මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය මුසු කරුණරසය දනවයි.
මේ ගීතය අවිශදතාව හෙවත් අදහසේ නොපැහැදිලිකම නමැති දෝෂයෙන් යුක්තය යි ඇතැම්හු කියති.එහෙත් මෙහි ගැබ් වන අපූර්ව වූ රමණීය යෙදුම් දෙස බලන විට මෙය අතිශය සාවද්‍ය ප්‍රකාශයකැයි කිවහැකි නොවේද?මෙි ගීතයේ රචක මහාචාර්ය සිරි ගුණසිංහයෝ ලාංකේය කවි මග වෙනස් කළ විප්ලවීය කවියෙක් ද වෙති.ඔවුහු ජී.බී සේනානායකයන් ගෙන් පසුව නිසදැස් කවිය වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් ඉටු කළහ.ශ්‍රී ලාංකේය කවිය, සිනමාව, නවකතාව තුළ ගැඹුරු පිය සටහන් තැබූ සිරි ගුණසිංහයන්ගේ සුනිශිත බුද්ධිය අදීන චින්තන විලාසය හැඳින ගැනීමට ඔහුගේ "හෙවනැල්ල "නවකතාව සහ "මස් ලේ නැති ඇට" කාව්‍ය සංග්‍රහය පමණක් වුවද සෑහේ.ඔහු පිළිබඳ බොහෝ දෙනකුට ඇති මතකය පේරාදෙණි ගුරුකුලයේ සගයකු නිදහස් කවියේ ආදී කර්තෘවරයකු යන සීමාවන්ට යටත්ය.එහෙත් ඔවුහු ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයෙක් ද වෙති.මහාචාර්ය සිරි ගුණසිංහයන් එතරම් ගීත ලියා නොතිබුණ ද ඔහු විසින් විරචිත මගේ සෝමාවතී සහ පිපුණු කුසුම පරවූවා නමැති ගීත මෙරට සාහිත කෙත මතින් මතු වූ මිණිකැට බඳුය.තරමක් ගොරහැඬි බසින් කාව්‍යකරණයේ නියැළුණ ද සිරි ගුණසිංහයන් මෙි ගීතයට යොදන වචන ඉතා මටසිලුටුය.මෙි වූකලි සත්සමුදුර චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වු ගීත දෙකෙන් එකකි.අනෙක නම් මහගම සේකරයන් විසින් විරචිත "සිනිදු සුදු මුදු තලාවෙි" නමැති රමණීය පද වැලයි.
මෙි වූකලි තවත් එක් පෙම්පලහිලව්වක අතීතානුස්මණ ශෝකාලාපයක් නොවෙිද?මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නොවීම ලෝකස්වභාවය යි.පැතු දෑ ඉටු නොවී නොපැතූ දෑ සිදුවීම පිළිබඳ ඔිමාර් ඛයියාම් කවියා මෙසේ කීය.
නිතියෙන් නඟිනා හද
තුළ ආසා
සැණෙකින් හළු වී යයි
නොව සේසා
මෙි ගීතයේ ගැබ් වන්නේ ද ඉටු නොවූ අතීත පැතුමක් සිහි වීමකි. ඒ සිහි වන්නේ කෙසේ දැයි බලමු.
පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළුවුණා
මුතු කැට සුද සැඟවුණා
හසරැලි වියැළී ගියා
හසරැළි වියැළී ගියා
මෙි කථකයා දිවිහිමියෙන් පෙම් කළ තරුණිය එකවර ම ඔහු අතැර ගොසිනි.පරවුණු මල් අසල බඹරු පැදකුණු නොකරති.බමර කිකිණි ගොළුවුණා යැයි කීමෙන් ඇඟවෙන්නේ ඇය ඔහු හැර ගිය පසු හදවතට දැනුණු ශෝකාන්ධකාරය මුසු වෙිදනාවයි.ඇගේ මුතුකැට පැහැති සුදෝ සුදුවන් දත් දෙපළේ ශ්වෙිත වර්ණය සැඟිවී වියැකී යාම යනු කථකයාගේ ලෝකය අන්ධකාරයේ ගිලීමයි.තම හදබැඳි ළබැඳි යුවතියගේ සිනහව වියැළීයාම යනු කිම?මින් ඉදිරියට කඳුළු මහෝඝයක ජීවිතය නතරවීමයි.ලොව මෙතෙක් ඇතිවූ පෙම්පලහිලව්වල සැබෑ තතු මෙසේය.මෙි කථකයාට ප්‍රේමය ජයගැනීමට එල්ල වූ අභියෝග,බාධක කුමක් දැයි අපි නොදනිමු.
මෙි ගීතයේ තවත් එක් සුවිශේෂත්වයක් ද ඇත.සාමාන්‍ය ගීතයක අඩංගු අන්තරා කොටස් දෙක මෙහි නැත.මෙහි ඇත්තේ එකම අන්තරා කොටසක් පමණි.එහෙත් එම අන්තරා කොටසින් සමස්ත ගීසපුව සුවිශද වෙයි.යටකී අන්තරා කොටස රමණීය කාව්‍යෝක්තියකි.එහි ව්‍යංග්‍යාර්ථ දනවන උපමා රූපක ගොන්නකි.
සිතක නැගී පෙම් රළ පෙළ
වෙරළ වැළඳ නිල් දෑසක
කදුළුවලට පෙරළුණා
කදුළුවලට පෙරළුණා
කඳුළුවලට පෙරළුණා
දෑස අඳුර කැටි වුණා
මෙහි පළමු පදය රමණීය නොවෙිද? කථකයාගේ සිතෙහි මෝරා වැඩුණු ප්‍රේමය සිඳු පත්ලෙන් නැඟී ආ රළ පෙළක් මෙනි.එය අවුත් පෙම්වතියගේ නිලුපුල් සදිසි දෑස් නම් වෙරළ ආදරයෙන් වැළඳ ගත් බව නොවෙිද මෙි කියන්නේ?මෙි වූකලි කෙතරම් රමණීය යෙදුමක් ද? කථකයාගේ සිතෙහි උපන් හැඟීම ඉතාමත් පෞද්ගලික දෙයක් නොවෙිද? ඒ පෞද්ගලික දෙය නම් ප්‍රේමය විනා අන් කුමක්ද? ප්‍රේමය පැතීම විප්‍රලම්භ ශෘංගාරය නම්,ප්‍රේමය විඳීම සම්භෝග ශෘංගාරය යි.එහෙත් මෙි ගීතයේ කථකයාට උරුම සම්භෝග ශෘංගාරය නොව විප්‍රලම්භ ශෘංගාරය යි.මෙහිදී තම ප්‍රේමය කඳුළුවලට පෙරළි ගිය බවට කථකයා කරන ප්‍රකාශයෙන් එය තහවුරු නොවෙිද?දෑස අඳුර කැටිවුණු බව පැවසීමෙන් ගම්‍ය වනුයේ ඔහුගේ ප්‍රේමය බිඳ වැටුණු බවයි.රචකයා ගීතයට මුසුකොට ඇති රමණීය සංකල්ප රූපත් ගායකයාගේ කර්ණරසායන ස්වර මාධූර්යයත්,සංගීතඥයාගේ භාවානුරාගී මධුර මනෝහර මියැසියත් නිසා මෙි ගීමිණ අතිසාර්ථක වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පිපුණු කුසුම පරවූවා