IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

 

 

 

මෙි ගීමිණිරුවනට රුචිකර වූ විචිත්‍ර ඉතිහාසයක් ඇත. මෙකී ඉතිහාසය විභූෂිත කළ ශ්‍රේෂ්ඨ ගුරුවරු තිදෙනෙක් සිටිති. එසේ නම් ඔවුහු කවරහුද? බුදුන් වහන්සේ, දිසාපාමොක් ඇදුරුන්, දුයිෂේන් ආදී සුකීර්තිමත් ගුරුවරු මෙකී ඉතිහාසයේ පෙරගමන්කරුවෝය. මෙි අතරින් බුදුන් වහන්සේ සහ දිසාපාමොක් ඇදුරුතුමන් සැබෑ ලෝකයේ විසූ ගුරුවරු දෙදෙනෙක් වූහ. ඔවුනගෙන් අකුරු ශාස්ත්‍රය මෙන්ම ජීවිතය උගත්තෝ බොහෝය. එහෙත් දුයිෂේන් යනු කාල්පනික ලෝකයේ එසෙත් නැත්නම් ප්‍රබන්ධ සාහිත්‍යයේ අපට හමුවන වීරයෙකි. ඔහු ශ්‍රේෂ්ඨ ගුරුවරයකු වුයේ අයිලයට පමණක් නොව මුළු විශ්වයටමය. මහින්ද චන්ද්‍රසේකරයන් විසින් විරචිත මෙි ගීතයේ කථකයා ද දුයිෂේන් බඳු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. සිසුන් වෙනුවෙන් කැපවුණු එබඳු නිර්ලෝභී, නිස්සරණාධ්‍යාශයෙන් උගන්වන  ගුරුවරුන් අද විරලය.

සුකීර්තිමත් සෝවියට් ලේඛක චිංගීස් අයිතමාතව්ගේ "ගුරු ගීතය" දේශපාලන දෘෂ්ටිවාද ප්‍රවර්ධනය සඳහා ලියැවුණු  කෘතියක් වූවද එයින් පිළිබිඹු වන මානවබන්ධුත්වය අපට අමතක කළ නොහැකිය. රුසියානු විප්ලවයෙන් පසු ලෙනින්ගේ නායකත්වයෙන් බිහිවුණු සෝවියට් සමූහ ආණ්ඩුවෙි දේශපාලන දර්ශනය ඉදිරියට ගෙන යෑමට රුසියාවට දුයිෂේන්ලා වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් අවශ්‍ය විය. කිර්ගීස් ජාතික චිංගීස් අයිතමාතව්ගේ ගුරු ගීතය වනාහි එබඳු  දේශපාලන දෘෂ්ටිවාදයක් ප්‍රකට කළ එක්තරා ප්‍රචාරකවාදී කෘතියකැයි කීම අතිශයෝක්තියක් නොවෙි. ලෙනින්ගෙන්  පසු බලයට ආ ජෝෂප් ස්ටාලින්ගේ නිලධාරිවාදයේ පෙරනිමිති මෙි කෘතියෙන් මොනවට පැහැදිලි වෙි. දුයිෂේන් යනු ඉගැන්වීම ජීවිතය කරගත් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. ඔහු දරුවන්ට නිස්සරණාධ්‍යාශයෙන් අකුරු ශාස්ත්‍රය  පමණක් නොව ජීවිතය ද ඉගැන්වූයේ ය. දුයිෂේන්ට උගන්නන්න යන්නට වූයේ නූගත් ගොපල්ලන් වෙසෙන හද්දා පිටිසර ගමකටය. එහෙත් දුයිෂේන්ගේ පැමිණි ම ගම්මුන්ට මහත් හිසරදයක් විය. මන්ද යත් දරුවන්ට අකුරු ශාස්ත්‍රය උගැන්වීමට නූගත් ගම්මු අකමැති වූහ. එහෙත් දුයිෂේන් උත්සාහය අත් නොහැරියේ ය. ඔහු පාළුවට ගිය අශ්ව ඉස්තාලයක් ශුද්ධ බුද්ද කොට අයිලයේ කුඩා සිප්හලක් ආරම්භ කළේය. සීත කාලයට කකුල් පැළි ඇවිදගන්න බැරිව සිටි කුඩා දරුවන් කරමතින්  පන්තියට ගෙනවිත් ඇස් පෑදීමට තරම් දුයිෂේන් කාරුණික විය. මෙහිදී දුයිෂේන්ගේ පන්තියට තවත් අපූරු ලස්සන කෙළි පැටික්කියක් ද පැමිණියාය. ඇය අල්තීනායි නම් වූවාය. අල්තීනායිට හිටියේ නැන්දනීයක පමණි.මවුපියන් නැති මෙි කුඩා දැරිය අකුරු ශාස්ත්‍රයට දක්ෂ එකියක බව දුයිෂේන්ට මුලසිටම වැටහිණ. මෙි අතර කාලයත් එක්ක අල්තීනායිගේ නැන්දනීය දරුණු තීරණයට එළඹෙන්නීය. ඇය  මෙි පුංචි ලස්සන කෙළි පැටික්කිය ගමෙි සල්ලායකුට විකුණා දමන්නීය. දිනක් එම සල්ලාලයා දුයිෂේන්ගේ පන්තියට පැමිණ අල්තීනායි පැහැරගෙන යන්නේය. එහෙත් මෙි අයුක්ති සහගත ක්‍රියාවට තරයේම විරුද්ධ වන දුයිෂේන් ගමෙි හිතවතුන් පිරිසක් සමඟ ගොස් සල්ලාල තරුණයාට පහරදී ඇය නැවත බෙිරා ගන්නේය. මෙතැන් පටන් ඇයගේ ප්‍රථම ප්‍රේමය බවට පත් වන්නේ තම ගුරුතුමා නොහොත් දුයිෂේන්ය. එහෙත් මෙය අප්‍රකාශිත ඒකපාර්ශ්වික ප්‍රේමයකි. දුයිෂේන් කිසිදු මොහොතක ඇගේ ප්‍රේමයට අනුබල නොදුන්නේය. ඔහුට  තවදුරටත් ඇය සිසුවියක පමණක් විය.

අවසානයේදී දුයිෂේන් පුංචි අල්තීනායි උසස් අධ්‍යාපනය සඳහා  මොස්කව් නුවරට පිටත්කර යැවීය. දුයිෂේන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම දීප්තිමත් සිසුවිය ඉහළ අධ්‍යාපනයක් ලබා දීමටය. අල්තීනායි ද මෙි අවස්ථාව මගනොහැර උපරිම ඵල නෙළා ගන්නීය. කාලයාගේ ඇවෑමෙන් ඇය මහාචාර්යවරියක් වන්නීය.  ඇය මහාචාර්යවරියක වී අයිලයට පැමිණෙන්නේ තමන්ගේ ජීවිතයට පහන්ටැඹක් වූ ගුරුවරයා මුණගැසීමෙි නොතිත් ආසාවෙනි. මෙි වෙද්දී ඇයගේ සිතෙහි දුයිෂේන් පිළිබඳ පැන නැඟුණු ආදරය  තවතවත් දළුලා වැඩෙමින් තිබිණි. ඔවුන් දෙදෙන කුඩා කළ සිටවූ පොප්ලර් ගස්දෙක  දුටු මතින් ඇයට අදහාගත නොහැකි විය. එම පොප්ලර් ගස්දෙක එක ළඟ උසට, සරුවට වැඩී තිබිණ. මෙහිදී ඇය වඩාත් විපිළිසර වන්නේ තමා පණමෙන් ගෞරවාදරය කළ දුයිෂේන්ගේ රූපකාය   නැවත දැක  ගැනීමටය. එහෙත් ඇයට යළි දුයිෂේන් හමුනොවීය. එකල තරුණයකු වු දුයිෂේන් ගුරු ගෝල ප්‍රේමය මතම තම හැඟීම් සඟවා ගැනීමට උත්සාහ කළේය.කුඩා දැරියකගේ අනාගතය  අඳුරු නොකිරීමට තරම් දුයිෂේන් අපූරු මහත්මයෙක් වූයේය. අවසානයේදී මහලු දුයිෂේන්ට ගුරු රස්සාව ද අහිමි විය. ජීවත් වීමට මගක් නොමැති හෙයින් ඔහු ගමෙි ලි⁣යුම් බෙදීමට පටන් ගත්තේය. ගුරුවරුයකු පියුන් කෙනකු දක්වා රූපාන්තරණය විය. ස්ටැලින්වාදය හිස එසැවීමත් සමඟ රුසියාවෙි උත්තරීතර සමාජ  අරමුණු වෙනුවෙන් කැපවුණු දුයිෂේන්ලා වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අත්වූ ඉරණම එසේය.

දුයිෂේන්ලා, දිසාපාමොක්ලා වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් අද නැත. අද ගුරුවරු බොහෝදෙනෙක් ටියුෂන් කඩකාරයෝය. ඔවුහු ඉගැන්වීම හැර අනෙක් සියලු දේ කරති. එමෙන් ම තමා උගන්වන දේ පිළිබඳ හසරක් නොදැන ඇතැම් ටියුෂන් ගුරුවරු දරුවන් රවටති. ඇතමෙක් නිල අල්ලා මොළ සූරාකමින් අහිංසක මවුපියන්ගේ පොකැට්ටුවටත් ගසති. එහෙත් ගුරු වෘත්තිය මෙසේ බාල්දු වූයේ මෙකී ගුරුවරුන්ගේ වරදින්ම නොවෙි.ඊට පවතින සමාජ අර්ථ ක්‍රමය ද වගකිය යුතුය. තතු මෙසේ වූවද  මෙකී  බොරුකාර, වංචනික, අල්පශ්‍රැත හොර උපාධි ටියුෂන්කාරයන් අතර ශාස්ත්‍රාධ්‍යයනයේ අග්‍රිමයට ගිය උගැන්වීමට ම ජීවිතය කැපකළ උතුම්, උදාර ගුරුවරු ද අප අතර සිටිති. සිසුහු ද ඔවුනට දේවත්වයෙහිලා සලකති.⁣ මහින්ද චන්ද්‍රසේකරන් ලියූ මෙි ගීතයෙන් සුවිශද වන්නේ  එබඳු උදාර ගුරුවරයකු ගැනය.

පැන මඩකඩිති වැව් තාවුලු වැහි      කාලේ
පෙන්නා මඟ නොමඟ නෙවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසීලයින්            උඩුමාලේ
අපේ ගුරුතුමා යයි තාමත්       ඉස්කෝලේ

මහ වැසි ඇදහැළෙන දවසට ⁣ගමෙි ගංගා, වැව්, ඇළදොළ  වාන් දාමයි. එවිට දෙගොඩ තළා යන වතුර එක්තැන් වී පාරේ අතරින් පතර ඉබෙිම මඩකඩිති සෑදෙයි. එහෙත් මෙි කථකයා ගුරුවරයෙකි. නිකම්ම ගුරුවරයකු නොව තම හෘදයසාක්ෂියට අනුව වැඩ කරන විදුසුරාණෙකි. හයහතර නොදත් පුංචි දරුවන්ගේ ඇස් පෑදීමට ඔහු පාසලට යා යුතුමය. මෙකී සියලු බාධක තරණය කොට පාසලට ඇවිත් ඔහු දරුවන්ට කියා දෙන්නේ කුමක්ද? අභියෝග මැදින් ජීවිතය ජයටැඹ කරා ගෙන යන පාඩමයි. අකුරු ශාස්ත්‍රය පමණක් නොව මෙි ගුරුවරයා ජීවිතය පිළිබඳව ද දරුවන්ට අපූරු පාඩම් උගන්වයි. එහෙත් ඔහුගෙන් අකුරු ශාස්ත්‍රය භාගෙට උගත්  මූසිලලා වැනි සටකපට කෙළගුණ නොදත් ඇතැමි ගෝල බාලයෝ අද මහ මන්දිරවල සුරසැප විඳිති. ඔවුන් බෙන්ස්, බීඑම්.ඩබ්ලිව්, වීඑයිට් රථවලින් ගමන් බිමන් යන විට මෙි අහිංසක ගුරුවරයා තවමත් කකුල් කඩුත්තුව හැදෙන තුරු පයින් ම පාසලට ගාටයි. මෙහිදී රචකයා පවසන්නේ සාමිප්‍රදායික ගුරුවරයකුගේ ජීවන ඛෙිදවාචකය පිළිබඳ නොවෙිද? සාමිප්‍රදායික ගුරුවරුන්ගේ තතු එසේ වූවද වත්මන් බොහෝ ගුරුවරුන්ට එබඳු ආර්ථික අහේනියක් නැත. ඔවුහු පාසල නිමවී ගිය සැණින් ටියුෂන් කඩ ඇර යහමින් මුදල් උපයති. යෙහෙන් වැජඹෙති. ඇතමෙක් පාර්ට් ටයිම් රස්සා ද ගුරු වෘත්තිය ද එකවර කරති. තතු මෙසේ හෙයින්  අද කාලයේ මෙබඳු උත්තම ගණයේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් සිටිනුයේ ප්‍රබන්ධ කෘතියක, ඉතිහාස කතාවක පමණකැයි කීම අතිශයෝක්තියක් නොවෙි. මෙි ගීතයේ ස්ථායි කොටසෙන් සුවිශද වන සංකල්ප රූප, ව්‍යංගාර්ථපූර්ණ රූපකාර්ථ  අතිශය රමණීය නොවෙිද?

සාමා අමර විකුණති බස්පොළේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගතමනා ශිල්පය පිල්කඩ නොපැතු
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

ගීතයේ පළමු අන්තරා කොටසෙන් රචකයා පෙන්වා දෙන්නේ  ලාංකික අධ්‍යාපන ක්‍රමයේ සෑබෑ  අර්බුදයයි. ජාතික ප්‍රතිපත්තියක් නැති ක්ෂෙත්‍ර අතර මෙරට අධ්‍යාපන ක්ෂෙත්‍රය ද මුල්තැන්හිලා ගිණිය හැකිය. මෙනයින් සමස්ත අධ්‍යාපන ක්‍රමයේ ම වැසිය නොහැකි කඩතොළු බොහෝය."ගමට කැකිරි- නගරයට කිරි" වැනි ප්‍රකට කියමින් පිටුපස සැඟවී තිබෙන්නේ මෙකී  අර්බුදය නොවෙිද?⁣පෙළපොතේ පිටු අතර සිටි සාමා, අමර වැනි දරුවන්ගේ ජීවතයේ ඇතුළාන්තය එතරම් සොඳුරු නොවන බවත් එබඳු දරුවන් පීඩත පන්තියේ ජීවන ඛෙිදවාචකයේ ගොදුරු බවත් මහින්ද චන්ද්‍රසේකරයෝ කියති. ධනපති පන්තියේ කූල්ටූර් ජීවිත ගත කරන මවුපියන්ගේ දරුවන් නගරයේ ජනප්‍රිය පාසල්වල අධ්‍යාපන ලබන විට ගමෙි පීඩත පන්තියේ දුප්පත් අහිංසක  දරුවෝ එදාවෙිල සරිකර ගැනීමට බස්පොළේ රටකජු, කඩල විකුණති. එහෙත් මෙි කථකයා පන්ති භේදයකින් තොරව සියලු ම දරුවන්ට එකසේ, සමසේ අකුරු ශාස්ත්‍රය ඉගැන්වූයේය. කිසියම් වරදක් කළ විට ඔහු දරුවන්ට වෙිවැලෙන් පහරක් ගැසුවා පමණි.

රන්මසු පටපිළි අභරණ උරණ වෙලා
සමන් පිචිච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතුසිතුමක් වෙලා

මෙි කථකයා අනාදිමත් කාලයක සිට සුවහසක් දරුවන්ගේ ඇස් පෑදුවෙිය. ඔහු දරුවන්ට අකුරු ශාස්ත්‍රය පමණක් නොව සමාජ පුරුෂාර්ථ, ජීවිතය පවා කියා දුන්නේය. එහෙත් මෙකී අමිල මෙහෙවර ඔහු කළේ මුදලට නොවෙි. ඔහු මෙි සියලු වික්‍රම කළේ මාසය අවසානයේදී රජයෙන් ලැබෙන සොච්චම් වැටුපෙනි. පාසලෙන් පසු දුර්වල දරුවන්ට ඉගැවීමට ද අමතර පාඩම් කියා දීමට ද ඔහු කාලයත් ශ්‍රමයත් නොමිලයේ වැය කළේය. එහෙත් මෙි සියලු කැපවීම් කරන විට ඉබෙිම ඔහුට තම කුටුමිබයේ සමාජිකයන් මග හැරිණ. ආර්ථික අහේනියෙන් පිරුණු නිවෙස එකම ඛෙිදවාචකයකි. දෑවැදි, රන්මසු නොමැතිව තම ප්‍රාණසම එකම දියණිය ද ගෙදරට ම මහලු වී ගොස්ය. "සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා" යන රමණීය කාව්‍යෝක්තියෙන් සුවිශද වන්නේ කථකයාගේ දියණියට සිදුවී ඇති සන්තෑසිය නොවේද? පරමල් සුවඳට බඹරුන් කෙසේනම් ඇදේ ද? උදාර පරමාර්ථයකට කැපවුණු මෙි කථකයාගේ කුටුමිබය අන්ධකාරයෙන් පිරුණේ නොවේද? ගමෙි කාගෙත් ගෞරවාදරයට පත්වුණු ගරු නිවහන අද එකම ඛෙිදවාචකයකි. ගුරු ජීවිතයට ම කැපවුණු ඔහුගේ බිරියත් අද පරලොව ගොස්ය. ඇයගේ නොකල් වියෝව ගරු නිවහනේ සතුටට, සමාදානයට බාධාවකි. ලොකු හාමනේ තවදුරටත් මතක චිතකයක ඇවිළෙන නිවසේ සුන්දර බිතු සිතුවමක් පමණි.


මෙි වූකලි පන්ති සමාජය තුළ උදාර පරමාර්ථයකට කැපවී ගන්නා  ඔිනෑම සත්පුරුෂයකුගේ කුටුමිබයට උදාවන ඉරණමයි.

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (4)

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

Chandana Tuesday, 07 February 2023 02:08 PM

ශ්‍රේෂ්ඨ ගුරුවරු පිළිබඳ අපූරු විචාරයක්... ශෂී ප්‍රභාත් රණසිංහ මහතාගේ විචාරය කියවපු සැණින් මට ගුරු ගීතය පොත හොයාගෙන කියවන්න හිතුණා. මේ වගේ ලස්සන සින්දුවක් ගැන අපව දැනුවත් කළාට ඔබට පින්...

:       1       5

RANDIL Tuesday, 07 February 2023 03:48 PM

අමිල නිර්මාණයකි... හැම කල්හිම වටිනා...!

:       0       3

Deepal Nirosh Tuesday, 07 February 2023 10:52 PM

වර්තමාන ආත්මාර්තකාමී සමාජයේ පරාර්ථය වෙනුවෙන් අවංකව කැපවන ඕනෑම සත්පුරුෂයකුට අවසානයේ ඉතිරි වන්නේ දුක කඳුල හා පසුතැවීම පමණක්ම බව මේ ගීතයෙන් මොනවට පැහැදිලි කරනවා...

:       0       6

රනේ Wednesday, 08 February 2023 10:05 AM

සමාජ අසාධාරණය තුනී කිරීමට අප හැමගේ දායකත්වය වහාම අවශ්‍ය වී ඇත.

:       0       8

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 362 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1026 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1296 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 450 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 688 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1953 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site