කේ ඩී කේ ධර්මවර්ධනයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද මිල්ටන් මල්ලවාරච්චිගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුරංජිත මෙි ගීමිණිරුවන ශෘංගාරරසය දනවයි.
අද්‍යතන ගීතය ජනප්‍රිය සාහිත්‍යාංගයකි.කලාත්මක ගීතයක විශිෂ්ටත්වය විමසන විට කවියා සතු පෞරුෂය මොනවට පැහැදිලි වෙි.එහෙත් කවියෙන් ම උපන් කවියෙන් ම සුපෝෂිත ගීතය අද කිසියම් විපරිත තත්වයකට පත්වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.කවියත් කවියාත් අද ඇසෙන බොහෝ ගීත තුළ නැත.මෙනයින් ජීවන අරුත් කුළුගන්වන සුභාවිත ගීත අද අපට නොඇසෙන්නේ ද යටකී අර්බුදය හේතුවෙනි.හුදු නාදය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් ගීතය අවරගණයේ සාහිත්‍යාංගයක් බවට පත්වී ඇත.අද අැසෙන බොහෝ ගීතවල කාව්‍යෝක්ති,ව්‍යංග්‍යාර්ථ,ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් නැත.වචනයේ උඩුහඬට,දිස්නයට ඉඩ දෙමින් නිර්මාණය කරන සක්ක පද ඇමුණු නිසරු බොළඳ ඔිලාරික නොගැඹුරු ගීත අද අපට බලෙන් අස්සවයි.එහෙත් එබඳු ගීත ලියන්නෝ කුකවියෝය.
සුකීර්තිමත් ගේය පද රචක,සන්නිවෙිදක කේ. ඩී කේ ධර්මවර්ධයන් ලියූ "දෙඅදර විලිකුන් සුරත් පලේ" වැනි ශෘංගාරාත්මක ගීත කෙතරම් රමණීය කාව්‍යෝක්ති දැයි සිතෙන්නේ යටකී කුකවියන්ගේ බොල් ඊනියා අඳෝනා ඇසෙන විටය.ස්ත්‍රී පුරුෂයන් තුළ උපදින ලිංගික ප්‍රේමය පරමරමණීය නොවෙිද?ස්ත්‍රී රූප සෞන්දර්ය තරම් සුඛප්‍රහර්ෂය,සුඛානන්දය,සුඛාස්වාදය දනවන නෙත් වශී කරන අන්‍ය සෞන්දර්යක් ලොව නැත.එහෙත් මෙකී ස්ත්‍රී ලාලිත්‍ය වැනුමට ව්‍යවහාරික භාෂාවෙන් පමණක් නොහැකිය.සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරින් උකහා ගත් වියත් බස ඊට ඇවැසිය.ධර්මවර්ධනයෝ මෙි ගීතය ඔස්සේ ගතානුගතික ලිය වැනුම්වලින් ඔබ්බට යති.ඔවුහු ශෘංගාරරසය දනවන ව්‍යංග්‍යාර්ථ උපමා රූපක රසමංජරියක රසිකයා ගිල්වති.ගීතයක් රමණීය වීමට නම් ඊට සැබෑ කවියකුගේ ගේය පද රචනාවක් පදක විය යුතු බවට මෙි ගීමිණත් නිදසුන් නොවෙිද?
දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
මෙහි ස්ථායි කොටස රමණීය නොවෙිද? කථකයා තම පෙම්වතියගේ දෙඅදර හෙවත් දෙතොල ඉදී රත්පැහැ ගැන්වුණු සුරත් පලයක් මෙන් දිලිසෙන බව කියයි.මෙහිදී විලිකුන් යනු ඉදිණු යන අර්ථය දෙයි.විලිකුන් සුරත් වුකලි ඉදී රතුවු යන්නය.ඉදී රතුවූ දෙඅදර කී කල්හි ඇගේ දෙතොල ලෝහිත වර්ණ සම්පත්තියෙන් අනූන බව හැඟවෙයි.ස්ත්‍රී ලාලිත්‍ය විඳීමට රූපශෝභාව ම අවශ්‍ය නොවෙි.ඒ සඳහා හුදු ස්ත්‍රීත්වය ම ප්‍රමාණවත් වෙි.ඇගේ රතුපැහැ සුන්දර දෙතොල දුලබ සුමියුරු පානයක් වන මදිරා නමැති සුරා පානයට ලොබලිය වඩවයි.ප්‍රේමය නමැති රස මදිරා පානය කළ විට ගත සිත ඔද වැඩෙයි.මෙි කථකයාට අනුව තම පෙම්වතියගේ දෙතොල් රස පෙම් මදිරාවකි. අවසානයේදී ඇගේ දෙතොල් අතවනන්නේ සම්භෝග ශෘංගාර සුව විඳීමට නොවෙිද?
සීත මීදුම් සිහින වැල් පැටලේ
මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? සීත මීදුම් සිහින වැල් පැටලී ම යනු කුමක්ද? මෙි වූකලි කථකයාගේ සිත තුළ උපදින අවිනිශ්චිත රාග සිතුවිලි නොවෙිද? ඇගේ දෙතොල් යහනේ සැතපී කල්ගෙවන විට ඔහුට මෙබඳු සුඛානන්දයක් ඇති වීම පුදුමයක් ද?
මෙි ගීතය සම්භාව්‍ය සාහිත්‍ය හා සංදේශ කාව්‍ය ආභාසයෙන් ලියා ඇති බව එහි එන ඇතැම් යෙදුම්වලින් ගම්‍යවෙි.
දිමුත් සඳලුවල කෙළනා ළඳ අදර
සුරත් බැබළි බිඹු පල යැයි කර අදර
( ගිරා සංදේශය)
මෙහි අර්ථය සැකවින් මෙසේය.සඳලුතලවල ක්‍රීඩා කරන කතුන්ගේ දෙතොල් බිඹු පල හෙවත් ඉදුණු කෝවක්කා ගෙඩි මෙන් රත්පැහැයෙන් බබළයි.මහකවි කාලිදාසයෝ සිය මෙිඝදූතය නමැති කාව්‍යයේදී ස්ත්‍රීයගේ යටිතොල ඉදුණු කෝවක්කා ගෙඩියක් බව කියති.
"තන්වී ශ්‍යාමා ශිඛර දසනා
පක්ව බිම්බාධරෝෂ්ඨි"
- මෙිඝදූතය -
(ඇගේ යටිතොල රත්පැහැයෙන් බබළන ඉදුණු කෝවක්කා ගෙඩියක් මෙනි.)
විලිකුන් සුරත් පල පිළිබඳ ෂඩ්භාෂා පරමෙිශ්වර තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියෝ ද සැලළිහිණි සංදේශයේදී කවියට නගති.
වදිමින් සවස නල හැසිරෙන දිගතුවල
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර විපුල
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන කල
විලිකුන් සුරත් පල වැනි වෙි රිවි මඬල
( සැලළිහිණි සංදේශය )
මෙි ගීතයේ රචක කේ ඩී කේ ධර්මවර්ධනයන් සම්භාව්‍ය සාහිත්‍ය ඇසූපිරූ ඇත්තකු බව කීමට තවත් සාක්ෂි කුමකටද?ඔහුගේ භාෂා ඥානය සුදුර්ලභ නොවෙිද ?
මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය ඉඳ ලතවෙනවා
ජීවිතේ පිනි බින්දුවක් වාගේ
තාරුණ්‍ය සදාකල් නොවෙි.මෙි නියදහම අමතක කළෝ අමනෝඥයෝය.යොවුන් වියේදී විඳින සම්භෝග ශෘංගාරරසය ජීවිතයේ පශ්චිමයාමයේදී ඒ අයුරින් ම විඳිය නොහැකිය.කායික දුබලතා ඇතිවුණු කල්හි සියලු අසාවන් පලා යයි.ජීවන ලාලසාව ඇති වන්නේ තරුණ්‍යායේදීය.හිරු දැක වියැකී යන පිනිබින්දුවක් වැනි මේ අස්ථිර ජීවිතය නොවිඳ විඳවීම ඛෙිදවාචකයකි.මධුවිත නමැති අමොද පානය මොහොතක සුවදෙන සුඛප්‍රහර්ෂයක් මිස සදාතනික සැපතක්,පරමානන්දයක් නොවෙි.මධුවිත සිස්වූ කල එය බිව්වෙි කුමටදැයි පවා සිතේ.හසරක් නොදුටු වල්මත්වූවෝ බෝතලයට ම ඇලී ගැලී සිටිති.එහෙත් එබඳු අරමුණක් නැති තවලමක් බඳු ජීවිතය ඇදී යන්නේ කෙම්බිමක් වෙත නොව දියපොදක් නැති වාලුකා කතරකටය.කල් බලමින් පමාවූවෝ අවසානයේදී ළසොවින් තැවෙති.ලතැවෙති.ධම්ම පදයට අනුව නොපමාවුවෝ නොමැරෙති.පමාවූවෝ නොමළත් මළවුන් වැනිය.
මුවරද රොන්සුණු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත්තඹුරු වෙතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
ජීවිතේ මී බින්දුවක් වාගේ
මින්දද යනු අනංගයා ය.බටහිර රටවල cupid නමින් හඳුවන ආදරයට හා රාගයට අධිපති දෙවියා වන්නේ ද අනංගයා ය.උක්දඬු දුන්නක් රැගෙන මල්හීසර විදිමින් අනංගයා පෙම්වතුන් ඉදිරියේ අනග රැඟුම් පායි.මල්හීසර වැදුණු කල ආදරවන්තයෝ නුගිනුරා ප්‍රේමයෙන් මුසපත් වෙති. වර්ණගන්ධගුණෝපේතව සුපුෂ්පිත මකරන්ද සුවඳ පිරුණු කුසුම් රොන්සුණු සුවඳ ගෙන මින්දද හෙවත් අනංගයා දවසක එනු ඇත. ඇගේ නිල්මානෙල් වැනි සුන්දර දෙනෙත් යුග රත්තඹරු හෙවත් රතුනෙළුම් සහිත තව්තිසාව හෙවත් දිව්‍යලෝකයට ඔහු කැඳවයි.එබඳු ජීවිතය මීබිඳු වෑහෙන රසගුලාවක් නොවෙිද ?
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දෙඅදර විලිකුන් සුරත් පලේ
ජේ.ඒ.ආරියරත්න Saturday, 07 December 2024 02:55 PM
විග්‍රහය ගීතය සේම රසවත්. විශිෂ්ඨයි. මෙවන් විචාර කියැවීමට කැමැත්තෙමි. ජේ.ඒ.ආරියරත්න...