ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මධුර මනෝහර ගේය පද සංකල්පනාවෙන් ද රුක්මණී දේවි සහ මොහිදීන් බෙග්ගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද සහාද් හුසේනුන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ නුගිනුරා ප්‍රේමයේ චමත්කාරය සුවිශද කරයි.
මානව ප්‍රේමයේ උත්කෘෂ්ටත්වය මෙපමණ යැයි කිසිවකුට කිව නොහැකිය.මෙනයින් යෞවන ප්‍රේමයේ සුදුර්ලභ සුඛාස්වාදය ලබන්නෝ වාසනාවන්තයෝය.ඔවුහු එයින් ලබන වින්දනය පමණක් නොව විඳින සුඛානන්දය ද අවසානයේ සමාජයට හඬගා කියති.මෙි ගීතයේ එන ප්‍රේමවන්තයෝ ද තම ප්‍රේම විජිතයේ සුප්‍රහර්ෂය පරිසරයට ප්‍රක්ෂේපණය කරති.එවිට ඔවුන් දෙපලට හැඟී යන්නේ අවට පරිසරය ද තම ප්‍රේමයට ආශිර්වාද කරන බවකි.ප්‍රේමය වනාහි කිසියම් පුරුෂයකු හෝ ස්ත්‍රියක තුළ උපදින සරාගී හැඟීමයි.එහෙත් මෙි හැඟීම විවිධ පෙම්වතුන්ට එකිනෙකට වෙනස් ආකාරයට වූවද ඇති විය හැකිය.ඇතැමකුට කිසියම් කෙනකු දුටු මතින් ප්‍රේමනීය හැඟීමක් ජනිත වීමට ද පුළුවන.තවත් කෙනකුට කාලයක් ගොස් එබඳු ආදර සිතක් පහළ විය හැකිය.තතු කෙසේ වූව ද ප්‍රේමයේ අවසාන පදනම සම්භෝග ශෘංගාරය යි.එහෙත් පෙම්වතුන් තුළ උපදින සාරගී සෙනෙහස පරමරමණීය නොවෙිද?
දෛවයෝගය චිත්‍රපටිය සඳහා 1959 වර්ෂයේ දී නිර්මාණය කළ මෙි අපූරු ගීමිණ පෙර මෙන් ම දැනුදු නැවුම්බරය.හැඟුම්බරය.සුන්දරය.මෙි ගීතය චිරාත් කාලයක් රසික දෙසවන් තුළ පිළිරැව් දීමට හේතුභූත වී ඇත්තේ ද යටකී නවතාව,කවිතාව නිසාම නොවෙිද? වත්මන් ගීතවල මෙන් නොව එකල ඇසුණු බොහෝ ගීතවල වදන්පෙළ මටසිලුටුය.සුවියත්ය.එමතු නොව එකල ගීත ගැයූ ගායක ගායිකාවන්ට පැහැදිලි අනන්‍යතාවක් ද හඬ පෞරුෂයක් ද තිබිණ.ශබ්ද උච්චාරණය පවා සුපැහැදිලිය.සුගීතවත්ය.ඔවුන්ගේ ස්වර මාධුර්යය පමණක් නොව මියැසි නාදය සුනාදයක් ම විය.මෙකී සියලු රුවගුණ මෙි අනගි ගීතයේ ගැබ් වෙයි.එදා මානවසිංහලා,සේකරලා,මඩවලලා,ඩෝල්ටන්ලා ලියූ හැම වැකියක් ම සුන්දර සුවියත් බසකින් සුපෝෂිතය.ඔවුහු ගායනා යෝග්‍ය පද පමණක් ම ලියූහ.යම් ගීතයක් ගායනා යෝග්‍ය වීමට නම් එහි කිසියම් මානවීය හැඟීමක් තිබිය යුතුය.එපමණක් නොව එකී හැඟීමෙන් රසිකයාගේ අධ්‍යාත්මය රංජනය කළ යුතුය.යටකී මනෝරංජන ගුණය මෙි ගීතය සතුය.මෙහි එන කිසිදු යෙදුමකින් රසභංග වී නැත.
මෙහි වර්ණිත පාරිසරික සිතුවම ද අචෙිතනික ලෝකය ද ප්‍රේමයේ සොඳුරු සුඛාස්වාදය වින්දනය කරනු වැන්න.ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙි ගීතයෙන් මවන චිත්ත රූප පෙළ කෙතරම් විසිතුරු ද? මෙි නම් කෙතරම් රමණීය යෙදුම් සහිත කාව්‍යෝක්තියක් ද? ගීතයේ ස්ථායි කොටසෙන් ම රචකයා ශ්‍රාවකයා ඇදබැඳ තබා ගන්නා අයුරු බලන්න.
හද ගිලෙයි අම මිහිරේ
පෙම් සුවේ රස ඉතිරේ
මල් පැණි මදිරා
මී පැණි ගංගා
පෙම් සයුරට මුසුවේ
ප්‍රේමයේ අමා සුවය ලබන්නෝ කවරහුද? ඔවුහු සැබෑ ම වාසනාවන්තයෝය.මෙි ප්‍රේමියාගේ පමණක් නොව පෙම්වතියගේ ද හදවත අමා මිහිරේ ගිලෙයි.දෙවිවරුන්ගේ අමෘත පානයේ අමොද රස මිහිර එහි ඇත.එය විඳීමට අකමැති පෙම්වත්තු ලොව සිටිත්ද? ඒ රසය කොතෙක් ද යත් දෙදෙනාගේ ම සිත්සතන් මහ වැස්සට පිරුණු ගඟුලක් මෙන් දෙගොඩ තළා යයි.එහෙත් මෙකී රස ගඟුලට වැටෙන මල්පැණි,මීපැණි සියල්ල අවසානයේ දී මුසු වන්නේ කොතැනටද?ඒ දෙදෙනා සුප්‍රහර්ෂයෙන් ගිලී නාන පෙම්සයුරටයි.පෙම් සයුර ඉන් ඔද තෙද වැඩී නොයෙත් ද? මදිරා යනු මධු හෙවත් මී ය.මීපැණි යනු රසදිව නහර ප්‍රීතියෙන් පිනා යන ප්‍රණීත පානයකි.එය ලොව මධුරතම මිහිර ලෙස ද සැලකේ.දෙසිතක බැඳි සෙනෙහසේ සොඳුරු අසිරිය ලොවට හඬගා කීමට මෙයටත් වඩා මටසිලුටු සුවියත් රමණීය කවි බසක් තව ඇත්ද?
වන බඹරු නොදත් නොසිපි
සමනලුන් දුටුව අසිරි
රොන්රස විහිදේ
පෙම් ලිය ගොමුවේ
පොබයා මල් සිනහා
පෙම්වතුන්ගේ කාල්පනික ලෝකයේ සියලු සැප සම්පත් ඇත.මෙි වූකලි කේතුමති රජදහනකි.මෙකී විජිතය සැබෑ ලෝකයේ සොබාවික පරිසරයටත් වඩා සුන්දරය.ඔවුහු කල්පනා යානයට නැගී එකී ප්‍රේම පාරාදීසයේ සැරිසරති.මෙහි ගස් වැල් එකට එතී හැදුණු ලියගොමු ද මල්ගොමු ද කඳු නිම්න තැනිබිම් ද ඇත."වන බඹරු නොදත් නොසිපී" යනුවෙන් කියැවෙනනේ සැලමුතු ප්‍රේමයේ පාරිශුද්ධත්වය හෙවත් නොකිලිටි බවයි.කුලුඳුල් පෙම සුනිමල්ය.එහෙත් මෙි අසිරියමත් ලෝකය දුටුවෙි සමනලුන් පමණි.ප්‍රේමයේ ලියගොමු සෙවණේ සම්භෝග ශෘංගාර සුව විඳින පෙම්වතුන් දෙපලට දැනෙන සුඛානන්දය කෙතරම් ද?
පෙම් වලාකුළු ද කැටිවී
ඇති තුරුළු වෙලා කිමිදී
කඳු ගැට අතරේ
බැස යන ගඟුලේ
සීතල මට දැනුණා
සරාගී ප්‍රේමයේ අමොද රසය විඳින පෙම්වතුන්ට දැනෙන සැහැල්ලුව අහසේ පාවෙන වලාකුළක් මෙන් නොවෙිද?වලාකුළු සිහිල පමණක් නොව සැහැල්ලුව ද දෙයි.එවිට එහි තුරුළු වී පෙම්සුව විඳින පෙම්වතුන්ට දැනෙන ප්‍රහර්ෂය මෙි වදන්වලින් නෙකියැවෙයිද?මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද?කඳු ගැට අතරේ බැස යන ගඟුලේ සීතල දැනීම යනු උනුන් එකිනෙකා වැළඳගෙන සිටින විට දැනෙන සෙනෙහසේ ළතෙත් සිසිලස ම නොවෙිද?
සුදු පළිඟුතලා උඩදී
සඳ කිරණ සමග මුසු වී
පෙම් රළ පතරේ
පෙණ පිඩු විසිරේ
ආදර කිරි මුහුදේ
සුදු පළිඟුතලා මතට සඳ එළිය වැටීම යනු කෙතරම් ප්‍රභාස්වරයක් ද?එහි ප්‍රදීප්තිය උජ්වලතා පූර්ණය.මෙකී සුන්දරත්වය අැතිවූයේ පළිඟුතලාව සඳ කිරණින් සුදීප්තිමත් වීමෙන් නොවෙිද?දැන් දෙදෙනාගේ ප්‍රේමය කිරිමුහුදක් මෙන් සුදු පෙණපිඬු විහිදුවයි.අභිලාෂිත කායසංසර්ගයෙන් පසු ඇතැම් ප්‍රේමවන්තයෝ විසිර යති.එහෙත් සත්‍ය ප්‍රේමභුංගරාජයෝ පලා නොයති.රස ගුලාව මග නොහරිති.මීමැසි පොදි මෙන් යළි යළි මල් වට පැදකුණු කරති.එහෙත් ප්‍රේමයේ සපඵලත්වය සැමවිටම සැමතැනම නැත.මෙසේ බලන කල මෙි සිඟිති ගී විත රමණීය නොවෙිද?
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හද ගිලෙයි අම මිහිරේ