මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද මර්වින් පෙරේරාණන්ගේ මියුරු මියැසියෙන් ද යුතු මෙි ගීමිණ වත්මන් සරසවි විද්‍යාර්ථින්ගේ ජීවන ඛෙිදවාචකය සුවිශද කරයි.එබැවින් මෙය කරුණරසය දනවයි.
සරසවි විද්‍යාර්ථින්ගේ කටුක ජීවන යථාර්ථය මෙි ගීතයට විෂය වූව ද එම මානව මානවිකාවන් තුළ ධනවාදී අර්ථ ක්‍රමයට එරෙහිව කැකෑරෙන වෛරය පිළිබිඹු කරන ගීතයක් වශයෙන් ද මෙය හැඳින්විය හැකිය.මෙි වූකලී පේරාදෙණි සරසවිය පසුබිම් කරගෙන විරචිත තවත් අපූරු ගීමිණකි.පේරාදෙණි සරසවිය වනාහි අතිසුන්දර හෙළකලා අසිරි රැඳි මහමැඳුරකි.
මෙහි පරිසරය සොබාසෞන්දර්යයෙන් සපිරි සුරපුරකි.නිල්වණින් දිදුලන සුවඳ කුසුම් සිහිල් මඳනලින් නැළ වෙි.තණ පලසේ බිම්මල් හිනැහෙයි.ඈත ගුවන සිසාරා විහිද යන හන්තාන කඳුවැටිය යි.මෑත සිහිල් දිය ලෙළෙන මහවැලි නදිය යි.මෙි බිමෙි අකුරු කරන මනව මානවිකාවෝ සැබෑ වාසනාවන්තයෝ ය.මෙනයින් බලන කල මෙහි වෙසෙන කවුරුන් තුළ නම් පෙම්හැඟුම් පුබුදු නො වෙි ද? එහෙත් එකල උන්නතිකාමයෙන් වැඩකළ ශාස්ත්‍රවන්තයෝ අද පේරාදෙණියේ නොවෙත්.මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රමුඛ පර්යේෂණකාමී,කලාකාමී ද්විභාෂික විද්වත්හු ද අද එහි නොවෙත්.එපමණක් නොව උසස් සාහිත්‍යධරයෝ ද සකල කලාවල්ලභයෝ ද නොවෙත්. පේරාදෙණියේ පමණක් නොව අනෙක් සරසවිවල ඇදුරෝ ද කම්මැලියෝය.විද්‍යාර්ථියෝ ද ගිරාපෝතකයෝ ය.සාහිත්‍ය කලා විහීනයෝ ය.එහෙත් එකල සරසවිය සරුබිමකි.ඇදුරෝ ද සිසුහු ද ඉන් නිසි පල නෙළාගත්තෝ ය.
එකල එහි උගැන්මට ආවෝ ද වැදගත් පවුල් පසුබිමක් ඇති සිසු සිසුවියෝ ය.ඔවුහු හොඳ වස්ත්‍රාභරණාදියෙන් සැරැසී ප්‍රණීත ආහාරපාන බුක්ති විඳ නිසි අධ්‍යාපනයක් ද ලද්දෝය.යටකී පසුබිම තුළ ඉගෙන ගත් සිසුහු ද උපාධිය අවසානයේ තමන්ට හොඳ රැකියාවක් ලැබෙන බව ද දැන සිටියෝ ය.එහෙත් වත්මන් තත්වය ඊට හාත්පසින් ම වෙනස්ය.අද උපාධිධාරියෝ වැඩිදෙනෙක් රැකියා පෝලිම්වල රස්තියාදු වෙති.උපාධියට සරිලන රැකියා සොයමින් වෙහෙසෙති.මෙනයින් බලන කල එදා සරුබිමක් වූ සරසවිය අද මුඩුබිමකි.මානව මානවිකාවන්ට පෙම්සුව විඳීමට තරම් සොඳුරු ඉසව්වක් නොවෙි.අද සරසවිය ජරාවාස වී ගොස්ය.අධ්‍යාපනය ද සටහන් බෙදීමට පමණක් සීමා වී ඇත.තතු එසේ හෙයින් එබඳු අඳුරු පරිසරයක,මුඩුබිමක සරසවි මානව මානවිකාවන්ට කෙසේනම් පෙම්හැඟුම්,අනුරාගික සිතිවිලි පහළ වෙි ද? මෙි ගීතයෙන් අර්ථ ගැන්වෙන්නේ එකී කටුක යථාර්ථය නො වෙි ද?
හන්තාන අඩවියේ
මැඳුරු කුලුනු සුදු සඳලුතලා පිස
මේ එන්නේ ප්‍රේමයේ
සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම් වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ
සුවඳ නොවේ
මෙි ගීතයේ ස්ථායි කොටසින් ගම්‍ය වන්නේ කුමක්ද?පෙර කල හන්තාන අඩවිය මැඳුරු,කුලුනු,සුදු සඳලුතලා පිස හමා ආයේ ප්‍රේමයේ සුවඳ බවයි.එහෙත් අද දින ඒවා පිස මෙි එන්නේ පෙම්සුවඳ නොව කරදර,හිරිහැර,වෙිදනා පිරි දුක් සුසුම් සුවඳයි.මෙනයින් එකල සරසවියේ පෞඪත්වය,අභිමානය.ශ්‍රීවිභුතිය මෙසේ සිහිගැන්වීම අර්ථවත් නො වෙි ද? එහෙත් මෙි හමා එන්නේ කිසිසේත්ම ප්‍රේමයේ සොඳුරු සුවඳ නම් නො වෙි.අනාගත භීතියෙන් පෙළෙන සිසුන්ට පෙම්සුව විඳීම මිරිගුවක් නො වෙි ද? "මෙි එන්නේ ප්‍රේමයේ සුවඳ නොවෙි " යැයි කීම කෙතරම් අර්ථපූර්ණ යෙදුමක් ද? කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නළියන රුධිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
නේවාසිකාගාරවල නැවතී සිටින පීඩත පන්තියේ මෙි දුප්පත් අසරණ දරුවන්ට කුසට හරිහමන් කෑමක් බීමක් නැත.ඇතැමෙක් වෙිලක් හැර වෙිලක් කති.එයිනුත් පිරෙන්නේ මුළු කුස ම නොව අඩක් පමණි.එහෙත් වෙහෙස මහහන්සි වී ඉගෙන ගන්නා හැදෙන වැඩෙන දරුවන්ට මෙබඳු දළ කටුක ආහාර කෑමෙන් බීමෙන් පලක් වෙි ද?අද සරසවි අධ්‍යාපනය ලබන දරුවන් බොහෝදෙනකුට ඇත්තේ කෙසඟ සිරුරුය.කායික මානසික සංවර්ධනයට ඇවැසි ප්‍රෝටීන්,ඛනිජ,මෙිද බාහුල්‍යයෙන් පිරුණු ආහාර ඔවුනට නො ලැබෙි.දේශනවලට ගොස් එන ඇතැම් දරුවන්ට මග යන්නවත් පණ නැත.එහෙත් එකල විශ්වවිද්‍යාලවල උගත්තෝ ආරෝහපරිනාහ දේහයකට හිමිකම් කියූ පුෂ්ටිමත් ඇත්තෝය.සිරුර කෙසඟ වන විට මොළය ද කෙසඟ වෙි.ඉගෙන ගන්නා දේ හරිහැටි මතකයේ නොරැඳෙයි.මෙහිදී රචකයා තවත් අපූරු යෙදුමක් භාවිත කරයි.
කෙසඟ සිරුරු රළු
යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්මෙි
නම් සත්‍යයක් නො වෙි ද? නේවාසිකාගාරවල,බෝඩිම්වල ලැගුම් ගෙන සිටින ඔවුන්ට මොන විල්ලුද ඇඳ ඇතිරිලි ද? ඇතැමෙක් බිම නිදා ගනිති.තවත් අයෙක් බූරු ඇඳන් වැනි රළුයහන්වල ගුලිවී බුදියති.ඔවුන්ගේ කෙසඟ සිරුර රෑ කල බෑවෙන්නේ මෙි කටුක යහන්වල නො වෙි ද? වනපොත් කිරීම යනු කටපාඩම් කිරීමය.ගුරුන් සපයන සටහන් තර්කානුකූලව නොසිතා පිටපත් කරන්නෝ ගිරාපෝතකයෝ ය.විද්‍යා ශිල්ප කලා වනපොත් කරන බව කීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ට ප්‍රහර්ෂය දනවන,සිත පුබුදු කරන අධ්‍යාපනයක් නොලැබෙන බව ව්‍යංග්‍යාර්ථයෙන් පැවසීම නො වෙි ද? ඔවුන් මෙි නිසරු අධ්‍යාපනයක් ලබන්නේ ද හෙට ගැන අනියත බියක් සිතෙහි රඳවාගෙනය.මෙරට උපාධිධාරී රැකියා පෝලිම දුටුවිට ඔවුන්ගේ සිතෙහි මෙබඳු අනියත බියක් ජනිතවීම සාධාරණ නො වෙි ද? නළියන රුධිරේ උණුසුම් සුසුම් යනු කිම?ඒ අපේ වෛරී සමාජය යි.මෙි ජුගුප්සිත නරාවළට ඇද දමා තමන් අතරමං කළ දුෂ්ට සමාජය දෙස ඔවුන් බලන්නේ වෛරී හැඟීමෙනි.
පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසෙහි කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
විශ්වවිද්‍යාල තරුණ තරුණයෝ රැඩිකල් අදහස් දරන විප්ලවවාදියෝය.ඔවුහු සමාජ අසාධාරණය වෙනුවෙන් අනවරතයෙන් ම පෙනී සිටිති.සටන් කරති.තමන් අතරමං කළ,තම ජීවිත වැනසූ පාලක පන්තිය දෙස ඔවුන් නිතර බලන්නේ වපරැසිනි.ඔවුහු ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් දෙවරක් පාලක පක්ෂය පෙරළා දැමීමට අවි ගත්තෝය.මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් සිහිපත් කෙරන්නේ ඒ අඳුරු අතීතයේදී මියගිය සොහොයුරන් ගැන නො වෙි ද? ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝ විශාල පිරිසක් යටකී කැරලි දෙකේ දී අකාලයේ මරුමුවට පත්වූහ."පුපුරන මනසේ කකියන පැතුම" යනු එ් විපත සිහිකැඳවීමකි.තම සොහොයුරන් අහිමිවීමෙන් මෙි තරුණ තරුණියන්ගේ මනස් ගිනි වැද පිපිරීම අරුමයක් ද? ඒවායේ පවතින්නේ කකියන පැතුම් නො වෙි ද?පැනසර හිස යනු කිම? තරුණ අසහනයට,පීඩනයට එරෙහිව නැණ නුවණින් නැගිටීමයි.එදා තරුණ නැගිටීම එසේ නොවූව ද අද එම තරුණ තරුණයෝ පැනසර හිසින් අවිආයුධ අතහැර ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීර්ණ වී සිටිති.මෙය සතුට දනවන කාරණයක් නො වෙි ද?දශක හතරකට ආසන්න කාලයක් ජනතා විමුක්ති පෙරමුණ කළ මෙි බුද්ධිමය අරගලය,නිහඬ සංග්‍රාමය තව නොබෝ දිනකින් ජය ගනු ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.මෙනයින් බලන කල රටෙි පාලන බලය බුලට් එකෙන් නොව බැලට් එකෙන් අල්ලා ගැනීමේ අභිප්‍රාය තව නොබෝ දිනකින් මල්ඵල ගැන්වෙනු නො අනුමානය.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හන්තාන අඩවියේ