කරුණාරත්න අබෙිසේකරයන්ගේ සුකෝමල පද සංරචනයෙන් ද මොහොමඩ් සාලිගේ මියුරු මියැසියෙන් ද ජේ. ඒ මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක යුවළගේ සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණිරුවන අප හදවත ප්‍රහර්ෂයෙන් විකසිත කරයි. මෙි වූකලි හින්දි තනුවකට අනුව ලියැවුණු ගී සංකල්පනාවකි. 1968 වසරේදී තිරගත වුණු "සාති" නමැති හින්දි චිත්‍රපටයට මුකේෂ් සහ ලතා මංගේෂ්කාර් ගැයූ "මෙරා ප්යාර් බිහි තු හේ" නමැති ගීතයේ සිංහල වදන් පෙළයි. හින්දි තනුවකට අනුව ලියැවුණු ගීතයක් වූවද මෙි වනාහි සහෘද රසික ප්‍රජාවගේ භාවමණ්ඩලය මනෝරංජනය කරන සුදුර්ලභ ගීමිණකි. විප්‍රලමිභ ශෘංගාර රසයෙන් පොහොණි රමණීය කාව්‍යෝක්ති උපමා රූපක ගොන්නකින් සුරංජිත මෙි ගීමිණ එදා මෙන් අදත් රසික දනන් තුඩ තුඩ පිළිරැව් නොදේද?
විප්‍රලමිභ ශෘංගාරය යනු ප්‍රේමය සාක්ෂාත් නොවූ කල්හි පෙමිවතුන් තුළ උපදින අනුරාගික ශෘංගාරාශ්‍රිත විරහව යි.යුග ගායනක් ලෙස අප දෙසවන පිනවන මෙි ගීමිණ සොඳුරු සුයාමයක රිසි සේ විඳි කාමසම්භෝග සුව මතක සුවිශද කරයි. මෙි ගීතයේ කථකයෝ දෙදෙනෙක් සිටිති. ඔවුහු එකල නුගිනුරා ප්‍රේමයෙන් මුසපත්ව සිටියහ. එහෙත් කල්යත් ම එකී ආදර අන්දරය සුනුවිසිනු වී ගියේය. දුෂ්ඨ සමාජයේ පන්ති සතුරෝ ඔවුනගේ ප්‍රේම විජිතය කඩා බිඳ දැමූහ. මෙි ගීතයේ පෝෂිත විප්‍රලමිභ ශෘංගාරයට පිටුබල වන්නේ එකී වියෝගය යි. මෙනයින් ප්‍රේමපාර්ථක කථකයාටත් කථකාවටත් දැන් ඉතිරිව ඇත්තේ අතීත මතකය පමණි. අතීත මතක සැමරුම් පටුවත දිගේ ඔවුහු දෙදෙන ආගිය තොරතුරු, විසිතුරු මතක සුවඳ රැඳි රසමුසු තැන් පිළිබඳ අතීතාවර්ජනයක නියැළෙති. පෙර ආත්මයක එක රාත්‍රියක මතක සුවඳ රැඳි ප්‍රේමනීය සංස්පර්ශය ඔවුහු දෙදෙන දෙමංසලක තනිවී මෙනෙහි කරති.
පෙර ආත්මයක එක රාති‍්‍රයක
මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ
ඔබයි මිහිරේ
පෙර ආත්මයක එක රාති‍්‍රයක
සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වෙ
ඒ ඔබයි මිහිරේ
ඔබයි මිහිරේ
මෙි කථකයා එක්තරා වකවානුවක සුන්දර රාත්‍රියක තම පෙම්වතිය සමඟ ප්‍රේමානුරාගයෙන් මත්වී ලෙවන් ඇස් වසමින් ලවන් රස වින්දේ ය. එකී පහස ඔහුට සොඳුරු මධුවිතකින් සප්පායම් වූ විටදී දැනෙන අමොද රසයක් ම නොවෙිද? ඒ රස පහස ඔහුට පෙර ආත්මයක දැනුණු සුඛාස්වාදයකි. පරමානන්දයකි. ගීතයේ කථකාවට ද එකී ප්‍රේම සැඳෑව සොඳුරු සුයාමයකි. ඇයට ඒ සෞන්දර්යාත්මක හෝරාව සෞම්‍ය සඳඑළියේ හැඬවුණු මිණිකිංකිණි හඬක් හෙවත් සුමිහිරි රසුදැලක් මෙනි.
මෙි වනාහි විප්‍රලමිභ ශෘංගාරය දනවන මහරූ ගීමිණිරුවනකැයි කීම අතිශයෝක්තියක් නොවෙි. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිඳුන් විසින් විරචිත "කව්සිළුමිණ" හෙවත් කුසදාවත නමැති මහාකාව්‍ය ග්‍රන්ථයේ කුස වැලපුමෙහි බොහෝ තැන්වල මෙකී විප්‍රලමිභ ශෘංගාරය දනවන අවස්ථා රැසක් ම වර්ණිත ය. මෙි එබඳු එක් අවස්ථාවකි.
රතොට රතැදියෙම් කොපොල් පතලේ බිඳියෙම්
තනහස මුස කළෙම් නිදොසිම් ලු හා නුගියට (559 )
රතු වූ තොල්වල රත් පැහැය ඇද ගත්තෙමි; කම්මුල්හි පත්‍ර ලේඛා බින්දෙමි; පයෝධර නමැති හංසයන් මූර්ජා කළෙමි; භාර්යාවට මම නිර්දෝෂයෙම් ලු - අහෝ ( 559 )
සම්භෝග ශෘංගාරය කව්සිළුමිණෙහි බොහෝ කවි කෙරෙන් සුවිශද වෙයි. එහෙත් සංස්කෘත විචාරකයන් පවසන පරිදි විප්‍රලමිභයෙන් තොර ශෘංගාරය රසවත් නොවෙි. කුස වැලපුමෙහි එන යටකී ගීය ද විප්‍රලමිභ ශෘංගාරරස මුසුවූ අවස්ථාවකි. මෙහිදී කවියා කාමසම්භෝගයේ සුඛාස්වාදය සුඛප්‍රහර්ෂයෙන් වර්ණනා කරන අපූරුව විස්මය දනවනසුලු නොවෙිද? මෙි ගීතයේ රචක කරුණාරත්න අබෙිසේකරයෝ ද සම්භාව්‍ය සාහිත්‍ය කියැවීමෙන් ලද ආභාසය එහි ඇති ඇතැමි යෙදුම් මගින් විශද කරති. ඔවුහු ගීතය සාහිත්‍ය රසයෙන් සුපෝෂණය කිරීමට වඩාත් සංයමයෙන් ව්‍යංගාර්ථපූර්ණ රූපකාර්ථවත් යෙදුම් පරෙස්සමෙන් යොදා ගනිති. නිදසුනක් ලෙස ගීතයේ පළමු අන්තරා කොටස හකුළා දක්වමි.
දෑතට බරවී දෑතට හිරවී
එක් වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත් වූණු කොවුලා සිත් ලෙස නෑවේ
මෙි කථකාව තම හදවතෙහි ගැඹරු ම තැනක නිදන්ව පවතින ඒ සොඳුරු මතක සුයාමය මහත් ලෝලයෙන් සිහිපත් කරන්නීය. ඇය එකී රසමුසු තැන් ලොබලිය වඩමින් හාරා අවුස්සන්නීය. තම පෙම්වතා සමඟ කාමසම්භෝගයේ සුඛාස්වාදය සුඛප්‍රහර්ෂයෙන් වින්ද ආකාරය පෙම්වතිය පවසන්නේ කෙතරම් සංයමයකින් ද? එහි සෞන්දර්යාත්මක භාවානුරාගී හැඟීම් අපට නොදැනේ ද? රචකයාගේ විස්මිත ශික්ෂිත පද පෙළ මධුර මනෝහර නොවෙිද? මෙි නම් අතිරමණීය කාව්‍යෝක්තියකි. උනුන් එකිනෙකා වැළඳ බදාගෙන ප්‍රේමාලිංගනයෙහි යෙදුණු ආකාරය ඇය සිහිගන්වන්නේ කෙතරම් සෞන්දර්යාත්මක ආකාරයටද? මෙහිදී කථකයා හෙවත් පෙම්වතා පවසන්නේ කුමක්ද? ඔහු පවසන්නේ වීණාවක් බඳු ඇගේ මුවගින් පිටවන මිහිරි තෙපුල්සරින් තම දෙසවනට මීබිඳු වෑස්සූ බවයි. එපමණක් නොව එකී සප්ත ස්වරයෙන් තමා කොවුලකුමෙන් මත්වී නෑවුණු ආකාරයට ද ඔහු සිහි කරයි. මෙබඳු සොඳුරු සුයාමයක උනුන් එකිනෙකාගේ මුවෙි තැවරෙන මුවමී පවා අමොද රසයකි. ඔවුහු එයින් මුසපත්වී වල්මත් වෙති.
එහෙත් වත්මන් තරුණ පරපුරේ ගීත රචකයකු මෙි ගීතය රචනා කළේ නම් ඒ සඳහා ඔහු කෙබඳු බස්වහරක් යොදා ගනු ඇත්ද? සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු නොකොට කිසිදු කෙනකුට මෙබඳු ශෘංගාරාත්මක ගීතයක් අර්ථපූර්ණ ලෙස රචනා කළ නොහැකිය. අද ලියැවෙන බොහෝ ගීතවල ඇත්තේ ගම්වැසි වදනරුත් නොවෙිද? සක්ක පද අමුණමින් ලියැවෙන එබඳු රචනා තුළින් සිදුවන්නේ භාව ප්‍රකෝප වීමය. රස භංග කිරීම ය.
මධුර අතීතේ දැනුණු තුසීතේ ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ
මෙි ආදරවන්තයෝ විප්‍රලමිභයේ පතුලටම බසිති. ඔවුන් දෙදෙනාට ම අතීත ජීවිතය මධුර මනෝහරය. එකී අතීතය සැබැවින් ම තුසීතය හෙවත් දිව්‍යලෝකයකි. ජීවන ගමනේ සරතැස නිවාලු ඔහුගේ රස පහසින් ඇය තවමත් කාල්පනික ලොවෙි සැනසෙන්නීය. ඇයගේ හදවතේ තෙරපෙන්නේ වියෝගයෙන් උපන් ශෝකය යි. එහෙත් මෙි අතීතාවර්ජනයෙන් පෙම්වතුන්ගේ වියෝගය ගැබ් වූ විප්‍රලමිභ ශෘංගාරය නමැති රසාස්වාදය උපදවයි.
නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොලඟ ගිලුණා විස්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
කතුන්ගේ ඇස් විවිධ ජීවී අජීවී වස්තුන්ට උපමා කිරීමට කිවියෝ අනවරතයෙන් ම උත්සුක වෙති. මෙි කථකයාට ද ඇගේ දෑස් වෙසෙසිය. ඔහුට අනුව ඇගේ දෙනෙත් මාණික්‍යයක් බඳුය. එයින් විහිදුණු දීප්තිමත් සාරාගික ආලෝකය ඔහුගේ මුළු සිරුරු ම විස්මිත එළියකට නතුවූවා සේය. කථකයා එසේ පවසද්දී කථකාව කියන්නේ කුමක්ද? ඇය පවසන්නේ එකී උන්මාදනීය රාත්‍රිය සැබැවින්ම පෙම් සැණකෙළියක් වූ බවයි. එදින ඔවුහු එකිනෙකා දෑඟිලි පටලාගෙන සිත් සේ විනෝද වූහ. මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නොවීම ලෝකස්වභාය යි. බොහෝ පෙම් බැඳුම්, පෙම් පැතුම් කඩා බිඳ හැළේ. ඔමාර්ඛයියාම් කවියා හද තුළ නැගෙන ආසා ගැන මෙසේ කීය.
නිතියෙන් නගිනා හද තුළ ආසා
සැණෙකින් හළුවී යයි නොව සේසා
මෙසේ පැතුම් ඉටු නොවී යෑම සිලෝ හදවත් කම්පා කරවයි. මහත් දුක් ගෙන දෙයි. එහෙත් ඒ සියලු දුක් සන්තාප තැවුල් එම අවස්ථාවට පමණි. මතු යම් දවසක සිහි වන විට ඒවා සුඛානන්දයක්, සුඛප්‍රහර්ෂයක් දනවයි. සැමරුම් යනු අමරණීය මතක හැඟීම් පෙරා පිරිපහදු කරන පෙරනයක් නොවෙිද?
භවයෙහි පෙර දී ආ මඟ වැරදී කොයිබද ඔබ මේ පි‍්‍රයදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ
කථකයාගේ ජීවිතය එකලු කළ සිත්ගන්නාසුලු දේහයක් තිබූ ඒ සුන්දරිය අද ඔහු අසල නැත. උනුන් එකිනෙකාගෙන් වෙන්වී ජීවිත් වූවද දෙදෙනාට ම සොඳුරු අතීත මතක පොත අමතක කළ නොහැකිය. එහි ලියැවුණු සුන්දර පරිච්ඡේද ගණනාවකි. මෙි නම් අතීත ප්‍රේමයක සැමරුමකි. එය ඵල නොදැරූ ප්‍රේමයකි. අතීත මතකය ළයට තුරුළු කරගෙන උනුන් එකිනෙකා පෙරමග බලා සිටිය ද නැවත ඒ සොඳුරු සුයාමය හිමි නොවන බව ඔවුහු නොදනිහුද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙර ආත්මයක එක රාත්‍රියක
පණ්ඩුක සමරසේකර Monday, 27 March 2023 10:41 AM
ගැඹුරු වින්දනීය පද පෙළකට දීඇති උසස් ඇගයුමක්.ඇත්තටම මේ පදවැල් ගයන්නට තරම් ඔවුන් කෙතරම් පුණ්‍යවන්තද. ඉතාම අගෙයි ගී විවරණය .උසස් රසමනස පෝෂණය කරන කලා මංජුසාවක් වැනිය ඔබේ ගී විවරණය.