ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ රූපකාර්ථවත් සුගේය පද රචනයෙන් ද ස්ටැන්ලි පීරිසුන්ගේ සුස්වර සංරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ ශෝකී හැඟීම් දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන් දැයෙන් සමුගෙන අදට සත් වසරක් සපිරේ. මෙවර ගී විනිස වෙන්වන්නේ ඔහුගේ පෑන් තුඩින් ලියැවුණු තවත් අපූරු ගී මිණිරුවනක් වෙනුවෙනි. මීට පෙරද අජන්තා රණසිංහයන්ගේ ගීතයක් වෙනුවෙන් ගීවිනිසෙහි ඉඩහසර වෙන් කෙරිණි. ශ්‍රී ලංකාවෙි සියලුම සමකාලීන ප්‍රකට ගායක ගායිකාවෝ් සහ සංගීතඥයෝ අජන්තා රණසිංහයන්ගේ පෙදෙහි රසහව් ගැයුමෙන් වැයුමෙන් සංදීප්ත ද ප්‍රදීප්ත ද කළහ. එබඳු නිර්මාණ අතර නිති සවනත රැව්දෙන ගීත කීපයක මුල් පද පහත දැක්වෙි.
1. රන් කෙන්දෙන් බැඳි
2. බොඳ මීදුම් කඳුරැල්ලේ
3. මෙි අයුරින් අපි සංසාරේ
4. විකසිත පෙම්
5. හන්තානේ කඳු මුදුන සිසාරා
6. නින්දනේන රාත්‍රියේ
7. මෙි මැයිගහ යට
8.මගේ දින පොතේ
9.මල් පොකුරු පොකුරු
10.මුව මුක්තා ලතා
11.සුවඳ දැනී දැනී දැනෙනවා
12.තරු අරුන්දතී
13.උත්තම මුනි දළදා
14.දුරස් වන්නට මෙි ලෙසින්
15. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු
හැත්තෑව දශකයේ සිට මියෙන තුරුම අජන්තා රණසිංහයෝ යටකී කලාත්මක, ගුණාත්මක ගීත දහසකට වඩා ලියා මහඟු ඵල නෙළුෑහ. තරු අරුන්දතී වූකලි එකී ඵල අතර ප්‍රණීත, සුරස අමොදයකි. අරුන්දතිය නමැති තාරකාව පිළිබඳ ඉතිහාස කතා බොහොමයක් ඇත. එහෙත් ඒ සියල්ල දිගහැරීමට මෙි වෙිලාව නොවෙි. අනාදිමත් කාලයක සිට හින්දු බැතිමත්හු අරුන්දතී තරුවට වෙසෙස් ආස්ථානයක් දුන්හ. ඔවුහු අරුන්දතිය අසාමාන්‍ය තාරකාවක් ලෙස ද විශ්වාස කළහ.පුරාතන හින්දු සංස්කෘතියට අනුව අරුන්දතී තරුව පතිවෘත්තාවෙි සංකේතයයි. අලුත විවාහපත් යුවළක් ඈත අහසේ දිදුලන අරුන්දතී තාරකාව දෙස බලා සිටීම අනිවාර්ය චාරිත්‍රයකි. හින්දු වෙිද ග්‍රන්ථවල මෙි පිළිබඳ විවිධ රසවත් කතා ඇත. වෙිදයට අනුව අරුන්දතිය යනු වශිෂ්ට නමැති මුනිවරයාගේ බිරිඳ යි. වශිෂ්ට යනු වෙිදයේ සඳහන් මුනිවරයෙකි. වෙිදයට අනුව එබඳු මුනිවරු සත්දෙනෙක් සිටිති. රූප සම්පත්තියෙන් අගතැන්පත් අරුන්දතිය ස්වාමි භක්තියට පතිවෘත්තාවට මුල්තැන දුන් බව වෙිදයේ සඳහන් වෙි. අරුන්දති තාරකාවට විද්‍යාත්මකව දී ඇති නාමය ඇල්කර් (Alcor) යන්නයි. හින්දු භක්තියන්ට අනුව අරුන්දතී අරුම පුදුම අසාමාන්‍ය පරමාදර්ශී කාන්තාවකි. මෙි ගීතයේ කථකයා වැළපෙන්නේ ද අරුන්දතියගේ වියෝව දරා ගැනීමට නොහැකිවය. තරු අරුන්දතී ගීතය ඇසූ සැණින් අප තුළ කිසියම් හිස්කමක්, පාළුවක්, තනිකමක් ඇති වෙයි. මෙි වූකලි ශෝකී රසයකි. එහෙත් ශෝකයත් රසයක් නොවෙිද? පුරුෂයකු ලියක පතා ද ලියක පුරුෂයකු පතා ද දුක් ගනී. ලෝක ස්වභාවය එසේය. මුළු විශ්වයම ප්‍රේම වෘත්තාන්තවලින් පිරී පවතී. කුසජාතකය පාදක කොටගෙන ලියැවුණු කව්සිළුමිණ එවැනි මධුර මනෝහර ප්‍රේම වෘත්තාන්ත කාව්‍යක් නොවෙිද? ආදර සිතක පැතුම් සපිරෙන විට ප්‍රීති ප්‍රමෝදය, සුඛප්‍රහර්ෂය දැනවෙි. එහෙත් සතුට සදාකාලික නොවෙි. විටෙක එය බිඳ හැළේ. එවිට ශෝකය උපදී. ප්‍රේමගීත, ප්‍රේමකාව්‍ය ආදියේ ගැබ් වන්නේ මෙකී හැඟීම්ය. මෙි ගීතයේ කථකයාට ද සිය ප්‍රියාවිය අහිමිවී ගොස් ඇත. ඇයගේ අකල් වියෝව ඔහුට දරාගැනීමට නොහැකිය. ඔහු තම ප්‍රියාවගේ මතක සැමරුම් පටුවත දිගේ ඇදී යයි.
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිනි පොදක් සෙමෙන් සලනා
ශෝකී අන්ධකාරයත් එක්ක දිග හැරෙන නිදිවර්ජිත රාත්‍රිය කථකයාට ගෙන දෙන්නේ පාළුව, කාන්සිය, තනිකම සන්ත්‍රාසය, විස්මය මුසු හැඟීමකි. තම ප්‍රාණසම ප්‍රියාවිය අද ඔහු අසල නැත. කථකයාට ඇගේ උණුසුමක ඇවැසියාව තදින්ම දැනේ. එහෙත් අරුන්දතිය නෙතු පහන් නිවා කාන්තිය වසන් කරමින් ඈත අහසේ මෙිකුළු අතර නිසොල්මනේ සිටින්නීය. වනස්පතිය යනු මහා වෘක්ෂයකට අරුත් දෙන තවත් නමකි. මෙකී තුරුලතා අතුඅග රැඳි සිනිඳු පතක් පිනිබිඳක් සලමින් ඔහුගේ දුක බෙදාගැනීමට එකතුවෙයි. කථකයාට ඇය නැති පාළුව දරාගැනීමට නොහැකිය. මෙි අත්දැකීම තුන්යම් රාත්‍රියේ ම පවතී. නින්ද නොයන නිසාම අත්දැකීම බලවත් ලෙස ශෝකී බවට පත්වෙි. එහෙත් අරුන්දතියට ඒ පිළිබඳ නිනව්වක් නැත. ඇය මුනිවත රකින්නීය. බැහැරි ලොව ගන'ඳුරින් වැසී යත්ම හුදෙකලාව තනිකම අරක් ගනී. එවිට කුටිය පුරා රජයන්නේ ශෝකී අන්ධකාරය නොවෙිද?
ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුළක පැල්ලම් ඉරි ඇඳුණා
අලුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ බොල් හුළඟේ
මට තනියක් දැනුණා
ඇයගේ මතකය දැවටුණු කවුළු පියන්පතක නෙතින් රූරා වැටුණු කඳුළු බිඳුවක පැල්ලම් රේඛා ඇඳී ඇත. එය ඔහුට මතක සිහිවටනයක් බඳුය. කවුළුවෙන් එපිට සුන්දර වනඋයනකි. දිනිසුරු පහසින් විකසිතව සුදිලෙන වර්ණගුණෝපේතව සුගන්ධිත මල් යායකි. එහෙත් කථකයාට ඒ තුළට වැද එහි සුන්දරත්වය විඳීමට සිත් නොදෙයි. අරුන්දතිය නොමැති ලොවක ඔහු ප්‍රේමයේ පරමාර්ශනය කෙසේනම් විඳින්නද?
සැඳෑ බොල් හුළඟේ
මට තනියක් දැනුණා
මෙි පද පෙළෙහි ඇත්තේ කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? මෙි යෙදුමෙන් කථකයාගේ සමස්ත අධ්‍යාත්මය වසා පැතිර යන ශෝකාන්ධකාරය, තනිකම ධ්වනිත නොවෙිද? මෙහි ඇති අන්‍යාලාපය කෙතරම් අපූරුද? ආචාර්ය අජන්තා රණසිංහයෝ අසමසම වචන මැවුම්කරුවෙක් (The Unsurpassable wordsmith) ද වෙති. මෙි ගීතය තුළින් ද ඔවුහු ඒ විස්මිත විස්කම කරති.
වැළපෙන මා හද කැටපත් පවුරේ
හංසගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා
මෙි කථකයාගේ කැටපත් පවුර බඳු හදවතේ අද ලියැවෙනේනේ සුන්දර කුරුටුගී නොව දුක්බර හංසගීතයකි. හංසයා ගීත ගයන්නේ මරණාසන්නයේදී ය. එහෙත් බැහැරි ලොවට උගේ දුක්ගී රාවය නොඇසේ. මෙි කථකයා ද දැන් සිටිනුයේ ද ජීවිතයේ සැඳෑසමයට ආසන්නයේ ය. වියපත් ඔහුට තම ප්‍රියාවිය මතකයට නැගෙයි. කොයි මොහොතක හෝ ඇය තමා සොයාගෙන එන්නීය යන සිතුවිල්ල, බලාපොරොත්තුව ඔහු සිතෙහි පවති. හිරු නැගෙන උදෑසන පළමු රන් කිරණ සේ බලාපොරොත්තු ප්‍රාර්ථනා දල්වමින් ඇය එතැයි ඔහු නොතිත් ආසාවෙන් බලා සිටියි.
පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද රිදි සුසුම් නඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා
ළහිරු කිරණින් විකසිත වන පුෂ්ප මකරන්ද හෙවත් රොන්සුනු සුගන්ධය දසත ගලයි. එවිට ඔහුට තම ප්‍රියාවිය සිහිවෙයි. හදවත රිදුම් දී සෝසුසුමින් පිරී යයි. මෙකී වර්ණිත පාරිසරික සුන්දරත්වය විඳීමට කථකයාට නොහැකිය. ඇය නැති බිමෙහි ඔහු තුළ අනුරාග හැඟුම් නූපදියි. සුන්දර කුසුම් අනුරාගී හැඟීම් පමණක් නොව සම්භෝග සුව විඳීමට ද අතවනයි. එහෙත් එබඳු සොඳුරු සුයාමයකට දැන් ඉඩ නැත. පහන්දොරින් හිරු එබිකම් කළ හෝරාවෙි අරුන්දතිය ඔහු හැරපියා ගොස්ය. මතක කවුළුව හැරදමා ඇය කොහි ගියේදැයි ඔහු විස්මයෙන් විපිළිසර වන්නේය. කථකයාගේ කාල්පනික විජිතය නිමෙිෂයකින් බිඳ වැටී සියලු ප්‍රාර්ථනා සුනුවිසිනු විය. මෙි වූකලි අප තුළ කරුණරසය දනවන මහඟු ගී මිණක් නොවෙිද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරු අරුන්දතී නෙතු පහන් නිවා
himal Thursday, 02 March 2023 03:41 PM
එතකොට අර වනස්පතිගේ ලදැල්ලකින් පිනි පොදක් එන පද පෙළයි, අලුත් මලින් පිරි වනෝද්‍යානයේ පද පෙළයි අතර සම්බන්ධය කොහොමද?
Nuwan Friday, 03 March 2023 03:29 AM
මීට වඩා හොඳ පැහැදිලි කිරීම් මම දැකලා තියනවා.