සෝමතිලක ජයමහ යන වාග්ගේයකාරයාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද ප්‍රතිභාසම්පන්න සංගීතයෙන් ද කර්ණරසායන සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ මානවබන්ධුත්වයේ උත්තරීතර ප්‍රේමයත් කරුණරසයත් ප්‍රතිපාදනය කරයි.
මෙරට සංගීත කේෂ්ත්‍රයේ වාග්ගේයකාරයෝ සුදුර්ලභයෝය.එහෙත් අතළොස්සක් තරම් වූ පිරිසක් යටකී දුර්ලභ ප්‍රතිභාව, ශක්‍යතාව උපතින් ම ගෙන එති.මෙනයින් බලන කල ඔවුහු වාසනාවන්තයෝය.වාග්ගේයකාරයා යන මැයෙන් හඳුන්වන්නෝ කවරහුද? ඔවුහු කිසියම් ගීතයක ගායනය,පද රචනය හා සංගීතය යන ත්‍රිත්වය ම තමන් විසින් ම නිර්මාණය කරගන්නෝය. සුනිල් ශාන්ත,ආනන්ද සමරකෝන්,පණ්ඩිත් අමරදේව,ක්ලැරන්ස් විජේවර්ධන,රූකාන්ත ගුණතිලක,ආදීහු මෙරට සිටින විශිෂ්ට වාග්ගේයකාරයෝය. මෙනයින් බලන කල සුකීර්තිමත් ගායක සෝමතිලක ජයමහ සූරීහු ද මෙරට සිටින සුවිශිෂ්ට වාග්ගේයකාරයෙක් වෙති.ඔවුහු සිංහල සංගීතයේ උන්නතිය වෙනුවෙන් එබඳු නිර්මාණ රාශියක් දායාද කළෝය.මෙි වූකලි තවත් එබඳු එක නිර්මාණයක් පමණි.එකල ගුවන් විදුලි සංස්ථාවට එම්.රාජපක්ෂ නමැති අන්වර්ථ නාමයෙන් අපූරු ගීත රචනා කළෝ සෝමතිලකයෝය.සැඳෑ අඳුර ලොව,සුනිල් වන් නුවන් යුග,නවදැලි හේනක,දෙනුවර මින්පසු,පියමං කෙරුවෙමු ආදී ජනප්‍රිය ගීත රැසක් ම සෝමතිලකයෝ රචනා කළෝය.මෙහිදී නවදැලි හේනක ගීතය තරමක් වෙනස් මාර්තෘකාවක් ඔස්සේ ලියැවී ඇති බව සුවිශද වෙයි.මෙි ගීයට පසුබිමින් තිබෙන්නේ නන්ද කුමරුගේ කතාවයි.බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩම කළහ.එහිදී නන්ද නමැති කුමාරයා බුදුන් වහන්සේට දිවා භෝජනයට ඇරියුම් කළේය.ජනපද කල්‍යාණිය නමැති සුන්දර නගර සෝබනිය හා විවාහ වීමට සිටි නන්ද කුමරුවෝ බුදුන් කෙරෙහි ඇති වූ ශ්‍රද්ධාව හා භක්තිය හේතුවෙන් පැවිදි බිමිට පිවිසියෝය.එහෙත් ඉඳුරන් පීනනයට ලොබලිය ලියලවමින් සිටි කුමරුට ගිහිගෙය අමතක කළ නොහැකි විය.ආලයේ ආශාව කුමරුන්ගේ හදවත ඔඩුදුවා තිබිණි.නන්ද තෙරණුවෝ නිතර උකටලී බවින් වෙිදනාවෙන් මිරිකී සසුනේ විසූහ.මෙි දුටු බුදුන් වහන්සේ දිනක් නන්ද කුමරුත් කැටුව හිමාල වනයට වැඩම කළහ.එ් යන අතරේ බුදුන් වහන්සේ නවදැලි හේනක පිලිස්සී වියළි ගිය වැඳිරියකගේ කුණුකයක් නන්ද තෙරුණුන්ගේ නෙත ගැටීමට සැලැස්වූහ.ඉන්පසු හිමාලයට පිවිස අනෝතප්ත විලත්,පංච මහා ගංගා ද පෙන්වූහ.එපමණක් නොව බුදුන් වහන්සේ නන්දා තෙරුණුවන් දෙව්ලොවට ද රැගෙන ගොස් දිව්‍යශ්‍රීයෙන් බබළන දිව්‍යාංගනාවන් ද දැකීමට සැලැසුවූහ.මෙහිදී බුදුන් වහන්සේ නන්දා තෙරුණුවන්ගෙන් පැනයක් ඇසූහ.
"නන්ද අර සිටින දෙව්ලියන්ට වඩා ඔබෙි ජනපද කල්‍යාණිය සුන්දර ද?"
එහිදී නන්දා තෙරුණුවෝ මෙසේ කීහ.
"නැත. ස්වාමීන්වහන්ස.මෙි දිව්‍ය අප්සරාවන් දෙස බලද්දී මගේ ජනපද කලණිය අර පිච්චුණු වැඳිරිය වගෙයි."
නන්දා තෙරුණුවන්ගේ පුහුදුන් සිත දෙව්ලොව අතරමං විය.
හොදින් මහණ දම් පුරන්නේ නම් දෙවඟනක් ලබා දීමට මම ඔබට ඇප වෙමි යි බුදුන්වහන්සේ නන්ද තෙරණුවන්ට පොරොන්දු වූහ. මෙහි දී නන්ද තෙරණුවෝ කාන්තාවක් පතා මහණදම් පුරතියි භික්ෂූන් අතර ප්‍රචලිත විය. මෙයින් ලජ්ජාවට පත් නන්ද තෙරණුවෝ කාන්තාවන් කෙරෙහි ඇතිවන සිතිවිලි යටපත් කොට වීර්යය වඩා විදසුන් මගෙහි පිහිටා කෙලෙසුන් නසා උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.
නන්ද තෙරුණුවන්ගේ කතාව එසේය.එහෙත් අපට මෙි ගීතය ගෝචර වන්නේ ඒ ඵෙතිහාසින සන්දර්භය නමැති මුක්තාමාලාවෙන් ගිලිහුණු ගීමුතු ඇටයක් ලෙස නොවේද? මෙි ගීතයේ පෙම්වතා තමා පෙම්කළ පෙම්වතිය ම පතා අපේක්ෂා දල්වයි.මෙි වූකලි මානවබන්ධුත්වයේ හෘදයාංගම උත්තරීතර ප්‍රේමයයි.එහෙත්
සත්‍යප්‍රේම භුංගරාජයෝ ලොව කොයි අත වෙත්ද? එක මලකින් පමණක් රොන් ගන්නා බඹරු කොහේ නම් සිටිත් ද? තතු එසේ වූව ද මෙි නූතන නන්ද කුමාරයාගේ කතාවත් අපි අසමු.
නවදැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
නවදැලි හේන යනු කිම? මෙි වනාහි
අලුතෙන් ගස් කපා පුළුස්සා ගන්නා හේනය.මෙහිදී ගින්නට හසුවී පිලිස්සී මියගිය වැඳිරියක ගසක එල්ලෙමින් සිටින්නීය.මෙහි කථකයා පවසන්නේ එම වැඳිරි රුව උපමාවට ගෙන ඔහුගේ දෙනුවන් රවටා ගත නොහැකි බවය.ජනපද කල්‍යාණිය යනු නගර සෝබනිය යි.එසේ බලද්දී කථකයා පෙම් කරන්නේ වෛශ්‍යාවකට නොවෙිද?එහෙත් ඔහු ඇයට අපහස උපහස කිරීමට නොයයි.මෙහිදී හිමියන් යනුවෙන් කථකයා ආමන්ත්‍රණය කරන්නේ බුදුන් වහන්සේටයි.ඒ නන්ද තෙරුණුවන්ගේ කතා වස්තුව සිහිකැඳවීමටය.රුසියානු මහ ලේඛක ෆියදෝර් දොස්තොව්යෙස්කිගේ (Fyodor Dos Toevsky) අපරාධය හා දඬුවම නමැති ප්‍රකට නවකතාවෙි ද මනුෂ්‍යත්වයෙන් අනූන අපූරු පුරඟනක් සිටින්නීය.දොාස්තොව්යෙස්කිගේ නවකතාව දිගහැරෙන්නේ රොමානොවිච් රස්කොලනිකව් නමැති විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂික තරුණයකු වටාය.මෙහි නගර සෝබනිය වන සොන්යා සහ රස්කොලනිකව් ප්‍රේමයෙන් වෙළෙති.එහෙත් රස්කොලනිකව් පෙම් කළේ සොන්යාගේ රූපයට හෝ සිරුරට නොව ඈ තුළ තිබූ කාරුණික හදවතටය.
වරක් ඔහු සොන්යා පාමුල දණින් වැටී මෙසේ කීය.
"සොන්යා මං වඳින්නේ උඹට නොව උඹෙි හදවතේ ඉන්න මනුෂ්‍යාත්මයට යි."
මෙි ගීතයේ කථකයාට ද එබඳු මනුෂ්‍යාත්මයක් ඇති බව ඔහු පෙම් කරන ආදරවන්තියට දක්වන ඇඟෑලුකමෙන් නොපෙනේද?
සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඹුනට වඩා
අසාමාන්‍ය සුදුර්ලභ නාරිසෞදර්යය ඇත්තියෝ සුරඟනියෝය.එහෙත් මෙි කථකයාට එබඳු රූපසුන්දරියන් ගෙන් පලක් නැත.දෙනුවන නමැති බඳුන පිරී ඉතිරි යන තෙක් එම දිව්‍ය අප්සරාවන්ගේ රූප සම්පත්තිය ඇසට රසඳුනක් වූව ද කථකයාට තම හදවත හඳුනාගත් ජනපද කල්‍යාණිය ඉතා ළෙන්ගතු බව නොවෙිද මෙි කියන්නේ?තම ළබැඳි පෙම්වතිය පිළිබඳ එබඳු හැඟීමකින් පසුවීම කෙතරම් චමත්කාරජනකද?
මාසිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රූසිරු කුමට ද
හද දුටු ජනපද කලණ නිසා
තම හද දිනු ප්‍රියාවියගේ රසපහස පතා ජීවන ලාලසාවෙන් සිටින මෙි නූතන නන්ද කුමරුන්ට දිව්‍යලෝකයේ වෙසෙන දෙව්ලියන් සමඟ සම්භෝග ශෘංගාරස විඳිමට කිසිදු හිතක් නැත.මෙනයින් බලන කල මෙි අතිවිශිෂ්ට පද සංයෝජනය ද නාද සංයෝජනය ද සුගායනය ද සෞන්දර්ය සංකල්ප රූපමංජරියක රසික හද ගිල්වයි.
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නවදැලි හේනක