ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ගේය පද සංරචනයෙන් ද එචි. එම් ජයවර්ධනයන්ගේ ස්වර සමායෝජනයෙන් ද මාලනී බුලත්සිංහලගේ හඬ මාධුර්යෙන් ද සමලංකෘත වූ මෙි ගීතය ගේහසිත ප්‍රේමයේ වියෝගිනි මත දැවෙන බිරියකගේ මානසික පීඩනය මොනවට පැහැදිලි කරයි.
ගේය පද විලාසයෙන් ලියැවෙන ඇතැමි වචන සංවචන නොවෙි. ඇතැමිහූ බොළඳ, හරසුන් සක්ක පද අමුණා ගී ලියති. එහෙත් එබඳු පද ගායනායෝග්‍ය නොවෙි. ගීත නිර්මාණයක පූර්වාවයවය ගේය පද රචනය යි. ගේය පද යනු ගායනායෝග්‍ය ගායනා කළ යුතු පදයි. මෙනයින් කිසියම් මානවීය හැඟීමකින් රසිකයාගේ අධ්‍යාත්මය රංජනය කරන වචන ගායනායෝග්‍ය පද ලෙස ගිණිය හැකිය. සුකීර්තිමත් ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන් විසින් විරචිත මෙි ගීමිණ ද යටකී ගුණයෙන් පොහොණි රමණීය කාව්‍යෝක්ති සහිත ධ්වනිතාර්ථපූර්ණ ගීතයකි. මෙි ගීතයේ ද උසස් කවියක තිබෙන මනෝරංජන ගුණය ඇත. ප්‍රේමය, ශෝකය, ප්‍රහර්ෂය, විප්‍රලමිබ ශෘංගාරය දනවන මෙබඳු ගීතයකින් මානවබන්ධුත්වය සුවිශද නොවෙිද?
අද්‍යතන සමාජයේ පවුල් සංස්ථාව දෙදරා යෑමට කුටුමිබයේ පුංචි බහින්බස් වීමක් වූවද ප්‍රමාණවත් ය. එදා මෙන් නොව අද අඹසැමියෝ ගේහසිත ප්‍රේමය රිසි සේ බුක්ති නොවිඳිති. ඔවුහු නිතර අඬදබර කර ගනිති. පැරැණි සමාජයේ අඹසැමියන් තුළ තිබු ඉවසීම, දරාගැනීම, පරිත්‍යාගශීලි බව අද කුටුමිබ ජීවිත ගතකරන පරම්පරාවට නැත. අද පවුලක සිදුවන පුංචි අඬදබරයක පවා අවසානය දික්කසාද යැයි කීම අතිශයෝක්තියක් නොවෙි. "පවුලේ අඬදබර බත්හැළිය ඉදෙනතුරු පමණයි" යන ජනප්‍රිය කියමන වත්මන් සමාජයට තවදුරටත් වලංගු නොවෙි. පුංචි බහින්බස් වීමක් පවා දික්කසාදය තෙක් දිග්ගැස්සෙන තරමට වත්මන් සමාජයේ පවුල් සංස්ථාව පිරිහී ජරාජීර්ණ වී ඇත. මෙි වූකලි යුග පෙරළියත් සමඟ සිදුවන ආකල්ප පෙරැළීයේ ම ප්‍රතිඵලයක් නොවෙිද? බටහිර සමාජයේ ජේත්තුකාර ව්‍යජ තේජසට රැවටී ඇතැමිහූ පවුල් ජීවිත කඩාකප්පල් කර ගනිති. එයින් වැඩිපුර ම අසරණ වන්නෝ කවරහුද? ඔවුහු දරුවෝය. එහෙත් එදා පෙරදිග සමාජයේ ගැහැනිය ඉවසීම, පරිත්‍යාගශීලි බව ප්‍රගුණ කොට ගෙන තම පවුල් ඒකකය රැකගැනීමට නොවිඳිනා දුක් වින්දාය. සැමියාගේ අඩන්තේට්ටම්, නොපනත්කම් සියල්ල ඇය දරුවන් වෙනුවෙන් ඉවසා විඳදරා ගත්තාය. ඔවුහු පවුලේ අඬදබර නිසා නිවෙස හැරපියා ගොස් දරුවන් අනාථ නොකළ වීර, ධීර මාතාවෝය.
කුටුමිබ ජීවිතය රැකගැනීම වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් ගත් එබඳු කාන්තාවෝ වත්මන් සමාජයේ සුදුර්ලභ වෙති. එදා පෙරදිග පවුල් ඒකකය පහසුවෙන් බිඳි නොයාමට තවත් එක් හේතුවක් වූයේ ගෙදර උපයන්නා සැමියා පමණක් වීමය. ගැහැනිය යැපෙන්නියක වූ නිසා ඇයට ඉවසීම ප්‍රගුණ කොට දෙන දෙයක් කා, බී වෙනදෙයක් බලා සිටීමට සිදුවිය. එහෙත් අද කාන්තාව එසේ නොවෙි. ඇය සම තැන් ඉල්ලනීය. සැමියා සමඟ උරිනුර ගැටී මුදල් උපයන්නීය. සමාජයේ උසස් තනාන්තර දරන්නීය. අද ඇතැමි කාන්තාවෝ සැමියාට වඩා උපයති. එපමණක් නොව පවුලේ සියලු වගකීම් උසුලති. ඇතැමි බිරියෝ ගෘහමූලික භූමිකාව ද ඉටු කරති. උගත්කමින්, බුද්ධියෙන්, වත්කමින් පොහොසත් කාන්තාවෝ සැමියා අතික්‍රමණය කරමින් පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙති.
තතු මෙසේ වූවද පුරුෂෝත්මවාදී සමාජයක පුරුෂාධිපත්‍යය රජකරන කුටුමිබයක ලලනාවෝ නිතර බියෙන්, සැකයෙන්, පීඩනයෙන් ජීවත් වෙති. බුදුන් සමයේ විසූ අතිපීඩිත ලියන් ගැන, දාසීන් ගැන, සැමියාගේ තිරිසන්කමින් මර්දිත ලියන් ගැන බණපොත්වල සඳන්වෙි. ලලනා සිරිතට අනුව ජීවත් වු එබඳු ලියන් ලොව කොතෙක් ද? එහෙත් මෙි ලලනා සිරිත යනු කුමක්ද? මෙි වූකලි පීඩිත ස්ත්‍රීන්ගේ ජීවනබර තර කිරීම වස් පැටවෙන අතිරේක බරය. පුරුෂෝත්මවාදය මිහිපිට පැටවුණු දා සිට සියලු ලලනාවෝ බැරිබර කර ගසා එයින් මැඬි ජීවත් වෙති. යශෝධරාවත වැනි ජාතකයක් තුළින් වූවද පෙරදිග ගැහැනියගේ ඉවසීම හා පරිත්‍යාගශීලි ගුණය මොනවට පැහැදිලි වෙි. නිර්ව්‍යාජ කවීත්වය ගැබ් වූ යශෝධරාවත ලියා තිබෙන්නේ සිදුහත් කුමරුන් ගිහිගෙය හැරපියා යෑමෙන් පසු යශෝධරා දේවීන් නගන ශෝකාලාපයක ස්වරූපයෙනි. ජනකවියා යශෝධරා දේවියගේ පපු කැනැත්තේ බුර බරා නැගෙන දුක, පාළුව, ශෝකය, කැකෑරුම කවියට නගන ආකාරය කෙතරම් රමණීය ද?
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අඳුරුයි අද ස්වාමිනේ
කැලේ තියෙන කොයි දේවත් රස වෙිවා
මලේ බඹරු මෙන් පිරිවර වැඩි වෙිවා
අව්වෙි තියෙන රැස්මාලා අඩු වෙිවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
ධ්වනිතාර්ථපූර්ණ මෙි කවිසපුව තුළින් දිසි අරුත නොව අදිසි හෙවත් වැසි අරුත ගම්‍යවෙි. ඉසියුම්වූත් ඉගැඹුරුවූත් අරුත් දනවන මෙි කවියෙන් කරුණරසයක් අප හද තුළ ජනිත නොවෙිද? කවර පුරුෂයකු වුව උදාර පරමාර්ථයකට කැපවී ගැනෙද්දී ඔහුගේ කුටුමිබය වසා විහිද යන ශෝකාන්ධකාරය යශෝධරාවතෙහි ද ඊට සමාන කෘතියක් වන වෙස්සන්තර ජාතකයේ ද ප්‍රකාශිත වන්නේ ය.
මා එක්කලා අමනාපව වී දබර
දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර
මෙි කථකාවගේ සැමියා නිවෙස හැරපියා ගොස් ඇත්තේ පවුලේ අඬදබරයක් හේතුකොටගෙනය. ඇය තම කුඩා දියණිය ද සමඟ මිදුලට වී සිටින්නේ නොහොඳ නෝක්කාඩු වී ගිය සැමියා යළි නිවෙසට එනතුරුය. පාළුව, හුදෙකලාව, තනිකම තදින් ම දැනෙන්නේ රාත්‍රි කාලයටය. දිවා ආලෝකය පහව ගොස්, අවට සියලු හඬවල් නිහඬ වී, බැහැරි ලොව ගනඳුරින් වැසී යත්ම සැමියා නැති අඩුව ඇගේ සිතට තදින් ම දැනේ. එවිට දියණිය සමඟ තනිවී සිටින ඇයට දැනෙන ශෝකසන්තාප, දුක්දොම්නස් බොහෝය. සැමියා නැති නිවසේ හුදෙකලා මළපාළු හැඟීමක්, සියුම් ශෝකයක් ඇගේ අධ්‍යාත්මය වසා පැතිරේ.
හදවතෙහි පැන නගින මෙකී සංවෙිදනාව පහකර ගැනීමට ඇය තම කුඩා දියණිය ද එකතුකර ගන්නීය. ඇය නිතර සැමියාට ආමන්ත්‍රණය කරන්නේ දූ ගේ තාත්තා යනුවෙනි. මොන වරද කළ ද ඔහු දරුවන්ගේ තාත්තා ය. ඔහු කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් වූවද ඇගේ සිත උණු වී ඇත. ඇයගේ හදවත බුර බුරා නැගෙන වියෝගිනි මඳක් හෝ නිවී යන්නේ මෙකී පීතෘමූලික හැඟීම හේතුවෙනි. මෙි අඹසැමි ගැටුමෙි සුලමුල අපි නොදනිමු. එහෙත් රචකයා මෙි කථකාවගේ ශෝකාලාපය ඉතා ශූර අන්දමින් චිත්තරූපී කවියකට නගයි. නිවෙස හැරපියා ගිය සැමියා නැවත එනතුරු ඇය නොතිත් ආසාවෙන් මග බලා සිටින්නීය.
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා
විරසක වී නිවෙසින් පිට වී ගිය සැමියා නැවත ආදරයෙන් පිළිගැනීමට ඇය තම කුඩා දියණිය සමඟ අවට පරිසරය ලස්සනට සැකසීමට වෙහෙස වන්නීය. දියණිය සෙල්ලම් කළ කෙළිබඩු අස්පස් කිරීමටත් මිදුල හැඩි කළ කොළ රොඩු සියල්ල අතුපතු ගෑමටත් ඇය සැරසෙන්නේ සැමියා යළි එතැයි සිතන යටි අරමුණිනි. මෙි ගීතයේ සංකේතාර්ථ බහුලය. මූළු ගීතයම චිත්තරූපික කවියකි. මෙි එබඳු අවස්ථාවකි.
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
මෙි අපූරු යෙදුම රමණීය කාව්‍යෝක්තියක් නොවෙිද? සැමියා නැති කුටුමිබයේ මුළුතැන්ගෙය පවා හිස්ය. මෙබඳු බැරිබරක් දැරීම ගැහැනියකට කොහෙත්ම අසීරුය. මෙනයින් ගෘහමූලික භූමිකාව අහිමිවීම පවුලක නැතිබැරියාව, අසරණකම තීව්‍ර කරයි. ඇය කුඩා දියණිය ද කැටුව ගේ ළඟ වැට කඩුල්ලට වී රෑ පහන් වනතුරු බලා සිටින්නේ මෙකී මහමෙර තරම් බැරිබර උසුලාගෙන නොවෙිද?
හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ
හඳමාමා අතම ඒ පණිවුඩ යවමූ
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ
හඳමාමා යනු දරුවන්ගේ ලෝකයේ වීරයෙකි. ඉටු දෙවියෙකි. හඳමාමා කිරියි පැණියි ගෙනවිත් දෙන බව පවසමින් ඇතැම් අම්මලා හඬන දරුවන් නළවති. දරුවෝ ද මෙකී චාටුබස් අසා රැවටෙති. එහෙත් කල්යත්ම ඔවුහු වැඩිවියට පත් වූ විගස පොඩිකාලේ අම්මලා කියූ මෙි කතාව මුසාවක් බව වටහා ගනිති. මෙි කථකාව ද තම දියණියගේ හිත සැනසීමට හඳමාමා ඉටු දෙවියකු බව පවසන්නීය. සඳ මෝරාඋඩු ගුවනට එද්දී මුළු පරිසරය ම ආලෝකමත් වෙයි. එවිට කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ලෝකය ද ඒකාලෝක වෙයි. දැන් මෙි කුඩා දියණිය ද තම පියා ගැන මවගෙන් විමසන්නීය. දියණියගේ තොදොල් බසට, බොළඳ පැනවලට පිළිතුරු දීමට ඇය හඳමාමා ද පිළිසඳරට කැඳවන්නීය. දියණිය සිය පියා ගැන අසද්දී ඇයට මෙබඳු රැවටලිකාර වැඩ හැර වෙන යමක් කළ හැකිද? මෙි උභතෝකෝටිකය හමුවෙි ඇය නිරුත්තර වන්නීය. "දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු" මෙි නම් කෙතරම් අපූරු කාව්‍යෝක්තියක් ද? මෙි කථකාව සිය දියණියගේ සුරංගනා සිහින බොඳ නොකර ඇය සනසන්නීය. හඳමාමා පණිවිඩකාරයකු නොවෙි. එහෙත් ඇය කුඩා දියණියගේ සිත සැනසීමට මෙි සියලු රැවටලි, චාටුබස් ගොතන්නීය. තාමත් ඉටු නොවුණු මෙි අහිංසක ප්‍රාර්ථනාව හෙට දවසේවත් ඉටුවෙනු ඇත. මෙි ගීතයේ සංගීතය ද අතිවිශිෂ්ටය. එය නාදලෝලීනගේ මන මෝහනය කරයි. එමෙන්ම මාලනී බුලත්සිංහලගේ මධුර මනෝහර භාවානුරාගී සංගායනය ද කන්කලුය.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මා එක්කලා අමනාපව වී දබර
Chandana Monday, 30 January 2023 04:16 PM
මා එක්කලා අමනාප වී දබර ගීතය අපේ රටේ බිහිවුණු විශිෂ්ඨ ගායිකාවක් වන නැසීගිය මාලනී බුලත්සිංහලගේ තවත් සොඳුරු ගායනයක්. ප්‍රේමකීර්ති ද අල්විස්ගේ විශිෂ්ඨ පද රචනයක්. මේ ගීතය පිළිබඳ ශෂී ප්‍රභාත් රණසිංහ මහතා කර ඇති විචාරයත් ඉතා විශිෂ්ඨ බව කිව යුතුයි.
Suranga Monday, 30 January 2023 05:24 PM
අපූරු විග්‍රහයක්. ගීතය රස විඳීමට ඔබතුමාගේ විශිෂ්ට විචාරය විශාල පිටිවහලක් වුණා. පෙරදිග ගැහැණිය පිළිබඳ ඔබේ අර්ථකථනය ඉතාමත් නිවැරැදියි. මේ වගේ වටින ගීත පිළිබඳ තව තවත් විචාර ලියන්න... ඔබට ජය...!
senaali Monday, 30 January 2023 07:49 PM
හරිම දුක හිතෙන හැඟීම්බර ගීතයක්... සමහර වෙලාවට මේ ගීතය අහනකොට මගේ ඇස්වලට කඳුළුත් ආවා...!