IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ගමන නොනිමෙයි ලෝකයේ

ගීවිනිස 115

 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ජීවිතය පිළිබඳ කරුණරසය මුසුවූ දාර්ශනික කවිතාවක් පළ කරයි.

සංසාරය වූ කලී ගිරිදුර්ග තැනිතලා මත ⁣ගෙවෙන නොනිමි යාත්‍රාවකි.මෙලොව ජීවත්වන සියල්ලන්ට සැප දුක සමබරව විඳීමට සිදුවෙයි.මානවසිංහයන් 1963 දී සිකුරු තරුව සිනමාපටයට ලියූ ඉරහඳ පායන ලෝකෙ සහ ගමන නොනිමෙයි ලෝකයේ  නමැති ගීතද්වය කිසියම්  සාම්‍යයක් දක්වයි.වදන්වැළ වෙනස් වූව ද ⁣යටකී ගීතද්වයේ ම ඇත්තේ එකම අරුතකි.දාර්ශනික කවිතාවකි.මෙනයින් විවිධ කාව්‍යෝක්ති,ව්‍යංග්‍යාර්ථ මවමින්  මානවසිංහයෝ කුමක් කින්නෙහු ද?මෙහිදී ඔහු පවසන්නේ එකම කරුණකි.එනම් මෙි ලෝකය පවතිනතුරු මිනිසාට බෞද්ධ චින්තනයට අනුව ජීවත් වීමට සිදුවන බවය.බුදුන්වහන්සේ දෙසු අටලෝ දහම අනුගමය කිරීම ජීවත් වීමට පහසු මගක් බව මානවසිංහයෝ නොකියා කියති.මෙි ගීතයේ ව්‍යංග්‍යාර්ථය එය නො වෙි ද?

මෙි ජීවිතයට දුක පමණක් නොව සැප ද උරුමය.එහෙත් මෙි දුක සැප දෙක නිති පෙරළේ."ගැටෙන සැප - දුක මාරුවී යයි"යනුවෙන් කවියා පවසන්නේ යටකී යථාර්ථය යි.මෙහිදී කවියා ගොඩනගන දාර්ශනික චින්තාව අපූරු කවිතාවකි.එහි ගැඹුර අතිශය ප්‍රබලය.එයින් දැල්වෙන ප්‍රඥාලෝකය මොහාන්ධකාරයේ ගිලුණු සමාජයට ප්‍රභාෂ්වරයකි.ප්‍රහර්ෂයකි.පුහුදුන් මිනිසාගේ ආසාවෝ අසීමිතයෝ ය.එහෙත් සොබාදහම එකී සියලු ආසා සන්තර්පණය කරගැනීමට ඉඩ නොදෙයි.සොබාදහම අපගේ පාලකයා වෙමින් සමබරව සියල්ල නියාමනය කරයි.මැඬලයි.
මෙනයින් බලන කල  අපගේ ජීවන මග කැලඹීම සිදුවන්නේ ද සොබාදහමේ නියමයට අනුව නො වෙි ද?  ලොව බොහෝදෙනා තමන් නොලද සම්පත් ගැන සිහින මවති.එහෙත්  සිහින බිඳි ගොස් ශෝකයෙන් කෙළවර වෙයි.ඇතැම් සිහින සපල වුව ද බොහෝ සිහින බොඳවෙයි.තතු එසේ වූව ද සැප - දුක  එකසේ විඳ දරාගන්නෝ යෙහෙන් වැජඹෙති.ඔවුහු දිවිමග සරුකර ගනිති.මානවසිංහයෝ ⁣යටකී අත්දැකීම ප්‍රබල සංකල්පරූප පොකුරක් මඟින් නිරූපණය කරති.

 

ගමන නොනිමෙයි ලෝකයේ මේ
පුරුදු ජීවන මංතලේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ

වැටෙන මල් පෙති පාවුණාවේ
සුළං රැළි ඔහෙ යන අතේ
යළිත් ගහ කොළ පාළු නෑනේ
රිකිළි නංවා ලියැලැවේ
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ

මෙි වූ කලි ඉමක් කොනක් නිමක් නැති සංසාර ගමනකි.එහෙත් මෙි ජීවිතය මිනිසාට හොඳට හුරුපුරුදුය.සැප - දුක යන අටලෝ දහම මත සියල්ල සමබරව පාලනය⁣ වෙයි.එබැවින් මෙි කෙටි ජීවිතයට හිමි සියලු දුක් ගැහැට, සතුට, සැනසුම,කඳුළ, සිනහව විඳිමින් අකම්පිතව දිවි ගෙවිය යුතුය.ඔබ අප කාටත් හුරුපුරුදු ජීවිත මාවත මෙය යි.ගහකොළ මල් පෙති වැටී සුළඟේ පාවී ගිය ද නැවත එම ගස් පෙරටත් වඩා සුන්දරත්වයෙන්  අතුරිකිළි නංවමින් සවිමත්ව පල දරයි.මෙි නම් වරෙක තිත්ත තවත් වරෙක අමොද බිඳු වෑහෙන  රසාලිප්ත ඇත්ත ජීවිතය නො වෙි ද?


කොහේද සීතල ජලාශයක රැළි
ගැටී ගැටී එයි සුළං වැදී
අපේම සිරුරේ අපේම දහදිය
නිවී නිවී යයි සුළං වැදී
ගැටෙන සැප දුක මාරු වී යයි
පුරුදු ජීවන මං තලේ


ගලා බසී දිය පහර සෙමින්
වැලි තලා සදා සමතලා බිමේ
හැපී ගලක යළි සලා වැටුම් දී
නගා නගා හඬ දිවේ දිවේ
ගැටෙන සැප දුක මාරු වී
යයි පුරුදු ජීවන මං තලේ


ගේයපද සංකලනය ද තනු සංරචනය ද එකසේ රමණීය වූ කලි රසනිෂ්පතිය අතිශය මධුර මනෝහර වෙි.එපමණක් නොව ගායනයේ නාදසංරචනය ඊට දෙවැනි නො වෙි.මෙි ගීතයේ යටකී ත්‍රිලක්ෂණය මොනවට පැහැදිලි වෙයි.ජීවිතේ නා නා පරාජයන්ගෙන් උපන් ශෝකය මෙන්ම නා නා ජයග්‍රහණයන්ගෙන් ජනිත වූ ප්‍රහර්ෂය අපි අත්විඳින්නෙමු.මෙනයින් ජීවන කුසුම සුපුෂ්පිත කිරීමට ප්‍රාණය ගෙන දෙන්නේ ජීවනානුභූතින්ම ය.

ඈත කොහේ සිට හෝ එන සීතල ජලාශයක සිහිල් මඳනල අපගේ සිරුරේ දාහය නිවා දමයි.එපමණක් නොව වැලි තලා සැදුණු සමතලා බි⁣මෙි ගලක හැපී සලා වැටුම් ද හට ගනී? මෙහිදී සලා වැටුම් යනු කිම? සලාව නම් දිය සුළිය යි.ජල පහරක් උස් ස්ථානයක සිට වෙිගයෙන් පහළට වැ⁣ටීමෙිදී ඇති වන සැඩරළ සහිත සුළියකට 'සලා වැටුම'  යයි කියති.ජීවිතය ද එබඳු දිය සුළිවලට නිතර හසුවෙයි.නිසලව ගලන ගඟකට වූව ද හමුවන බාධක අපමණ නො වෙි ද? ජීවිතය ද එසේය.විවිධ බාධක කම්කටොලු මැද ජීවිතය ගලා යයි.එහිදී අපට යටකී අන්තරයකාරී,වෙිදනාකාරී,බිහිසුණු සලා වැටුම් හමුවෙයි.අද කාලයේ ඇසෙන අපභ්‍රංශ ගීපදවලට වඩා මෙි ගේයපද කෙතරම් රමණීය ද? සක්ක පද අමුණන යටකී කුකවි පද රචකයන්ගේ ගීත සියයක් ගත්ත ද මානවසිංහ,මහගම සේකර වැන්නන්ගේ එක ගීතයකට අලගු තැබීමටවත් හැකිද?



අදහස් (0)

ගමන නොනිමෙයි ලෝකයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 6 0

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 956 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


ගංගා එන්න කෝ ගංගා
2025 මාර්තු මස 18 1098 1

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි


උඩඟු ලියන්
2025 මාර්තු මස 11 1151 1

ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග


දුරුකතර ගෙවාගෙන
2025 මාර්තු මස 04 1154 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල


දස්කොන් සකිසඳ
2025 පෙබරවාරි මස 25 1248 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site