සුදත් ගාමිණි බණ්ඩාරයන් රචනා කළ,සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ආනන්ද පෙරේරාගේ සංගීතය මුසුවූ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇති වූ සිංහල - දමිළ ජනසංහාරයට මැදි වූ පෙම්වතුන් යුවළකගේ මානවබන්ධුත්වයේ ආත්මීය අඬහැරය යි.
සංස්කෘති දෙකක පෙම්වතුන් යුවළක් ආදර අන්දරයක පැටලීම අලුත් ගැටලුවකට මුලපිරීමකි.බහුජාතියේ මහසංස්කෘතියට යටවූ සුළුජාතියේ ලියකට අසත්පුරුෂයන්ගේ නින්දා අපහස රැවුම් ගෙරැවුම් විඳීමට සිදුවීම අරුමයක් නොවෙි.එහෙත් විශ්වයේ එබඳු ප්‍රේම වෘත්තාන්ත බිඳී විසිරී ගිය අවස්ථා මෙන්ම බැඳී එක්තැන් වූ නිමෙිෂ ද අනන්ත අප්‍රමාණය.මෙි ගීතයේ රචක සුදත් ගාමිණි බණ්ඩාරයෝ අනාගත වක්තෘවරයෙක් ද වෙති.ඔවුහු තුන් කල් දකින ප්‍රාඥයකු මෙන් මෙරට වර්ගවාදී ජනසංහාරයේ යුද ගිනිදැල් කලින් ම දුටුවෝය.මෙි ගීතයෙන් පරමාර්ශන කරන්නේ වර්ගවාදී ජනසංහාරයට මුහුණ පාන්නට සිදුවූ පෙම්වතුන් යුවළකගේ හැඟීම්ය.මෙකී හැඟීම් ඉදිරිපත් කෙරෙන්නේ පෙම්වතාගේ පාර්ශ්වයෙනි.මෙි ගීමිණෙන් යුද්ධයේ අංශු මාත්‍රයක් නිරූපණය වුව ද රචකයා මවන චිත්ත රූපික සිතුවම් පෙළ සහ ධ්වනිතාර්ථ පූර්ණ භාෂා ප්‍රයෝග රමණීය කාව්‍යෝක්තියක් නොවෙිද?
බදුල්ලේ හාලිඇල උපන් සුදත් ගාමිණි බණ්ඩාරයෝ මෙහි පාරිසරික වටපිටාව අතැඹුලක් සේ දනිති.නමුණුකුල ගිරිහිස,කන්ද කදිර දේවාලය ඔවුහු පැටිවියේ සිටම දුටුවෝය.සුදත් බණ්ඩාරයන්ගේ "දුම්බර මතක" කාව්‍ය සංග්‍රහයේ දිනපොතක ලියූ කවි යටකී නිර්මාණාත්මක අාභාසයට කදිම නිදසුන්ය.මෙි වූකලි ගීතය එළිදැක්වීමට පෙර සුදත් ලියූ කවියකි.
මේ පාළු සීතල රාත්‍රියේ
ඈතින් ඇසෙන කවියක් වගෙයි
නුඹ ගැන මතකය
පිච්ච මල් සුවඳයි උමා
කවුළු පියන්පත හැර බලමි
මුළු ලෝකයම අන්ධකාරයි
ඈත නිල්වන් කඳුමුදුන මත
නුඹ සැතපෙන ලැයින් කාමරයේ
කුප්පි ලාම්පු එළියවත් නොපෙනෙයි
මා දෙනෙත ටිකෙන් ටික පියවෙන විට
මරළතෝනියක හඬ ඈතින් ඇසෙයි
මගේ හිතතිගැස්සී ඇහැ ඇරෙයි
මිටියාවත මැදින් ගලායන
බදුලු ඔය මුමුණන සුපුරුදු ගීතයටත්
අපි බයවෙන්නෙ ඇයි උමා
මේ තරම්
ඈත කඳු මුදුන මත කෝවිලේ
කොත් කැරැලි මත දැල්වෙන බල්බයක
ආලෝකය මට පෙනෙයි
සමාවෙයන් උමා
කෝවිලේ දෙවියන් නැතැයි මට හිතෙයි
1983 එළිදුටු සුදත් බණ්ඩාරයන්ගේ දුමිබර මතකය කෙතරම් සුන්දරද?ඔහු එහිදී දල්වන මානවබන්ධුත්වය අතිශය ප්‍රබල නොවෙිද? ඈත කඳු මුදුන මත කෝවිලක් තිබුණ ද එහි දැල්වෙන විදුලි බල්බයේ ආලෝකය නොපෙනෙන බවත් එහි දෙවියන් කිසිවකු නැති බවත් රචකයා පවසයි.කවියා මෙහිදී විද්‍යවෙන් මිත්‍යාව බිඳ හෙළයි.මෙි වූකලි අදෘශ්‍යමාන හස්තයන්ට එල්ල කළ ප්‍රබල අතුල් පහරක් නොවෙිද? මිනිසාට මිනිසාගේ ම විනා කවර නම් අදෘශ්‍යමාන බලවෙිගයක පිහිටක් ද? 1983 සිදුකෙරුණු ආසියාව කිසිකලෙක නො අත්දුටු සිංහල- දමිළ ජනසංහාරයේ නටබුන් තවමත් ශේෂ වී ඇත.අළුයට ඇවිළෙන ගිනිපුපුරු මෙන් ඒවා ඉඳහිට මතුවෙයි.
තුමුල නමුණුකුල ගිරිහිස
උදුල සඳ මඬල දුටු නෙත
රැවටුණා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ
ලස්සනයි උමා
නමුණුකුල යනු බදුල්ල දිස්ත්‍රික්කයේ නගරයට ආසන්නව පිහිටි සුන්දර කඳු පන්තියකි.මෙහිදී තුමුල යන්නෙන් අදහස් කරන්නේ එහි ඇති විශාලත්වය යි.උදුල යනු දිලිසෙන,බැබළෙන යන අරුත් දෙන වදනකි.දුල - උදුල යනු ද එකම අරුත් දෙන දෙවදනෙකි.මෙහිදී කථකයා පවසන්නේ තුමුල නමුණුකුල ගිරිහිස මතින් නැගී බැබළෙන සඳමඬලට තම නෙත්සිත් වශී වී රැවටුණු බවයි.ගිරිදුදුළු මතින් එබී හිනැහෙන මෙකී සඳමඬල තුළින් කථකයා දකින්නේ තම ප්‍රාණසම පෙම්වතියගේ සුන්දර වතමඬලයි.රචකයා මෙහිදී ගොඩනගන ව්‍යංග්‍යාර්ථ රමණීය නොවෙිද? එහෙත් ඒ පිළිබඳ ඇයට හිනැහෙන්නට තරම් කාරණයක් ඇති දැයි ඔහු අසයි.කථකයා තම පෙම්වතිය හිනැහෙද්දී මුහුණ රතුවී කඳුළු කඩා වැටෙන දසුනට වඩාත් ප්‍රිය කරන බවත් මෙහිදී කියැවෙයි.එහිදී ඔහු දකින්නේ කුමක්ද ? ඇගේ නාරිදේහයේ නිර්මල සුන්දරත්වය යි.
නුඹෙ වත මඬල සඟවා
මුවාවෙන ලෙසින් අතුරන
සීත පිනි නිසා තිලකය
පාළු වෙයි උමා
සීත මීදුමේ තිරපට
වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හිමිහිට
බලාපන් උමා
මෙහිදී කථකයා පවසන්නේ තම පෙම්වතියගේ වතමඬල හෙවත් මුහුණට සීතල පිනි බිඳු වැටී නළලත ඇති සුන්දර තිලකය මැකී ගොස් පාළු හිස්බවක් ඇති වන බවයි.එහෙත් සීත මීදුම් තිරපට මෙන් සැලෙන සළුපිළි ඈත් කොට වළලු දැමු දෑත් ඉවත් කොට තමා දෙස බලන ලෙසත් ඔහු ආයාචනා කරයි.තමා ලද ප්‍රේමය ආස්වාදය කිරීමට කථකයා තම පෙම්වතියට මෙහිදී විවිධ ප්‍රේම ඇවිටිලි කරයි.
කන්ද උඩ රනින් දිදුලන
කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා
හිතනවද උමා
අප වටා නැගෙන උවදුරු
ඈත් වී නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක්
ඉතිරිවෙද උමා
ජාතිවාදී සංස්කෘතික කොටුපවුරේ හැපී චෛතසික විසංවාදයකට ගොදුරු වී සිටින ප්‍රේමවන්තයෝ දේව හාස්කම් පවා විශ්වාස කරති.කන්ද කදිර දේවාලය යනු කතරගම දෙවියන් වැඩ සිටින ස්ථානය යි.එහෙත් මෙි කථකයා අසන්නේ කන්ද කදිර දේවාලය දෙදෙනාගේ අකලංක උත්තරීතර ප්‍රේමයට පිහිට වෙිවි ද යන්නයි.ඒ පිළිබඳ කථකයාගේ සිතෙහි පවතින්නේ විචිකිච්ඡාවකි.මිත්‍යාව රජකරන සමාජයකට විද්‍යවෙන් පලක් නැත.ඇතමෙක් තවමත් අදිසි බලවෙිග පස්සේ දුවති.සමහරු මාසයක් තිස්සේ කුලියට කඹුරන සොච්චම් වැටුප ද පන්සල්, පල්ලි කෝවිල් නඩත්තු කිරීමට වැය කරති.මෙනයින් බලන කල ආගම යනු උරචක්‍රමාලයක් නොවෙිද?දෙවියන් යනුවෙන් කිසිවකු නැති බව සම්‍යඥානය ඇති පුද්ගලයෝ දනිති.එහෙත් මෙහි කථකයා උමාගෙන් අසන්නේ කදිර දෙවියන්ගේ ආශිර්වාදය ඔවුන්ගේ ප්‍රේමය ජයගැනීමට ලැබෙිවි ද යන්නයි.කථකයාගේ ප්‍රශ්නාර්ථයෙන් පෙනී යන්නේ දෙදෙනාගේ අන්ත අසරණභාවයයි. එයින් අප හදවත් බලවත් ලෙස කම්පා නොවෙිද?අවසානයේදී කථකයා තවත් පැනයක් අසයි.එනම් දෙදෙනාගේ ප්‍රේමය බිඳී විසිරී ගොස් පිච්ච මල් සුවඳ පමණක් ඉතිරි වෙිද යන්නයි.පිච්ච මල් යනු දමිළ කාන්තාවන් හිස ගවසාගෙන සිටින සුගන්ධයෙන් පිරිපුන් මල් වර්ගයකි.කථකයා එකී මල් සුවඳට අතිශය ප්‍රිය කරන බවත් කවදාහරි දවසක පෙම්වතිය අහිමිවී පිච්ච මල් සුවඳ පමණක් ඉතිරිවෙි දැයි ඔහු තුළ බිය,සැක සංකා මතුවෙයි.සිංහල - දමිළ යුද්ධයට මැදි වූ මෙි පෙම්වතුන් යුවළ මත රුදුරු මරණය ලඹ දෙයි.එබැවින් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සමීප වන්නේ සම්ප්‍රයෝගයකට වඩා විප්‍රයෝගයකට නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුමුල නමුණුකුල ගිරිහිස