මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.
මෙි වනාහි නන්දා මාලනීයන්ගේ පවන කැසට්පටයේ එන විරෝධාකල්ප ගී ගොන්නේ ම තවත් අපූරු ගීමිණකි.එකල දුර්දාන්ත පාලකයෝ මෙි ගීත තහනම් කළෝ ය.එහෙත් රැඩිකල්වාදී අදහස් දැරූ තරුණයෝ පවන කැසට්ටුව පොල්ගසේ කරටියේ පවා සඟවාගෙන මෙි ගීත ඇසුවෝ ය.මෙි ගීතයට විෂය වන විරුවෝ සැබෑ මානවහිතවාදී සටන්කරුවෝ ය.ඔවුහු පුද්ගලාභිවන්දන තුට්ටුවකට මායිම් නොකළෝ ය.මෙි තරුණ විප්ලවවාදීහූ සමායේ අභිවෘද්ධිය, මානව ජීවිතයේ යහපත වෙනුවෙන් සටන් වැද දිවි පිදූවෝ වෙත්.පස් කඳු යට රහසේ සැතපී සිටින මෙබඳු විරුවෝ සමාජයේ පොදු ස්මරණයට පාත්‍ර වූවෝ ය.ඔවුහු ගම් නියම්ගම්වලින් සරසවි වරම් ලබා සෙයිලමට සේන්දු වූ තරුණ විද්‍යාර්ථිහු ය.
මෙි සියලු සටන්වලින් සුවිශද වුයේ කුමක් ද? තරුණයන් තුළ ධනවාදයට සහ දුර්දාන්ත පාලකයන්ට එරෙහිව නැගුණු වෛරය යි.මෙි අප්‍රිය ජුගුප්සිත වූ වෛරී වූ තතු නිසා පීඩත පන්තියේ දුප්පත් අසරණ මවුපියන්ගේ උගත්, බුද්ධිමත් දරුවෝ ඊට එරෙහිව නැගී සිටියහ.එහෙත් මහා ඛෙිදවාචකයකින් අවසන් වූ මෙි සටන්වලට ත්‍රස්වාදී මුහුණුවරක් දීමට දුෂ්ට පාලකයෝ වැර දැරූහ.මෙකී තරුණයන් සමඟ උරණ වූ අධර්මිෂ්ට පාලකයෝ යටකී තරුණයන් ටයර් සෑ,වධකාගාරවලට යැවූහ.එම තරුණයන් මියගියේ රාජ්‍ය ත්‍රස්තවාදයේ කුරිරු වධබන්ධනයන්ට නතුවී මෙන් මිස වෙනත් අදිසි හස්තයකින් නොවන බව තතු දන්නෝ දනිති.මෙි මළවුන් පිරිස සරසවි අධ්‍යාපනය ලද උගත් තරුණ තරුණියෝ ය.මෙනයින් බලන කල මහැදුරු සුනිලුන් මෙි ගීතයෙන් සිහිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි දෙකේ දී මියගිය තරුණයන් බව නිසැකය.සමාජවාදී විභවය පෙරටුකර ගෙන ජන පීඩක රාජ්‍ය යන්ත්‍රයට පහර දී එයින් පහර කා වැනසී ගිය යටකී තරුණයන් පිළිබඳ මානවබන්ධුත්වයේ ප්‍රඥාලෝකය දැල්වීම සමාජයේ පරම යුතුකම නො වෙි ද?
ධනපති පන්තියේ පාලකයෝ නිර්ධන පන්තියේ ශ්‍රමය සූරාකමින් ඔවුන් පීඩනයට ලක් කළෝ ය.තම දහදිය මහන්සියෙන් හරිහම්බ කරගත්ත සේසත මෙි අසරණ දුප්පත් ශ්‍රමිකයෝ අවසානයේ ආගමදහම වෙනුවෙන් දියකර හැරියෝ ය.දුප්පතා නිතර සිතන්නේ තමා වැටී සිටින වළෙන් ගොඩඒමට ඇති එකම මාර්ගය පන්සල්, පල්ලි,කෝවිල්වලට වැදුම් පිදුම් කිරීම බවය.එහෙත් එසේ මොහාන්ධකාරයේ ගිලෙන්නෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ ය.හිතට දුකක්,පීඩාවක් නැගෙන හැමවිටම අදෘශ්‍යමාන,අධිමානුෂික බලවෙිගය පස්සේ දුප්පත් අසරණ ජනතාව ලුහුබැන්දහ.එපමණක් නොව ඔවුහු ඒවාට පුදපූජා පැවැත්වීමට ද පටන් ගත්හ.එහෙත් ආගම අබිං යයි වරක් කාල් මාක්ස් කීවෙි ය.අබිං කෑවෝ එයින් කුල්මත් වී ඊට ඇබ්බැහි වී වල්මත් වෙති.ආගමදහම පසුපස හඹා යන අන්ධභක්තිකයා ද එසේ ය.ආගම යනු මිනිසාගේ කරේ එල්ලූ උරචක්‍රමාලයකි.මියෙන තුරු ගැලවීමක් නැත.එහෙත් ආගම දුප්පත්කම (ධනවාදයේ වියවුල් විනාශකාරී දෑ) හේතු කොට ගෙන පවතින බව කාල් මාක්ස් නමැති අග්‍රගණ්‍ය භෞතිකවදියා අපට උගැන්වීය.
මෙි යථාර්ථය තේරුම් ගත් යටකී රැඩිකල්වාදී තරුණයෝ ආගමෙි ආධ්‍යාත්මික බන්ධන පුපුරුවා සමාජයේ ඇස් ඇර, සටන් වැද මිය ගියහ.එහෙත් ඔවුහු සිය රූපකාය පවා අප හමුවේ ඉතිරි කොට නොගිය විරුවෝ වෙත්.තතු එසේ වූව ද එදා මෙි විරුවන් දුටු මනෝරාජික සිහිනය අද සැබෑ වී ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.අද එකී මනෝරාජ්‍ය මහපොළොවෙි දේශපාලන යථාර්ථයක් බවට පත්වී තිබෙි.වත්මන් ජනපති අනුර කුමාර දිසානායකයෝ යටකී දේශපාලන ව්‍යාපාරය නියෝජනය කළ නයුවෙක් ද වෙති.එහෙත් මෙි දේශපාලන යථාර්ථය සියැසින් දැකීමට එදා රට වෙනුවෙන් දිවි දුන් ඒ තරුණ විරුවෝ අද නොවෙත්.ඔවුහු පස් කඳු යට වැළලී සිටිත්.මහැදුරු සුනිලුන් ස්වාභාවෝක්තියෙන් ලියා ඇති මෙි පදවැල් අතිශය භාවාතිශය ය.එහෙත් බුද්ධිවාදී ය.හද බසට සමීප වාංමාලාවක් අනවරතයෙන් ම සෞන්දර්යාත්මකය.මෙනයින් බලන කල සමාජයට මගහැරුණු යටකී විරුවන් කෙරෙහි අප තුළ ප්‍රබල අනුකම්පාවක්,මානවබන්ධුත්වයක් ජනිත නො වන්නේ ද?
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී
ගුගුරා දෙස් දේවී
පීඩිතභාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියාදෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුණි
මිල මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුබසෙත සලකා මළෝය උන් සැම
ගායනය : නන්දා මාලනී
ගේයපද : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්.එම්. ජයවර්ධන
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇස
රෝහණ මද්දුමරාලයන්ගේ ගේයපද සරණියෙන් ද ප්‍රියා සූරියසේනයන්ගේ හඬ සහ නද සරණියෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරය දනවයි.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද මිල්ටන් මල්ලවාරච්චින්ගේ සුගායනයෙන් ද ස්ටැන්ලි පීරිස්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ කරුණරසය දනවයි.
ධර්මසිරි ගමගේයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතරචනාවෙන් හා සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ අප තුළ කරුණරසය මසු පෙම් හැඟුම් දනවයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පිළිම නෙළා නැති