ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
මිනිසාගේ හදවතට ශෝකය දනවන ගීත බොහෝය.එහෙත් එකී ශෝකමිශ්‍රිත හැඟීම් දනවන ගීත අපගේ ප්‍රියතම ගීත නො වෙි ද? මිනිසා විඳින අනවරත ශෝකයේ විශ්වීය විස්මිත අන්තර්ගතය කිම? මෙි වූ කලි සොබාදහමත් මානව සබඳතාත් අතර ඇතිවන ගැටුමකි.මිනිස් ආත්ම ලැබූවෝ සොබාදහම පාලනය කිරීමට තැත් කරති.එහෙත් සොබාදහම පාලනයට හෝ මර්දනය කිරීමට මිනිසාට නොහැකිය.සොබාදහම වනාහි මිනිසාගේ ජීවිතය පාලනය කරන මහා බලවතාය.මෙනයින් බලන කල මිනිසා පමණක් නොව ලොව පහළ වූ සියලු සත්වයෝ සොබාදහමට නතු වෙති.ඔවුහු සොබාදමෙි වෙිරම්බයට හසු වෙති.යටකී ශෝකය දනවන සිදුවීම් හෝ වෙයිදිතයන් සාහිත්‍යකලාවට නැංවුණු කල්හි මිනිසාට කිසියම් සෞන්දර්යාත්මක ආස්වාදයක් ගෙන දෙයි.මෙි ගීතය වනාහි එබඳු කරුණරසයක් දනවන වියෝගයක් ගැන කියැවෙන ගීතයකි.එහෙයින් මෙහි අන්තර්ගතය සංයෝග වියෝගයකි.සම්ප්‍රයෝග විප්‍රයෝයකි.විප්‍රලම්භ ශෘංගාරයකි.
ලොව පහළ වන බොහෝ පෙම් බැඳුම් ඇති වී නැති වී යයි.මිනිසා කෙතරම් සිහින හඹා ගිය ද බොහෝ සිහින සපල නොවෙති.මෙි සියල්ල කාල අවකාශය තුළ සැරිසරමින් සිටී.එහෙත් පෙම් බැඳුම් පරිමිතය. කාලයත් අවකාශයත් අපරිමිත ය.මෙනයින් බලන කල ජීවිතය ද අනිත්‍ය වූ ලෝකයේ පෙම් බැදුම් ද අනිත්‍ය ය.අවසානයේ අප පතන සියලු දේ සිහින ම පමණි.ඒ සිහින කවදානම් සපල වෙි ද? මිනිසාට සොබාදහමත් සමාජසබඳතාත් දමනය කිරීමට නොහැකිවීම මෙි සියලු අර්බුදවලට හේතුව නො වෙි ද? මෙි ගීතයේ ගැබ් වන්නේ ද ඉටු නො වූ අතීත පැතුමක් සිහිවීමකි.ඒ ගැන සිහින දැකීමකි.මිනිසාගේ පැතුම් අතර ඉතාමත් සුහද සුන්දර පැතුම නම් මානවසබඳතා සඳහා පවතින පැතුමය.මෙි වූ කලි එබඳු පැතුමක් සපල කරගැනීමට දරන අහිංසක ප්‍රේමවන්තයකුගේ ප්‍රයත්නයක් නො වෙි ද?‘සිහින නෙළුම් මල ජීවිත පොකුණේ ‘ නමැති ගීතය 1972 වසරේ සහනය චිත්‍රපටයට සුකීර්තිමත් ගේයපද රචක ප්‍රවීණ මාධ්‍යවෙිදී ධර්මසිරි ගමගේයෝ රචනා කළෝය.හෙළයේ මහ ගදඹ පණ්ඩිත අමරදේවයෝ මෙි ගීමිණ ස්වරාලංකාරයෙන් කර්ණරසායන මාධුර්යයෙන් ගැයුවෝය.මෙි ගීතය වෙනුවෙන් චිත්‍රපටයේ රූපරාමු පෙළට සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සහ හෙළයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායකවූවෝය.
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
තුන්යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා ප්‍රභාතයේ
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ
මෙි කථකයා වියෝගී හදවතක් ඇති අහිංසක පෙම්පැතුම් දල්වන්නෙකි.එහෙත් කල්පනා යානෙක නැගී ඔහු කාල්පනික ලෝකයක සැරිසරමින් තමා පණමෙන් පෙම් කළ ප්‍රියාවිය සොයයි.ඔහුගේ ජීවිතය නමැති පොකුණ මත පිපි සැලෙන නෙළුම් මල ඇයයි.එහෙත් ඒ පැතුම සිහිනයක් ම පමණි.මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නො වී ම ලෝකස්වභාවය යි.බොහෝ පැතුම් බිඳ හැළි සිහින මිය යයි.ඕමාර් ඛයියාම් කවියා මෙසේ කීය.
නිතියෙන් නඟිනා හද තුළ
ආසා
සැණෙකින් හළු වී යයි නො ව සේසා
මෙනයින් බලන කල මිනිසාගේ ජීවිතයේ හැමවිට ම පැතු දෑ නො සිදුවී නො සිතු දෑ සිදුවෙි යයි කීම අතිශයෝක්තියක් නො වෙි.ජීවිතයේ තුන්යම ගෙවී ගිය ද ඔහු හිරු නැගීමට පෙර උදාවන ප්‍රභාතයට පෙම් කරයි.අරුණළු කැරැලි එකිනෙක පොළොවට වැටෙන නිමෙිෂයේ ඔහු තම ප්‍රියාවිය දකියි.එහෙත් කථකයාට තම පෙම්වතිය පෙනෙන්නේ රීදි පහන් තරුවක් ලෙසය.මෙහිදී පහන් තරුව යනු කිම? සූර්යාට ළඟින් ම පිහිටි සිකුරු ග්‍රහය යි.චන්ද්‍රයා හැරුණු විට අහසේ තිබෙන දීප්තිමත් ම තාරකාව වන්නේ සිකුරු තරුව,පහන් තරුව,ඉරබටු තරුව යන විවිධ නම්වලින් හැඳින්වෙන යටකී සිකුරු ග්‍රහයා යි.මෙය ඇතමෙක් උදා තරුව නමින් ද හඳුන්වති.තම සිහින දෙව්දුව රීදි පහන් තරුවක් ලෙස දැකීම අපූරු කාව්‍යෝක්තියක් නො වෙි ද? මෙි නම් කෙතරම් අර්ථපූර්ණ ඖචිත්‍ය රමණීය යෙදුමක් ද?
දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකළා
තම තරුණ අවදිය කුල්මත්,මන්මත් කළ ඒ ළබැඳි,සබැඳි ප්‍රියාවිය පිළිබඳ ඔහු ජීවිතයේ මැදි වයසට ළඟා වූ පසුව ද සිහින දකියි.එහෙත් ඇය ඔහුගේ නිද්‍රාශීලී හදවත අවදි කළේ නිකම්ම නො වෙි.ජීවිතය සෞන්දරත්වයෙන් පිරිමදින කවියක් ලෙසය.මෙි වූ කලි ඔහුගේ ගත සිත වෙළාගත් සුඛප්‍රහර්ෂයක් නො වෙි ද?පාළුව,තනිකම,කාන්සිය අත්විඳින වියෝගී පෙම්වතාට තම සිහින කුමරියගේ කාව්‍යා සංස්පර්ශ රූපකාය හදවත අවදි කිරීමකැයි කීම ව්‍යංග්‍යාර්ථය දනවන යෙදුමකි.මෙි වනාහි සම්භෝග ශෘංගාරයට අතවැනීමක් වැන්නය.
මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු
සිහිනේ
එහෙත් සිහිනයක්
වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ
මෙි කථකයා තම මැදියම් යාමය හෙවත් ජීවිතයේ මැදිවයසේදී ඇගේ රූසපුව පියවී ලෝකයේ ද දුටු බව කියයි.එහෙත් ඔහු එය දුටුවෙි පෙරයම සිහිනයක දී ය.දැන් ඔහු ළඟා වී ඇත්තේ ජීවිතයේ පශ්චිම යාමය හෙවත් මහලු වයසටය.මෙහිදි කථකයා සැක කරන්නේ තමා මැදියම් රැයේ දුටු සිහිනය ජීවිතයේ අවසාන කාලයේදී පවා සිහිනයක් ම විය හැකිදැයි යන්නය.බිඳුණු පැතුම්වලත් ඒවායේ සැමරුම්වලත් සැටි මෙසේ නො වෙි ද?මෙි කථකයා දුටු සිහිනය කෙතරම් සුන්දර වූව ද එය අයථාර්ථවත් හෙයින් නිෂ්ඵලය.සිත ගමනින් ගමන විඩාවට පත් කිරීම විනා ඉන් කවර ඵලයක් ද?
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
අාචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන්. එඩ්වඩ්ගේ භාවානුරාගී සුගායනයෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමි
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සිහින නෙළුම් මල