IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ගංගා එන්න කෝ ගංගා

ගී විනිස 129

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි ගීමිණ  සොබාදහමේ භූගෝලීය හා දේශගුණික විපර්යාස මානවබන්ධුත්වයෙන් යුතුව මොනවට පැහැදිලි කරයි.

කවියක් හෝ ගීතයක් නම් කිසියම් මනෝගතියකින්, හැඟීමකින් රසිකයා මනෝරංජනය කළ යුතුය. කලාවෙි ප්‍රථම  වූත් ප්‍රමුඛ වූත් කාර්යය නම් කිසියම් හැඟීමකින් රසික මනස ප්‍රීණනය කිරීම හා වර්ණ ගැන්වීමය. මෙි ගීතය ද යටකී ගුණාංග දහසකින් අනූන අමිල ගීමිණකි. ඇතමෙක් මෙි ගීතය ප්‍රේම ගීතයක් ලෙස ද වින්දනය කරති. සාහිත්‍යයේදී "ගංගාව" නමැති රූපකය කාන්තාව හැඳින්වීමට ද  භාවිත කරයි. එබැවින් මෙය ප්‍රේමවන්තයකුගේ ශෝකාලාපයක්, අඳෝනාවක්, ආයාචනයක් යැයි ද කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් මෙි වූකලි හුදු ප්‍රේම ගීතයක් නම් නොවෙි. මෙි ගීතයට විෂය වී තිබෙන්නේ මහවැලි ගඟ යි.

සියවස් ගණනාවක් වැසි දියෙන් යැපුණු රජරට කලාපයට යෝධ මහවැලි ව්‍යාපාරයේ නිල්දියවර රන්දියවරක් ම විය. මධ්‍යම කඳුකරයට ඇදහැළෙන වැසි ජලයෙන් පෝෂණය වන මහවැලි ගඟ තවත් අතුගංගා ජලාශ රාශියකට ද දියවර සපයයි. එහෙත්  මහවැලි ගඟේ වතුර මිටියවත දිගේ ඉවුරු දෑලෙන් ගලා ගිය ද  එය රජරට පොළොව සශ්‍රීක කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. අහසෙන් වැටෙන දිය බිඳු විනා රජරට කලාපයේ ⁣කුඹුරු, කෙත්වතු පෝෂණයට මහවැලි ගඟෙන් එකුදු දිය බිඳක් නොලැබිණි. එහෙත් පොල්ගොල්ලෙන් වෙිල්ලක් ඉදිකොට මහවැලි ⁣ගං ජලය රජරටට හැරවීමට එකල දේශපාලන අධිකාරිය තීන්දු කළේය. පොල්ගොල්ල වෙිල්ල ඉදිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. වෙිල්ල  ඉදිකිරීමෙන් පසු මහවැලි  ගඟේ සියලු ජල පෝෂක කොටස් රජරට පොළොවට ද මුදාහැරිණි. එදා  රජරටට ඔච්චම් කරමින්  ඉවත බලාගෙන  ත්‍රිකුණාමලයෙන්  මුහුදු  ගිය මහවැලි ගඟේ ජලකඳ අද මුළු  රජරට පොළොව ම ළතෙත් බවින් පුරවයි.

භූගෝලීය විසමතා හා දේශගුණික විපර්යාස පිළිබඳ වෙසෙස් පරිකල්පනයකින් ලියැවුණු මෙි මනරම් ගීමිණිරුවනෙහි ගේය කාව්‍යක්කාරයෝ මහැදුරු සුනිල් ආරියරත්නයෝය. සොබාදහමේ සොඳුරු ඉසව් සංස්පර්ශ කරමින් එහි ප්‍රබලතා මෙන්ම දුබලතා ගැන ද නිර්මාණමක විභවයකින් ඉදිරිපත් කිරීමට තරම් මහැදුරු ආරියරත්නයන්ගේ පරිකල්පන ධාරිතාව ප්‍රබල විය. මෙි ගීතයට පාදක වී ඇත්තේ රචකයාගේ ම ජීවනානුභූතියකි. එකල මහැදුරු ආරියරත්නයෝ යාපනය සරසවියේ කථිකාචාර්යවරයෙක් වූහ. ඔහු බොහෝ විට කොළඹ සිට යාපනය බලා ගියේ දුම්රියෙනි. කඳු හෙල් මිටියාවත් දිගේ ඇදෙන  ගමන මහැදුරු ආරියරත්නයන්ට මහත් ආස්වාදයක් ගෙන දුන්නේ ය. පාරිසරික සුන්දරත්වය මෙන්ම එහි විවිධත්වය ද ඔවුහු සියැසින් ම දුටුවෝය. එහෙත් මහවැලි ගං කොමළියගේ පහස නොලබා දාහෙන් පීඩිත වී අසරණ වී සිටින රජරට කුමරු පිළිබඳ ආරියරත්නයන්ගේ සිතෙහි අනුකම්පාවක් ඇතිවිය.

මෙි වුකලි ස්තරීයකරණයට නතු වූ විශිෂ්ට ගීමිණිරුවනකි. ස්තරීයකරණය යනු කිසියම් ප්‍රපංචයක හෝ පුද්ගලයකුගේ උඩු ස්තරය සහ යටි ස්තරයයි. මෙි ගීතයේ ද මතුපිට ස්තරය සංකේත රූපක රස මංජරියකි. මෙි වූකලි කිසියම් යෞවනයකු ලලනා ලාවණ්‍යලෝලය වඩමින් තරුණියකට කරන ආදරණීය ආයාචනයක් බඳුය. ආදර ගංගාවෙි සිසිලස නොලබා වාලුකා තලයක අතරමං වූවකුට මෙබඳු හෘදයාංගම පද පෙළක් සිහිල් බිඳක් නොවෙිද? එහෙත් මෙි ගීතයේ යටිපෙළ දරා සිටින්නේ ඊට හාත්පසින් ම වෙනස් උසස් විදර්ශනාවකි.

රජරට සිඳීගිය වැව් මහවැලි ගඟට ආවඩන්නේ පෙරකල තිබු සශ්‍රීකත්වය නැවත උදාකර ගැනීමෙි මහඟු අපේක්ෂාවෙන් නොවේද? මෙි අඬන්නේ සියවස් ගණනාවක් වැසි දියෙන් පෝෂණය වී වරෙක වාන් දැමූ රජරට වාපියක් ම නොවෙිද?

ගංගා
එන්න කෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා

"එන්න! මහවැලි ගං කොමළිය. නුඹෙි සිසිලස මෙි වාලුකා තලයට දෙන්න. මං නුඹ  එනතුරු මඟ බලමින් ඉන්නවා." අව්කාෂ්ඨකයෙන් පැළි, ඉරිතලා ගිය රජරට පොළොවෙි ආයාචනය මෙය නොවෙිද? ගීතයේ ස්ථායි කොටස සරල, සුගම පද පෙළක් ලෙස ගලා ගිය ද එහි ප්‍රථම අන්තරා කොටසෙන් රචකයා ධ්වනිතාර්ථපූර්ණ රූපකාර්ථවත් චිත්තරූප පෙළක් ගොඩනගයි.

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ 

අහසින් වැහි බිඳක් වැටෙනතුරු ඉච්ඡාභංගත්වයෙන් සිටින මහා වනස්පති පවා අවපත් වීමට ඔන්න මෙන්නය. මෙහිදී රචකයා ගොඩනගන රූපක අතිප්‍රබලය. දිරූ ඉපල් අත්දඬු ඔසවාගෙන යන යෙදුමෙන් සංකේතවත් වන්නේ මහල්ලකුගේ කේඳෑරී වූ රූපකාය නොවෙිද? මරණාසන්නයේදී දිය පොදක් ඉල්ලා සිටින මහල්ලකු මෙන්  කඩා වැටීමට ආසන්න වනස්පතියක  මර⁣ළතෝනියත් දිය සිඳී ගිය වාලුකා වාපියක කෙඳිරියත් අපට මින් නොඇසේද? මෙතරමි දරුණු ඛෙිදවාචකයකයට මුළු රජරට කලාපයය ම මුහුණ දුන්න ද මහවැලි ගං කොමළියට ඒ ගැන හාංකවිසියක ළතෙත් බවක් ⁣හෝ නිනව්වක් නැත. ඇය සැමට ඔච්චම් පාමින් අහක බලාගෙන ම සිඳුහිමි තුරුලටම යන්නීය. එහෙත් මෙහිදී කථකයාගේ මුවින් සානුකම්පිත අහිංසක පැනයක් පැන නගියි. කථකයා පවසන්නේ  පොල්ගොල්ල වෙිල්ල ඉදිකිරීමෙන් පසු මහවැලි කොමළිය තමා වෙත ඇදී එන බව නොවෙිද? "නැහැ නේද ඉතින් යළි අහක බලන් යන්නේ " මෙි අහිංසක, ආදරණීය, නිර්ව්‍යාජ පදපෙළ ⁣අකලංක පෙම්වතකු  තම චපල පෙම්වතියගෙන් අසන පැනයක් බඳුය. එහි කිසියම් නෝංජල් ගතිකයක්ද දැවටී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතින්  යළි අහක බලන් යන්නේ

දැඩි අව් රශ්මියෙන් ඉරිතළා ගිය පොළොව රචකයා දකිනුයේ පිපාසයෙන් පීඩත පිපුරුණු දෙතොලක් ලෙසයි. මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? ධ්වනිතාර්ථපූර්ණ රූපකාර්ථවත් යෙදුම් මගින් රචකයා උත්සාහ කරන්නේ රජරට කලාපයේ දුෂ්කරත්වය, පීඩනය අන්‍යාලාපයෙන් මුදාහැරීමටය. මෙහිදී සිහිල් දිය බිඳක පහස පතා අහසට මුව විවර කරන වැව් පතුලක හෝ වියැළුණු, පැළුණු පොළොවක සිතුවමක් රසික මනසේ සිත්තම් නොවෙිද ? එහෙත් මෙි සියලු දුක් දොම්නස් තාවකාලික බවත් රජරටට යළි සුඛප්‍රහර්ෂය, සශ්‍රීකත්වය උදාවන බවත් රචකයා වක්‍රෝතියෙන් පවසයි.

රචකයාගේ පරිකල්පන ශක්තියේ අපූර්වත්වය  මෙි ගීතයේ අවසන් අන්තරා කොටසෙන් සුවිශද වෙයි. රජරට කලාපයේ සමස්ත වාපි සංස්කෘතිය විනශ මුඛයට ගිය ද මෙි ආයාචනය සිදුවන්නේ යළි මහපොළොවට සශ්‍රීකත්වය උදාකර ගැනීමෙි බලාපොරොත්තුවෙනි. අබෙිවර්ධන බාලසූරියගේ කර්ණරසායන හඬ පෞරුෂයත් වික්ටර් රත්නායකයන්ගේ මධුර මියැසියත් මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ⁣සුගේය පදත් ගීතයේ සාර්ථකත්වයට දෙස් දෙයි. මෙි වූකලි කරුණරසය ජනනය කරන තවත් අපූරු ගීමිණක් නොවෙිද?



අදහස් (1)

ගංගා එන්න කෝ ගංගා

Jayasekara Wednesday, 19 March 2025 10:27 AM

අම්මෝ ඔලුවත් කැක්කුමයි .මේ විචාර කියවලා .ඊට වඩා ලේසියි ගීතය අහලා අපිම රස වින්දනය කරනා එක

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 5 0

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 956 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


ගංගා එන්න කෝ ගංගා
2025 මාර්තු මස 18 1098 1

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි


උඩඟු ලියන්
2025 මාර්තු මස 11 1151 1

ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග


දුරුකතර ගෙවාගෙන
2025 මාර්තු මස 04 1154 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල


දස්කොන් සකිසඳ
2025 පෙබරවාරි මස 25 1248 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 672 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site