වජිර මහකණුමුල්ලයන්ගේ සුගේය පද සංකල්පනාවෙන් ද සේනානායක වෙිරලියද්දයන්ගේ සුගායනයෙන් සහ ස්වර සංරචනයෙන් ද සුසැදි මෙි ගීමිණ කරුණරසය දනවයි.
මිනිසාට ජීවිතයට වඩා වටිනා තවත් සම්පතක් ලොව තිබෙිද?මිනිස් ජීවිතයේ අසිරිය නොදන්නෝ නොකල්හි නික්මයති.දිවිනසා ගනිති. එහෙත් ජීවිතයට වඩා වටිනා කිසිදු වස්තුවක් මෙි මිහිපිට නැත.ජීවිත් වීමෙන් ම ජීවිතය දිනා ගත යුතුය.ජීවිතයේ අගය නොදන්නෝ මෙි යථාර්ථය නොදකිති.මානසික ව්‍යාධිය ද දිවි තොර කර ගැනීමට එක් හේතුවකි.එහෙත් සංසාර සාගරය තරණය කර විවිධ ආත්මවල ඉපිද මිනිසත්කම ලබන්නෝ වාසනාවන්තයෝය.ජය පැරදුම කාටත් පොදුය.ලෝක ධර්මතාව එසේය.බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා බුදුබව ලබාගත් බව කියති. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලය අවුරුදු වශයෙන් කෙසේනම් ගණනය කළ හැකිද?මෙි වූකලි උභතෝකෝටිකයකි.එහෙත් එකී කාලය පිළිබඳ කිසියම් විග්‍රහයක් බොදු සාහිත පතපොතේ ඇත.එය මෙසේය."දිග,පළල සහ උස යොදුනක් තරම් වූ බඳුනකට අබ පුරවා වසර සියයකට අබැටක් බැගින් ගත්කළ අබ අවසන් විය හැකි නමුත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක අවුරුදු සංඛ්‍යාව ක්ෂය නොවෙි". මෙි වූකලි බුද්ධත්වයේ දුර්ලභත්වය පිළිබඳ තේරුම් ගැනීමට දී ඇති කදිම නිදසුනක් නොවෙිද? මනුෂ්‍ය ආත්මය ද එපරිදිය.බුදුන් වහන්සේ ද මිනිස් ආත්මයක් ලද පුහුදුන් මිනිසෙක් වූහ.කිසියම් කෙනකු මිනිස් ආත්මයක උපදින්නේ ද කලාතුරකිනි.මෙි පිළිබඳ ලෝ වැඩ සඟරවේ කතුවර වීදාගම මෛත්‍රී හිමියෝ මෙසේ කීහ.
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ
ඉතා සරල සුගම කවි පෙළක් වූව ද එයින් කතුවරයා පළ කරන ජීවන දර්ශනය ගැඹුරුය.මෙනයින් මිනිස්කමෙි අගය තේරුම් ගෙන ජීවත්වීම ප්‍රඥාගෝචර නොවෙිද?
මෙි ගීතයට පසුබිමින් ඇසෙන කතාව තරමක් ඛෙිදජනකය. මෙහි ගේය පද රචක වජිර මහකණුමුල්ලයෝ එකල බුද්ධ පුත්‍රයෙක් වුහ. එහෙත් දැන් ඔවුහු බුදුගෙය අතහැර ගිහිගෙහි වෙසෙති.එහෙත් මෙි සිද්ධියට මුහුණදෙන අවදියේ මහකණුමුල්ලයෝ හිමිනක් වූහ.දිනක් දුම්රියකින් බණකට වඩිද්දී වෙිගයෙන් ගිය දුම්රිය කිසියම් ඝෝෂාවක් සමගින් අතරමග නතර විය.ඇතමෙක් මෙය කාර්මික දොා්ෂයක් වන්නට ඇතැයි සිතුහ.
මගීහු මහත් කලබලයෙන් දුම්රියෙන් බැස ගොස් සිදුවූයේ කුමක්දැයි විපරම් කර බැලූහ.එහෙත් මහකණුමුල්ල හිමියෝ අසුනෙන් නොනැගිට සිදුවූයේ කුමක්දැයි කල්පනා කරන්නට වූහ.එකෙණෙහි ම මගියෙක් ඇවිත් සියලු තතු හෙළි කළේය.කිසියම් කාන්තාවක් දුම්රියට පැන දිවිනසා ගෙන ඇති බව හෙළිවිය.මෙි පුවත සාවධානයෙන් අසා සිටි මහකණුමුල්ල හිමියෝ වෙිදනාබර සුසුමක් පිටකර නැවත ඇදී යන දුම්රියේ හඬට සවන් දෙන්නට වුහ.ජීවිතයක වටිනාකම තේරුම් නොගත් එම කාන්තාව පිළිබඳ අනුකම්පා සිතින් කල්පනවේ නිමග්න වී සිටි ඔවුහු ඉබෙිට මෙි ගීතය වචනයෙන් වචනය කුරුටුගෑ වෝය.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනුවිසුනුව වැටුණේ
කාටද රිදුණේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ
ආත්ම ගණනක් පෙරුම්පුරමින් ලබාගත් මිනිස් ජීවිතය තණඅග රැඳි පිනි බිඳක් මෙන් තත්ක්ෂණයෙන්, අසුරු සැණින් වියැකී යයි. මරුවා කොයි මොහොතක පැමිණේ දැයි කවුරු දනිත් ද?මරුවාගෙන් මාරුවෙන්න කිසිදු ජගතකුට නොහැකිය.පරමායුෂ විඳ මරු වැළඳ ගන්නෝ වාසනාවන්තයෝය.එහෙත් මරණය නොකල්හි වැළඳ ගන්නෝ අමනෝඥයෝය.කෙතරම් වැට කඩුලු බැඳ ඇතත් සීමා මායිම් තිබුණත් මිනිස්සු ලෞකික ආසා පසුපස හඹා යති.මිනිස් ස්වාභාවය එසේය.සංසාරය යනු උප්පත්ති චක්‍රය යි.එහි නැවතීමක් නැත.මනුෂ්‍යයෝ එහි ඉපිද දුක්විඳ මැරෙති.එහෙත් සසර සයුර තරණය කොට නොනිමි ආසා සන්තර්පණයට ලොබලිය වඩන්නෝ කොතෙකුත් සිටිති.ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු විසින් විරචිත "සංසාරේට මං ආසයි" කාව්‍ය සංග්‍රහයේ අපූරු කවියක් ඇත.පරාක්‍රමයෝ සංසාරය ගැන මෙසේ වනති.
" බ්‍රහ්මන් සොයා
නිර්වාණ ස්පර්ශ
සසරින් එගොඩ වීම "
ඔබ කී මෙි දේ ගැන
මට පැතුමක් නෑ
කවදාවත් තිබුණෙත් නෑ
මං ආසා සංසාරෙට
ආයෙත් ආයෙත්
සසරේ උපදින්නට
ඔිඝය මැද
මිනිසුන් මැද
මිනිසුන් හා වැඩ කරන්න
ඇයි ඒ ?
සංසාරය පිළිබඳ කවුරු කෙසේ වැනුව ද ඇතමෙක් එය කෙටිකර ගනිති.මෙි ගීතය ඇසු සැණින් එහි අර්ථය එකවර අවබෝධ නොවෙි.රචකයාගේ අතිසාර්ථක පද සංඝටනය ද ස්වභාවෝක්තිය ද ඊට දෙස් දෙයි.මෙි ගීතයේ කථකාව දුම්රියට පැන දිවිනසා ගත්තේ කුමන හේතුවකට දැයි අපි නොදනිමු.එහෙත් ගීතයේ ව්‍යංගාර්ථ යෙදුම් ධ්වනිතාර්ථපූර්ණ වචන ඔස්සේ ගම්‍යවන්නේ මෙය නුනුවණ ක්‍රියාවක් බව නොවෙිද?
කාටද රිදුණේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ
ස්ථායි කොටසෙන් වර්ණිත මෙි පදවැල කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?ඇය දුම්රියට පැන දිවිනසා ගත්ත ද එයින් කිසිවකුට රිදුණේ වත් හැඬුණේ වත් නැත.මෙතරම් කුරිරු අන්දමින් මිනිස් ජීවිතයක් බිලිගත් යකඩයකා ද කිසිවක් නොවුණු ගානට තම ගමන මොහොතකට නතර කළා පමණි.කුමන පැතුමක් සුන් වුණ ද පෙරුම්පුරා ලබාගත් ජීවිතය අහිමිකර ගැනීම කෙතරම් බොළඳ ඔිලාරික නොගැඹුරු ක්‍රියාවක් ද?රචකයා ප්‍රශ්න කරන්නේ මෙි යථාර්ථය නොවෙිද?මෙි ගීතය වූකලි ජීවිතය පිළිබඳ ඉගැඹරු විදර්ශනාවකි.
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතයේ සුව අපමණ වේ
දොළක් වගේ දිය දෝත වගේ
ජිවිතයේ අම සිසල දැනේ
මලක මකරන්ද සුවඳ වහනය වන කල්හි සිතට ගතට දැනෙන සතුට කෙතරම් ද ජීවිතයේ සුඛාස්වාදය පරමානන්දය ද එසේය.දොළකින් ගත් දිය දෝතක් මෙන් ජීවිතයේ අමොද රස සිහිල් පහස දැනේ.එබඳු සුන්දර ජීවිතයක් රසෝඝයක් අතැර ඇතැමුන් නොකල්හි ජීවිතය හැරපියා යන්නේ මන්ද?ජීවිතය අල්ලා ගන්න.එවිට එහි සුන්දරත්වය ඉබෙිම ආස්වාදය කළ හැකිය.රචකයා නොකියා කියන්නේ මෙකී මනුදහම පිළිබඳ නොවෙිද?
වරක් නෙතග කඳුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ
සාහිත්‍යයේ සමස්ත රසය කරුණරසයෙන් අනූන යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ශෝකය පාදක කරගෙන උපදින කරුණරසයට ආදරවන්තයෝ අනවරතයෙන් ම ප්‍රිය කරති.ඔවුහු එයින් විප්‍රලමිභ ශෘංගාර රස විඳිති.ශෝකය උපදින්නේ තමාට අවශ්‍ය යම් දෙයක් නැති වීමෙනි.එබඳු අවස්ථාවලදී දරාගත නොහැකි දුකින් නෙත කඳුළින් පිරීයාම ස්වාභාවිකය.වියෝග ආලය හෙවත් විප්‍රලමිභ ශෘංගාරය රසය විඳින්නෝ මෙහි යථාර්ථය දනිති.එහෙත් ඇතැම්විට දුකත් සතුටට හේතුවන අවස්ථා නැතුවා නොවෙි.ආදරයෙන් අන්ධවූවෝ මෙි යථාර්ථය නොදකිති.ඔවුහු සුවඳ හමන මල් සේ සුපුෂ්පිත වී අකලට පරව යති.තතු මෙසේ වන කල්හි ප්‍රේමය හෝ වෙනත් හේතු මත දිවිනසා ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් අප හද කම්පා නොවෙිද ?
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පෙරුම්පුරා ගෙන ආ සංසාරේ