සුකීර්තිමත් ගේය පද රචක කේ.ඩී .කේ ධර්මවර්ධනයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද පෙළහරින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුරංජිත මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
ස්ත්‍රී රූප සෞන්දර්ය තරම් සුඛප්‍රහර්ෂය දනවන නෙත්සිත් වශී කරන අන්‍ය සෞන්දර්යක් ලොව නොමැත.ස්ත්‍රී ලාලිත්‍ය විඳීමට රූපශෝභාව ම අවශ්‍ය නොවෙි.හුදු ස්ත්‍රීත්වය ම ප්‍රමාණවත් වෙි.සුකීර්තිමත් සන්නිවෙිදක,ගේය පද රචක කේ.ඩී .කේ ධර්මවර්ධනයෝ මෙකී ස්ත්‍රී ලාලිත්‍ය වැනුමට ව්‍යවහාරික භාෂාවෙන් ඔබ්බට යති.ඔවුහු සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරින් උකහා ගත් වියත් බස මෙි ගීතය ඔස්සේ විප්ලවියකරණයකට ලක් කරති.එහෙත් හඩු භාෂාවෙල්ලෝ මෙබඳු විශිෂ්ට ගීත අවප්‍රමාණය කරති.
මෙි ගීමිණ ශෘංගාරරස දනවන ව්‍යංගාර්ථය සුපෝෂණය කළ කලාත්මක නිමැවුමකි.ශෘංගාරය යනු කිම? භරතමුනිගේ නාට්‍ය ශාස්ත්‍රය නමැති කෘතිය පරිශීලනය කළෝ එය දන්නෝය.මෙි වූකලි නව නළු රසයෙන් එකකි.නව නළු රස වනාහි හාස්‍ය,වීර,කරුණ,ශෘංගාර,බීබත්ස්‍ය,ශාන්ත,භයානක,අද්භූත හා රෞද්‍ර රසය යි.මෙි සියලු රස නිෂ්පත්ති උපදවනේ ද මිනිසාමය.මෙහිදී ශෘංගාරය යනු රතිය යි.රතිකෙළියෙන් සුඛාස්වාදය, පරමානන්දය විඳින්නෝ එහි රසහව් දනිති.එහෙත් මෙි ගීතයේ කථකයා වීතරාගී අපිස් ජීවිතයක් ගතකළ තරුණයෙකි.එක්තරා නාට්‍යාංගනාවකගේ මනමෝහිනීය රංගනයෙන්,රූ සිරියෙන් ඔහු අමන්දානන්දයට පත් වෙයි.තපෝවනයට පෙම් බැඳි තරුණයා මෙකී නාට්‍යාංගනාව දැකුමෙන් මෙතෙක් කල් රැකගත් කුමර ඹබසර ද බිඳ ගනී.කුමර බඹසර යනු කිසියම් පිරිමියකු කාන්තාවකට ලොල් නොවී සිටීමයි.එසේත් නැත්නම් යොවුන් වියේදී සම්භෝග සුවයෙන් වැළකීමයි.එහෙත් පංචකල්‍යාණියක ඉදිරියේ සියලු පිරිමි දණ ගසති.තතු මෙසේ වන කල්හි ස්ත්‍රී ලාලිත්‍ය කෙතරම් බලගතු දැයි අමුතුවෙන් කිව යුතු නැත. ඔිනෑ ම පිරිමියකුට සුන්දර ස්ත්‍රියක මනසින් නිරුවත් කළ හැකිය.මෙි ගීතයේ කථකයා කරන්නේ ද එවැන්නකි.කාල්පනික ලෝකයක තනි වී සිටින ඔහු මෙම නාට්‍යාංගනාව සමඟ මනසින් සම්භෝග ශෘංගාර සුව විඳියි.
කුමරියක පා සලඹ සැලුණා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා
මෙි කථකයා ජීවිතයේ කිසිදු දිනෙක ගැහැනියකගේ පහස නොලැබු තවුස්දම් පිරූ තරුණයෙකි.මෙි කාන්තාව පිළිබඳ හැඟීමක් ඇති වනතුරු ඔහුට තිබුණේ පාළු,හුදෙකලා ජීවිතයකි. එහෙත් දැන් ඔහුට මෙලොව රමණීය තැනකි.
නොසිතූ නිමෙිෂයක කිසියම් කාන්තාවකගේ පා සලඹ සැලෙනා හඩ ඔහුට ඇසෙයි.කනට මීබිඳු වෑස්සූ එකී පාද කිකිණිය ඔහුගේ සියොලඟ ම රාග ගින්නෙන් දවයි.මෙි වූකලි පෙර නොවූ විරූ අනුරාගික හැඟීමකි.දැහැනකට සම වැදී උන් ඔහුගේ දෑස් ඉබෙිට ම ඇරෙයි.ගැහැනියක දුටුවිට කිරෙන් ඇස් දොවන උද්දාල බමුණා මෙන් ජීවත් වූ මෙි කථකයා මෙකී නාට්‍යාංගනාව සමඟ මනසින් සම්භෝග ශෘංගාර සුව විඳියි.ඔහුගේ කුමර ඹබසර අසපුව කඩා බිඳ දැමුවේ ඇය නොවෙිද?ස්වර්ණතිලකා කතා වස්තුවෙි එන උද්දාල බමුණාට ද ගැහැනු අරහං විය.කාන්තාවක් දුටු මතින් ඔහු කිරෙන් ඇස් සොදා ගනී.එහෙත් ස්වර්ණතිලකා නමැති සැඩොල් කුලයේ උපන් රූමත් කාන්තාව දුටු මතින් ඔහු ආදරයෙන් අන්ධවෙයි.මෙි කථකයා ද යටකී සුරූපී ලලනාව ඉදිරියේ තම තවුස්දම් බිඳ ගනී.ප්‍රේමයේ ප්‍රහර්ෂය විඳියි.
උකුල ළැමහස මලවි කරලිය
මුවා කළ ඇගෙ දුහුල් සළුතිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවූ සුයාමය
ඇගේ සුවිපුල් උකුල් තලය,හංසයන්ට සමාන පියයුරු යුග්මය සර්වනාරී ලාලිත්‍යයෙන් සුවිභූෂිත වෙයි.මෙහිදී මලවි යනු අනංගයා යි.දුහුල් සළු පිළියෙන් සැරුසුණු ඇගේ සුන්දර වත කමල දුටු මතින් සිතිවිලි නමැති සලෙළුන් අවදි වී ඔහුගේ සිත රාගයෙන් මුසපත් කරයි.මෙි වූකලි සම්භෝග ශෘංගාර සුව විඳීමට කරන ඇරියුමක් නොවෙිද? අනංගයාගේ වෙිදිකාව මනස් යහන අබිමුව මවන්නේ කුමක්ද?දිව්‍යලෝකයකි.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?රචකයාගේ පරිකල්පන ශක්තිය පමණක් නොව ව්‍යංගාර්ථ පද පෙළහර අප තුළ අඳින මනස් සිතුවම අතිශය සුන්දර නොවෙිද?
මෙි ගීසපුව හැඩගැන්වීමට රචකයා ගොඩනගන චිත්තරූපික යෙදුම් කෙතරම් ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ ද?මෙි කථකයාට ඇගේ සම්ප්‍රාප්තිය නෙතට උළෙලකි.කෙසේද යත් සුරන් නැලවූ සුයාමයකි.සුරන් යනු දෙවියන්ට අධිපති සක් දෙවිඳුන්ය.සුරලො කෙතරම් සොඳුරුද? සුයාමය යනු 'යාමය' යන වචනයට 'ස' නමැති උපසර්ගය යොදා තැනු වදනකි. සඳෙව් ලොව සොඳුරු සුයාමය හෙවත් සැපවත් හෝරාව උදාවූ බව මෙයින් ගම්‍ය වෙි.සම්භෝග ශෘංගාර රාත්‍රිය සැබැවින්ම සියලු සැපයෙන් පිරුණු නිමෙිෂයක් නොවෙිද?
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ළපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුණු තුසිතය
සුරන් නැලවූ සුයාමය
තපෝවනය නමැති ආරණ්‍යයේ දැහැනට සමවැදී වීතරාගී ජීවිතයක් ගතකළ මෙි කථකයා දැන් ගැහැනියගේ සූසැට මායමට හසුවී සිටියි.ඔහුගේ හැඟීම් නමැති හස්තියා ඉවසීමේ යදම් බිඳ මෙි සැරසෙන්නේ කුමකටද?
රාගයෙන් මත්වුණු මද කිපුණු ඇතකු මෙන් ඔහු මුදු මොලොක් සෞම්‍ය සිතුවිලි සිඳ බිඳ දමයි.මෙි වෙස්පෙරළිය සිදුවූයේ ළපලු තුරුලතා, කැකුළු මල්පෙති මෙන් තිබූ සොඳුරු හදවතකට නොවෙිද?රචකයා මෙහිදී අපේ සංවෙිදනයට ගොදුරු කරන්නේ මෙතෙක් කල් එම කථකයා රැකගත් කුමර ඹබසර මෙකී කාන්තාව ඉදිරියේ වියරු හස්තියකු මෙන් බිඳගත් බව නොවෙිද?රාගය හෙවත් කාමාශාව ජීවවිද්‍යාත්මකය.එහෙත් එකී ආශා සන්තර්පණයට බාධා පැමිණි විට සියල්ල එපා වෙයි.වෙිදනාව උපදියි.
මෙි කථකයා ද තම සිත් ගත් තරුණිය සමඟ කාල්පනික ලෝකයේ සම්භෝග ශෘංගාර සුව වින්දේය.එහෙත් මෙතෙක් කල් ඔහු මනසින් මවා ගත් මනෝලෝකය එකවර බිඳි ගියේය.දිව්‍යලෝකයේ දිව්‍යමය රස විඳිමින් සිටි කථකයාට මෙි කඩාවැටීම,අහිමිවීම එකවර දරාගත නොහැකිය.ඔහු ඒ පිළිබඳ පශ්චාත්තාප වෙයි.සම්භෝයේ සුඛාස්වාදය, සුඛානන්දය අසුරු සැණින්,තත්ක්ෂණයෙන් අහිමිවී ගිය කල මෙබඳු වෙිදනාවක් ඇතිවීම ස්වභාවිකය.අපගේ මුළු ජීවිතය ම මෙවැනි වියෝගයන්ගෙන් පිරි පවතී.සම්ප්‍රයෝග විප්‍රයෝග ධර්මතාව ප්‍රගුණ කළ ධීරයා මෙි සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් අකම්පිතව සිටියි.
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කුමරියක පා සලඹ සැලුණා