මෙවර ගී විනිස වෙනුවෙන් තෝරාගනු ලබනුයේ නවපරපුරේ ප්‍රතිභාපූර්ණ තරුණ ගායන ශිල්පි රිද්ම වීරවර්ධනයන් විසින් ගැයූ 'කුවෙිණියේ මා' නමැති ගීතයයි. සාහිත්‍ය රසයෙන් ඉතිහාස ශ්‍රී විභූතියෙන් අනූන නැවුම්බර, හැඟුම්බර, හරබර මෙි ගී මිණ මෑතකාලයේදී අපට අසන්නට ලැබුණු මහත් කන්කලු සුමිහිරි අනගි නිමැවුමකි. මෙහි රචක චන්ද්‍රසේන තලංගම තරුණයකු නොවූව ද විදග්ධ කලාව සංස්පර්ශ කරමින් ජනප්‍රිය සංස්කෘතියේ නාඩි ඇල්ලීමට බුහුටි වැඩිහිටි ඉළන්දාරියකු බව සුවිශද වෙයි.තරුණ සංගීතවෙිදියකු වන චරිත අත්තලගේයන්ගේ නාද සංයෝජනය ද අතිවිශිෂ්ටය.
මෙි ගීයට පසුබිමින් තිබෙන්නේ විජය කුවෙිණි කතා පුවතයි. මහාවංසයේ එන විජය කුවෙිණි පුරාවත ඇසුරින් සාහිත්‍ය කලාවෙි ජේකයෝ විවිධ පර්යේෂණ, නාට්‍ය, කාව්‍ය, ගද්‍ය ආඛ්‍යාන ආදී කලා කෘති කළෝය. ෂඩ්භාෂා පරමෙිශ්වර තොටගමුවෙි ශ්‍රී රාහුල හිමියන්ගේ 'කුවෙිණි අස්න' ද හෙන්රි ජයසේනයන්ගේ 'කුවෙිණි' වෙිදිකා නාට්‍යය ද ඊට නිදසුන් කිහිපයක් පමණි. එහෙත් අපට මෙි ගීතය ගෝචර වනුයේ ඒ ඵෙතිහාසික සන්දර්භය නමැති මුක්තාමාලාවෙන් ගිලිහුණු ගී මුතු ඇටයක් ලෙසය. මෙි ගීතයේ කථකාව පුරුෂාධිපත්‍යයෙන් බැටකෑ ඵෙතිහාසික කාන්තාවකි. දේශයටම ශාප කරමින් අහිමි පෙමට දිවි පිදු මෙි යක්ඛ ගැහැනිය ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික මතක පොතේ වැදගත් අමරණීය පරිච්ඡේදයකැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
මෙි ආදරණීය යක්ෂණිය පිරිමියකු වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළාය.අවසානයේ නෑදෑ හිතමිත්‍ර ආදීන් පමණක් නොව තම ප්‍රාණසම දරු දෙදෙනා ද අහිමිකර ගනිමින් ජීවිතයෙන් ද වන්දි ගෙවූවාය. කුවෙිණිය පිළිබඳ මහාවංසයේ විවිධ තොරතුරු හෙළිදරව් කළ ද එහි එන ඇතැමි කරුණු විවාදාපන්නය. කුවෙිණිය ලොව ප්‍රථම රැජන යැයි ද අරිසෙන් අහුබුදුවෝ කියති. ඇගේ මව රත්නවල්ලිය බවද සමන් දෙවිඳුන් වැඩිමහල් සොහොයුරා බවද ඉතිහාසඥයෝ කියති.
විජය කුමරු ක්‍රි.පූ 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක සේනාව සමඟ තම්බපණ්ණිය හෙවත් කුරදිමලේ (ත්‍රි'මලේ) වෙරළට ගොඩබැස්සේය. එම අවස්ථාවෙිදී ඔහු බැල්ලක දුටුවෙිය.මිනිස් වාසයට සුදුසු බිමක් හමුවු බවට පසක්කර ගත් ඔහු මුලින්ම එහි තතු සෙවීමට තම සේනාව පිටත්කර හැරියේය. බොහෝ වෙිලාවක් ගත වූවද ගිය පිරිස පෙරළා නොපැමිණියහ. මින් කලබලයට පත් කුමරු ඔවුනට කුමන විපතක් සිදුවිණි දැයි කල්පනා කළේය. එකෙණෙහිම වෙරළේ කපු කටිමින් සිටින රූමත් ලලනාවක් ඔහුගේ නෙත ගැටිණ. කුමරුන්ට ඇය පිළිබඳ සැක සිතිණ. ඔහු එකවරම තම ඉණේ රුවාගෙන සිටි කඩුව අමෝරා තමාගේ මිනිසුන් වහාම නිදහස් නොකළොත් තිී මරාදමන බවට තර්ජනය කළේය. ඉන් බියටපත් කුවෙිණිය තම මායා බලෙන් අතුරුදන් කළ පිරිස නැවත ගෙනත් දීමට පොරොන්දු වූවාය. අැසිල්ලකින් එම පිරිස කුමරුන් ඉදිරියේ පාදුර්භූත වූහ. යක්ඛ ගැහැනියක වූව ද කුවෙිණිය විජය කුමරුන්ට අවනත වූවාය. එහෙත් ඇයගේ යටි අරමුණ වූයේ කෙසේ හෝ විජය කුමරුන් සමඟ හාද වීමය. කුවෙිණියගේ මායාකාරී විසේකාරී බැල්ම පිළිබඳ තොටගමුවෙි ශ්‍රී රහල් හිමියෝ 'කුවෙිණි අස්න' කාව්‍යයෙන් මෙසේ වනති.
මට සිලුටු වටොර පිට තබා
රන් ඉද්ද නවමින් සොඳ
සුහුල් සපුමල් දමෙව්
සළෙල මොළකතෙහි මුල පැපෑ
මඳින් මදහසින් නුවනගින් බලා
කපු කටින්නී
ඉතිහාසය වූකලි නිහඬ සාක්ෂිකරුවෙකි.ජනප්‍රවාදයේ කුවෙිණිය පිළිබඳ විවිධ මතිමතාන්තර, කයිකතන්දර පවතී. කලාකරුවෝ ද ඒ ඔස්සේ විවිධ නිර්මාණ, නව අත්හදා බැලීම්, පර්යේෂණ කරති. හෙන්රි ජයසේනයන් විසින් විරචිත 'කුවෙිණි' වෙිදිකා නාට්‍යයේ කුවෙිණි ගයන මෙි ගීතයෙන් ලාංකික නිර්මාණකරුවන්ට ජනප්‍රවාද මොනතරම් බලපෑමක් කර ඇත්දැයි මොනවට සුපැහැදිලි වෙයි.
සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම
සත් සියක් දෙන පළඳිනේ
සත් සියක් මායා බලෙන් මම
සත් සියක් බන්ධන බලෙන් මම
සත් සියක් සක්වළ සොයා මම
ගෙන්වූ කුමරුන් අද එතේ
මෙි නාට්‍ය ගීතයයට අනුව විජය කුමරුන් ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ කුවෙිණියයි. ඇය සිය ඉන්ද්‍රජාලික බලයෙන් විජය ලංකාවට ගෙන්වාගත් බව කියන්නීය. එහෙත් විජයගේ පියා විසින් ඔහු ලාට රටෙන් පිටුවහල් කළ බව මහාවංසයේ සඳන්ය. ඉතිහාසය නිහඬ සාක්ෂිකරුවකු බැවින් මෙි සියල්ල උභතෝකෝටිකය.
යක්ඛ ගෝත්‍රික කාන්තාව වූ කුවෙිණියට පුන් පියවුරු තුනක් තිබුණු බවත් විජය කුමරුන් හමුවීමෙන් පසු ළය මැද පිහිටි ඒ අසාමාන්‍ය පියවුර අතුරුදන් වූ බවත් රාජාවලියේ සඳහන්ය. කුවෙිණි අස්න ද මෙි ඵෙතිහාසික සාක්ෂිය සනාථ කරයි. කුවෙිණිය සමඟ අසීමිත පෙමින් බැඳුණ ද ඇය යක්ඛ ගැහැනියක බව විජය දැන සිටියේය. මෙි හේතුවෙන් කුවෙිණිය රවටා රාජත්වයට පත්වන විජය අවසානයේදී මදුරා පුරයෙන් රූමත් වංශවත් කුමාරිකාවක් රැගෙන විත් ඇය හා විවාහ වී කුවෙිණියත් දරු දෙදෙනාත් මාලිගයයෙන් පන්නා දමයි. මෙි ආරංචිය සැල වූ සැණින් යකින්නිය කිපෙන්නීය. තම නෑ සියන් සියල්ල සමුලඝාතනය කොට විජයට රාජත්වය අරන් දුන් කුවෙිණිය විජයගේ හදිසි වෙස්පෙරළියෙන් අපේක්ෂාභංගත්වයට පත් වන්නීය. අවසානයේ විජය රජු විසින් ගල්ලෙනක සඟවා සිටි මදුරාපුර ක්ෂත්‍රීය කන්‍යාව සොයා ඇය පිස්සියක මෙන් දසත දිව යන්නීය.
වෛරයෙන්, ක්‍රෝධයෙන්, ලිංගික මාත්සර්යයෙන් පරිපීඩිතව සිටි කුවෙිණිය එම කත සැඟවී සිටින ගල්ලෙනට ගොස් ඇය මරා දැමීමට තැත් කළාය. එහිදී තියුණු කටු සහිත මස් ගොබයක් පරිද්දෙන් කුවෙිණියගේ දිව ලෙන තුළට දිග ඇදෙන අයුරු දුටු මදුරාපුර කුමරියගේ සෙන්පතියා කඩුවෙන් ඇගේ දිව දෙපළු කළේය.එහිදී කුවෙිණිය මරළතෝනි දෙමින් ඇද වැටී මිය ගියාය.
කුවෙිණිය පිළිබඳ සාමිප්‍රදායික දෂ්ටියෙන් නොබලා විජය කුවෙිණි ආදර අන්දරයට නව අර්ථකථනයක් දීමට මෙහි ගේය පද රචක චන්ද්‍රසේන තලංගමයෝ උත්සුක වෙති.අපි මුලින්ම ගීතයේ ස්ථායි කොටස බලමු
කුවෙිණියේ මා කුවෙිණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය
ගීතයේ මුල් පද පෙළෙන් විජය කුමරුන්ගේ ප්‍රේමණීය ආගමනය පිළිබඳ කියැවෙයි.ඔහු තම්බපණ්ණිය වෙරළට ගොඩබසින්නේ දුටුවන් වශී කරන කුවෙිණිය නමැති රූමත් යුවතිය මුණගැසීමෙි අපේක්ෂාවෙනි. ඔහු එන්නේ ඇගේ පරම පිවිතුරු ආදරය පතාගෙනය. එහෙත් මෙහිදී රචකයා වෙරළේ කපු කටිමින් සිටින කුවෙිණියට සළුවත් රැගෙන වහාම ඉන් පිටවන ලෙස අණ කරයි. ලාට රටෙි සිට නෞකාවක නැගී එන්නේ කුමාරයකු නොව මාරයකු බව රචකයා කියයි. මෙහිදී රචකයා සළුව නමැති රූපකය වෙසෙස් කොට පෙන්වන්නේ කුවෙිණිගේ ජීවිතය පිළිබඳ කිසියම් සංඥාර්ථයක් හැඟවීමටය.සළුව යනු කුවෙිණියගේ ජීවිතයයි. යක්ඛ ගෝත්‍රික පරම්පරාවක ගැහැනියක වූවද කුවෙිණියගේ බඩරස්සාව පේෂ කර්මාන්තයයි. රචකයා මෙහිදී වෙරළේ කපු කටිමින් සිටින කුවෙිණියට පියකු මෙන් ඔවදන් දෙමින් ආයාචනා කරන්නෙ ජීවිතය බිලිගැනීමට එන ව්‍යාජ පෙම්වතාට මුළා නොවී වහාම ඉන් පිටවන ලෙසය.
වියූ සළුව නොම හැරයන් කුවෙිණියේ
ලාට රටෙන් දොස් පවරයි කුවෙිණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවෙිණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවෙිණියේ
මෙි ගීතය සරල සුගම පද මාලාවකින් ලියැවී තිබුණ ද එහි නැවුම්බර ,හැඟුම්බර, හරබර ධිවනිතාර්ථපූර්ණ සංවචන,ව්‍යාංගාර්ථ ගැබ් වී තිබෙි.
විජය යනු ආර්යවංශිකයෙකි.යක්ඛ ගෝත්‍රික පරම්පරාවක ගැහැනියක හා විවාහ බන්ධනයකට යෑමෙන් විජයගේ මවුපියන්, නැදිමයිලන් උරණවිය හැකි බව ද ඔවුන් සියලුදෙනා නින්දා අපහාස කරමින් කුවෙිණිය පීඩාවට ලක්කළ හැකි බවට ද මෙහිදී රචකයා කිසියම් අනාවැකියක් ද පළ කරයි. ලාට රටින් පිටුවහල් කරන ලද විජය කුමරුන් බාරගතහොත් ඇය ඔවුන්ගේ රැවුම්, ගෙරවුම්, ගැරහුම්වලට ලක්විය හැකි බව නොවෙිද රචකයා මෙි කියන්නෙ? මෙයින් රචකයාගේ පරිකල්පන ධාරිතාව, චින්තන වින්දන ශක්තිය මොනවට සුවිශද වෙයි. විජය යනු සල්ලාල ජීවිතයක් ගත කරන සෙල්ලක්කාර තරුණයෙකි. ඔහු ලාට රටෙන් පිටුවහල් කරනුයේ ද මෙි දඩබ්බර අඬදබර හේතුවෙනි. එබඳු පිරිමියකුගේ දෙපා පාරිශුද්ධහාවයෙන් තොර බව ද කලල් දියෙන් නෑවී ඇති එම දෙපා ස්පර්ශ කළහොත් තමාගේ පාරිශුද්ධත්වය කෙලෙසි යනු ඇති බව ද මුරුගසං වැසී වැනි අවලාදවලින් ආත්මගෞරවය පවා වැනසීමට ඉඩ ඇති බව ද රචකයා ආයාචනාත්මක ස්වරයෙන් කියයි.
නිරිඳුන් නුඹෙි ආලේ නිසා
බොහෝ විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙකලා හිඳිමි මෙමා
මෙි ගීතයේ අවසාන අන්තරා කොටසෙහි කුවෙිණිය විසින් විජය කුමරුන් වෙත කරන අහිංසක ප්‍රේමණීය ආයාචනයක් ද ඇත. මෙහිදී කුවෙිණිය ඉල්ලා සිටිනුයේ විජයට ලංකාවට නොපැමිණෙන ලෙසය. විජයගේ ප්‍රේමය නිසා තමාට මහත් විපතක් සිදුවන බව ඇය කියන්නීය. මෙි භවයේදී අප ප්‍රේමවන්තයන් ලෙස මුණනොගැසී මතු භවයක එක්වෙමු යැයි ඇය ඔහුට යෝජනා කරන්නීය. මෙි වූකලි මොනතරම් උදාර ප්‍රාර්ථනයක්ද? පරමාදර්ශී ආයාචනයක්ද? කලාවෙි චරිතවලින් නිරූපණය වන්නෙ චරිතම නොවෙි. ඒ චරිත හුදු සංකේතය. එහෙයින් කුවෙිණිය නමැති මෙි කථකාව සකල පුරුෂාධිපත්‍යයෙන් බැටකෑ සකල පීඩත ලියන්ගේ සංකේතයකි. කුවෙිණියගේ වියෝවෙන් පසු ලංකාවෙි රජකළ පඬුවස්දෙව් රජුන් ඇතුළු නිරිඳුන් ගණනාවකට ඒ ශාපය වැදුණු බව ද ඉතිහාසඥයෝ කියති. කුවෙිණියගේ ශාපයෙන් පඬුවස්දෙව් රජුන් මුදාගැනීමට කොහොඹාකංකාරිය නමැති ශන්තිකර්මය කළ බව ද කියති. ඉතිහාසය ලියන්නෝ දේශපාලනඥයෝය. එහෙත් පෙර කී පරිදි ඉතිහාසය නිහඬ සාක්ෂිකරුවකු බැවින් සත්‍ය හෙවත් තිත්ත ඇත්ත කාලයේ වැලි තලෙන් වැළලීයාමට ඉඩ ඇත.කුවෙිණියගේ අධ්‍යාත්මය පුරා බුර බුරා නැගුණු කෝපාග්නිය ආර්ය වංශිකයකු වූ විජයට නොවැටහිණ. පුරුෂෝත්මවාදය මිහිපිට පැටවුණු දා සිට සියලු ලලනාවෝ ඉන් බැට කති. ඇතමෙක් ලිංගික සූරාකෑමට ලක්වෙති. හොරු, සල්ලාලයෝ, කාමාතුරයෝ කතුන් බිලිගැනීමට මඟ රැක සිටිති. සැමියාගේ තිරිසන්කමින් මර්දිත ලියන් ගැන බෞද්ධ පතපොතේ ද සඳන්වෙි. තතු මෙසේ වන කල්හි පිරිමින්ට සදාකාලිකවම කාන්තාවෝ යක්ෂණීයෝය.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රේමයට දිවි පිදු යක්ෂණි
Chandani Monday, 10 October 2022 08:56 PM
කුවේණියේ මා ගීතය පසුබිමින් මේ තරම් සංකීර්ණ කතා පුවතක් ඇතැයි මා කිසිදිනෙක සිතුවේ නැහැ. ඇත්තටම මේ විචාරයෙන් අපි හුඟක් දේවල් ඉගෙන ගන්නවා. හුඟක් සින්දු ලස්සනයි. ඒත් සමහර සින්දුවල තේරුම අපි දන්නේ නැහැ. එහෙත් ශෂී ප්‍රභාත් රණසිංහ මහතාගේ මේ විචාරයෙන් අපි නොදන්න බොහෝ දේවල් දැන ගන්නවා...
randil Tuesday, 11 October 2022 08:49 AM
අති විශිෂ්ඨ පැහැදිළි කිරීමක්
මැක්ස් Wednesday, 12 October 2022 01:40 PM
මෙම විශිෂ්ට ඉතිහාස කතාව අළලා රචනා කරන ලද කර්ණරසායන ගීය ඔපවත් කරන ප්‍රධාන සාධකය එහි ගායකයා සතු මනෝහර කටහඩයි. ඒ තරමටම, ශෂී ප්‍රභාත් මහතාගේ ගී විචාරය සහ රචනා විලාසය ද මනරම්... රසවත්...!
LGPJ Friday, 14 October 2022 06:24 AM
Music .Singing and Lyrics of this new song are very strong with excellency . My heartiest congratulations for all of them.
AB Saturday, 15 October 2022 08:10 PM
ප්‍රේමය වෙන් වශයෙන් හඳුන්වා ගත හැකිවේ. සහ වෙනස් ආකාරයට අවස්ථාවන්හිදී සිදුවිය හැකියි. දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමය (ආදරය) කලකට පසුව එක පාර්ශවයකින් ප්‍රේමය ප්‍රතික්ෂේප වීම නිසා හෝ එක් පාර්ශවයකින් අනෙක් පාර්ශවය අකමැති වුවද ප්‍රේමය ඉල්ලා බලපෑම් කළවිට සහ ප්‍රේමයට වැඩිහිටියන්ගේ ආශිර්වාදය නොලැබුණු අවස්ථාවන්හි ප්‍රේමයට දිවි පුදනා පිරිස සිටිනුයේ ලංකාව ඇතුළු ආසියානු රටවල පමණි. එයට හේතුව ප්‍රමාණය ඉක්මවා විශාල බලාපොරොත්තු සහිතව දෙදෙනෙකු විසින් ආරම්භයේ සිටම ගොඩනගා ගන්න සීමාවන් ඉක්මවා ගොස් බැඳීම් සහිත "තණ්හාව‘‘ ආසියානු ප්‍රේමය සහ බටහිර ප්‍රේමය අතර තිබෙන්නා වූ "විවෘත ප්‍රේමය" බැඳීම් අඩු සහ විශාල බලාපොරොත්තු රහිත ප්‍රේමයේ වෙනස හඳුනා ගැනීම වැදගත් වේ. බටහිර දියුණු ලෝකයේ පරාජිත ප්‍රේමයෙන් පසු කිසිවකු දිවි හානිකර ගැනීමක් සිදුනොවන හේතුව කුමක්ද කියා සොයා බැලීමත් වැදගත් වේ.