අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙයි.
අප ජීවත් වන මෙි යුගයේ ප්‍රේමය යනු සිහිනයකි.වෙිදනාවකි.කඳුළකි.සුසුමකි.
එපමණක් නොව අකලංක පෙම් බැඳුමක් සාක්ෂාත් වන්නේ ද කලාතුරකිනි.මීට හේතුව කිම? වෛරී සමාජයේ ආත්මාර්ථකාමී හැසිරීමය. දෙදෙනකුගේ හදවතේ පිළිසිඳ ගන්නා නුගිනුරා ප්‍රේමය සමාජය නමැති දුෂ්ට,ජුගුප්සිත යෝධ කොටුපවුරේ හැපී සුනුවිසිනු වීම කාටනම් වැළැක්විය හැකිද? මෙකී කොටුපවුර අයෝමය බලයකින් සැදී පැවැති ඇති බැවින් කිසිවකුට ඊට එරෙහිව නැගී සිටීමට ද නොහැකිය.
ධනබල,කුලබල,පන්තිබල,ජන්මපත්‍රබල කන්‍යාභාවාදී බල යනාදිය යටකී කොටුපවුර දරා සිටී.මෙනයින් බලන කල සම්මත හෝ අසම්මත ප්‍රේමයක වෙළී සිටින ආදරවන්තයන් යුවළකට කෙළින් ම උනුන්ට කතා කිරීමට,සුහද හැඟීම පැවසීමට,නිදහසේ හමුවීමට වරම් නැත.මෙහෙයින් සියල්ලන් ම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වියෝවූ සිහින ලෝකවල නො වෙි ද?
අසම්මත ප්‍රේමය වූ කලී මෙි සමාජයේ ගැරහුමට,අවමානයට,අපහාසයට පත්‍රවූ තවත් පෙම් බැඳුමකි.තහනම් ගහේ ගෙඩිකෑවෝ සියතින් ගෙල සිඳගත්තෝ ය.ඔවුහු කවදත් අසම්මත බැඳීම් හමුවේ බැටකෑවෝ ය.මෙනයින් බලන කල අසම්මත ප්‍රේමය හමුවේ පිවිතුරු ප්‍රේමය සෙවීම කළුනික සොයනවාටත් වැඩිය අසීරු කටයුත්තක් නො වෙි ද? අප වාසය කරන සමාජයෙහි විවාහ සංස්ථාව නම් මිනිසුන් පෙළන සිපිරිගෙයකි.මෙයින් දුක් විඳින,බැටකන ඇතමෙක් ගේහසිත ප්‍රේමය එපා වී දරුමල්ලන් ද අතැර වෙනත් කෙනකුගේ උණුහුම සොයා නිවෙසින් පලා යති.ඔවුහු වැඩිදෙනෙක් අසම්මත ප්‍රේමයක පැටලෙති.එහෙත් එහි මහත් ම පීඩනයට ලක්වන්නෝ වනිතාවෝ සහ දරුවෝ ය.යම් ස්ත්‍රියක හෝ පුරුෂයකු අසම්මත පෙම් සබඳතා දෙසට තල්ලූ කරන්නේ යටකී සාධක නිසා නො වෙි ද? එහෙත් ඇතැම් අනියම් පෙම් බැඳුම් නියම් පෙම් බැඳුම් බවට පත්වන අවස්ථා ද නැත්තේ නොවෙි.
ප්‍රේමය කවරාකාරයකින් පුහුදුන් සිතක පහළ වූව ද එහි ආස්වාදය සදාතනිකය.උනුන්ගේ අන්‍යෝන්‍ය සංස්පර්ශය පවා,පරමාර්ශනය පවා පරමානන්දය,බ්‍රහ්මාස්වාදය ගෙන එනු ඇත.මෙි ගීතයට විෂය වන්නේ ද එබඳු ප්‍රේමයකි.
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියැසි කැලක්
කපුරු මලක පෙති සිද බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්
ලියතඹරා මල වනාහි කල්පිත පුෂ්පයකි.යටකී මල හිමාල වනයේ ඇතැයි ඇතැම්හු විශ්වාස කරති.මෙනයින් කවි සමයේදී ලියතඹරා මලට වෙසෙස් ආස්ථානයක් හිමිවෙයි.දැහැනට සමවැදී ඉන්න තවුසන්ගේ සිත් පවා වසඟ කරන මෙකී සුන්දර පියුම ලොව වඩාත් කතබහට ලක්වී ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.මෙනයින් බලන කල ලියතඹරා මල වැනි රුවැති ළඳුන් අබියස මීමැසි, බඹරුන් ලුහුබැඳීම,දපනේ වැටීම,රොන් ඉල්ලා හඬා වැටීම අරුමයක් නො වෙි ද? කපුරු මල් යනු අතිශය සුවඳ හමන තවත් පියුම් විශේෂයකි.එහෙත් මෙකී සුවඳැති කපුරු මල් බඹරුන්ට විෂ බව ද කියති.තතු එසේ වූව ද කපුරු මලටත් වඩා විෂ සහිත බඹරකු එහි මල් පෙති තළා පාගා දැමූ බව කවියා කියයි.ලියතඹරා මල ළඟ දණින් වැටුණු මීමැසි රංචුවෙි එකකු සුවඳැති කපුරු මල විෂ තුඩින් වැනසූ බව නො වෙි ද මෙි කියන්නේ? වත්මන් ප්‍රේමයේ අයථාර්ථවත් බව මෙි වදන්වැළෙන් සුවිශද නො වෙි ද?
වැහි කළුවර ඇති හැන්දා සමයක
තරුමල් පිපුණලු අහස් ගැබෙි
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ
වැහි කළුවර සහිත ආකාසයේ කිසිදු ආකශ වස්තුවක් දක්නට නොලැබෙි.සඳ තරු නැති නූල්පොටක් නැති අහස මලානික හිස් මූසල පෙනුමකින් දිස් වෙයි.තතු එසේ වූව ද මෙි ගීතයේ රචකයාට අනුව එබඳු නිරුවත් අහසේ පවා තරු මල් පිපී දිලෙයි.එහෙත් මෙි දර්ශනය අප තුළ විස්මය දනවන අසාමාන්‍ය සිදුවීමක් නො වෙි ද?මෙි වූ කලී කාව්‍යෝක්තියකි.කවියා මවන චිත්තරූප අභව්‍ය වූව ද එය අතිශය කාව්‍යාත්මකය.රමණීය ය. අසම්මත ප්‍රේමය පිළිබඳ නිර්මාණාත්මක එළැඹුක් මෙහි නො වෙි ද?කවියා ව්‍යංග්‍යාර්ථයෙන් පවසන්නේ සමාජ සම්මතයට පිටුපෑ යටකී අසම්මත ආදර අන්දරයට දේව දූතයන් පවා එරෙහි වී ඇති බවය.සම්භෝග ශෘංගාරරසය පමණක් අරමුණු කරගත් තැන පිවිතුරු ප්‍රේමය පෑල දොරින් පලා යන බව නො වෙි ද මෙි කියන්නේ?
යෞවනයේ සිත් විෂකළ ප්‍රේමය
කලියුගයේ ඇත පහළවෙලා
අසම්මතේ සිත්
වැටහෙණු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා
මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන රඳා පවතින්නේ අවසන් අන්තරා කොටසෙහිය.යෞවනයේදී මංමුළා වූ ප්‍රේම්වන්තයෝ එයින් උනුන්ගේ සිත්සතන් විෂකර මරාගත්තෝ ය.එහෙත් ඒ සියලු දේ සිදුවූයේ පරම පිවිතුරු පාරිශුද්ධ ප්‍රේමයේ නාමයෙන් නො වෙි ද?කාලයේ වැලි තලෙන් වැසීගිය එබඳු අසම්මත ප්‍රේමයක් ජීවිතයේ පශ්චිම යාමයේදී නැවත දලු ලා වැඩිය හැකි ද?එහෙත් තාරුණ්‍යයේ පිළිසිඳ ගත් සැලමුතු ප්‍රේමය දැන් හොඳටම වයසට ගොස්ය. මෙහිදී ජීවිතය මෙන්ම ප්‍රේමය දමහලු වී අති බව කවියා කියයි.දුලබ පෙම් බැඳුමක් අවසන් වූ සැටි කෙතරම් සෝ බරද?
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙනෙහස ඉල්ලා ලියතඹරා