ප්‍රණීත් අභයසුන්දරයන්ගේ පද සංකල්පනාවෙන් ද මාලනී බුලත්සිංහලයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද ආනන්ද ගමගේ සංගීතවෙිදියානන්ගේ ස්වරාලංකාරයෙන් ද සුලලිත වූ මෙි ගීමිණිරුවන මානවබන්ධුත්වයේ ඉමිහිරි සංස්පර්ශයෙන් සුවිභූෂිතය.
මිනිසා සෑම කල්හි පතන්නේ ශෝකාන්ධකාරය නොමැති සැපවත් ජීවිතයකි.එහෙත් එබඳු සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට හැමදෙනාට ම නොහැකිය.ඇතැම්හු මාලිගාවල සුරසැප විඳිති.සැප වාහනවල ගමන් කරති.අතට පයට පිරිවරය.එහෙත් පීඩිත පන්තියේ අසරණ ජනතාව ධනපතියාට කඹුරමින් සොච්චම් පඩියකින් යාන්තමින් ජීවිතය ගැට ගසා ගනිති.මෙනයින් ජීවන යථාර්ථය කටුකය.ජුගුප්සිතය.ජීවිතය වනාහි අප සිතන පතන අපේක්ෂිත දේ නොව අපට ලැබෙන දෙයකි.එය හොඳ හෝ නරක කුමක් වූව ද අප බාරගත යුතුය.එහෙත් දෛවයට සියල්ල බාරදී නිහඬ විය යුතු නැත.යාචකයකුට වූව ද දෛවයට අභියෝග කර පොහොසතකු විය හැකිය.චුල්ල සෙට්ටි නම් තරුණයෙක් මීකුණක් විකුණා පොහොසත් වුයේය.
ජීවිතයට ඔවදන්,අවවාද දෙන්නෝ බොහෝ දෙනෙක් සිටිති.එහෙත් ඇතමෙක් ලණු දෙති.බොරු වළකට තල්ලු කරති.තතු එසේ වූව ද කාල්පනික ලෝකවල අතරමං වී සිහින මවන්නෝ සැබෑ ලෝකයේ නොලැබෙන යස ඉසුරු සොයා මනෝරථයේ නැගී පා වී යති.මෙකී කල්පනා යානයට නැගී වැඩිපුරම ජීවිතය සොයන්නෝ තරුණ තරුණියෝය.ඔවුහු විස්මිත විශ්ව මයාවෙි පැටලී මං මුළා වෙති.දෑස් යහමින් පෙනි පෙනීම බැදිවල ම රිංගති. අද්‍යතන තරුණ තරුණියෝ අනුන්ගේ හඬට කන් නොදෙති. ඔවුහු තර්කඥානයෙන් ම ලෝකය දැකීමට උත්සුක වෙති.එය ඉතා හොඳ ප්‍රවණතාවකි.බුදුන් වහන්සේ පවා ආනන්ද හිමියන්ට කීවෙි මා කියන සියල්ල ඒ අයුරින් පිළිගන්නට එපා යැයි කියාය.විචාර බුද්ධියෙන් සියලු දේ දැකීමට උත්සාහ කරන්නැයි උන්වහන්සේ කීහ.එහෙත් මෙි ගෝලාකාර ලෝකය පුදුමාකාරය.විවිධාකාරය.හැමදේම තර්කඥානයෙන්,විචාර බුද්ධියෙන් විසඳිය නොහැකිය.ඇතැම් ගැටලු විසඳීමට ජීවිතානුභූති පමණක් ප්‍රමාණවත්ය.වෙිදයිත ඇවැසිය.මෙකී අත්දැකීම් ලබාගත හැක්කේ ජීවිත් වීමෙන් ම පමණි.
ලාංකේය තරුණයාගේ සැබෑ ජීවිතය උල්කාපාතයක් මෙනි.විශාල දීප්තියකින් රාත්‍රි අහසින් කඩා වැටී නිවී යයි.වත්මන් තරුණ තරුණියෝ වැඩිදෙනෙක් සුපිරි තරු තෝරන රියැලිටි ෂෝ පෝලිම්වල ජීවිතය දිය කරති.සින්දුවෙන් පන්දුවෙන් නැලවෙන සමාජයක තරුණ තරුණියෝ ජීවිතයේ යථාර්ථය නොදකිති.ඇතමෙක් මතට ඇබ්බැහි වී සිටිති.අයෙක් අනුන් සතු වස්තු සොරකම් කරති.මෙනයින් අද ජීවත් වන බොහෝ තරුණ තරුණියෝ අයාලේ ගොස් අකාලයේ නැති නාස්ති වෙති.මෙි ගීතයේ රචක ප්‍රණීත් අභයසුන්දරයෝ ලාංකේය තරුණයාගේ යටකී ඛෙිදවාචකය මැනවින් ග්‍රහණය කරගෙන එක්තරා වීදි දරුවකුට පියකු,සහෝදරයකු මෙන් ඔවදන් දෙති.ආමන්ත්‍රණය කරති.එහෙත් අද කාලයේ වැඩිහිටි ඔවදන්,අවවාද,අනුශාසනා පිළිපදින තරුණ තරුණියෝ කවරහුද? නූතන සමාජයේ සියල්ල කණපිට පෙරළී ඇත.විපරිත ජීවත ගතකරමින් මිනිස්සු ඉබාගාතේ ඇවිදිති.හෙට දවස ගැන නිනව්වක් නැත. හැමෝම තරගයට වැදී ජීවන අරගලය ජයගැනීමට වෙහෙසෙති.කැලෑ නීතිය රජ කරන උඩුයටිකුරු වූ සමාජයේ හැල්මේ දුවන තරුණයාගේ හෙට දවස කොයිබටද?රචකයා පුන පුනා කියන්නේ මෙි අඳුරු ජීවන යථාර්ථය පිළිබඳ නොවෙිද?
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිනි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
මෙි ගීතයේ කථකයා තවමත් සුපුෂ්පිත නොවූ නව යොවුන් විය අතදරා සිටින නෑඹුල් මල් කැකුළකි.එහෙත් ඔහු පීඩිත පන්තියේ දුප්පත් අහිංසක දරුවෙකි.තාර පාර දිග දෙපස විවිධ වෛවර්ණ කඩ සාප්පු කට බලියාගෙන සිටින්නේ මෙබඳු දරුවන් ඩැහැගැනීමටය.ගිනියම් අව් රශ්මිය මතින් හමන හුළං පොදේ පවා දැවටී තිබෙන්නේ දූවිල්ලයි.එයින් දරුවාගේ ගත සිත තවත් විඩාවට පත්වන බව නොවෙිද මෙි කියන්නේ?මෙහිදී රචකයා සහෝදරත්වයේ දෑත පාමින් කියන්නේ යටකී දූවිලි ගින්නෙන් ජීවිතය දැවී හළුවී යන බවයි.සිඟමන් යදිමින් ජීවිතය සරි කර ගන්නා දරුවා මෙි මායා ලෝකයේ ඇස් බැන්දුම් පිළිබඳ නොදනී.බහුරූ කෝළම්,විසූකදස්සන හතරවටෙි ඔච්චම් කරමින් සිටින්නේ තරුණ ජීවිත උදුරා ගැනීමට නොවෙිද ?
රූප පෙට්ටි කෙළිසෙල්ලම් නගරය
කාසි තරගයට සූදූ කෙළිනවා
ජීවිතයේ රණ බිමට වඩින්නට
මලේ නුඹට කලදවසක් එනවා
නගරය අරක්ගෙන ඇත්තේ විනෝද ජනක සෙයියාවකි.සෙයිලමෙි ජීවිතය තනිකරම ඇස් බැන්දුමකි.මෙි වූකලි කෙළිබිමකි.බැලු බැලු අත දිස් වන්නේ තරගයට සුදු කෙළමින් ජීවිතය ඔට්ටු අල්ලන විපරිත චරිතය.මෙහිදී රචකයා දරුවාට කියන්නේ ජීවිතය නමැති යුද පිටියේ ජීවන සටනට එකතු වීමට තමන්ටත් කලක් එන බවය.ජීවන සටන ජයගැනීම එතරම් පහසු නොවන බවත් එය ඉවසීමෙන් කළ යුතු කාර්යයක් බවත් රචකයා කියයි.
බෝල ලොසින්ජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිග ගමන දුවන්නේ
ටොෆි,ලොසින්ජර පැණි රස කෑ පමණින් කුස ගිනි නොනිවෙයි.දිව රස බොජුන් ලෙස පෙනෙන මෙි පැණිරස දවටන යට සැඟවී සිටින්නේ මත් රකුසෙකි.අද තාරුණ්‍යය වෙලාගෙන සිටින මත් උවදුර පිළිබඳවත් මෙහිදී කිසියම් ඉඟියක් සපයයි.නිල අල්ලා මොළ සූරාකමින් පොකැට්ටුවට තට්ටු කරන මත් කුඩු ජාවාරමුන්ගෙන් මිදී සිටීමටත් රචකයා ආයාචනා කරයි.මතට ඇබ්බැහි වී තරුණ්‍ය දිය කරගත් විට අතපය වාරු නැතිව නොකල්හි ලෙඩ වීමට ද ඉඩ ඇත.එවිට ජීවිතය නමැති දිගු ගමන දුවන්නේ කෙසේ දැයි රචකයා අසයි.දරුවන්ගේ ලෝකය අතිශය සුන්දරය.එය සෞන්දර්යෙන් ම පිරී පවතී.එහෙත් එය කඩා බිඳ සුනුවිසිනු කරන්නෝ වැඩිහිටියෝය.සියලු දුදන ගුණවලට,චිත්ත දූෂණවලට දරුවන් පුරුදු පුහුණු කළෝ ද වැඩිහිටියෝය.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තාර පාර දිග පාට පාට කඩ