රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද සංකල්පනාවෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද මනෝහර මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි.
රත්න ශ්‍රී විජේසිංහයෝ කාව්‍යෝක්තියට බුහුටි ගේය පද රචකයෙක් වෙති.ඔවුහු ගීත රචනයේදී ජීවන අරුත් කුළුගැන්වීමට ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් කාව්‍යෝක්තියට නගති.මෙි ගීසපුව වර්ණවත් වී ඇත්තේ යටකී කාව්‍ය ලක්ෂණ හේතුවෙනි.ධ්වනිතාර්ථ නම් වචන මාලාවෙන් ඉඳුරා ම නො කියැවෙන නමුත් වචන සංකලනයෙන් මතු ව එන අදිසි වූ ද හැඟෙන්නා වූ ද අර්ථයකි.මෙි වූකලි වත්මන් ප්‍රේමයේ අයථාර්ථවත් බව සුවිශද කරන සුදුර්ලභ ගීමිණිරුවනක් නොවෙිද? ගීතය ආරම්භ වන්නේ ඉතාමත් ව්‍යංග්‍යාර්ථ දනවන පද පෙළකිනි.
මෙි ගීතයේ කථකයා උගත් බුද්ධිමත් තරුණයෙකි.ශාස්ත්‍රවන්තයෙකි.එහෙත් උගත්කමට සරිලන රැකියාවක් ඔහුට ලැබී නැත.ඔහුට ලැබී ඇත්තේ කායික ශ්‍රමය වගුරන රැකියාවකි.මහපාරේ අව්කාෂ්ටකයේ දහදිය මුගුරු වගුරමින් වැඩකරන කම්කරුවන් සමඟ ඔට්ටු වෙන්නට ඔහුට සිදුවෙයි.මෙි සමාජයට උගතුන් බුද්ධිමතුන් ගෙන් වැඩක් නැත. විරැකියාවෙන් පෙළෙන ඇතැම් උපාධිධාරිහු අවසානයේදී කම්කරු රැකියා පවා කරති.මෙරට අධ්‍යාපන ක්‍රමයේ වරදින් උගත්තු අපාදුක් විඳිති.නූගත්තු සුරසැප විඳිති.මෙි කථකයා උදැල්ලක් ගෙන පාර කපන්නේ එහෙයිනි.ප්‍රේමය වනාහි තවදුරටත් පරම රමණීය මානසික සබඳතාවක් නොවෙි.වත්මන් සමාජයේ ප්‍රේමය, විවාහය යනු මුදල්මය ගනුදෙනුවකි.සංකේත ප්‍රාග්ධනයට ලොබ බඳින ඇතැම් පෙම්වතියෝ තමා කාලයක් තිස්සේ ආදරය කළ දුප්පත් උගත් පෙම්වතා අතැර පොහොසතකුගේ කරේ එල්ලෙති.වත්මන් ප්‍රේමයේ මෙි අයථාර්ථවත් බව රත්න ශ්‍රී විජේසිංහයෝ අතිවිශිෂ්ට පද සංයෝජනයකින් චිත්තරූපයකට නගති .
අජානීය ඉස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාතවේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවි පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුණා
මෙි කථකයා මහමඟ දහදිය මුගුරු වගුරමින් වැඩ කරන මොහොතේ අපූරු දසුනක් දකී.සුන්දර තරුණියක් තම පෙම්වතා සමඟ ඉස්කූටරයක නැගී දෙවුර බදාගෙන රාජතේජසින් ඉගිල යන්නීය.මෙි දසුන දුටු මතින් ඔහු සිතුවිලි කොදෙව්වක අතරමං වෙයි.රචකයා මෙහිදී අජානීය ඉස්කූටර් යන යෙදුම භාවිත කරන්නේ මෙි තරුණිය මහත් උද්දාමයෙන් යන කබල් ඉස්කූටරය දෙස උත්ප්‍රාසයෙන් බැලීමට නොවෙිද?අජානීය අශ්වයන් වනාහි සුදුර්ලභ අශ්ව වර්ගයකි.එබඳු අශ්වයකු අත්පත් කරගත හැක්කේ රජකුට හෝ ඇමතියකුට පමණි.එහෙත් මෙි තරුණියගේ කල්පනාව ඇය අජානීය අශ්වයකු පිට වඩින බවයි. රචකයා ව්‍යංග්‍යාර්ථ දනවන්නේ මෙකී යථාර්ථය පිළිබඳ නොවෙිද?වාතවේගයෙන් ඉගිලෙනු යනු පවනට බඳු වෙිගයෙන් යෑමයි.පුරවර සිරි බලනා සහ වඩිනා යන යෙදුම්වලින් සමාජ උත්තමභාවය ධ්වනිත වෙයි.එහෙත් පුරවර සිරි බලන්නෝ සහ වඩින්නෝ කවරහුද? ඔවුහු රජවරු නොවෙත් ද?මෙහිදී එම තරුණිය තම පෙම්වතාගේ දෙවුර බදාගෙන සෙමෙන් එසැවි පුරවර සිරි බලන විලාසයද රචකයා උත්ප්‍රාසයට නගයි.ඇයගේ මෙි ව්‍යාජ තේජස වැඩිකල් නොපවත්නා බව ඔහු දනී.මෙි යථාර්ථය හැඟවීමට රචකයා තවත් අපූරු යෙදුමක් භාවිත කරයි."නුඹෙි කිරුළ බිම වැටෙයි ද සිතුණා" යන්නෙන් අදහස් කරන්නේ ගැහැනියක සතු වටිනා ම දෙය වන පාරිශුද්ධත්වය හෙවත් කන්‍යාභාවය අහිමි කරගැනීම නොවෙිද?ඇය උද්දාමයෙන් පිම්බුණ ද එය තාවකාලිකය. ව්‍යාජ ප්‍රේමයක දැවටී විඳින ප්‍රහර්ෂය පපඩමක් මෙන් පිපිරී යනු ඇත.මෙි වූකලි කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?
සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදෑල්ල මට ලැබුණා
මා ගත ඩාබිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
මෙි කථකයා අද උදැල්ල ගෙන පරේ වැඩ කළ ද ඔහු සූසැට ශිල්පය උගත් ශාස්ත්‍රවන්තයෙකි.එහෙත් ප්‍රේමයෙන් උද්දාමිත තරුණිය ඔහු දහදිය මුගුරු පෙරමින් කායික ශ්‍රමය වගුරන අන්දම සදය උපහාසයට නගන්නීය.ඇය සුවඳ තැවරූ ලේන්සුවක් සිඹින්නේ ඔහුගේ කායික ශ්‍රමයේ පිළිකුල් බව ධ්වනිත කිරීමට නොවෙිද? සදය සිනා යනු නිර්දය සෝපහසය මුසු සිනාවක් නොවෙි.සදය වනාහි දයාව මුසු සිනාවකි.ඇයට පාරේ වැඩකරන තරුණයා කෙරෙහි කිසියම් අනුකම්පා සහගත දායාන්විත හැඟීමක් උපදී.මෙකී අනුකම්පාව ඇය සදය සිනාවකින් පිට කරන්නීය.
සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරය යි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා
උදුම්බරා ගසේ කිසිදාක මල්හට නොගනී.එහෙත් ආදරවන්තයෝ උදුම්බරා නාරිලතා යන මිත්‍යා පියුම්වලට පෙම් කරති.එහෙත් එබඳු මල් පිපෙන්නේ සිහින ලෝකයේ පමණි.කාල්පනික ලෝකයේ ජීවත්වන පෙම්වතුන් ඊට ලොබ බඳියි.මෙනයින් පෙම්වතුන්ගේ ආදරය සැබෑවක් නොව ව්‍යාජයක් බව කීම අතිශයෝක්තියක් නොවෙි.රැය පහන් වනතුරු රැඳෙන සුගන්ධය උදෑසන වියැකී යයි.මෙි වූකලි ආදරය නොව අනාදරයකි.මුළු ගීතය ම සදය උපහාසයෙන් පිරී ඇත."කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා" යන්නෙන් අදහස් කරන්නේ ප්‍රේමයේ අයථාර්ථවත් බව නොවෙිද ?
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අජානීය ඉස්කූටර්