ප්‍රේමකීර්ති ද අල්විසුන් විසින් විරචිත,මාලිනී බුලත්සිංහල ගයන,එච් එම් ජයවර්ධන සංගීතවත් කළ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයේ අඳුරු පැතිකඩක් සුවිශද කරයි.
බාලයෝ පණ්ඩිතයන්ගේ අගය නොදනිති.ඔවුහු සත්පුරුෂයන්ට නින්දා අපහස කරති.ඇතමෙක් ඊර්ෂ්‍යාව,කුහකකම වපුරමින් අත්තුක්කංසනයෙන් සත්පුරුෂයන්ට ආක්‍රෝෂ පරිභව කරති.එහෙත් බල්ලන් බිරූ පමණින් කඳු පහත් නොවෙි.ධීරයෝ සියලු නින්දා අපහස අකම්පිතව විඳ දරා ගනිති.මෙනයින් ආත්මදමනය මත අන්‍යයන්ගේ යහපතට හේතුවන පරිදි දිවි පැවැත් ම ගොඩනගා ගන්නා පුද්ගලයෝ සත්පුරුෂයෝය.එබැවින් ඔවුහු පණ්ඩිතයෝය.ශරීරය වැඩී ගිය ද ගුණධර්මයෙන් හා නුවණින් පොහොණි නොවන්නෝ බාලයෝය.අල්පශ්‍රැතයෝය.මහමංගල සූත්‍රයේ ඇසුරු කළ යුතු පුද්ගලයන් පිළිබඳ සඳන්වෙි."අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා" යනුවෙන් ආප්තයක් ද එහි ඇත.මෙහිදී බාලයා යන නමින් හැඳින්වෙන පුද්ගලයෝ මොහාන්ධකාරයේ ගිලුණු මිත්‍යා දෘෂ්ටිකයෝය.ඔවුහු අඳුරේ අතපත ගාමින් පණ්ඩිතයන්ට පරිභව කරති.
මෙි ගීතය ඇසූ සැණින් සිහිවනුයේ වෑත්තෑවෙි හිමියන් විසින් විරචිත ගුත්තිලය නමැති ශ්‍රේෂ්ඨ කාව්‍යය නොවේ ද? ගුත්තිල පඬිතුමාගෙන් වීණා වාදනය හැදෑරීමට බරණැසට පැමිණි මූසිලයෝ ද අසත්පුරුෂයෙක් වූහ.ධනාශාවෙන් උමතු වූ මූසිලයෝ කලාවෙි තාක්ෂණික අංශය උගෙන ගුත්තිල පඬිතුමන්ට අභියෝග කළෝය.මෙහිදී මූසිලගේ වෑයම වූයේ තම ගරුවරයා අභිබවා ගොස් හෝ එසේත් නැත්නම් ඔහුට සමවී හෝ ඉක්මන් සාර්ථකත්වයක් අත්කර ගැනීමටය.එහෙත් ඒ සියල්ල නිශ්ඵල විය.ඉක්මන් ගමනින් ගිය මූසිල අසාර්ථක පුද්ගලයෙක් වූයේය.මෙහිදී උත්තරීතර වන්නේ කාගේ චර්යාව ද? ගුත්තිල පඬිතුමාගේ චර්යාව නොවේ ද? මූසිලගේ චර්යාව ගර්හිතය.සදාචාරයට පටහැනි මූසිලගේ ක්‍රියාකලාපය ශිෂ්ට ලොකයේ කිසිවකු අනුමත නොකරන බව වෑත්තෑවෙි හිමියෝ ද පිළිගත්හ.එබැවින් උන්වහන්සේ ගුත්තිල පඬිතුමන්ගේ පිහිටට ශක්‍රයා එවූහ.ගුත්තිල පඬිතුමා යනු වීණා වාදනය පිළිබඳ පාරප්‍රාප්තිකයෙකි.ඔවුහු වීණා ශිල්පය තුළ ම මහලු වයසට පත් විශාරදයෙක් ද වූහ.එහෙත් මූසිල ඉතා කෙටිකලකින් වීණා වාදනය ප්‍රගුණ කොට ගුත්තිල පඬිතුමන් හා සම තත්ත්වයට පත්වීමට මාන බැලුවෙිය.කායික දුබලතාවෙන් පෙළුණු ගුත්තිල පඬිතුමන් ද මූසිලගේ අසාමාන්‍ය වෙණ වැයුම් අසා තරමක් සලිත විය.
මෙි වෙණ අසමානය
ඉන් කෙළෙමි පෙර මානය
දැන් මට සමානය
ඉතින් විඳ කිම් ද අවමානය
යටකී කවියෙන් ගම්‍ය වන්නේ කුමක් ද? මහලු වයසේ සිටින ගුත්තිල පඬිතුමන් තමන්ට අවශ්‍ය පරිදි ඉනද්‍රියන් වසඟ නොවීම පිළිබඳ කම්පා වීමය. තමා කෙතරම් දක්ෂ වීණා වාදකයකු වුව ද දුබල අත් හා ඇඟිලි මෙහෙයවා තරුණ මූසිල සමඟ තරගයට ශිල්ප දක්වන්නේ කෙසේදැයි ගුත්තිල පඬිතුමන් කල්පනා කළේය.
උගත සිප් සොඳ සේ
සිටිය බලවත් වයසේ
මට මහලු වයසේ
බැරිය වෙණ ගායනා පෙරසේ
මූසිල එක්තරා දුරකට මැනවින් ශිල්ප හදාළ පුද්ගලයෙකි.එබැවින් ගුත්තිල පඬිතුමන්ගේ බිය දෙගුණ තෙගුණ විය.එහෙත් මූසිල ගුත්තිල පඬිතුමන්ගේ ශාස්ත්‍රීයත්වයේ අහලකටවත් පැමිණ නොසිටියේය. ඔහු තම අසත්පුරුෂ ගති පෙන්වමින් ගලිවරයකු බඳු ගුත්තිල පඬිතුමන්ට අභියෝග කළේය.
අවසානයේ මූසිල ගලිවරයකු ඉදිරියේ ලිලිපුට්ටකු මෙන් පරාද වූයේය.කන්න දුන්න අත සහපාකමින්,අඳ මවුපියන් ද මුළා කොට මූසිල ගිය ගමන අවසන් වූයේ සත්පුරුෂයන්ට එරෙහි වීමෙන් ලද විපාක මොනවට පසක් කරමින් නොවේ ද?
මූසිලගේ දුශ්චර්යාව සිහිකැඳවන මෙි මහඟු ගීමිණිරුවන මානවබන්ධුත්වයේ අඳුරු පැතිකඩක් නිර්මාණය කරයි.මෙහි සිටින්නේ ද යටකී පරිදි සත්පුරුෂයකුට නිගා කළ අසත්පුරුෂයෙකි.ගීතයේ ස්ථායි කොටසින් රචකයා එය උපමා උපමෙිය ඇසුරින් මනාවට පැහැදිලි කරයි.
කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්ද මන්ද ඝනඅඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා
සමාජයේ කිසියම් කීර්තිමත් ජීවිතයක් ගත කරන සත්පුරුෂයකුට අසත්පුරුෂයෙක් නින්දා අපහස කරයි.ගලිවරයකු බඳු මෙකී පුද්ගලයාට එම අසත්පුරුෂයා කැටපෝලයෙන් විද්දට ඔහුට ඒ ගැන වගෙ වගක් නැත.මෙහිදී රචකයා ගීතයේ කථකයා කන්දකට උපමාකර ඇත.ඔහුට අභියෝග කරන අසත්පුරුෂයා කෙන්දකට සමානකර තිබීම ද උත්ප්‍රාසාත්මක නොවෙිද ?අසත්පුරුෂයෝ කවදත් සත්පුරුෂයන්ට ගරහති.නින්දා අපහස කරති.ඔවුහු නපුරු සිහින දකිති.සත්පුරුෂයගේ කකුලෙන් ඇද දමා ඔහුගේ තැන ගැනීමට මාන බලති.එහෙත් යථාර්ථය තුළ අසත්පුරුෂයන්ගේ සිහින සැබෑ නොවේ.අවසානයේ ඔවුහු කළ කී දේ පිළිබඳ පශ්චාත්තාප වෙමින් මොහාන්ධකාරයේ ගිලී අන්දුන්කුන්දුන් වී සිටිති .තමන්ට සිදුවූයේ කුමක්දැයි කල්පනා කරති.මෙහි කථකයා ද තමන්ට එරෙහිව එන සියලු බාධා අකාමකා දමා මහ කන්දක්,පර්වතයක් සේ නිහඬව අකම්පිතව නැගී සිටියි. ඔහු තමාට එරෙහිව සතුරුකම් කරන්න පිළිමලුන් දෙස උපේක්ෂාවෙන් බලයි.සදය සිනා නගයි.
ගහේ පිපුණු මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳියි ගසක් ඔහේ සුළඟේ හිනැහීලා
බඹරු එතත් දෙබරු එතත් ගහ නැහැ ගැලවීලා
ඔහේ සිනාසෙනු මිස විහඟුන්ගේ ගී අසලා
ගහේ පිපෙන මල්වල පැණි බොන්න බඹරු එති.ගහ සුපුෂ්පිත කළ සියලු මල් බඹරුන්ට පුදයි.මෙි මල්වල පැණි බොන්න බඹරු සහ දෙබරු පොරකති.එහෙත් ගහ මෙි සියලු දසුන් දෙස උපේක්ෂාවෙන් බලා සිටියි.මෙහිදී රචකයා සුවිශද කරන ධ්වනිතාර්ථපූර්ණ ව්‍යංග්‍යාර්ථය ප්‍රබලය.සත්පුරුෂයෝ පරාර්ථකාමියෝය.ඔවුහු තමා සතු සියලු දේ අන්‍යයන්ට පරිත්‍යාග කරති.කිසිවකුට වෛර,ඊර්ෂ්‍යා නොකරති.
කරුණාමෛත්‍රිය,පරාර්ථානුකම්පාව වපුරති.නිස්සරණාධ්‍යාශයෙන් අනුනට පිහිට වෙති.එබැවින් ඔවුහු මෙත්සිතින් සියලු අකටයුතුකම් විඳදරා ගනිති.යටකී ගීපදවලින් ගම්‍ය වන්නේ සත්පුරුෂයාගේ හැසිරීම නොවෙිද?
කුණාටු සුලිසුළං වැදී ගහකොළ පෙරළාවී
මුල හොඳ නම් ගසක් ළඟදි කුණාටු පරදීවී
ගහේම මල් බුදු පුදටත් නෙළා රැගෙන යාවී
ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී
සංවෙිදී පුද්ගලයකුගේ සිතෙහි හට ගන්නා ප්‍රකම්පනය මෙි ගීයේ ප්‍රතිබිම්බිතයි.අද මිනිස් සිතෙහි නොමිනිස්කම් දලු දමා වැඩෙි.අසීමිත ආත්මාර්ථකාමයෙන් පෙළෙන්නෝ තමාට සෙවණ දුන් ගස පවා කපා මුදල් උපයති.එහෙත් මුල ශක්තිමත් ගසක් කිසිම ජගතකුට පෙරළා දැමිය නොහැකිය.මහවනස්පතියක් ඉදිරියේ සුලිකුණාටු පවා පරදියි.ඇතමෙක් බුදු පුදට රැගෙන ගිය ගසේ මල් බිම හෙළා පගා දමති.කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂයෝ එබඳු අඳබාල වැඩ කරති.මෙි වූකලි නොමිනිස් අග්නියෙන් හළු වී ගිය මිනිසත්කම පිළිබඳ ලියැවුණු තවත් අපූරු ගීමිණිරුවනක් නොවෙිද?
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජි
මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්ද කෙන්ද කරනු පිණිස