අත්තිඩියේ පුඤ්ඤරතන හිමියන් විසින් විරචිත සංජීව් ලෝන්ලියෙස්ගේ හඬ සහ නද සුසංයෝගයෙන් සුපෝෂිත මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුගන්ධයෙන් අප හද මෝහනය කරයි.
කාව්‍ය වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විත අපූර්ව පද සංයෝජනයකි."කාව්‍යං රසාත්මකං වාක්‍යං" ( රසය ආත්ම කොටගත් වැකිය කවිය වෙි ) යැයි විශ්වනාථයෝ කීහ.ගීතය ද එසේය.භාවික,වාර්තික,සුත්තික යනුවෙන් ගීතය ද කොටස් තුනකට බෙදා ඇත. භාවික ගීතයකින් ශ්‍රාවකයා තුළ සුඛානන්දයක්,මෙන්ම දුක්ඛාස්වාදයක් ද ජනිත වෙයි.වාර්තික ගීතයෙන් සිද්ධි හා තතු වාර්තා කරයි.සුත්තික ගීත නම් යහපත් උපදෙස් ගැබ් වෙි.මෙනයින් අද අපට වැඩිපුරම ඇසෙන්නේ සුත්තික ගීත නොවෙිද? හඬ පෞරුෂයක් නැති එබඳු සුත්තික ගීත ශුෂ්කයි.වන්ධ්‍ය යි.ජුගුප්සිත යි.යටකී ගීත බලෙන් අස්සවන යුගයක සංජීව් ලෝන්ලියෙස්ගේ අමු සින්දුව නිර්මාණ නියඟයට වට මහවරුසාවක් බඳුය.යති දෘෂ්ටිය අභියෝගයට ලක් කරමින් එහි කඩතොළු ද පෙන්නමින් මෙහි රචක අත්තිඩියේ පුඤ්ඤරතන හිමියෝ මානවබන්ධුත්වයෙන් අප හද පිරිමදිති.සාම්ප්‍රදායික සමාජයේ ගතානුගතික ආචීර්ණ කල්පිත මතවාද ද කණපිට හරවති.
සංජීව් ලෝන්ලියෙස්ගේ අමු සින්දුව වනාහි සම්මතය බැහැර කරමින් බොහිමියන්(Bohimian) ජීවිතයක් ගතකරන සදාදරණීය,හෘදයාංගම තරුණයාගේ ආත්මීය අඬහැරය යි.බොහිමියානුවා යනු කවුරුන් ද? සමාජයේ අවධානයට ලක් නොවූ වැදගත්කමක් නොලද බොහිමියානුවෝ ලොව කොතෙක් සිටිත්ද?ප්‍රංශ විප්ලවයෙන් පසු දරිද්‍රතාව,කුල පීඩනය,අපේක්ෂාභංගත්වයට පත් තාරුණයෝ ඔවුනටම ආවෙිණික වූ කලාවක් සහ පෞරුෂයක් ගොඩනගා ගත්තෝය. සම්මතයට,අසාධාරණයට එරෙහිව යුක්තිය,ප්‍රේමය,මනුෂ්‍යත්වය වෙනුවෙන් හඬ නැගූ ඔවුහු අභීත,විප්ලවවාදීන් පිරිසක් ද වූහ.බොහිමියානුවන්ගේ කලා නිර්මාණ ද බොහෝවිට පොදු තේමාවක්,රිද්මයක් නිරූපණය කරයි.යටහත් පහත් බව,කීකරුකම,මිනිස්කමට නොගැළපෙන නෝංජල් ගතිගුණ බවට විශ්වාස කරන ඔවුහු නිතර සමාජයේ විකල්ප ධාරාව නියෝජනය කරති. බොහිමියානු මතවාදය ප්‍රංශය,එංගලන්තය ඇතුළු යුරෝපා රටවල බෙහෙවින් ප්‍රචලිත විය.ඇතැම් සරසවි සිසුන් පමණක් නොව වාමාංශික අදහස් දරන තරුණයෝ ද බොහිමියන් ජීවිතයට පුරුදු පුහුණු වූහ.එහෙත් හෘද සාක්ෂ්‍යයට අනුව වැඩකළ මෙකී තරුණයාට රස්තියාදුකාරයා නමැති බාල ලේබලය ගසා බාල්දු කළෝ කවරහුද? මෙි වූකලි සමාජ හංවඩුවකි.
මුහුණ පුරා රැවුල වවා,දිග කොණ්ඩා බැඳ ,අණ්ඩ දැමු හම්පඩ ඩෙනිම් කලිසම් අැඳ,ඇඟේ පච්ච කොටාගෙන යකඩ මාල කරාබු පළඳින මෙබඳු තරුණයෝ කිහිපදෙනෙක් කණ්ඩායම්,කල්ලි වශයෙන් ලොවපුරා තවමත් සිටිති.ඔවුහු පරාර්ථය, ඉවසීම, කැපවීම, පමණක් නොව ආදරය, පරිත්‍යාගය,සාධාරණය වෙනුවෙන් ද අනවරතයෙන් පෙනී සිටින සැබෑ ම මානව ප්‍රේමියෝය.එහෙත් මෙකී තරුණ ප්‍රජාව දෙස සමාජය නිතර බැලුවේ වපරැසිනි.ඇතමෙක් ඔවුන්ට කුඩුකාරයා,ගංජාකාරයා,සල්ලාලයා යන ලේබල් ද අලවති.එහෙත් සමාජයේ කිසියම් විපතකදී,ආපදාවකදී මුලින්ම උදවුවට,පිහිටට එන්නේ ද මෙකී රස්තියාදුකාර තරුණයා ය.සමහරු මෙකී තරුණයා රස්තා නම්න් ද හඳුන්වති.එහෙත් රස්තා යනු බොහිමියානුවා නොවෙි.රස්තාෆාරියානුවෝ ප්‍රබල ආගම් භක්තිකයෝය.ජැමෙයිකා ප්‍රකට ගායක බොබ්මාලේ ද රස්තාෆාරියානු දහමෙි ප්‍රබල අනුගාමිකයෙකි.එහෙත් ලංකාවේ ඇතැම් තරුණයෝ රස්තා යන වචනය අවිචාරයෙන් වැළඳගෙන අවභාවිත කරති.ඔවුහු එහි බාහිර පෙනුම හෙවත් පිටපොත්ත පමණක් අන්ධානුකරණයට ලක් කරමින් සිටිති.රස්තාෆාරි දහමෙි මූලික ඉගැන්වීම් වන්නේ ලෝකය සමඟ ගැටී අරගල කිරීමට නම් ලෝකය පිළිබඳ මනා පරිචයක්,අවබෝධයක් තමා සතුව නොඅඩුව තිබිය යුතු බවය.එහෙත් ඔළුව නැති කවන්ධය පමණක් ඇති ඇතැම් තරුණයෝ බොරු රස්තාෆාරියානුවන් වීමට දඟලති.මෙි ගීතයෙන් සුවිශද වන්නේ බොහිමියානුවා හෝ රස්තාෆාරියානුවා පිළිබඳ නොව සමාජ හංවඩුවට ගොදුරු වී සිටින රස්තියාදුකාර ලේබලය වැදුණු තරුණයා ගැනය.මෙහි රචක පුඤ්ඤරතන හිමියන් උත්සාහ කරන්නේ රස්තියාදුකාරයා නමැති සමාජ හංවඩුවට ගොදුරු වී සිටින යටකී තරුණයාගේ හදවතේ තිබෙන මනුෂ්‍ය ආත්මය හරා අවුස්සා පෙන්වීමටය.ගීතයේ පද වැල ස්වාභාවෝක්තියෙන් ලියැවී තිබුණ ද එහි ප්‍රබල උපමා රූපක ගොන්නක් ද ඇත.මෙි වූකලි රස්තියාදුකාරයා නමැති බාල ලේබලය ගැසු තරුණයා දෙස යථාර්ථයවාදී දෘෂ්ටියෙන් බැලීමට ගත් ප්‍රයත්නයකි.මෙි වනාහි රමණීය පද සංකලනයකි.අරුත් ද ශබ්දානුප්‍රාසය ද මධුර මනෝහරය.
කන විදලා කොණ්ඩෙි පාට කරපු ඇවිදින ගිනි අව්වේ
හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ
පොළොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ
මෙි ගීපාදවලින් උද්දීපනය කෙරෙන්නේ යටකී මානව ප්‍රේමී තරුණයා අඳින පළඳින විලාසය යි.ඔහුට අව්ව වැස්ස පිළිබඳ නිනව්වක් නැත.දැඩි හිරු රශ්මිය ද නොතකා අණ්ඩ දැමු සෙරෙප්පු පැළඳගෙන සැතපුම් ගණනක් වූවද පයින් යයි.නිදහසේ ඇවිද යන මෙි තරුණයාගේ ගල් තැලුම් සහිත නිරුවත් දෙපාවල වෙිදනාව දන්නේ තාර පාර පමණි.පන්සිය පනස් ජාතික පොතේ කෙතරම් ජාතක කතා,බණ පද තිබුණ ද ඇතමෙක් මෙවැනි තරුණයන් හංවඩු ගසන්නේ රස්තියාදුකාරයා යන නමිනි.එහෙත් එලෙස හංවඩු ගසන අයට පමණක් පන්සිය පනස් ජාතකයත් බණ කියන බව නොවෙිද මෙි කියන්නේ?තතු එසේ වූව ද කුහක සමාජයේ මිය පරලොව යන අට්ටි පෙරේතයන්ගේ මිනී පෙට්යට පවා කර ගසන්නේ මෙලෙස සමාජ ගැරහුමට අපවාදයට ලක් වු රස්තියාදුකාරයාම ය.මෙහිදී රචකයා කියන්නේ එසේ මිනියට කර ගහන මෙි තරුණයා මහපොළොවටත් වඩා බර පුද්ගලයකු බවය.මෙහි පෝෂිත මානව ප්‍රේමය පළ කිරීමට මීටත් වඩා උචිත වාග් කෝෂයක් තිබෙි ද? මෙහි ඇති වචන අමු බව සත්‍යයකි.මෙි ගීතයට අමු සින්දුව යැයි කියන්නේ ද එනිසා විය යුතුය.එහෙත් ඒ බස මෙි ගීතය විසින් ම ඉල්ලා සිටින විට අපට පැවසීය හැක්කේ කුමන දොසක් ද?
පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
මේ පපුව ඇතුළේ චෙිගුවෙිරා ඕෂෝ දලෙයි ලාමා
සීතා පැහැරගෙන ආ රාවණ ඇය දූෂණය නොකළේය.එහෙත් අශෝක වනය නම් රාජකීය උද්‍යනයේ රඳවා තබා ඇගේ සිත දිනා ගැනීමට වෑයම් කළේය.තතු එසේ වූව ද සීතාගේ පතිවත පිළිබඳ රාමාට තිබුණේ විචිකිච්ඡාවකි.එහෙත් මෙහිදී රචකයා පිටුව පෙරළන බව කියන්නේ කවුරුන්ටද? සමාජ සම්මත සුදු චරිතවලටය.ඔවුන් නිතර ගත කරන්නේ රැ දැනියෙල් දවල් මිගෙල් පන්නයේ ජීවිතයකි.කළු චරිත ලෙස හංවඩු ගැසු මිනිසුන්ට කවදත් පිටුව පෙරළුවෙි මෙකි සුදු සාදු චරිත ම නොවෙිද? මලක සියලු බර දරා සිටින්නේ නටුව විසිනි.එබැවින් සමාජ අපවාදයට ලක්වන මෙබඳු අසම්මත තරුණයකුට එරෙහිව ලෝකයාගෙන් නැගෙන සියලු චෝදනා බාරගැනීමට සිදුවන්නේ අහිංසක මවුපියන්ටය. තරුණයාගේ සිරුරේ කොටා ඇති පච්ච දැක සමහරු ඔහුට කුඩුකාරයා,ගංජාකාරයා යනුවෙන් විවිධ ලේබල් ගසති.එහෙත් රචකයා සදය උපහාසයෙන් කියන්නේ එබඳු ලේබල් ගසා බොරු චරිත සහතික දෙන හුඟදෙනකු අසිහියෙන් සිටින පිරිසක් බවය.මිනිසා අනෙකා කෙරෙහි දක්වන කුහක ඊර්ෂ්‍යාකාර වැරැදි ආකල්පය මෙි ගීපාදවලින් ගම්‍ය නොවෙිද? අද මිනිසාට සියලු තර්ජන හිරිහැර තිබෙන්නේ වනයේ සිටින වගවලසුන් ගෙන් නොව කොන්ක්‍රීට් වනාන්තරයේ ඉන්න කකුල් දෙකේ කපටි හිවලුන්ගෙන්ය.මෙි රස්තියාදුකාර තරුණයාගේ පපුව ඇතුළේ ඉන්නේ කවුරුන්ද? ලෝකය වෙනස් කිරීමට අසීමිත කැපවීම් කළ සැබෑ සමාජවාදී විප්ලවාදීන් සහ ආගමික නයුවන්ය.ඔවුහු උත්තුංග මනුෂ්‍යයෝය. මෙි වූකලි සංවෙිදී හදවතක් ,හෘද සාක්ෂියක් ඇති සොඳුරු රස්තියාදුකාරයකු නොවෙිද?
සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ
කොඩි වැලේ ඉඳන් වළ වෙනකම් තනියට හිටි මිතුරේ
වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ
මළගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ
ත්‍රෛලෝක විජයපත්‍ර සුවඳ උරන ඇතැම් තරුණයෝ බමන මතින් හඳට යති.ඔවුහු කාල්පනික ලෝකයේ සිහින මවති.මෙහිදී ඉඳුවර නෙතු යනු මහනෙල් මල් සදිසි ඇස්ය.එහෙත් මෙි ගමන සමාජ විරෝධීය. සම්මත සමාජය මෙබඳු ක්‍රියා හෙළා දකියි.එහෙත් එසේ හෙළා දකින සමාජයේ මිනිසුන්ගේ ජයග්‍රහණයේ සිට පරාජය තෙක් නොසැලී සිටිනුයේ ද මෙි රස්තියාදුකාර තරුණයා ම නොවෙිද? මෙහිදී කොඩි වැලේ සිට වළ වෙනකම් යනුවෙන් අරුත් ගන්වන්නේ මිනිසාගේ ජය - පැරදුම ගැනය.මෙි නම් රමණීය යෙදුමක් නොවෙිද ?මෙි ගීතයේ සංකේතාර්ථ බහුලය.රචකයා ගොඩනගන ඇතැම් ධ්වනිතාර්ථ සහ සංකේතාර්ථ විස්මය ජනකය.වැලි සහ පොරි යනු එබඳු විස්මය දනවන වචනය.සමාජයේ වැඩ කරන මිනිසුන්ගේ බොරු ගෙරිවිලි,ශබ්ද නැත.ඔවුන් වැලි මෙන් බරය.වැඩක් කිරීමට විභවය නැති බොරුවට පිම්බුණු මිනිස්සු පොරි මෙන් වතුරේ පාවෙති.එහෙත් මහපොළොවට වඩා බර මෙකී තරුණයා ගැන මළගමක ගුණ කථනයක හෝ සූත්‍ර දේශනාවක නිකමට හෝ ඇසෙන්නේ නැත.මෙහිදී සුතුරේ යනු සුත්‍රයට කියන තවත් නමකි.
දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ
මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ
උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙළුවේ.
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ
මෙහිදී දඬු මොණරා හෙවත් යකඩ මනාලිය යනු මෙි තරුණයා සතු බයිසිකලය යි. බොහෝවිට ඔහු ගමන් බිමන් යන්නේ මෙකී දඬු මොණරා පිටය.ඉංග්‍රීසි භාෂාවෙන් Cannabis නමින් හඳුන්වන්නේ ගංජාය.මෙයට ආයූර්වෙිදයේ ත්‍රෛලෝක විජයපත්‍ර නම් දෙයි.කුමන නමකින් වර නැගුවද ගංජා තවමත් අපේ රටෙි නීති විරෝධී මත්ද්‍රව්‍යයකි. කංසා වගාවද තහනම්ය.එහෙත් අද තරුණයෝ බොහෝදෙනෙක් ඊට ඇබ්බැහි වී සිටිති.ඇතමෙක් එබඳු පාන බීමෙන් පසු තිරිහන්කම අමතකර තිරිසන් වෙති.තතු එසේ වූව ද සමාජයට ආදරය කරන තරුණයෝ යටකී තිරිසන් ගති නොපෙන්වති.සැබෑ මානවහිතවාදීහු මිනිස්කමට නිගා නොදෙති.පොතක පිටකවරය බලා එහි අන්තර්ගතය තේරුම් ගත නොහැකිය.කෙනකුගේ පිටපොත්ත පමණක් බලා ඔහු පිළිබඳ පූර්ණ තක්සේරුවකට එළැඹීම ද වැරැදිය. යති දෘෂ්ටිය අනාචාරයේ යොදන සමයක සැබෑ මනවහිතවාදියකු පිළිබඳ මෙබඳු චින්තාවක් පහළ වීම අගය කළ යුතු නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන විදලා කොණ්ඩෙි පාට කරපු