ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂිත මෙි ගීමිණ ප්‍රේමයේ විප්‍රලම්බ ශෘංගාරය මුසු කරුණ රසය දනවයි.
" ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වෙි
රිසි කෙනකුට පූජා කරන්නට
ලොබ සිතින් තොර පිදුවමනා වෙි
පෙරළා ලබන්නට නොසිතා බිඳකුත් "
- විලාසනියකගේ ප්‍රේමය -
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ප්‍රේමයේ සංකීර්ණ මනෝභාවය පිළිබඳ අපුරු චම්පු කාව්‍යක් ලියූහ.මෙි වූකලි විලාසනියකගේ ප්‍රේමය නමැති කෙටි නවකතාවයි.මෙනයින් ප්‍රේමය වනාහි ගනුදෙනුවක් නොව පරිත්‍යාගයක් බව එම කෘතියේ එන යටකී පැදිපෙළෙන් ගම්‍ය වෙි.උත්තරීතර ප්‍රේමයකට දෙනු මිස ගනු තිබිය නොහැකිය.ප්‍රේමය සියල්ල උසුලයි.විඳදරා ගනී,ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත.බලාපොරොත්තුවට නිමක් නැත.ඉවසීමට අගක් නැත. ප්‍රේමය නමැති අසෙනිය කුසුමෙි සුවඳ විදින්නෝ මෙසේ ද කියති.
"ලෝ දහමින් වැදෙනා රළු පහරින්
ගත සිත රිදෙනා කල නිතියෙන්
නැත ලොවෙි අන් රසඳුනා
ආදරේ සේ සුවදෙනා"
- සිංහබාහු -
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවියට ප්‍රේමය ගැන හැඟුණේ එසේය.මෙසේ බලන කල ප්‍රේමය උත්තරීතර මානවබන්ධුත්වයක් ලෙස සැලකීම යුක්ති යුක්ත නොවෙිද? සමාන අධ්‍යාත්මයන්ගෙන් යුතු ස්ත්‍රී - පුරුෂ යුවළක් අතර ඇති වන්නා වූ පරමාදර්ශී කායික මානසික බැඳීම ප්‍රේමය යැයි අර්ථකථනය කළ හැකි නොවෙිද?
ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂයෝ සක්විති සුවය,හුලවාලි වැනි ජනප්‍රිය චිත්‍රකතා රැසක් පුවත්පත්වලට ඇඳ සිනමාව ද ජයගත්තෝය.ඔවුහු සමාජ විඥානය පමණක් නොව රිද්මය ද හඳුනාගෙන චිත්‍රකතා ඇඳීමෙි රුසියෙක් ද වූහ.හුලවාලි යනු 1976 තිරගත වුණු දයා රාජපක්ෂයන්ගේ ජනප්‍රියත ම චිත්‍රකතාවකි.රොඩී ජනයා වටා ගෙතී තිබුණු මෙි අපූරු සිනමාපටයේ එන කුඩාගමෙි මද්දහනේ නමැති ගීතය රචනා කළෝ සුකීර්තිමත් සකලකලා වල්ලභ ධර්මසිරි ගමගේයෝය.මෙහි රඟපෑ රූපණවෙිදියෝ ද රිදී තිරයේ විශිෂ්ටයෝය.ධාරාගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා ද සුබාගේ භූමිකාවට පණ පෙවූ සුවිනීතා කෝන්ගහගේ ද වෙළෙන්දාට සිටි ටෝනි රණසිංහයන් ද මෙහිදී අපූරු රංගනයක නිරතවෙති.චිත්‍රපටයේ කතා පුවත සැකවින් මෙසේය.
හුලවාලි යනු අහිකුණ්ඨක රැහේ නයුවාය.රැහේ හුලවාලියා වූ ධාරා ජීවත්වූයේ දඩයමේ ගොස් සපයා ගන්නා දඩමස්,මීපැණි,සතුන්ගේ පදම් කළ හම්,දත් යනාදිය ගමට එන වෙළෙදුන්ට විකිණීමෙනි.මෙහිදී ධාරාගේ බිරිඳ සුබා ගමට යනඑන වෙළෙන්දකු සමග ප්‍රේමයෙන් වෙළෙන්නීය.සුබා රූමතියකි.ඇගේ රූසපුවට වශී වන වෙළෙන්දා දිනෙක සුබාවත් රැගෙන ගමෙන් පලා යයි.එසේ යන අතරතුරේ වැරහැලි ඇඳිවත උනා ඇළකට වීසි කරන ඇය වෙළෙන්දා තෑගි කළ අලුත් ඇඳුම්කින් සැරසෙන්නීය.තම ප්‍රාණසම බිරිය වන සුබා සොයමින් වනයේ බොහෝ දුරක් ඇවිද යන ධාරාට ඇළ පාරක තිබී සුබා කැටුව ආ දිනේ ඇගේ ළැම වසා ගැනීමට දුන් රෙදිකඩ හමුවෙයි.කඳුළු වගුරුවමින් එම රෙදිකඩ දෝතින් වැළඳගෙන ධාරා පැලට එයි.එවිට මෙි ගීතය ශෝකී මියැසිය මුසුව ප්‍රේක්ෂක දෙසවනට ගලා එයි.
කුඩාගමේ මද්දහනේ අව් රස්නේ නිවා
කූරි කඳුපෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළදන්නයි සුබා
ධාරා ජීවිතවූයේ පුංචි ගම්මානයක බව පළමු පැදියෙන් සුවිශද වෙයි.දුෂ්කර කඳු හෙල් තරණය කර ඔහු දඩයමේ ගියේ එකම අරමුණකිනි.ඒ තමා පෙම්කරන සොඳුරු ආදරවන්තියගේ කරට රිදී මාලයක් පැළඳවීමටය.එහෙත් මෙි දුර්ලභ සුඛාස්වාදය විඳීමට ඔහුට වරම් අහිමිවිය
.මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා තියා
රිදී පොටක් කරලන්නට වරම් නැතුව ගියා
මෙහිදී රචකයා ගොඩනගන ස්වභාවෝක්තික පදවැල රමණීය නොවෙිද?ව්‍යංග්‍යාර්ථ,උපමා රූපක ධ්වනිතාර්ථ නැතත් සමස්ත පදවැලේ ඇති භාවානුරාගී කාව්‍යෝක්ති ප්‍රබලය.එදා කරකාරේ බැඳලා පැලට කැන්දාගෙන ආ සුබා අද ඔහු අසල නැත.මෙහිදී කථකයා පවසන්නේ ඇගේ මල්ගෝමර පිපුණු ළැම වසා ගැනීමට තමා දුන් සළුව ඇළේ දියපාරක දමා ගොස් තිබියදී හමුවු බවය.මල් ගෝමර යනු කිම? කතුන්ගේ රූසපුව වඩාත් ලස්සන කරන සුදුපැහැති ලප විශේයකට මල් ගෝමර යයි කියති.එදා කාන්තාවෝ මෙකී ලප සුරැකීමට වගබලා ගත්හ.එහෙත් අද කාන්තාවෝ මෙිවා අළුහම් ලෙස නම් කරමින් වෙළෙඳපොළේ ඇති විවිධ ක්‍රීම් වර්ග ආලේප කොට වඳ කරගැනීමට යුහුසුළු වෙති.එය දුටු මතින් කථකයාගේ හදවත සෝගින්නෙන් දැවීගිය බව ද කියැවේ.එසේම තමා මහත් ආසාවෙන් ඇගේ ගෙල පළදන්නට සිටි රිදී මාලය පැළඳවීමට නොහැකි වීම ගැන ද ඔහු ළතැවෙයි.මිනිස් සිතෙහි පිළිසිඳ ගන්නා සියලු පැතුම් ඉටු නොවෙි.විටෙක ප්‍රාර්ථනා සපිරේ.එවිට ප්‍රහර්ෂය දැනවෙි.විටෙක එය බිඳ හැළේ.එවිට ශෝකය උපදී.මෙි කථකයා පවසන්නේ තමන් පැතු සියලු පැතුම් සුන්වූ බව නොවෙිද ?
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආලවඩන යන තේරැම බෝසත්කම සකී
මෙි ගීතයේ අවසාන පදපෙළෙන් ප්‍රේමයේ උත්තරීතර පරිත්‍යාගයශීලී බව පමණක් නොව අත්හැරීම පිළිබඳව ද අපූරු පාඩමක් ද උගන්වයි.සැබෑ ආලයේ තේරුම කුමක්දැයි කථකයා ප්‍රේක්ෂකයාගෙන් අසයි.මෙහිදී ඔහු සකි හෙවත් මිතුරා නමින් ආමන්ත්‍රණය කරන්නේ මෙි හා ඒකාත්මිකව සිටින රසිකයාටයි.රෑට තනිවම නිදන කෙනකුට එබඳු සිහින නොපෙනෙන බව ද ඔහු කියයි.එහෙත් ප්‍රේමය බිඳුණු කල හඬා වැළපී කඳුළු සැලීම ද පලක් නොවන බව ඔහු වටහා ගනී.අවසානයේ කථකයා පෙරුම්පුරනා බෝධිසත්වයකු මෙන් මෛත්‍රීය, පරාර්ථය ඉවසීම,අත්හැරීම වැනි උතුම් ක්‍රියා ප්‍රගුණ කිරීමෙි අාරම්මණයෙන් සිත හදාගැනීමට උත්සාහ කරයි.සසර නම් අක්මුල් නැති දුකසැප දෙකම සපිරි අවකාශයකි.මෙහිදී මිනිස් සිතෙහි ලොබලිය ලියලමින් වැඩෙන බොහෝ පෙම් බැඳුම් පමණක් නොව කුටුම්බ ජීවිත ද කඩාකප්පල් වෙයි.එහෙයින් හුලවාලි චිත්‍රපටයේ ධාරාගේ ප්‍රයත්නයේ දිගත් දුකත් මින් ධ්වනිත නොවෙිද?
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කුඩාගමෙි මද්දහනේ