෂණ දරන නිසා නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු නෙළුම කෝ
Purnima Shamika Dehiwela Saturday, 18 May 2024 08:45 PM
මෙම සමාලෝචනය විශිෂ්ටයි! මෙම ගීතය පිටුපස ඇති කතාව ගැන මම නිතරම කුතුහලයෙන් සිටි අතර ඔබ එය ලස්සනට පැහැදිලි කර ඇත. මේක ලිව්වට බොහොම ස්තුතියි.