IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ගංගා එන්න කෝ ගංගා

 

 

 

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි ගී මිණ  සොබාදහමේ භූගෝලීය හා දේශගුණික විපර්යාස මානවබන්ධුත්වයෙන් මොනවට පැහැදිලි කරයි.

කවියක් හෝ ගීතයක් නම් කිසියම් මනෝගතියකින්, හැඟීමකින් රසිකයා මනෝරංජනය කළ යුතුය. කලාවෙි ප්‍රථම  වූත් ප්‍රමුඛ වූත් කාර්යය නම් කිසියම් හැඟීමකින් රසික මනස ප්‍රීණනය කිරීම හා වර්ණ ගැන්වීමය. මෙි ගීතය ද යටකී ගුණාංග දහසකින් අනූන අමිල ගීමිණකි. ඇතමෙක් මෙි ගීතය ප්‍රේම ගීතයක් ලෙස ද වින්දනය කරති. සාහිත්‍යයේදී "ගංගාව" නමැති රූපකය කාන්තාව හැඳින්වීමට ද  භාවිත කරයි. එබැවින් මෙය ප්‍රේමවන්තයකුගේ ශෝකාලාපයක්, අඳෝනාවක්, ආයාචනයක් යැයි ද කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් මෙි වූකලි හුදු ප්‍රේම ගීතයක් නම් නොවෙි. මෙි ගීතයට විෂය වී තිබෙන්නේ මහවැලි ගඟ යි.

සියවස් ගණනාවක් වැසි දියෙන් යැපුණු රජරට කලාපයට යෝධ මහවැලි ව්‍යාපාරයේ නිල්දියවර රන්දියවරක් ම විය. මධ්‍යම කඳුකරයට ඇදහැළෙන වැසි ජලයෙන් පෝෂණය වන මහවැලි ගඟ තවත් අතුගංගා ජලාශ රාශියකට ද දියවර සපයයි. එහෙත්  මහවැලි ගඟේ වතුර මිටියවත දිගේ ඉවුරු දෑලෙන් ගලා ගිය ද  එය රජරට පොළොව සශ්‍රීක කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. අහසෙන් වැටෙන දිය බිඳු විනා රජරට කලාපයේ ⁣කුඹුරු, කෙත්වතු පෝෂණයට මහවැලි ගඟෙන් එකුදු දිය බිඳක් නොලැබිණි. එහෙත් පොල්ගොල්ලෙන් වෙිල්ලක් ඉදිකොට මහවැලි ⁣ගං ජලය රජරටට හැරවීමට එකල දේශපාලන අධිකාරිය තීන්දු කළේය. පොල්ගොල්ල වෙිල්ල ඉදිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. වෙිල්ල  ඉදිකිරීමෙන් පසු මහවැලි  ගඟේ සියලු ජල පෝෂක කොටස් රජරට පොළොවට ද මුදාහැරිණි. එදා  රජරටට ඔච්චම් කරමින්  ඉවත බලාගෙන  ත්‍රිකුණාමලයෙන්  මුහුදු  ගිය මහවැලි ගඟේ ජලකඳ අද මුළු  රජරට පොළොව ම ළතෙත් බවින් පුරවයි.

භූගෝලීය විසමතා හා දේශගුණික විපර්යාස පිළිබඳ වෙසෙස් පරිකල්පනයකින් ලියැවුණු මෙි මනරම් ගීමිණිරුවනෙහි ගේය කාව්‍යක්කාරයෝ මහැදුරු සුනිල් ආරියරත්නයෝය. සොබාදහමේ සොඳුරු ඉසව් සංස්පර්ශ කරමින් එහි ප්‍රබලතා මෙන්ම දුබලතා ගැන ද නිර්මාණමක විභවයකින් ඉදිරිපත් කිරීමට තරම් මහැදුරු ආරියරත්නයන්ගේ පරිකල්පන ධාරිතාව ප්‍රබල විය. මෙි ගීතයට පාදක වී ඇත්තේ රචකයාගේ ම ජීවනානුභූතියකි. එකල මහැදුරු ආරියරත්නයෝ යාපනය සරසවියේ කථිකාචාර්යවරයෙක් වූහ. ඔහු බොහෝ විට කොළඹ සිට යාපනය බලා ගියේ දුම්රියෙනි. කඳු හෙල් මිටියාවත් දිගේ ඇදෙන  ගමන මහැදුරු ආරියරත්නයන්ට මහත් ආස්වාදයක් ගෙන දුන්නේ ය. පාරිසරික සුන්දරත්වය මෙන්ම එහි විවිධත්වය ද ඔවුහු සියැසින් ම දුටුවෝය. එහෙත් මහවැලි ගං කොමළයගේ පහස නොලබා දාහෙන් පීඩිත වී අසරණ වී සිටින රජරට කුමරු පිළිබඳ ආරියරත්නයන්ගේ සිතෙහි අනුකම්පාවක් ඇතිවිය.

මෙි වුකලි ස්තරීයකරණයට නතු වූ විශිෂ්ට ගීමිණිරුවනකි. ස්තරීයකරණය යනු කිසියම් ප්‍රපංචයක හෝ පුද්ගලයකුගේ උඩු ස්තරය සහ යටි ස්තරයයි. මෙි ගීතයේ ද මතුපිට ස්තරය සංකේත රූපක රස මංජරියකි. මෙි වූකලි කිසියම් යෞවනයකු ලලනා ලාවණ්‍යලෝලය වඩමින් තරුණියකට කරන ආදරණීය ආයාචනයක් බඳුය. ආදර ගංගාවෙි සිසිලස නොලබා වාලුකා තලයක අතරමං වූවකුට මෙබඳු හෘදයාංගම පද පෙළක් සිහිල් බිඳක් නොවෙිද? එහෙත් මෙි ගීතයේ යටිපෙළ දරා සිටින්නේ ඊට හාත්පසින් ම වෙනස් උසස් විදර්ශනාවකි.

නාදයෙන් තිරිසන්ගත සත්වයෝ පවා මෝහනයට පත්වෙති. අර්ථයෙන් තොර රමණීය නාදය තිරිසන් රසය යි කියා කුමාරතුංග මුනිදාස  කීයේ මෙි තතු සලකාය. නාදය මානවීය රසයක් බවට පත්වීමට නම් එය අර්ථයෙන් සරසාලුවමනාය. කාව්‍යයක් හෝ ගීතයක් වන්නේ අර්ථරසය හරය කොටගත් රචනාවක්ම ය. මෙනයින් බලන කල අබෙිවර්ධන බාලසූරියගේ කටහඬ අර්ථවත් ගීයක් වෙනුවෙන් පාවිච්චි කිරීම සතුට දනවන කාරණයකි. එකල රජරට මෙකල මෙන් නොව සෞභාග්‍යයේ කේතුමති රජදහනකි. සිංහල රජවරුන් දීර්ඝතම කාලයක් අපරාජිතව වැජඹුණු රාජධානිය යි. කාලයාගේ ඇවෑමෙන් සියල්ල විපරිණාමයට පත්වී තිබෙි. අනුරපුර ශ්‍රීවිභූතිය පිළිබඳ පුරෝගාමී ගේයපද රචක නීතිඥ ජෝන් ද සිල්වා සූරීහූ මෙසේ වනති.

දන්නෝ බුදුන්ගේ
ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ
සීලෙ නිබන්දා

මනෙල් නෙළුම් හා ඔිළු පුෂ්පාදී
ඇත්තේය පොකුණුවල බෝ ජල පෑදී
සේරු පන්ති පන්ති පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පෙනේ බොහො සේ

මෙි වූකලි ⁣සිරිසඟබෝ නාට්‍යයේ එන නූර්ති ගීයක කොටසකි. මෙහි වර්ණිත වන්නේ පුරාණ අනුරාධපුර නගරය යි. එය බුදුසමයේ ශ්‍රීවිභූතියෙන් විභූෂිතව තිබුණු බව මෙහි කියැවෙි. එහෙත් අනුරපුරයේ වත්මන් තතු කෙසේද? එකල බෞද්ධ ආරාම පවා ධනධාන්‍යවලින් ආඪ්‍ය වී තිබිණ. ආරාම සතුව බැංකු පවා පැවතිණ. එහෙත් අද රජරට  කර්කෂය. ශූෂ්කය. සරු පොළොව නිසරුය. ගං හෝ වැව් සිඳී ගොස්ය.

රජරට සිඳීගිය වැව් මහවැලි ගඟට ආවඩන්නේ පෙරකල තිබු සශ්‍රීකත්වය නැවත උදාකර ගැනීමෙි මහඟු අපේක්ෂාවෙන් නොවේද? මෙි අඬන්නේ සියවස් ගණනාවක් වැසි දියෙන් පෝෂණය වී වරෙක වාන් දැමූ රජරට වාපියක් ම නොවෙිද?

ගංගා
එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

"එන්න! මහවැලි ගං කොමළිය. නුඹෙි සිසිලස මෙි වියැළුණු වාලුකා තලයට දෙන්න. මං නුඹ  එනතුරු මඟ බලමින් ඉන්නවා." අව්කාෂ්ඨකයෙන් පැළි, ඉරිතලා ගිය රජරට පොළොවෙි ආයාචනය මෙය නොවෙිද? ගීතයේ ස්ථායි කොටස සරල, සුගම පද පෙළක් ලෙස ගලා ගිය ද එහි ප්‍රථම අන්තරා කොටසෙන් රචකයා ධ්වනිතාර්ථපූර්ණ රූපකාර්ථවත් චිත්තරූප පෙළක් ගොඩනගයි.

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ

අහසින් වැහි බිඳක් වැටෙනතුරු ඉච්ඡාභංගත්වයෙන් සිටින මහා වනස්පති පවා අවපත් වීමට ඔන්න මෙන්නය. මෙහිදී රචකයා ගොඩනගන රූපක අතිප්‍රබලය. දිරූ ඉපල් අත්දඬු ඔසවාගෙන යන යෙදුමෙන් සංකේතවත් වන්නේ මහල්ලකුගේ කේඳෑරී වූ රූපකාය නොවෙිද? මරණාසන්නයේදී දිය පොදක් ඉල්ලා සිටින මහල්ලකු මෙන්  කඩා වැටීමට ආසන්න වනස්පතියක  මර⁣ළතෝනියත් දිය සිඳී ගිය වාලුකා වාපියක කෙඳිරියත් අපට මින් නොඇසේද? මෙතරමි දරුණු ඛෙිදවාචකයකයට මුළු රජරට කලාපයය ම මුහුණ දුන්න ද මහවැලි ගං කොමළියට ඒ ගැන හාංකවිසියක ළතෙත් බවක් ⁣හෝ නිනව්වක් නැත. ඇය සැමට ඔච්චම් පාමින් අහක බලාගෙන ම සිඳුහිමි තුරුලටම යන්නීය. එහෙත් මෙහිදී කථකයාගේ මුවින් සානුකම්පිත අහිංසක පැනයක් පැන නගියි. කථකයා පවසන්නේ  පොල්ගොල්ල වෙිල්ල ඉදිකිරීමෙන් පසු මහවැලි කොමළිය තමා වෙත ඇදී එන බව නොවෙිද? "නැහැ නේද ඉතින් යළි අහක බලන් යන්නේ " මෙි අහිංසක, ආදරණීය, නිර්ව්‍යාජ පදපෙළ ⁣අකලංක පෙම්වතකු  තම චපල පෙම්වතියගෙන් අසන පැනයක් බඳුය. එහි කිසියම් නෝංජල් ගතිකයක්ද දැවටී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතින්  යළි අහක බලන් යන්නේ

දැඩි අව් රශ්මියෙන් ඉරිතළා ගිය පොළොව රචකයා දකිනුයේ පිපාසයෙන් පීඩත පිපුරුණු දෙතොලක් ලෙසයි. මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? ධ්වනිතාර්ථපූර්ණ රූපකාර්ථවත් යෙදුම් මගින් රචකයා උත්සාහ කරන්නේ රජරට කලාපයේ දුෂ්කරත්වය, පීඩනය අන්‍යාලාපයෙන් මුදාහැරීමටය. මෙහිදී සිහිල් දිය බිඳක පහස පතා අහසට මුව විවර කරන වැව් පතුලක හෝ වියැළුණු, පැළුණු පොළොවක සිතුවමක් රසික මනසේ සිත්තම් නොවෙිද ? එහෙත් මෙි සියලු දුක් දොම්නස් තාවකාලික බවත් රජරටට යළි සුඛප්‍රහර්ෂය, සශ්‍රීකත්වය උදාවන බවත් රචකයා වක්‍රෝතියෙන් පවසයි.

රචකයාගේ පරිකල්පන ශක්තියේ අපූර්වත්වය  මෙි ගීතයේ අවසන් අන්තරා කොටසෙන් සුවිශද වෙයි. රජරට කලාපයේ සමස්ත වාපි සංස්කෘතිය විනශ මුඛයට ගිය ද මෙි ආයාචනය සිදුවන්නේ යළි මහපොළොවට සශ්‍රීකත්වය උදාකර ගැනීමෙි බලාපොරොත්තුවෙනි. අබෙිවර්ධන බාලසූරියගේ කර්ණරසායන හඬ පෞරුෂයත් වික්ටර් රත්නායකයන්ගේ මධුර මියැසියත් මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ⁣සුගේය පදත් ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි. මෙි වූකලි කරුණරසය ජනනය කරන තවත් අපූරු ගීමිණක් නොවෙිද?

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ


 



අදහස් (5)

ගංගා එන්න කෝ ගංගා

AB Monday, 13 March 2023 07:07 AM

ගංගා එන්නකෝ ගංගා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා...

:       0       2

මැක්ස් Monday, 13 March 2023 12:38 PM

පෙළපාලි, වැඩ වර්ජන, අඩ දබර, මිනී මැරුම්, දේශපාලකයින්ගේ සහ ඇම්බැට්ට හෙන්චයියන්ගේ වාග් සංග්‍රාම වැනි ලේ රත් කරන විකාර කියවනවට වඩා මෙවැනි සුවිශිෂ්ට ගී මිනක් පිළිබඳව ලියවුනු සාර සංග්‍රහයකින් සතිය අරඹන්නට ඉඩ හසර ලබා දීම පිලිබඳ ශෂී ප්‍රභාත් මහතාටත්, ලංකාදීපයටත් පින්!

:       0       10

රනේ Monday, 13 March 2023 05:28 PM

මහැදුරු අප දේශයේ පිනට පහළ වූවෙකු බව නොකියා බැරිය.. දීඝායු වේවා..!

:       0       7

උදය Sunday, 19 March 2023 06:22 AM

මෙම ගීතයේ පද රචකයා අරිසෙන් අහුබුදු බවට අසා ඇත. මා වැරැදි නම් නිවැරැදි කරන්න. ස්තූතියි..!

:       1       0

SanjeewaTuesday, 21 March 2023 04:56 PM

මෙම ගීතයේ පද රචකයා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතායි. අරිසෙන් අහුබුදු මහතා විශිෂ්ට ගීත රචකයෙකි. උදය මහතාගේ ප්‍රකාශය නිවැරදි විය යුතුයි. ‘ගංගා එන්නකෝ ගංගා’ ගීතයේ සැබෑ පද රචකයා සුනිල් ආරියරත්න මහතායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ගී විනිස

සංහිඳේ දෙවියන්ගේ පාමුල
2024 නොවැම්බර් මස 19 503 0

සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ


පිළිම නෙළා නැති
2024 නොවැම්බර් මස 12 1027 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය


මිහිරැති වසන්ත කාලේ
2024 නොවැම්බර් මස 05 1130 0

සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද


රෑ වැඩ මුරය
2024 ඔක්තෝබර් මස 29 1297 0

බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්


අඳුරු කුටිය තුළ
2024 ඔක්තෝබර් මස 22 1278 1

ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත


මගේ සිහිනය මට දකින්න
2024 ඔක්තෝබර් මස 15 1225 0

මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 456 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1956 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site