මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද සුජාතා අත්තනායකගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ ස්වර සංරචනයෙන් ද විභූෂිත මෙි ගීමිණ ශෝකී හැඟීම් උපදවයි.
"නූතන කවිය දියුණු කිරීමට අවංකව වෙහෙසෙන කවියකුට ගමන් කිරීමට සිදුවී ඇත්තේ දුෂ්කර මාර්ගයකය. සාහිත්‍ය පිළිබඳ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් පළවන ඇතැම් දුර්මත ප්‍රතික්ෂේප කිරීමට තියුණු ඇසකුත්, කීර්තිය හෝ වෙනත් ලාභාපේක්ෂාවන් කෙරෙහි ගිජු නොවන අපිස් සිතකුත් ඇණුම් බැණුම් මැද නව මං සොයා යා හැකි තරම් ආත්ම ශක්තියකුත් එවැන්නකුට වුවමනාය."
මහගම සේකර විසින් කරන ලද යටකී ප්‍රකාශය ඔහුගේ ම ප්‍රතිභාපූර්ණ කාව්‍ය චින්තනයට දෙස් දෙයි. සේකර මෙි නොකියා කියන්නේ ඔහු ගැනම නොවෙිද? විශිෂ්ට කවියකුට තිබිය යුතු එකී ගුණාංග මහගම සේකරට ද නොඅඩුව තිබිණි. කාව්‍යලාභයෝ සුදුර්ලභයෝය. අද්‍යතන සිංහල කවියේ විශාලතම කම්පන ධාරාවක් ඇති කළ සේකරයෝ ද සුදුර්ලභ කවියෙක් වෙති. ඔවුහු මෙරට සාහිත්‍ය සමාජය තුළ මහත් විලෝභනයක් ඇති කළහ. නොකල්හි අප අතරින් වියෝ වූව ද කවියකු, ගේය පද රචකයකු, චිත්‍ර ශිල්පියකු, සිනමා අධ්‍යක්ෂකවරයකු ලෙස ඔහු සුවිශද කළ ප්‍රතිභාව සුළුපටු නොවෙි. පැසුණු කවිකමකට උරුමකම් කියූ සේකරයෝ සාම්ප්‍රදායික සිංහල ජනකවිය ද සමතික්‍රමණය කළෝය.
පරසතුමල් චිත්‍රපටයට ඔහු ලියූ "පරවුණු මල්වල සුවඳ අතීතේ" ගීතය ද ජනකවිය ඇසුරින් නිර්මාණය කළ අපූරු ගීමිණකි.
මහගම සේකරයන්ගේ කවිය සහ ගීතය මෙරට සාහිත්‍ය ඉඩෝරයට පිළිපන් සිහිල් දියත්තක් බඳුය. ඔහුගේ සෑම කවියක් ම ධ්වනිතාර්ථපූර්ණ කාව්‍යෝක්තිවලින් ගහනය. රූපකාර්ථවත්ය. මෙනයින් සමාජ රිද්මය හඹා ගිය අව්‍යාජ කවියකු වූ සේකරයෝ ඉගැඹරු ප්‍රජානුභූති සහ විදර්ශනා සහිත කවියෙක් ද වූහ.
මෙි ගීතය පසුබිමින් තිබෙන්නේ පරසතුමල් චිත්‍රපටය යි. පරසතුමල් වූකලි විශිෂ්ට රංගධර ගාමිණි ෆොන්සේකාගේ කුළුඳුල් සිනමා සිත්තමයි. පරසතුමල් ලංකාවෙි බිහිවුණු හොඳම චිත්‍රපට දහයට එක්වූ අනභිභවනීය විශිෂ්ට සිනමා කෘතියකි. පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ තිරචනයකට අනුව ගාමිණි ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ මෙම සලරුව කුලීන පවුලක සල්ලාල ජීවිතයක් ගතකළ පුද්ගලයකුගේ ආත්ම විවරණයකි. ඔිමාර් ඛයියාම්ගේ දර්ශනයට අනුව ජීවන රටාව ගෙන ගිය "බොනී " බොහීමියානුවෙක් ද වූයේය. බොහීමියානුවෝ කලාකාමීයෝය. බොනී ද උසස් සංගීත රසවින්දනයකින් හෙබි කලාකාමී හදවතක් ඇති සෞන්දර්යවාදියෙක් වූයේය. නිතර මධුවිත තොලගාමින් ලියන්ට ලොබලිය වඩමින් සම්භෝග සුව විඳි බොනී තනිකඩ සුකුමාර ජීවිතයක් ගත කළේය. ගී පොතයි, මී විතයි, ගැහැනිය යි ඔහුගේ ජීවිතය දර්ශනය විය. එහෙත් ඔහු කෙතරම් ලියන් ඇසුරු කළ ද ගමෙි සුන්දර කාන්තාවක වූ කමලාට අවංකව ම ආදරය කළේය. බොනීගේ සල්ලාල හිත කමලා අබිමුව ප්‍රේමයකට පෙරැළිණ. ස්ත්‍රීන් ගණනාවක් ඇසුරු කළ ද බොනී කමලාගේ සෙනෙහස දිනා ගැනීමට අවංකව ම වෙහෙසුණේය. සල්ලාලයකු, සුරාසොඬකු වී සිටි බොනී මහත්තයා කමලා ඉදිරියේ අකලංක ආදරවන්තයෙක් වූයේය. නෝනෙ යනු බොනීගෙන් සල්ලං වූ දුප්පත් අසරණ ගැහැනියකි. බොනීට දාව නෝනෙ දියණියක් බිහිකළාය. එහෙත් එම දියණියට පියකු වීමට බොනී අකමැති විය. බොනීගේ ධනය, බලය, කුලය කෙරුම්කාරකම් අබියස නෝනෙ අසරණ වූවාය. නෝනෙ සහ මැගී යන කාන්තාවෝ දෙදෙනා ම බොනීගේ බංගලාවෙි මෙහෙකාරියෝ. බොනී කතුන් කෙළිබඩු කර ගත්තේය. මෙි ගීතයේ රූපරාමු පෙළ ඔස්සේ විශද වන්නේ සිඟිති දියණිය සමඟ නෝනෙ තනිකම බෙිදාගැනීමට දරන වෑයමයි. මෙනයින් පරවුණු මල්වල සුවඳ අතීතේ ගීතය පරසතුමල් චිත්‍රපටයෙන් විතැන් කොට ගිණිය නොහැකිය. ගීතය එතරම් ම අවියෝජනීය ලෙස චිත්‍රපටය හා ඒකාත්මිකව බද්ධ වී තිබෙි. තම දියණියට පියකු නැති බව නෝනෙ දන්නීය. එහෙත් ඇයට ඒ පිළිබඳ ශෝක සන්තාප වෙනවා හැරෙන්නට විකල්පයක් නැත. බොනීලා වැනි බලපුළුන්කාරයන් ඉදිරියේ නෝනෙලා වැනි පීඩත පන්තියේ කාන්තාවෝ කවදත් අසරණියෝය. පුරුෂෝත්තමවාදය රජයන සමාජයක නෝනෙලා වගේ ගැහැනුන්ට යන එන මං නැත.
පුරුෂෝත්තමවාදය රජයන පෙරදිග රටවල් අතරින් ලංකාව ප්‍රමුඛතන්හීලා ගිණිය හැකිය. ගෙහිමියා හෙවත් ගෘහමූලිකයා යනු පවුලේ ප්‍රධානියා ය. බිරිය සහ දරුවන්ගේ පරම රැකවලා වන්නේ ද පුරුෂයාම ය. තතු මෙසේ වන හෙයින් කුටුම්බයක ගෘහමූලිකයාගේ කාර්යභාරය සුළුකොට තැකිය නොහැකිය. එහෙත් ගෘහමූලිකයා අකාලයේ මියගියහොත් තහනම් ගහේ ගෙඩිවල රස බැලුවොත් සුතනඹුවෝ අනාථ වෙති. ඇතැම් පියවරු දරුවන්ට දිවිහිමියෙන් පෙම් කරති. එහෙත් මෙකී බෝධිසත්වයන් අතර දේවදත්තයෝ ද සිටිති. ඔවුහු නරුමයෝ ය. සල්ලාලයෝ ය. කටගොන්නක් බීගෙන බිරියට දරුවන්ට තාඩන, පීඩන කරන එබඳු පියවරුන් සමාජයට ද පිළිලයකි. මෙනයින් පියා නැති දියණියෝ කවදත් අවාසනාවන්තියෝ ය. අවජාතක දරුවන්ට සමාජයෙන් ද ගැලවුමක්, පිහිටක් නැත. මෙි අවනඩුව නෝනෙ හොඳින් දන්නීය. ඇය මුළු චිත්‍රපටය පුරා දියණියගේ උරුමය වෙනුවෙන් සටන් කරන්නීය. එහෙත් අවසානයේ ඇයට සිදුවන්නේ ගමෙි අහිංසක තරුණයකු වූ සිරිසේන සමඟ දීග යෑමටය. බොනී අනාථකළ හැම ගැහැනියකටම සිදුවූයේ මෙකී සන්තෑසියමය. තමා අතින් අනාථ වූ ගැහැනිය වෙනකකුගේ කරේගසා ඉන් ජාමෙි බෙිරාගැනීමටත් පසුව එම කාන්තාව හොර පාරෙන් ඇසුරු කිරීමටත් බොනී සටකපට බුහුටියෙක් වූයේය.
පරසතුමල් චිත්‍රපටයේ රූපරාමුවට සේකරයන් විසින් රචනා කළ නැළැවිලි ගීතය සාම්ප්‍රදායික දරු නැළැවිලක් නොවෙි. මෙි වූකලි සාම්ප්‍රදායික දරු නැළැවිලි සියල්ල සමතික්‍රමණය කළ ගීමිණිරුවනකි. බොනී සමඟ කාම සම්භෝග සම්පර්කයට එළැඹි මොහොතේ නෝනෙ අනාගත සිහින මාලිගා මැව්වාය. එහෙත් ඒ සියල්ල තත්ක්ෂණයෙන් සුනුවිසිනු වී ගියේය. එහි අානිසංස නම් පියකු නැති දියණියක මෙලොවට බිහිවීමය. මෙනයින් පරවුණු මල්වල සුවඳ අතීතේ යනුවෙන් සේකර පවසන්නේ පරවුණු මලක් වූ නෝනෙ ගැන නොවෙිද?
පරවුණු මල්වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ
එළිය මැදින් හෙට දවස උදාවේ
මෙි කථකාවට සිහිනෙන්ගෑ මුදු සුවඳ වහනය වන සොඳුරු අතීත ජීවිතයක් තිබිණි. එකල ඇය තම වල්ලභයාට දිවිහිමියෙන් පෙම් කළාය. එහෙත් දැන් එකී සුවඳ අතීතය පරසතුමල් ළඟ විසිර ගොසිනි. පෙරදා ගොඩනැගූ මනෝමන්දිරය කැඩී බිඳී සුනුවිසිනු වී ගොස්ය. අන්ධකාරය පිරුණු ජීවිතයේ එකම සැනසුම පියා නැති දියණිය පමණි. පෑලදොරින් පලා ගිය ප්‍රේමය ඇගේ සිතට වදයකි. තවමත් බහතෝරන වියේ පසුවන කෙළිපැටික්කිය සුරවමියන් සමඟ සිනාසෙමින් සුව නින්දකය. තම ආත්මය වසා පැතිරි අඳුර යන්තම් බිඳ හෙට දවස උදාවන්නේ ඒ සුරතල් දියණියගේ මුවෙහි කැකුළු සිනාවෙන් ගලා එන ආලෝකයෙනි. අඳුරු ජීවිතයේ තිමිරපට ඉරාගෙන දියණිය සලන කැකුළු සිනාපොද ඇයට සැනසුමක් නොවෙිද? මහමෙරක් තරම් වූ ප්‍රශ්න නිමෙිෂයකට හෝ අමතක වන්නේ දියණියගේ කැකුළු සිනා දැකීමෙනි. "පරසතුමල්" "කැකුළු සිනා "පරවුණුමල් යන යෙදුම් ධ්වනිතාර්ථපූර්ණය. සරල, සුගම වචන වූව ද ඒ සියල්ල ව්‍යාංගාර්ථ දනවයි. මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්ති සහිත ගීමිණක් ද?
අතට වළලු මම කොහෙන් සොයම් දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම් දෝ
දුවට මවක මිස පියකු කොයින් දෝ
ගීතයේ පළමු අන්තරා කොටසෙහි එන යෙදුම්වලින් අප මතකයට එන්නේ ජනකවිය යි. අතට වළලු, ඉණට හවඩි, පයට ගිගිරි සොයා ගෙන එන අම්මා හමුවන්නේ ජනකවියේදී ය.
අතට වෙරළු ඇහිද ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
මෙි වූකලි ජනකවියගේ ආත්මීය රාවය යි. ජනකවියෝ ස්වකීය අත්දැකීම් නිර්ව්‍යාජ අයුරින් කවියට මුසු කළෝය. පැසුණු කවිකයකුට එයින් උකහා ගතහැකි දෑ බෝහෝය. සේකරයෝ ද මෙි ගීතය වෙනුවෙන් ජනකවි ආර තෝරා ගනිති. එහෙත් ඔහු එහි සිරනොවී ඉන් ඔබ්බට ගොස් බුද්ධිවාදී එළැඹුකට කවිය ගෙන එයි. මෙහිදී සේකරයෝ ජනකවිය සමතික්‍රමණය කරමින් නවීන ජීවන පුවතක් නිර්මාණය කරති. පියකු නොමැති දරුවකුගේ මවු සෙනෙහස මෙි සුමට වදන්වලින් මොනවට පැහැදිලිවෙි. පියා නැති තන්හි කනකර පාළු වූ දියණියක දක්නා මව තුළ ඇතිවන බලවත් සිත් වෙිදනාව මෙි යෙදුම්වලින් ගම්‍ය නොවෙිද?
දාවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවට නිදි දෑස පියෙනවා
හීතල පාළුව හියුඩු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩිනවා
දිවා ආලෝකය පහව ගොස් ලොව ගනඳුරින් වැසී යත්ම හුදෙකලාව, පාළුව, කාන්සිය රජය යි. එවිට මළපාළු හැඟීමක් සියුම් ශෝකයයක් ඇති වෙයි.නිදිබර දෑස් නිදි දෙව්දුව සොයා ඇදෙයි. සීතල ගත මෙන්ම සිත ද පහරයි. කිලිපොළා යන සීතල ගැහැනියකට නම් කෙසේත් ම දරාගත නොහැකිය. මෙබඳු දුක්බර මොහොතක දොරට වඩින දියණියගේ අනාගතය කෙසේනම් සුන්දර වෙිවි ද? මෙි වූකලි පියකු නැති දියණියක සිටින මවක මුහුණදෙන අඳුරු ඛෙිදවාචකයක් නොවෙිද? සුජාතා අත්තනායකගේ භාවානුරාගී හඬත් ලයනල් අල්ගමයන්ගේ සිනමාරූපී මියුරු මියැසියත් මහගම සේකරයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවත් එකතු වී සුසැදි මෙි ගීතය ඇසූ කල අප හද ඇය අරබයා කම්පා නොවෙිද?
විවරණය :ශෂී ප්‍රභාත් රණසිංහ
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පරවුණු මල්වල සුවඳ අතීතේ