විපරිත සමාජයක සියල්ල උඩුයටිකුරු වීම අරුමයක් නොවෙි. වින්දනය නිර්වින්දනය කළ චින්තන වින්දන ශක්තිය මොටකළ සමාජයක තවදුරටත් පාරිශුද්ධ මිනිස් ආත්ම සෙවීම මුළාවකි. අරාජික රටක පරාජික මිනිසුන් පිරිසක් අපේක්ෂාභංගත්වයට පත්වී නන්නත්තාර ජීවිත ගත කරති. නීතිය වල්වැදී කැලෑ නීතිය රජකරන සමාජයක ප්‍රේමය ද දූෂිතය. පන්ති විසමතාව, කුලභේදය, පළාත්භේදය, ස්ත්‍රිගර්හා ආදියෙන් දූෂිත වන ප්‍රේමය මුදල්මය ගනුදෙනුවක් විනා තව දුරටත් ඒ පරම රමණීය ස්ත්‍රි - පුරුෂ කායික - මානසික සබඳතාව නොවෙි. පුද්ගල කේන්ද්‍රවාදී සමාජයක හැල්මෙි දුවන රොබෝවන් වැනි යාන්ත්‍රික මිනිස්සුන්ට සොබා සෞන්දර්ය විඳීමට වෙලාවක් කලාවක් කොහින්ද? සියල්ලෝම එක පොදියට තරගයට වැටී මුදල් පසුපසම ලුහුබඳිති. ඇතමෙක් නොකා නොබී දේපළ අට්ටි ගසති. මෙලොව වාසය කරන කිසිවෙක් ලද දෙයින් සතුටු නොවෙයි. තමාට ලැබී තිබෙන ගේදොර, ඇඳුම් පැළඳුම්, කෑම්බීම් කිසිවකුටත් තෘප්තිය ගෙන නොදෙයි. මිනිස් ආසා අසීමිතය. එහෙත් භෞතික සම්පත් සීමිතය. සමස්ත සමාජ ක්‍රමය විපරිවර්තනය කිරීමෙන් තොරව මෙි ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය.
කලබලකාරී නගරයේ මිනිස්සු පිස්සන් මෙන් පාරපුරා දුවති. ඇතමෙක් රොබෝවරු මෙන් ඇවිදිති.දුම්වලා රොදෙන් පිරුණු සෙයිලම එකම පොරපිටියකි. සොබා සොඳුරු සිරියෙන් පරිසරය වෙළී පැවැතිය ද හැල්මෙි දුවන මිනිසාට සෞන්දර්ය ජීවිතය විඳින්න අවකාශය නැත. ඔවුන් වැඩ ඇරී නිවෙසට යන්නේ මළමිනිසුන් මෙනි. ඔවුහු විඳින්නට දුන් ජීවිතය විඳවති. සොබාදහමේ සිරිසැප අත්හරිති. තතු මෙසේ වූවද පරිසරය එසේමය. ගහකොළ පිබිදී මල්ඵල දරයි. ඒවායේ සිසිල ද සුවඳ ද ඇදගෙන සුළං හමයි. දිවා කල හිරු රැස්ය. නිශා කල සඳ රැස්ය. මෙි දෙරැස් සොබාදහමට ද මිනිසාට ද සතාසීපාවට ද එකසේ සිරිසැප සපයයි. එහෙත් මිනිස් සිතුවිලි භූලෝකයේ සීමා නොවී වක්‍රාවාටය වෙත නැගී වක්‍රාවාටය සිසාරා නාගලෝකය වෙත ගොස් එහි පරිභ්‍රමණය කරයි. කාර්මික විප්ලවයෙන් පසු කාර්යබහුල මිනිසාට සිදුවූ මෙි සන්තෑසිය එදා ගුණදාස අමරසේකරයෝ දුටුවෝය.1955 වසරේ ඔහු විසින් විරචිත භාවගීත කාව්‍ය සංග්‍රහයේ එන නගරයේ පෑයූ දේදුන්න නමැති කවිය ඊට දෙස් දෙයි. පහත පළ වන්නේ එකී කවිසපුවෙි සුන්දර පද පෙළකි.
හවස වලා වැටුමෙන් පසු දුම්රොද පිරි අහසේ
යනෙන මිනිස් පා ගැටුමෙන් නගිනා හඬ අස්සේ
ට්රැම් කාර් බස් ලොරි ඈ පිස්සන් ලෙස දිස්වෙි
දේදුන්නක් පායා ඇත වැහිබර නිල් අහසේ
කුඩා කලදී මිදුලට විත් සමන් පිච්ච වැල ගාවට
අහස දිහා බලා සිටිමි හද පිරි සතුටින් මොනවට
අඳුරු දුමින් පා ගැටුමෙන් වැසුණා ඒ දිවිය මහට
දේදුන්නක් පායති ය යි සිතුණේ නැත කිසිවිට මට
අඳුරු දුමින් වැසුණු අහස ඇයි නොකැළැල් නොවන්නේ
පිස්සනි ඇයි මොහොතක් වත් ඒ දෙස නොම බලන්නේ
පිරී අහස සිරි සැපතින් පුරවා සිතු ලෙසිනේ
දේදුන්නක් පායා ඇත පැහැබර නිල් අහසේ
(භාවගීත කාව්‍ය සංග්‍රහය - 35 පිට)
පන්ති සමාජයේ වෙසෙන පීඩත මිනිසා පන්තිමය සූරාකෑමෙි උරචක්‍රමාලාවට හසුවී අසරණභාවයට පත්වෙයි. ඔහුට මෙි විපරිත සමාජ අප්‍රිය ය. ජුගුප්සාජනක ය. දුකින්, දොම්නසින් දහදියෙන් ලෙයින් කඳුළින් පිරී ඇති දුප්පතුන්ගේ ලෝකය පොහොසත් කළෝ කවරහුද? පීඩත පන්තියේ ජනතාව මෙි අඳුරු අගාධයෙන් ගොඩඒමට අනවරතයන්ම වෙහෙසෙති. එහෙත් ඔවුනට අතහිත දීමට කෙනෙක් නැත. ඔවුන්ට පැන යාමට නොයෙක් මනෝලෝක ඇත. සිත මිස කය නැති බ්‍රහ්මාස්වාදය පිරි බ්‍රහ්මලෝක ද ඇත.එහෙත් ශාස්ත්‍ර උගත්තු මෙි අභියෝගය ජයගෙන තම අරමුණු වෙත සෙමෙන් ළඟා වෙති. ඔවුහු ලෝකය විනිවිද දකිති.ධනපති පන්තියේ ව්‍යාජ තේජසට හිනැහෙති. ශ්‍රම සූරාකෑමට එරෙහි වෙති.
මෙි ගීතයේ කථකයා ද දුප්පත් පෙම්වතෙකි. එහෙත් ඔහුට ජීවිතය මෙන්ම සමාජය විනිවිද දැකීමෙි සම්‍යඥානය ඇත. බොරුව රජයන සමාජයේ වෙස්මුහුණ ගලවා දැමීම ඔහු නොපැකිලෙයි. තිත්ත ඇත්ත හෙළිකරයි. සිය පෙම්වතිය සමඟ මහමග ඇවිද ගිය ද ඔහු සත්‍යයේ කැඩපත හමුවට ඇය ද කැටුව යයි. අප වසන මෙි කුරිරු, දරුණු, දූෂිත, ජුගුප්සිත නරාවළෙහි විපරිත හැසිරීම මෙි කථකයා සදය උපහාසයට ලක් කරයි.
ඉරි තැළුණු වලා උඩුවියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවුදෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්
වෙනදාට සොඳුරු වලාකුළෙන් පිරි නිල්බර අහස අද ඉරිතළා විකෘති වී ගොස්ය. එහෙත් මිනිස්සු නිතර ඇවිද යන රඵපරඵ, කර්කෂ තාරපාර විල්ලුද ඇතිරිල්ලක් මෙන් සුසිනිදුය. මුදු මොළොක්ය. මෙි නමි මොනතරම් අභව්‍ය සංසිද්ධියක්ද? විලම්භීතයක් ද? එහෙත් සමාජය කණපිට පෙරළී ඇති බව කීමට මීටත් වඩා ව්‍යංගාර්ථපූර්ණ, රූපකාර්ථවත් ධ්වනිතාර්ථපූර්ණ යෙදුමක් තිබේද? සමාජයේ අයථාර්ථවත් බව පැවසීමට රචකයා ගෙන ඇති ප්‍රයත්නය සපඵ වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි. සමාජ විපරිණාමයේ මහිම ගීතයේ ස්ථායි කොටසෙන් සුවිශද වෙයි. මෙි කථකයා උත්ප්‍රාසාත්මකව දකින සමාජ යථාර්ථය ගීතයේ සමස්තාර්ථය නොවෙිද? මෙහිදී කථකයා තම පෙමිවතියට පවසන්නේ නීතිය වල්වැදී අවනීතිය රජයන සමාජයක ජීවත් වුණත් සියලුදෙනාම හෘදයසාක්ෂියට එකඟව යුක්තිගරුක පුරවැසියන් ලෙස සිටිය යුතු බවය. සමාජ පුරුෂාර්ථ බිඳවැටුණු අනීතික, විපරිත සමාජයක තවදුරටත් ජීවත්වීම ද පාපයකි. සමාජය මහමාර්ගයට උපමා කරමින් රචකයා පවසන්නේ සිවුදෙසින් හඹා එන සුපිරි මෝටර්රථ පෙළ මහමඟ ඔබමොබ යන සෙනඟ රවටමින් මායාරංගනයක යෙදෙන බවය.
වට පිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා
මෙි කථකයා තම පෙම්වතිය කැටුව මහමඟ ප්‍රේම චාරිකාවක නියැළුණ ද තියුණු ඇසින් වටපිටාව නිරීක්ෂණය කරයි. පාරිසරික වෙනස්කමි දකියි. වටපිටින් සීරුමාරුවට හිනැහෙන මෝටර්රථවල විදුලි ලාම්පු, වීදි පහන්, නියොන්එළි දීප්තියෙන් බබළයි. ඇස් නිලංකාර කරන රථ පෙළපාළි ඔහු අවඥාවෙන් බැහැර කරයි. එහෙත් මහමඟ තිබෙන මෙි බහුරු කෝළම්, විසූකදස්සනවලට තම පෙම්වතිය රැවටෙතැයි ඔහුගේ සිතෙහි අනියත බියක්, කුකුසක් උපදියි. මෙි ව්‍යජ තේජසින් පිරුණු සමාජයේ බොරු ජේත්තුකාරයකු තම පෙම්වතිය ඩැහැගැනීමට මාන බලති ය යි ඔහුට සිතෙයි. ඔහු ඇයට පවසන්නේ විපරිත කූජන කරන ආගන්තුක කුරුල්ලන්ට, බොරු සෝභන සුකිරිබටිල්ලන්ට නොරැවටී තමා සමඟ කහඉරෙන් එතෙර වන ලෙසය. මගමරුවෝ විදුලි ඇස් කරවති. ඒ ඇය ඩැහැගැනීමට මෙනි. මෙහිදී රචකයා කහඉරට උපමාකර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. නීතිය නැති තැන වල්බූරු නිදහස රජයයි. එහෙත් යුක්තිගරුක පුරවැසියෝ වල්බූරු නිදහසට එරෙහි වෙති. ඔවුහු මානව අයිතිවාසිකම්වලට ගරුකරන සමාජයක් වෙනුවෙන් අපේක්ෂා දල්වති. මහමඟ හිස් ලූ ලූ අත දිව ගියහොත් අනතුරු සිදුවෙයි. ජීවිතය ද එසේය. සෙමෙන් ගමන කෙටි මාර්ග ඔස්සේ යන ගමනට වඩා සාර්ථකය. ජයටැඹ වෙත ළඟා වීමට පහසුය. නීතිගරුක ජීවිතය තමන්ටත් සමාජයටත් රටටත් වැඩදායකය. ගුණදායකය.
රිය පෙළේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැළි වැටීලා
ධනබලය, කුලබලය, නිලබලය හිමි පන්ති සමාජයේ කිරුළ හිමි රජවරු රිය පෙළේ අයිතිකරුවෝය. ඔවුහු කුමාර ලීලාවෙන් පැමිණෙති. එකී කුමාරවරුන්ගේ ලඹ දෙන රාජතේජසට තම පෙම්වතිය රැවටෙිවි යැයි කථකයාගේ සිතෙහි බිය සැක සංකා මතුවෙයි. අනීතික සමාජයක වැජඹෙන කුලවතුන්, ධනවතුන් හා දේශපාලන ප්‍රභූවරුන් රැස් කරන්නේ පව් ය. ඔවුහු අපරාධකාරයෝය. ඔවුන්ගේ ඉඟිබිඟි, ආලවට්ටම්වලට නොරැවටෙන්නැයි කථකයා තම පෙම්වතියට කියයි. කහඉර රැලි වැටී ඇතැයි කීමෙන් ගම්‍යවනුයේ නීතිය වල්වැදී ඇති බව නොවේද? අමරසිරි පීරිස්ගේ සුගායනීය, භාවපූර්ණ හඬ පෞරුෂයත්, සමන් අතාවුදහෙට්ටිගේ ප්‍රතිභාපූර්ණ පද සංකල්පනාවත් තිස්සසිරි පෙරේරාගේ ස්වර සංරචනයත් ගීතයේ සාර්ථකත්වයට තුඩුදී ඇත. මෙනයින් සමස්ත ගීතයම මෙි විපරිත සමාජයේ හෙළුව හෙළිකරයි. මෙි වුකලි කණපිට පෙරළුණු සමාජය පිළිබඳ සදය උපහාසය දනවන අනගි ගීමිණිරුවනක් නොවෙිද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ ගේයපද සුරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ කොන්ක්‍රීට් වනාන
අශෝක කෝවිලගේ විසින් විරචිත,එච් . එම් ජයවර්ධනයන් සංගීතවත් කළ මාලනී බුලත්සිංහලයන් ගායනා කරන මෙි ගීතයෙන් අසම්මත ප්‍රේමයේ අයථාර්ථවත් බව මොනවට පැහැදිලිවෙ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඉරි තැළුණු වලා
AB Tuesday, 17 January 2023 08:40 AM
දුප්පත් පෙම්වතාට ජීවිතය මෙන්ම සමාජය විනිවිද දැකීමෙි සම්‍යඥානයට සිය පෙම්වතිය නිවැරදිව හදුනාගැනීමට හැකිව ඇත්නම් සහ ඇය " ඔහුට අවංකවම ආදරය කරන්නේනම් හෝ බොරු රගපෑමක් නොකරන්නේනම් " ඔහුට සත්‍යයේ කැඩපත හමුවට පෙම්වතිය කැටුව මහමඟ ප්‍රේම චාරිකාවක නියැළුණ ද බහුරු කෝළම්, විසූකදස්සනවලට තම පෙම්වතිය රැවටෙතැයි ඔහුගේ සිතෙහි අනියත බියක්, කුකුසක් හෝ විපරිත කූජන කරන ආගන්තුක කුරුල්ලන්ට, බොරු සෝභන සුකිරිබටිල්ලන්ට ඇය රවටෙතියි බිය වීමට අවශ්‍ය නැත
මැක්ස් Wednesday, 18 January 2023 01:05 PM
පසුගිය සති කීපය පුරා පුද්ගලිකව පැවැති කාර්යබහුලතාව හේතුවෙන් ගී විනිස හරහා රස නහර පිනවා ගැනීම අතපසු වීම දැනෙන තරමට සිදු වූ මහත් අඩුපාඩුවකි. එය පියවා ගැනීමේ අරමුණත් සහිතව මෙවර ගී විනිස අතර සැරිසරුවත් එය එසේම සිදු නොවුණේ කුමන අභාග්‍යයකටද! ශෂී මහතාට හුරු, ඔහුටම ආවේනික වූ රමණීය වචන සමුදාය එලෙසම තිබුණත්, දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජවාදී විචාර ඉසව්වකට ගාටන්නට උත්සාහ දැරීම නිසා එසේ වීද? මේ ඊට එක් නිදසුනකි. "පන්ති සමාජයේ වෙසෙන පීඩත මිනිසා පන්තිමය සූරාකෑමේ උරචක්‍රමාලාවට හසුවී අසරණභාවයට පත්වෙයි. ඔහුට මේ විපරිත සමාජ අප්‍රියයි. ජුගුප්සාජනකයි. දුකින්, දොම්නසින්, දහදියෙන්, ලෙයින්, කඳුළින් පිරී ඇති දුප්පතුන්ගේ ලෝකය පොහොසත් කළෝ කවරහුද? පීඩිත පන්තියේ ජනතාව මේ අඳුරු අගාධයෙන් ගොඩඒමට අනවරථයෙන්ම වෙහෙසෙති.." තවත් එවැනි තැන් බොහෝයි. අප වැරැදි නම් කමත්වා...! නිවැරැදි නම් ඔබතුමාට එය පහන් තාරකාවක්ම වේවා...!