මෙි සුදුර්ලභ ගීමිණ රචනා කරන්නී පද්මා ජයසිංහ නම් අප්‍රකට ගේයපද රචකාවියක වන්නීය.සුගායනය කළෝ නව පරපුරේ තරු ගායක තරංග සම්පත් තරුණයෝ ය.සංගීතය සැපැයූවෝ සේනානායක වෙරලියද්දයෝ ය.මෙි වූකලී වත්මන් ගී අඹරේ ලඹ දෙන තවත් අපූරු ගීමිණකි.මෑතකදී නිකුත් වූ මෙි ගීතය "යූ ටියුබ්" රසිකයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් නරඹා ඇත. මෙි වනාහි මෙරට සමාජ,ආර්ථික දේශපාලන පරිහානියේ ඇතුළාන්තය උත්ප්‍රාසයෙන් විනිවිද දකින ගී නිමැවුමකි.
මෙරට සමාජ පරිහානිය මෙතරම් අපූරුවට නිර්මාණාත්මකව ඉදිරිපත් කළ ගීමිණක් මෑත කාලයේදී අපි නොදුටුවෙමු.මෙි වූකලී එකල පෙරදිග ධන්‍යාගාරය නමින් විරුදාවලියට පත් ලංකාව නමැති පුංචි කොදෙව්වෙි 76 වසරක ශේෂ පත්‍රය යි.රට වළපල්ලට ඇද දැමූ මෙි සියලු ව්‍යසනයන්ට වගකිව යුත්තෝ කවරහුද? ඔවුහු අන් කවුරුත් නොව මරිමෝඩ,අඳබාල දේශපාලනඥයෝ ය.නිදහසින් පසු සිරිලක දියුණුවෙි මිණිමුතු කිරුළ වැජඹෙි යැයි කලාකරුවෝ කල්පනා කළහ.සුද්දා යටතේ අභාවයට ගිය ඒ පුරාතන සෞභාග්‍යය නව දේශීය පාලකයන් ප්‍රතිනිර්මාණය කරනු ඇතැයි කලාකරුවෝ අවංකව ම කල්පනා කළෝය.එහෙත් එවැන්නක් සිදු නො වී ය.මෙරට පාලක පන්තිය හැමදාම කළේ දුප්පත් අසරණ ජනතාව ගොනාට අන්දමින් යෙහෙන් වැජඹීමය.බ්‍රිතාන්‍යයන් දේශීය ධනපති පන්තිය වෙත බලය මාරු කළේ තමන් වෙනුවෙන් බෙදා පාලනය කිරීමට ය.එහෙත් 76 අවුරුද්දක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ දේශපාලනඥයෝ ක්‍රමයෙන් රට අරාජික කළහ.
ණය බරින් බංකොලොත් රටක් බවට පත් වී තිබෙන ශ්‍රී ලංකාව තවදුරටත් අතීතයේ තිබුණු සුන්දර සිරිබර සිරිලක නොවෙි. වත්මන් ශ්‍රී ලංකාව ආර්ථික අහේනියෙන්, උද්ධමනයෙන් දරිද්‍රතාවෙන්,මන්දපෝෂණයෙන් පෙළෙන බංකොලොත් රටකි. භාණ්ඩාගාරය හිස්, අසමත් රාජ්‍යයක දේශපාලන පල්හොරුන් වැජඹෙන පාර්ලිමේන්තුවක,කුඩ්ඩන්,පාතාලයන්,මිනීමරුවන්,මංකොල්ලකාරයන්,
ස්ත්‍රී දූෂකයන් රජ කරන සමාජයක ලෝකයට හතරඅතේ ණය වෙච්ච රටක් තවදුරටත් ඉන්න හිතෙන රටක් නෙවෙයි.
රටෙි වටිනා කියන භෞතික සම්පත් පමණක් නොව ස්වාභාවික සම්පත් ද ධනපති පාලකයෝ කුණුකොල්ලයට විකුණති.බලය අතට ගත්විට ඔවුන් හැසිරෙන්නේ රටෙි තාවකාලික භාරකරුවන් ලෙස නොව සදාකාලික අයිතිකරුවන් ලෙසය.එහෙත් මෙි වස්තු මංකොල්ලයට වගකිව යුත්තේ දේශපාලනඥයන් පමණක් ම ද? නැත.කතිරය ගසා මෙි පරපුටු රැල ලොකු පුටුවලට යවන පුරවැසියා ද ඊට වගකිව යුතුය.මෙනයින් තමන්ට ඇවැසි නිවැරැදි පාලකයන් තෝරාගැනීමෙි වගකීමෙන් පුරවැසියන්ට ද මිදිය නොහැකිය.එහෙත් හැමදාම හැමතැනම රටෙි පාලකයා තෝරා ගැනීමෙි කාර්යයේ දී ජනතාව රැවටෙති.දේශපාලනඥයෝ මුළුමහත් රටම පමණක් නොව හැකිනම් අනෙකුත් ග්‍රහලෝක ද විකුණනන් කෑමට මාන බලති.මහජනයා ඊට කෙතරම් විරෝධය පළ කළත් ඒ විරෝධය මර්දනය කිරීම ධනපති පාලක පන්තියේ අධිෂ්ඨානය යි.මෙනයින් බලන කල ශ්‍රී ලංකාවේ දැනට සිදුවන සම්පත් කොල්ලය හා සමාජ පරිහානිය මෙි ගීතයෙන් මොනවට පැහැදිලි වෙයි.
සඳ වික්කා ඊයේ රෑ
දුටුව ද සාවි
තරු රෑනම අරාබියට
අඳ කුලියට දී
හිරුට තාම අහවර නෑ
ගණන් හිලව් කී
පිපුණු කැකුළු මැලවෙනවා
කොළොම්පුරේදී
මෙහිදී රචකාවිය සඳ නමැති ස්වාභාවික අජීවි වස්තුව රූපකයක් ලෙස යොදා ගනිමින් එය රටට සමපාත කරන්නීය.මෙනයින් මහජනතාව අතිමහත් ගෞරව භක්තයෙන් යුතුව සලකන සෑම දෙයක් ම වටා භ්‍රමණය වන ප්‍රභාමණ්ඩලය ගලවා වීසි කොට ඒවා හුවමාරු වටිනාකම්වලට පෙරළයි.සොබාදමෙි මනස්කාන්ත වස්තු සියල්ල විකුණා දමයි.මෙි සියල්ල දෙස කටබලියා ගෙන බලා සිටින ජනතාව හඳේ හැංගී ගුලිවී සිටින සාවියට සම කිරීම කෙතරම් අර්ථපූර්ණ ද?ඔෟචිත්‍ය ද? තරු රෑන අරාබියට විකිණීම ද තවත් අපූරු යෙදුමක් නො වෙි ද?සඳ විකුණු පසු තරුවලින් කුමන පලක් ද? අහසේ තරු බබළන්නේ සඳ ඇතිවිට පමණි.සඳ නැති සඳ තරු එළියෙන් ලොවක් ආලෝක කළ හැකි ද? රටෙි සම්පත් ගසා කෑම මංකොල්ලයක් ම ය.එහිදී හිරු,සඳු,තරු කියා කුමන වෙනසක් ද? තරු රෑන අරාබියට අඳ කුලියට දීම යනු කිම? මෙරට අහිංසක කතුන් මැදපෙරදිග සුල්තාන්වරුන්ට බැලමෙහෙවරට යැවීමය.පාලකයෝ මෙි සියලු දේ කරමින් මඩිය තරකර ගනිති.සුරසැප විඳිති.අසරණ ජනතාව දරුපවුල් ද කඩාඉහිරව ගෙන අපාදුක් විඳිති.හිරුට තාම අහවර නෑ ගණන් ඉලව් කීම යන්න ද ව්‍යංග්‍යාර්ථ දනවන තවත් අපූරු යෙදුමකි.මෙනයින් ගම්‍ය වන්නේ රටෙි තවත් වටිනා ම සම්පතක් විකිණීමට හෝ වෙන්දේසියට හෙට්ටු කරමින් සිටින බව නො වෙි ද?පිපුණු කැකුළු මැලවීම යනු දරුවන් විනාශ මුඛයට ඇද වැටීමයි.මවුපියන් අඩු ලංසුවට විකිණෙද්දී දරුවන්ගේ ඉරණම මෙසේ විසඳීම අරුමයක් ද? සොබාදහම විකරණය කිරීමෙි ප්‍රතිවිපාක අපි දැන් බුක්ති නොවිඳිමු ද?
ලන්දේ කකා උන්නු එවුන් කන්ද දුටුව දා
දත නියවයි අත මිණි බැඳ පය මිණි බැඳලා
ලක්අම්මගෙ හැඹිලිය හොරු අරන් ගිහිල්ලා
අත්තාපල් මුත්තාපල් උන් හොයපල්ලා
සාම්ප්‍රදායික ප්‍රස්ථාව පිරුළු,උපමා උපහැරණවලින් පමණක් නොව ආප්තයන්ගෙන් ද පොහොණි මෙි පද අතිශය කාව්‍යාත්මකය.මෙි වූකලී රමණීය කාව්‍යෝක්තියකි.ලඳු කැලෑ බිම් දෙණිවල ඇවිද ගොස් එහි ඇති පලවැල නෙළාගෙන දවස සරිකර ගත් එවුන් කන්දක් දුටුවිට එයින් ප්‍රබෝධමත් වීම අරුමයක් නොවෙි.එහෙත් උන් කඳු තරණයට යන්නේ තමා සතු සබ්බ සකලමනාව ම අතහැරය.එහි අබියස ම ප්‍රපාතය ඇති බව ඔවුහු නොදනිති.ඇතමෙක් නොදැනුවත්ව ම ව්‍යසනයට ගොදුරු වෙති.තවත් අයෙක් දැන දැන ම ප්‍රපාතයට වැටෙති.මෙහිදී ලක්අම්මාගේ හැඹිලිය යනු කිම?රටෙි භාණ්ඩාගාරය සතු ධනය යි.එහෙත් එය මහලොකු මුදලක් නොවන බව කීමට හැඹිලිය යන වචනය යෙදීම කෙතරම් අර්ථපූර්ණ ද? මෙි රට බංකොලොත් රටක් බව අපි කවුරුත් දනිමු.එහෙත් ඒ සන්තෑසිය රටට සිද්ධ වුණේ අමනෝඥ දේශපාලනඥයන්ගේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා නො වේ ද?අන්තිමට ඩොලර් නැතිව රට වළපල්ලට ම වැටුණි.තෙල්,බෙිත්.ගෑස් පෝලිම්වල රස්තියාදු වෙමින් ජනතාවට අපාදුක් විඳීමට සිදුවිය.භාණ්ඩාගාර සතු සොච්චමත් සොරාකෑවෝ කවරහුද? ඔවුහු වෙන කවුරුවත් නොව මෙි අමන,අඳබාල දේශපාළුවෝ ය. අත්තලා මුත්තලා ගැන දිවුරමින් හොරු අල්ලන බව කී කිසිවකු රට විනාශ කළ එකදු හොරකු අල්ලගෙන නීතියේ රැහැනට පමුණුවා නැත.මෙි සියල්ල ඇස්බැන්දුම්ය.දේශපාලන නාටකය.අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් වෙි ද? එහෙත් රචකාවියගේ මෙි අපූරු කාව්‍යාත්මක යෙදුම් රට බංකොලොත් වී ඇති බව හැඟවීමට කෙතරම් නම් ප්‍රබල ද?
කණකොක් රැල කවි කියද්දි වැරදි සිංහලෙන්
වැට තරකර මොටද නියර ගොයං කාලා නං
මහත්වරුනි පනින්න පෙර සිතා බලාපන්
පනින රිළව් ළඟ තැබුවේ කුමටද ඉණිමං
මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් ද අපූරු යෙදුම්,උපහැරණ පමණක් නොව ප්‍රස්ථාව පිරුළු ද සුවිශද වෙයි. ගොයමේ ආරක්ෂාවට බැඳී නියර සහ වැට එක්ව ගොයම කා දැමූ කල ගොවියාට දැනෙන හිත් වේදනාව හා පාඩුව පිරි අපේක්ෂා භංගත්වය කෙලෙසක නම් සංසිදුවන්නද? ආරක්ෂාව භාරගත් අය විසින්ම ආරක්ෂාවට පාත‍්‍ර වූ වස්තුව විනාශකර දමා තිබීම ඇඟවීමට මෙි ප්‍රස්ථාව පිරුළ කෙතරම් නම් යෝග්‍ය ද? මෙි රටෙි පාලකයා පාලිතයාගේ විශ්වාසය පළුදුකොට තිබේ. ප‍්‍රස්ථාව පිරුළක් ලෙස ව්‍යවහාරගත වූ මෙම "වැටත් නියරත් ගොයම් කා නම්"කියමන පරිපාලනමය වශයෙන් අසාධාරණයකට ලක්වූ පසුව එම දුක, වේදනාව හා පීඩනය කියාගන්නට කිසිවෙකුත් නොවන තැන නිරන්තරයෙන්ම සිහියට නැගෙන ප්‍රස්ථාව පිරුළකි. සුදු වතින් සැරැසී හැම පවක් ම කරන දූෂිත දේශපාලනඥයන් ද කණකොකුන් මෙනි.ඔවුන් හැමවිටම රටට අසුබ නිමිත්තකි.රට වළපල්ලට දැමු මෙි පිරිස වැරැදි සිංහලෙන් කවි කීම යනු තවත් ප්‍රබල උත්ප්‍රාසය දනවන යෙදුමකි.දේශපාලනඥයන්ගේ අසාර්ථක පාලනය එයින් ගම්‍ය නො වෙි ද? පනින රිළවුන්ට ඉණිමං තැබීම ද තවත් අපූරු ප්‍රස්ථාව පිරුළකි.වැරදි කරන අයට වැරදි කිරීමට පහසුවන අයුරින් කටයුතු කිරීම මෙහි අර්ථය යි.මෙි රටෙි දේශපාලනඥයන් කරන්නේ ද යටකී මරිමෝඩ වැඩෙිම නො වෙි ද? හොරුන්ට තවත් හොකම් කිරීමට අවස්ථාව දුන්නෝ පාලකයෝ ය.බළලුන් ලවා කොස්ඇට බාන්නෝ ද දේශපාලනඥයෝ ය.තම මඩිය තරකර ගැනීමෙි අපේක්ෂාවෙන් ඔවුහු මෙි සියලු අකටයුතුකම්,මරිමෝඩකම් කරති.එයින් රටෙි ජනතාව කබලෙන් ළිපට වැටී අන්ත අසරණ වෙති.ගීතයකින් කළ හැක්කේ කිසියම් ප්‍රබල හැඟීමක් සහෘද රසික හදවත්හි සංවර්ධනය කිරීම යි.එහිදී කාව්‍යමය භාෂාවත් ඊට උචිත සංගීතයත් ගායනයත් ඉවහල් වෙයි.මෙි ගීතය යටකී කාර්යභාරය මැනවින් ඉටුකර නැද්ද?
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සඳ වික්කා ඊයේ රෑ