නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ සුදුර්ලභ ගේයපද රචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ සුගායනයෙන් සහ ස්වරසංරචනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.
මෙි වූකලි 1971 අප්‍රේල් කැරැල්ල පරාජය වීමෙන් පසු ලියන ලද මාහැඟි ගී නිමැවුමකි.මෙහි ගැබ් වී ඇති අන්‍යාලාපය ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි.71 තරුණ නැගිටීම පිළිබඳ මෙබඳු හරවත් ගී නිමැවුමක් ලාංකේය ගී මුක්තාමාලාවෙි ද දක්නට නොලැබෙි.ගීතයට ප්‍රවෙිශ වීමට පෙර අපි 71 කැරැල්ල පිළිබඳ සැකවින් විමසා බලමු.
එදා කැරැල්ලේ පළමු වෙඩිමුරය එවකට බලයේ සිටි ලංකාණ්ඩුවට ඇසුණේ 1971අප්‍රේල් 5 වැනිදා අලුයම 5.30 ට පමණය.කැරලිකරුවෝ වැල්ලවාය පොලිසියට පළමු ප්‍රහාරය එල්ල කළහ.විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් කිසිදු රටක අහම්බෙන් බිහි නොවෙි.එය උපත ලබන්නේ පවතින සමාජ අර්ථ ක්‍රමයේ ම දිගුවක් හැටියටය.මාක්ස්වාදී චින්තනයට අනුව විප්ලවයේ පුරෝගාමි බලකාය වන්නේ කම්කරු පන්තිය යි.එහෙත් රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සැලසුම වූයේ සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය අත්පත් කරගැනීමය.මෙනයින් ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමීහු 1971 අප්‍රේල් පස්වැනිදා මැදියම් රැයෙහි දිවයින පුරා පොලිස් මධ්‍යස්ථාන 92කට ප්‍රහාර එල්ල කළහ.එහිදී පොලිසි 57 කට හානි සිදුකළ ඔවුහු රාජාංගණය, ඌරගහ, කතරගම, දෙණියාය සහ වරකාපොළ පොලිසි පහ යටත්කර ගැනීමට ද සමත්වූහ.
ඇල්පිටිය ප්‍රදේශය සතියක කාලයක් ජවිපෙ පාලනය යටතට පත්වූ අතර ප්‍රහාරයට ලක්වූ පොලිසි ඉවත් කරගනු ලැබීමෙන් පසු එවැනි තවත් ප්‍රදේශ කීපයක් ද ඔවුහු අත්පත් කර ගත්හ.එහෙත් අප්‍රේල් 06 වැනිදා උදෑසන වනවිට ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.එපමණක් නොව කැරලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර ''රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී කැරැල්ල මැඬලීම සඳහා'' ජාත්‍යන්තර ආධාර ද ඉල්ලා සිටියේය. ඒ අනුව අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය මෙන්ම රුසියාව, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවල් සෘජුව යුද ආධාර සැපයීමට ඉදිරිපත් විය.
මෙහිදී නායක මට්ටමේ චරිත ඇතුළු සැකකරුවන් පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය. ඉන් අනතුරුව තීන්දුවක් ගත් ආණ්ඩුව ''ජනතා විමුක්ති පෙරමුණ විසින් නොමග යවන ලද'' තරුණයන්ට සන්නද්ධ හමුදාවට භාරවීම සඳහා කාලයක් ද දුන්නේය. බන්ධනාගාර වාර්තා අනුව 16,000ක පමණ පිරිසක් රජයට භාරවී තිබුණි.
මෙනයින් මසක් ඇතුළත කැරැල්ල සම්පූර්ණයෙන් පරාජය කිරීමට ආණ්ඩුවේ සන්නද්ධ හමුදාව සමත්විය.
මෙකී පරාජයෙන් ශෝකයටත්,හුදෙකලාවටත්,කලකිරීමටත් පත් වූ තරුණයෝ අපමණක් සිටිති.එබඳු තරුණයකුගේ ආත්මකථනයක් මෙි ගීතයට ආවිෂ්ට වී සිටී.ගුණදාස කපුගේ සූරීන්ගේ නාදේශරත්වය සහ ස්වරමාධූර්යය මෙි පද සංකල්පනාවට ආරූඪ වී එය විභූෂණය කරයි.
පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ
සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට
පැල්පතයි තියෙන්නේ
උලලේනෝ
මරණයේ බිහිසුණු ආරංචිය කැටුව එන උලලේනා හෙවත් යක් කුරුල්ලාගේ මාරාන්තික හඬ අසා සිටීමට නොහැකිය.එය එතරම්ම කර්ණකඨෝර නාදයකි.උලලේනාගේ තීව්‍ර වූ ද දීර්ඝ වූ ද රාවය පරිසරය විනිවිද විහිද යන ශෝකාලාපයක් වැන්න.තම ජීවිතය පරදුවට තබා විප්ලවීය අරගලයකට මැදිහත් වූ මෙි කථකයා අවසානයේ නතර වූයේ මහ ඝන වනාන්තරයකය.රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් බෙිරී සිීටිමට ඔහුට අන් මගක් නොවීය.ඔහු කැලේ පැල්පතක දුකින්,පාළුවෙන් කල් ගෙවන සඳ වරින් වර ඇසෙන යක් කුරුලු නදින් තිගැස්සෙයි.එහිදී ඔහු එම උලලේනාට ආයාචනාත්මක ස්වරයෙන් පවසන්නේ පාළුව තවත් වැඩි නොකරන ලෙස නොවෙිද? උලලේනාගේ හඬින් පරිසරයේ නිහැඬියාව දැදුරු වෙයි.වියෝගයේ හුදෙකලාවෙි ශෝකය එයින් තියුණු නොවෙිද?
ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම
දුක නැති වන්නේ
උලලේනෝ
මෙහිදී කථකයා ජීවිතය පිළිබඳ කිසියම් උපේක්ෂාසහගත ආරම්මණයක් ඇති කර ගනී.ඉහිරුණු කිරට හඬා පලක් නැති බවත් මෙි සියලු වියෝග සංසරේ පතාගෙන ආ දේවල් බවත් ඔහු තම පාළුව කාන්සිය මකන උලලේනාට කියයි.මෙනයින් බලන කල මෙි ගීතයේ අන්තර්ගතය සංයෝග වියෝගයකි.සම්ප්‍රයෝග විප්‍රයෝගයකි.බෞද්ධ දර්ශනයට අනුවනම් ලොව සියලු බැඳුම් අනිත්‍ය යි.තරුණ අවදියේ විප්ලවීය හැඟීම් ,රැඩිකල් අදහස් කෙනකුගේ සිතෙහි ජනිත වීම ස්වාභාවිකය.එහි වරදක් දැකිය නොහැකිය.පවතින ක්‍රමයට එරෙහිව රටෙි පාලන තන්ත්‍රයට අභියෝග කරමින් බොහෝ තරුණයෝ විප්ලව,අරගල,කැරලි සමග අනුරාගයෙන් බැඳෙති.එහෙත් ඇතමෙක් කල් යත්ම ජීවිතයේ පරිපාකයට අවතීර්ණ වන විට තමන් එදා කළ ඇතැම් අමනෝඥ ක්‍රියා පිළිබඳ පශ්චාත්තාපයටත් කලකිරීමටත් පත්වෙති.ලෝක ස්වභාවය එසේය.මිනිසාට සොබාදහමත් සමාජ සබඳතාත් දමනය කළ නොහැකිය.මෙි ගීතයේ කියැවෙන්නේ වියෝගය ගැනය.යටකී වියෝගය තීව්‍ර කිරීමට මෙහි රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයෝ රමණීය යෙදුම් උපමා රූපක පමණක් නෙව සංකේතාර්ථ ද ඖචිත්‍යයෙන් ගෙනහැර පාති.විප්ලවය අයථාර්ථවත් නොවෙි.එහෙත් එය යථාර්ථයක් කරගැනීම සිහිනයක් ම නොවෙිද?මෙි සමස්ත අත්දැකීමට එදා මුහුණ දුන් තරුණයෝ අද කොහි සිටිත් ද? ඇතමෙක් මිය පරලොව ගොස් සිටිති.අයෙක් සුජීවත් වෙති.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උලලේනෝ