මෙවර ගී විනිස හැඩ ගැන්වෙන්නේ මෑතකදී තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියවුණු නාද සංගීත කණ්ඩායමෙි ගීමිණිරුවනකිනි. මෙහි ගේය පද රචකයෝ සහ ස්වර සංරචකයෝ ඉරේෂ් වන්නකුකෝරාළයෝය. හඬ මුසුකළෝ නාදයෝය.
මෙි ගීතය පුරා දෝංකාර නැංවෙන්නේ ශ්‍රී ලංකාවෙි වත්මන් දේශපාලන ඛෙිදවාචකයයි. මෙි කුරිරු, දරුණු, දූෂිත, ජුගුප්සිත දේශපාලන නරාවළෙහි පල්ගඳ උහුලාගන්න බැරිව ජනතාව පණ අදිමින් සිටිති. එහෙත් දියවන්නා කුමාරිය නමැති චෞර රැජන දිගු නිද්‍රාවකය. බඩගෝස්තරවාදී අමනෝඥ දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවෙි කටමැත දොඩවමින් යෙහෙන් වැජඹෙති. වසර 74 ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ මෙි මරිමෝඩ දේශපාලනඥයෝ ක්‍රමයෙන් රට බංකොලොත් කළහ. ණයබරින් බංකොලොත් රටක් බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තවදුරටත් අතීතයේ තිබුණු සුන්දර සිරිබර සිරිලක නොවෙි.
නිදහසින් පසු සිරිලක දියුණුවෙි මිණිමුතු කිරුළ දරා වැජඹෙි යැයි කලාකරුවෝ පරිකල්පනය කළෝය. එහෙත් එවැන්නක් සිදු නොවිය. එවැනි තත්ත්වයක් කෙසේනම් ඇතිවිය හැකිද? බ්‍රිතාන්‍යයන් දේශීය ධනපති පන්තිය වෙත බලය මාරු කළේ තමන් වෙනුවෙන් බෙදා පාලනය කිරීමටය. ආර්ථික අහේනියෙන්, උද්ධමනයෙන්, දරිද්‍රතාවෙන්, මන්දපෝෂණයෙන් කප් ගසා සිටින ශ්‍රී ලංකාව සෙමෙන් මරණයේ මුවවිටට පැමිණ සිටියි. භාණ්ඩාගාරය සිස් කළ දුප්පත් අසමත් රාජ්‍යයක අවුරුදු 74 ක ශේෂ පත්‍රය මෙයයි.
කුඩ්ඩන්, පාතාලයන්, මිනීමරුවන්, සොරුන් රජකරන සමාජයක, ලෝකයට හතරඅතේ ණය වෙච්ච රටක හෙට දවස අවිනිශ්චිතය. කලාකරුවෝ රටට සිදුවී තිබෙන මෙි සන්තෑසිය මුලසිටම දුටුවෝය. ඔවුහු ඊට එරෙහිව උඩුගමි බලා පිහිනමින් අගනා නිර්මාණ රාශියක් ද එළිදැක්වූහ. එහෙත් ඒ කිසිදු කලාකෘතියකින් මෙරට පාලකයෝ පාඩම් ඉගෙන නොගත්තෝය. එදා පටන් කලාකරුවන් අනියමාර්ථයෙන් කී දෙය දැන් නියමාර්ථයෙන් සිදුවී ඇත. පාලකයන්ගේ දුෂ්ක්‍රියා නිසා අද අපට කන්න අඳින්නට තියා ඉන්න හිටින්නවත් රටක් ඉතුරුවී නැත. විදෙස් ණයහිමියෝ පෙරදිග මුතුඇටය ඩැහැගැනීමට මාන බලති. මෙි මජර දේශපාලන සංස්කෘතියෙන් දුර්භාග්‍යය විනා සෞභාග්‍යය නම් උදා නොවීය. මෙි අනගි ගීමිණිරුවනින් වත්මන් දේශපාලනයේ හරස්කඩක් සුවිශද කරයි. ඉරේෂ් වන්නකුකෝරාළයෝ දියවන්නා කුමාරියගේ සළුපිළි එකිනෙක ගලවා ඇගේ නිරුවත මෙසේ හෙළි කරති.
දියවන්නා කුමාරියේ
නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පළුව එබෙනවා
හීන ගේන සීනිබෝල
තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ - සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා
දියවන්නා කුමාරිය දිගු නිද්‍රාවකය. ඇය නිස්කාන්සුවෙන් නිදි දෙව්දුව වැළඳගෙන සිටින්නීය. මෙි අල්ලපනල්ලේ රට කොලනියක් කිරීමට කුරුමානම් අල්ලන විදෙස් ආක්‍රමණිකයෝ බාල වන්ද්‍ර ලීලාවෙන් දෙරණට එබිකම් කරමින් සිටිති. මෙහිදී රචකයා දියවන්නා කුමාරිය නමින් අමතන්නේ ඇතැමුන් උත්තරීතර යැයි පාරම්බාන පාර්ලිමේන්තුවටයි. එහෙත් රටෙි නීති අණපනත් හදන ව්‍යවස්ථාදායකය පිළිබඳ ජනතාවට කිසිදු විශ්වාසයක් නැත. ඔවුහු එදෙස නිතර වපරැසින් බලති. ගේය පද රචක ඉරේෂ් වන්නකුකෝරාළයෝ ද දියවන්නා කුමාරියගේ පැටිකිරිය සුගීවත් අයුරින් දිග හරිති. ඔවුහු එදෙස මහත් උත්ප්‍රාසයෙන් බලති. සදය සිනා වපුරති. ණයබරින් මිරීකි කරවටක් ගිලී සිටින ශ්‍රී ලංකාවෙි ප්‍රතිරූපය දිනෙන් දිනම බිඳ වැටෙමින් පවතී. චීනය, ඉන්දියාව. ඇමෙරිකාව වැනි රටවල් උදව් නොකළත් ප්‍රපාතය අතළඟය. රසිකයාට අවශ්‍ය වන්නෙ මුසාවාද ගායනා නොව හැඟීම් පිරි සුගායනාය. මෙි ගීතය වූකලි දේශපාලන යථාර්ථය පිළිබිඹුවන අතිවිශිෂ්ට පද නද හඬ පිරි සුගායනයකි.
හීන පේන සීනිබෝල
තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා
සුවට නිදන්නේ - සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා
නුඹව රකිනවා
රටෙි පොදු නීතිය වල්වැදී කැලෑ නීතිය රජකරන සමාජයක සිප්කිරි බොන පුංචි මල් කැකුඵ විනාශ කිරීමට මත් ජාවාරමෝ මාන බලති. ඔවුහු අහිංසක දරුවන්ට ටොෆි, චොකලට්, බබල්ගම් වැනි පැණිරස කෑම වර්ගවල මත්ද්‍රව්‍ය තවරා විකුණති. පාසල් සිසුහු තත් ක්ෂණයෙන් මත් රකුසාට රැවටෙති. ඉන්පසු ඔවුහු පාට පාට සිහින ලෝකවල අතරමං වෙති. අද රටෙි බොහෝ පාසල් අසල මත් රකුසා සැඟවී සිටියි. එහෙත් රටෙි අනාගත ජීවනාලිය බඳු තරුණ පරපුර රැකගැනීමට පාර්ලිමේන්තුවෙි සිටින දේශපාලනඥයන්ට කිසිදු වුවමනාවක් නැත. මත්කුඩු වෙළෙඳාම පිටුපස සිටින ඒජන්තයෝ ද දේශපාලනඥයෝය. මත්කුඩු ජාවාරමුන් හිරේ ගියවිට ඔවුන් බෙිරාගැනීමට අධිකරණයට බලපෑම් කරන්නේ ද මෙකී දේශපාලන වාමනයන්මය. මෙහිදී රචකයා කියන්නෙ දරුවන්ගේ ජීවිත විනාශ මුඛයට යනතුරු දියවන්නා කුමාරිය සැපට නිදා සිටින බව නොවෙිද? බෞද්ධ සංස්කෘතියේ එන වාමන සංකල්ප ද යොදාගනිමින් රචකයා අපූරු දේශපාලන ප්‍රහසනයක් මතු කරයි. බෞද්ධ සිද්ධස්ථානවල මුරදේවතාවුන් ලෙසද පුරාණ වටිනාකමක් ඇති නිදන් වස්තු ආරක්ෂා කිරීමට ද දොරටුපාල භූමිකාවට ද වාමන පිළිම යොදාගනී. මෙි ගීතයට අනුව මෙකී වාමනයෝ දේශපාලනඥයෝය. ඔවුහු බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන් සියලු දහදුරා වැඩ කරති. දියවන්නා කුමරිය රකිති.ඇයට පවන් සලති.
හුස්ම බෙදන රූස්ස ගස්
යාය පිටින් කාසිවෙලා
ඉඩෝරයට හේතු හොයනවා
සොබාදහමේ මහඟු දායාදවන ගංගා, ඇළ දොළ, වැව් සතා සිවුපාවා පමණක් නොව ගහවැල ද නැතිනම් මිනිසාට පැවැත්මක් නැත. "ගස් අපේ ඇස් වගේ" රැකබලා ගත යුතුය. කෑම නොකා දින කිහිපයක් සිටියද ඔක්සිජන් නැතිව අපට එක මොහොතක් ජීවත්විය නොහැකිය. එහෙත් කැලෑ පාළුවෝ මහ රූස්ස ගස් පවා කපා විකුණති. ඔවුහු වනාන්තර හෙළිකර ජල උල්පත් සිඳති. මේ මහ විනාශයට පාර කපන්නෝ කවරහුද? ඔවුහු අන් කවුරුවත් නොව මරිමෝඩ දේශපාලනඥයෝය. සියල්ල විනාශ කොට අවසානයේදී ඉඩෝරයට හේතු සොයන්නේ ද ඔවුන්මය. මෙි වුකලි කෙතරම් ඛෙිදවාචකයක්ද?
දළ දිළිසෙන හස්ති රජුන්
හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා
ඇත්දළ ජාවාරම ද මෙි රටෙි සල්ලි උල්පතකි. ඇතමෙක් අලිඇතුන් මරා ගජමුතු විකුණති. සමහරු බාරහාර ඔප්පු කිරීමට, අපල දුරුකිරීමට ඇත්දළ ගනිති. ඔවුන් යාමට අපේක්ෂා කරන ස්වර්ගය කුමක්දැයි අපි නොදනිමු. මෙි සියලු ජාවාරම් ජයටම සිදුවෙද්දී නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවෙි. ඒ බව ඇඟවීමට රචකයා සුවට නිදන්නේ - සිතුවිලි යහනේ නමැති වචන කාව්‍යෝක්තිට නගයි. ඒ තුළින් සහෘද රසික සිත් සතන් ප්‍රබල සංකල්ප රූප මංජරියක ගිල්වයි.
පත්තිනියේ නුඹ නාඬන්
ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසි රජුන් තනනවා
රේණු තළා මල් නොතළා
තෙල් මල්ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා
විදෙස් විනිමයෙන් ආර්ථිකය හසුරුවන ශ්‍රී ලංකාව වැනි රටකට මැදපෙරදිග ශ්‍රම බලකාය ද වැදගත්ය. මෙරට වැඩියෙන්ම විදෙස් විනිමය උපයන්නෝ ගෘහ සේවිකාවෝය. ඔවුන් අරාබිකරයේ අපාදුක් විඳිමින් හරිහමිබ කරන සොච්චමෙන් දේශපාලනඥයෝ සුරසැප විඳිති. මෙරට පාලකයන්ගේ නාස්තිකාර දුර්වල ආර්ථික කළමනාකරණය හමුවෙ එම පිරිස ද අසරණවී සිටිති. මෙනයින් ඇතැමි විදෙස් ශ්‍රමිකයෝ ලංකාවට නිසි ක්‍රමවෙිදයට ඩොලර් නොඑවති. ඔවුහු හොර පාරෙන් සිය නිවෙස්වලට මුදල් එවති. මෙි හේතුවෙන් රට තවත් උග්‍ර ආර්ථික අහේනියකට මුහුණපා සිටිති.
කතුනගේ උත්තරීතර අම්මා පත්තිනි දේවියයි. බොහෝ කාන්තාවෝ විපතකදී කරදරයකදී ඇගේ සරණ පතති. මෙහිදී රචකයා පත්තිනි දේව සංකල්ප ද ඇඳා ගනිමින් මැදපෙරදිග දුක්විඳින කතුන් ගැන සානුකම්පිත හැඟිමෙන් බැලීමට යත්න දරයි. එම දුප්පත් කාන්තාවන් බැල මෙහෙවරකම් කරමින් එවන මුදල් රජුන් තැනීමට ද යොදාගනී. එපමණක් නොව මෙකී දේශපාලනඥයෝ ස්ත්‍රි දූෂණ, ළමා අපචාර, මිනීමැරුම් සියල්ල සිදුකරමින් සුදු වතින් සැරැසි මල් පහන් ගෙන බුදු පුදටත් යති. දෙව්දත් මග යමින් නිවන් යන්න පාර හොයති. මෙි ගීතයේ ප්‍රබලතම සංකේතාර්ථ වනුයේ දියවන්නා කුමාරිය සහ වාමනයන්ය. එම යෙදුම් අතිශය චිත්තරූපිකය. ධිවනිතාර්ථපූර්ණය. "දියවන්නා කුමාරියේ " වුකලි දේශපාලන සවිඥානිකත්වයෙන් ලියැවුණු අනගි ගීමිණකි. එහෙත් දියවන්නා කුමාරිය නිද්‍රාශීලිව සිටින තාක්කල් පෙරදිග මුතු ඇටය කඳුළක හැඩයම ගනු ඇත.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියවන්නා කුමරිය වාමනයන් තුරුලේ
AB Monday, 31 October 2022 07:45 AM
නිද්‍රාශීලිව දියවන්නා කුමාරිය අවදි කිරීමට හැකියාව තිබෙනුයේ රටේ පුරවැසියන් අවදි උවහොත් පමණි. පුරවැසියන් බුද්දියෙන් අවදිව දුෂිත දේශපාලන වාමනයන් පලවා හැර පෙරදිග මුතු ඇටයට වටිනාකමක් සහ නව ජීවයක් ලබාදිය යුතුව තිබේ
ජුනයිඩ් නානා Tuesday, 01 November 2022 08:11 AM
සංගීත ප්රස්තාරයත් ( notation ) දාන්නකො. ලොකු උදව්වක්.
මැක්ස් Tuesday, 01 November 2022 01:33 PM
මෙවර ද අර්ථ පූර්ණ, රස පූර්ණ වදන් මාලාවකින් ගී විනිස රසවත් කිරීමටත්, එමගින් පාඨක අප අමන්දානයට පත් කිරීමටත් ශෂී මහතා සමත්ව තිබේ. නමුත්, "74 වසරක ශාපයක්" ගැන කියමින්, රටේ පවතින සියලු වස් දොස් දේශපාලකයන් පිට පමණක් පටවා අන් සියලු දෙනා නිදොස් කිරීමට "දේශපාලන" උත්සහයක් දැරීම සදහා වචන මිඩංගු කිරීම මෙම තීරුවට නොහොබිනා බව අපගේ පුද්ගලික මතයයි. මක්නිසාද යත් එවැනි සරල සහ "ඔක්කොම කුණු බේරුවල් බොක්කට" පන්නයේ කතා අප ඇති පදමට අසා ඇති සහ තවමත් අසන බැවිනි.
SL Thursday, 03 November 2022 08:22 PM
මේ සින්දුව දියවන්නාවේ ඉන්න බහිරවයින්ට උදේ හවා ඇහෙන්න සලස්වන්න.
මෝSunday, 06 November 2022 03:50 PM
වැඩක් නෑ. ඔය කට්ටියට මේක තේරෙන්නේ නෑ. සින්දුවට ඩාන්ස් කරනවා ශුවර්...
Lord Tuesday, 15 November 2022 07:49 PM
ඇත්තටම මේ තරම් කල් සින්දුව ඇහුවට අද තමා හරියටම තේරුම දැනගත්තෙ. බොහොම ස්තූතියි..
I.P.Jaywardena Tuesday, 08 October 2024 01:52 PM
වාමන වදන යොදා ගැනීම මං හිතනවා තව පැත්තකින් ඒ මෙරට සංස්කෘතිය හැඩගැහුණේ කොහොමද කියන්න පොඩි හුදන්වා දීමක් වගෙයි නේද .මොකද වාමන රෑප අපට හමුවන්නේ කොහෙදිද කියන්න අපි දන්නවා ( ඉතිං එහෙම රටක ට දේශපාලන සංස්කෘතියක් හදා ගන්න බැරිවීම පුදුමයක් මේ වන තෙක්ම) විහලුවක් ලෝකය ඉදිරියේ මෙරට. එහෙම හිතත්තදි අපි Z ජෙනරේෂන් එකට දොස් කිව්වට අන් හරි අන් ඩිරෙක් කියන්න ඔන දේ කියලා කඟපතින් හිස් සිදින්න බය නෑ මං කියනවා අන්ට පුළුවන් මතු දවසක් ඒ නොහැදුව දේශපාලන ශරිිරය අපේ ලංකවට හදන්න මෙහෙම නිර්මාණ දකිද්දි දැනෙන සතුට ඒකම තමයි නේද