මහගම සේකරයන් විසින් විරචිත,පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන මෙි ගීතය ජනප්‍රවාදයට අනුව ලියැවුණු ඵෙතිහාසික කතා පුවතක් රැගත් සුදුර්ලභ නිමැවුමකි.
මහගම සේකරයන් විසින් විරචිත මෙි ගීතය ගතානුගතික ලිය වැනුමක් යැයි ඇතමකුට තර්ක කළ හැකිය.එහෙත් එම තර්කය අර්ථ විරහිත අසාධාරණ එකක් යැයි මම යෝජනා කරමි.ඊට හේතුව නම් මෙි ගීතයේ අඩංගු ස්ත්‍රී වර්ණනය කිසිදු විට ගතානුගතික නොවීමයි.එපමණක් නොව මෙහි එන බොහෝ උපමා, රූපක අපූරු වූ නැවුම් ආකාරයකට නවතාවෙන්, කවිතාවෙන් සංකලනය කර තිබීම ද යටකී අපූර්වත්වයට හේතුභූත වී තිබෙි. මෙි විශිෂ්ට ගීමිණ භාෂා ප්‍රයෝග සහිත නවරසයක් උද්වහනය කරන බව කීම ද අතිශයෝක්තියක් නොවෙි.තවද සේකරයන් මෙහිදී චිරාගත උපමා රූපක මාලාව මින් පෙර නොඇසු යෙදුම් කිහිපයක් මඟින් විප්ලවීකරණය කරයි.තතු කෙසේ වූව ද මෙි ඵෙතිහාසික ගීතය චිරාත් කාලයක් රසික හදවත් සුවිභූෂිත කළ අපූරු නිර්මාණයකි.
රුවන් මැලි මහසෑය යනු දුටුගැමුණු රජු විසින් අනුරපුරයේ කරවන ලද විස්මිත ම මහාචෛත්‍යය යි.මෙය ස්වර්ණමාලි මහාචෛත්‍යය යනුවෙන් ද හැඳින්වේ.දුටුගැමුණු රජුට රුවන් මැලි මහසෑය කරවීමට ප්‍රථම එම භූමියේ තිබු රන් තෙලඹු වෘක්ෂය කපා ඉවත් කරගැනීමට වුවමනා විය.එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.ස්වර්ණමාලි නම් දිව්‍ය අප්සරාවක් මෙකී රන් තෙලඹු රුක අරක්ගෙන සිටියාය.ඇය එම වෘක්ෂය විමානයක් කොටගෙන එහි වැඩ විසූවාය.අවසානයේ රන් තෙලඹු වෘක්ෂයෙන් ස්වර්ණමාලි දිව්‍යාංගනාව පලවා හැරීමට දුටුගැමුණු රජු උපායක් කල්පනා කළේය.මෙනයින් දුටුගැමුණු රජු ඇයට යාචිඤා කොට අලුතින් ඉදිවන චෛත්‍යයට ඇගේ නම තබන පොරොන්දුව පිට ඇයට එය හැර යන්නට සලස්වා එහි සෑය ඉදිකළ බව ජනප්‍රවාදයේ අසන්නට ලැබෙි.
මහගම සේකරයන් මෙි අපුරු ගීතය රචනා කොට ඇත්තේ එකී ජනප්‍රවාදයට අනුව යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.මෙනයින් මෙහි ගැබ් වන්නේ ස්වර්ණමාලි දිව්‍යාංගනාවට කරන සොඳුරු ආයාචනයකි.එහෙත් මෙහිදී රචකයා චිරාගත ස්ත්‍රී වර්ණනාවල එන සෞකුමාර්ය ඉතා බුහුටි ලෙස කාව්‍යෝක්තියට නඟයි.මෙහි වර්ණිත වන්නේ ස්වර්ණමාලිය නම් දිව්‍ය අප්සරාවගේ අතිශය පියකරු රූප සෞන්දර්ය යි.මෙි වූකලි ස්ත්‍රී රූපයේ සුන්දරත්වය ස්පර්ශ කරන අනගි ගීමිණක් නොවෙිද?
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්නතිලක පැළඳි ලියේ
සිනා සිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
මෙහි කථක ගීතයේ ස්ථායි කොටසෙන් පවසන්නේ ස්වර්ණමාලි නමැති දිව්‍යාංගනාව නමින් චෛත්‍යයක් ඉදිකරන බවය.ඔහු එහිදී ඇගේ රූප සම්පත්තිය ගැන වනමින් විමානයෙන් බසින ලෙස ද ආයාචනා කරයි.ඇගේ උනාලූ නිල් පැහැති සුන්දර කෙස් කලඹ දෙපස සුගන්ධවත් මල් ගවසාගෙනය.එපමණක් නොව ඈ සතු ඇහි දෙබැම දෙව්දුනු මෙන් සුන්දරය.ඇගේ ළමැද වසා කිණිහිරි පෙති ගවසා ඇත.ස්වර්ණමාලියගේ ඇසින් විදුලි එළි සදිසි ආලෝක රටා මැවෙි.නළලත මැණික් වර්ණය රැගත් තිලකයකි.දෑතේ වළලු ද දෙපාවල කුඩාමිණි ගෙඩි ද පැළඳ සිටින ස්වර්ණමාලිය සැබැවින්ම දිව්‍යාංගනාවක් නොවෙිද?
අතේ ගිගිරි නාද සලඹ
නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල
හංස තුඩින් තැළෙන ලියේ
කනේ තෝඩු මිණි ගනරන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ඇගේ දෑත්හි පැළඳි ගිගිරි වළලු පයේ ලූ සලඹ රාව නගෙන්නේ නුරා හඬකි.මෙි වූකලි සම්භෝග ශෘංගාර සුව ඉල්ලා නඟන රාවයකි.කර පැළඳ තිබෙන්නේ පියුම් පොහොට්ටු මල් දමකි.හංස තුඩු සදිසි ඇගේ සොඳුරු ළැම ස්පර්ශයෙන් පද්ම කැකුළු පවා නොතැළේවිද?ඈ කන පැළඳ සිටින්නේ ගනරනින් කළ තෝඩුය.එකී දිළිසෙන තෝඩුවලින් ස්වර්ණමාලියගේ මුහුණ කාන්තියෙන් ඔපවත් වන බව නොවෙිද මෙි කියන්නේ?
බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම
තාල හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
මෙහිදී කථකයා පවසන්නේ ස්වර්ණමාලියගේ පටු නළල්තලය තරුණ චන්ද්‍රමණ්ඩලය හෙවත් අඬ සඳ සදිසි බවය.එහි අඳුන් අලේප කොට ඇත.කුන්ද සමන් පිපෙන යන්නෙන් ඇගේ සිනාවෙන් ගලා හැළෙන දත්වල කිරිසුදු පැහැති ශ්වෙිත වර්ණය සුවිශද කරයි.සාමාන්‍යයෙන් කුන්ද සමන් රාත්‍රි සඳ රැසින් විකසිත වන්නේ මඳින් මඳය.රචකයා මෙහිදී කියන්නේ ඇගේ මුවමඬලේ පොබයන මන්දස්මිතය ද එසේ වන බවයි.ස්වර්ණමාලියගේ දෑත්වල ස්වණදාම හෙවත් රන්දමි එල්ලෙයි.අවසානයේදී මෙි සියලු වැනුම්වලින් ගම්‍ය වන්නේ ස්වර්ණමාලිය වනාහි දිව්‍ය අප්සරාවක් බව නොවෙිද?මෙනයින් මහගම සේකරයන් විසින් විරචිත මෙි ගීතය රමණීය කාව්‍යෝක්තියක් බව කීම අතිශයෝක්තියක් නොවෙි.තවද කවියා අප මින් පෙර නොඇසූ විරූ ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් කිහිපයක් ද මෙි ගීමිණ ඔපවත් කිරීමට යොදාගනී.මෙනයින් බලන කල්හි මෙය මහගම සේකරයන්ගේ තවත් විශිෂ්ටත ම ගේය පද රචනාවක් නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔබෙි නමින් සෑය බඳිමි