නන්දසිරි කීඹියහෙට්ටිගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද ශානිකා සුමනසේකරගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සමන්ත පෙරේරාගේ ප්‍රතිභාපූර්ණ සංගීතයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ ගුරු ගෝල සම්බන්ධයේ අඳුරු පැතිකඩක් නිරූපණය කරයි.
බාල පරම්පරාවෙි නුවණැස පාදන්නෝ ගුරුවරයෝය.සැබෑ ගුරුවරු මවු කිරට නොදෙවෙනි "සිප්කිරි"නමැති මහඟු නැණපානය නිර්ලෝභීව සිසුන්ට පොවති.ඇතැම් සිසුහු ද ගුරුවරුන්ට දෙවියන්ට මෙන් සලකති.මෙනයින් ගුරු ගෝල බැඳුම වනාහි සුන්දර විඳුමකි.එහෙත් ගහට පොත්ත මෙන් බැඳුණු මෙකී සබඳකම් අසුරු සැණින් තත්ක්ෂණයෙන් සුනුවිසිනු වී බිඳුණු අවස්ථා ද අපමණය.යහපත් අරමුණක් වෙනුවෙන් සිසුන් පෙළගස්වන ගුරුවරයාට සමාජයේ වෙසෙන බොහෝ පිරිස් ගරු කරති.එක්තරා විදියට ගුරු සේවය ද ගරු සේවයකි.අතීතයේ බොහෝ ගුරුවරුන් සිසු නැණස පෑදුවෙි මුදලට ම නොවෙි.එහෙත් අද ගුරුවරු මුදල ඉලක්ක කරගෙන ටියුෂන් කඩ අරිති.ඇතමෙක් ප්‍රමිතිගත අධ්‍යාපනය නොදී දරුවන් බැදිවල යවති.එකී සිසුහු මං මුළාවැල් පාගා හසරක් නොදුටු වූවන් සේ වල්මත් වෙති.එහෙත් අතීතයේ ශ්‍රේෂ්ඨ ගුරුවරු සිටයහ.ඔවුහු උගත්කම පමණක් නොව මනුෂ්‍යත්වය,හික්මීම වැනි ජීවිතයට අතිශය වැදගත් කාරණාද දරුවන්ට ඉගැන් වූහ.
ලෝකයේ ශ්‍රේෂ්ඨත ම ගුරුවරයා බුදුන් වහන්සේ ය. උන්වහන්සේ ආකර්ෂණීය ගුරුවරයෙක් ද වූහ.ගුරු ගෝල සම්බන්ධය පිළිබඳ බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ අපූරුවට විග්‍රහ කරති.ගුරුවරුන් සිසුන්ට ශිල්ප බෙදා දිය යුතු ආකාරයත් ගුරු ගෝල බැඳුම ගෙන යා යුතු විදියත් බුදුන් වහන්සේ මොනවට පැහැදිලි කරති.සිසුවා ගුරුවරයාට ගරුබුහුමන් කළ යුතු ආකාරය මෙන්ම ගුරුවරයා සිසුවාට සැලකිය යුතු විදියත් සිඟාලෝවාද සූත්‍රයේ මනාව පැහැදිලි කරයි.හික්මීම,විධිමත් ශිල්ප ඉගැන්වීම,ගුරු මුෂ්ටිය නොතබා ගැනීම,තම මිතුරන් ඉදිරියේ සිසුවා අගය කිරීම සහ සියලු දිසාවන්ට ආරක්ෂාව සැපයීම යන වැදගත් කරුණු 5 ක් ඊට අන්තර්ගතය.බුදුන් වහන්සේ සහ දිසාපාමොක් සැබෑ ලෝකයේ ජනප්‍රිය ගුරුවරු දෙදෙනෙක් ද වූහ.ඔවුනගෙන් අකුරු ශාස්ත්‍රය පමණක් නොව ජීවිතය ද උගත්තෝ බොහෝය.එහෙත් මීට අමතර ව ප්‍රබන්ධ සාහිත්‍යයේ ද අපට තවත් ශ්‍රේෂ්ඨ ගුරුවරුයකු හමුවෙයි. සුකීර්තිමත් සෝවියට් ලේඛක චිංගීස් අයිතමාතව්ගේ "ගුරු ගීතය" නමැති ප්‍රකට නවකතාවෙි දුයිෂේන් ද ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි.ඔහු දරුවන්ට නිස්සරණාධ්‍යාශයෙන් අකුරු ශාස්ත්‍රය පමණක් නොව ජීවිතය ද ඉගැන් වූයේය.නන්දසිරි කීඹියහෙට්ටිගේ ගීතයේ කථකාවගේ ද ගුරු ගීතයේ අල්තිනායි නමැති කථකාවගේ ද ජීවිතය වෙනස් කළෝ කවරහුද? ඔවුහු ගුරුවරයෝය.එහෙත් ඔවුහු එකිනෙකට වෙනස් අරමුණුවල පිහිටි ගුරුවරයෝය.මෙහිදී දුයිෂේන්ගේ අරමුණ උදාර එකකි.ඔහු තම සිසුවියගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළේය.දුයිෂේන්ගේ එකම අරමුණ වූයේ තම සිසුවිය උසස් අධ්‍යාපනයෙන් ඉහළට යවා ඇය විශිෂ්ටත්වයට ගෙනඒමය.එහෙත් "දිසාපාමොක් ඇදුරුතුමනේ" ගීතයේ ගුරුවරයාගේ අරමුණ ඊට හාත්පසින්ම වෙනස් එකකි.ඔහු තම සිසුවියට උසස් පන්ති සමාර්ථයක් දීමට ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි.මෙරට විශ්වවිද්‍යාල සංස්කෘතියේ තවත් අඳුරු පැතිකඩක් මෙි ගීතයෙන් නිරූපණය නොවෙිද?
මෙි වූකලි ගුරුවරයාත් සිසුවියත් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇති කළ තැනක් නොවෙිද? ප්‍රසිද්ධියේ කතා නොවූණ ද මෙකී අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ දුන් සිසුවියෝ බොහෝය.ඔවුහු බොහෝ දුක්විඳ පාඩම් කර තම සරසවි සිහිනය සැබෑ කරගත්තෝය.ගම් නියම්ගම්වලින් පැමිණෙන මෙි දැරියන් පීඩිත පන්තියේ දුප්පත් අහිංසක මවුපියන්ගේ සිහින සැබෑ කරන ඉටු දේවතාවියෝ පිරිසක් වෙති.එහෙත් එබඳු අහිංසක දරුවන්ගේ සිහින බොඳ කරන නරුම ආචාර්ය මහාචාර්යවරු ද විශ්වවිද්‍යාල තුළ සිටිති.ඔවුහු ලස්සන සිසුවියන්ට කෙළ හළමින් ඇඹලයන් මෙන් හැසිරෙති.අවසානයේ උපාධි සහතිකය දඩමීමා කරගෙන එම සිසුවියන් ගෙන් ලිංගික අල්ලස් ඉල්ලති.විශ්වවිද්‍යල අධ්‍යාපනය ලබන බෝහෝ සිසුවියෝ මෙකී කමාතුරයන්ට ගොදුරු වෙති.සරසවි ඇදුරකු ද වන කීඹියහෙට්ටියෝ මෙි කරුණු හොඳන් දනිති.සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රබල කවි ලියා පළ කරන කීඹියහෙට්ටි කවියා මෙි ගීතයෙන් ප්‍රබල චිත්ත රූප පෙළක් ගොඩනගයි.මෙි වූකලි වත්මන් විද්‍යාර්ථීන් මුහුණ දෙන තවත් ඛෙිදවාචකයක් නොවෙිද?
දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳ ම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
මෙි ගීතයේ කථකාව තම සරසවි ඇදුරාට සැලකුවෙි අතීතයේ ශ්‍රේෂ්ඨ සුකීර්තිමත් ගුරුවරයකු වු දිසාපාමොක් ඇදුරුන්ට මෙනි.එකල ඉන්දියාවේ විසු දිසාපාමොක් ඇදුරුන් ජනප්‍රිය ගුරුවරයෙක් වූයේය.ඔහුගේ ඇතැම් උපදෙස් නිසා නොමග ගිය සිසුහු ද සිටියහ.අහිංසක හෙවත් අංගුලිමාල එබඳු එක් සිසුවෙක් වූයේය.එහෙත් බුදුන් වහන්සේ ඔහු නිවැරැදි මාවතට ගෙන රහතුන් වහන්සේ නමක් කළහ.එහෙත් මෙි සිසුවිය වරදට පොලඹවන්න තැත් කළේ ඇයගේ ගුරුවරයා ම නොවෙි ද? මෙහිදී ඇය පවසන්නේ තමන්ට හොඳ ම සිසුවියක ලෙස අභිෂේක ලබන්නට ඇවැසි නොවන බවය.තම ගුරුවරයාගේ හොඳ ම සිසුවියන්ට සිදුවූ සන්තෑසිය ඇය දන්නීය.කුමර බඹසර යනු කිසියම් කාන්තාවක් විවාහ දිවියට පිවිසෙන තුරු පිරිමියකුට ලොල් නොවී සිටීමයි.එසේත් නැත්නම් යොවුන් වියේදී සම්භෝග ශෘංගාර සුවයෙන් වැළකීමයි.මෙි කථකාව ගුරුවරුයාගේ හොඳ ම සිසුවියක නොවී තක්සලාවෙන් සමුගන්නේ කුමරි බඹසර බිඳ ගන්නට තිබෙන අකමැත්ත නිසා නොවෙිද?
පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළඳන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන්
තිබෙන කඩතොළු තැන්
සාර්ථක ගුරුවරයකුගේ කීර්තිය ගුවන් කුස අරා සිටී.නැණස පාදා ගත්තෝ ඔහුට පඬුරුපාක්කුඩම් පුදති.අනුගාමිකයෝ, ගෝලයෝ ඔහුගේ කිත් යසස් ගුණ වනති.එහෙත් මෙසේ ලබන කීර්තිය,සාර්ථකත්වය ඇතැම් ගුරුවරු තම නුනුවණ ක්‍රියාකාරකම් හේතුවෙන් නැති කර ගනිති.උපාධිය නමැති කළු කබායට සහතිකයට මුවාවී ලැබූ සූසැටක් කලා භූෂණ,රන් පදක්කම් තාන්න මාන්න කෙතරම් පලක් වේද?මෙි රතු පලස් උඩ තිබෙන කඩතොළු කෙසේ නම් වසන්නද? සඟවන්නද?මෙි දෙබිඩි ජීවිතයේ යථාර්ථය දන්නෝ දනිති.මෙි ගීපාදවලින් උද්දීපනය කෙරෙන්නේ යටකී අපකීර්තිමත් ගුරුවරුන්ගේ සැබෑ තතු නොවෙිද?උගත්කමින් පමණක් මිනිසාගේ උපවිඥානයේ සැඟවී තිබෙන ජුගුප්සිත හැඟීම්,ජාගර ගති පැවතුම්වල වෙනස්කම් සිදුවෙි යැයි සිතිය හැකිද?ගුරු ගෞරවය ඇතිකර ගන්නෝ ද නැතිකර ගන්නෝ ද ගුරුවරයෝය.
උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ පහන් සොරකම්
කරන බව දෙවියන්
දේවතා එළියෙන්
සිසුහු නිතර තම ගුරුවරයාට භක්තිය,ප්‍රේමය දල්වති.ඔවුහු තම ගුරුවරයා කෙරෙහි කිසියම් අනුරාගයකින් බැඳි ශිල්ප ප්‍රගුණ කරති.ගුරු ගෞරවය රකිති.ඇතැම් සිසුන්ට ගුරු නිවහන දෙවොලකි.තම ගුරුවරයාගේ හිත නොරිදවා ඔවුහු අකුරු උගනති.එහෙත් මෙි දෙවොලේ දැල්වෙන පහන් සොරකම් කන්නේ ද දෙවියන් නම් කාට කියන්න ද මෙි අවනඩුව?මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?මෙි ගීතයේ දීපක ගුණය මතුවන්නේ අවසන් දෙපදය තුළ නොවෙිද?දීපක ගුණය යනු කිසියම් කවියක් සෙමෙන් ගලාගෙන ගොස් අවිනිශ්චිත මොහොතක එකවර දීප්තිමත් ආලෝකයකින් දැල්වීමයි.මෙි ගීතයත් එකී දීපක ගුණය දල්වන්නේ දෙවැනි අන්තරා කොටසෙහි අවසන් දෙපදයෙනි.මෙි වූකලි රචකයාගේ ප්‍රතිභා ශක්තිය සුවිශද කළ නිමෙිෂයකි.
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ පහන් සොරකම්
කරන බව දෙවියන්
දේවතා එළියෙන්
මෙහි දෙවියන් යනු කථකාව මහත් ගෞරවාදරයෙන් සැලකු ගුරුවරයා ය.එහෙත් ඔහු තමා සතු සිවිල් බලයෙන් රැස් වළල්ලෙන් තමා වෙත ශිල්ප ඥානය ලබාගැනීමට එන සිසුවියන් සම්භෝග සම්පර්කයට කැඳවයි.මෙි කථකාවට ගුරුවරයාගේ සළෙල රංගනය අදහා ගැනීමට නොහැකිය.දේවතා එළිය යනු ගුරුවරයා සතු සිවිල් බලයයි.ඔහු සමාජ විරෝධී හැම ජඩ වැඩක්ම කරන්නේ මෙකී රැස් වළල්ල පලිහක් කරගෙන නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිසාපාමොක් ඇදුරුතුමනේ