කරුණාරත්න අබෙිසේකරයන්ගේ රූපකාර්ථ සහිත ව්‍යංගාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ සුගායනයෙන් හා ස්වර සංරචනයෙන් ද යුතු මෙි කන්කලු ගීමිණ විප්‍රලමිභ ශෘංගාර රසයෙන් විභූෂිතය.
රෝමියෝ - ජුලියට්, සාලිය - අශෝකමාලා, ගාමිණී චිත්‍රා, සහජාන් - මුන්ටාස්, රාධා - ක්‍රිෂ්ණා ආදී මෙකී නොකී ප්‍රේමවන්තයෝ ප්‍රෙමයේ පරමානන්ද සම්පර්කය වෙනුවෙන් සටන් කළෝය. මෙි සා ඇතමෙක් ජීවිතයෙන් පවා වන්දි ගෙවූහ. ඔවුහු ලෝකප්‍රකට ඵෙතිහාසික ප්‍රේමවන්තයෝය. ලෝකයේ බිහිවුණු බොහෝ ආදර අන්දර සමාජ සබඳතා නමැති කොටුපවුරේ ගැටී දුක්බර සැමරුම් පමණක් ඉතිරී කොට බිඳී නොවිසුළේ ද? තතු මෙසේ වූවද විවිධ හිරිහැර බාධක මැද ප්‍රේමයේ පරමානන්දය, බ්‍රහ්මාස්වාදය විඳීමට ප්‍රේමවන්තයෝ මැලි නොවෙති.
ස්ත්‍රි රූපසෞන්දර්ය තරම් පුරුෂයාගේ නෙත් සිත් වශී කරන අන්‍ය සෞන්දර්යයක් ලොව නැතැයි කීම අතිශයෝක්තියක් නොවෙි. ගැහැනිය වූකලි එතරම්ම මනසානන්ද, මනස්කාන්ත, දැකුම්කලු වස්තුවකි. ලලනා ලාවණ්‍යලෝලයෝ සොඳුරු ස්ත්‍රියක හා ප්‍රේමයෙන් බැඳුණු කල සොබා සොඳුරු වස්තුවලට පවා ඇය සම කරති. මෙනයින් පෙම්වතුන් තුළ උපදින අනුරාගික ආදරය පරමරමණීය නොවෙිද? කිසියම් පෙම්වතකුට තම ප්‍රාණසම පෙම්වතිය පූජනීය වස්තුවක් සේ හැඟීයාම වරදක් නොවෙි. ඇතැමි පෙම්වතුන්ට තම ප්‍රේමිනිය සඳ එළිය සේ සුපරිශුද්ධය. සුරම්‍ය ය. එවැනි ආදරයක වෙළී සිටින පුද්ගලයකුට ප්‍රේමය අසපුවකි. භාවනාවකි. ප්‍රේමය සංසාර පුරුද්දකැයි ඇතමෙක් සිතති. එහෙයින් එය මතු භවයේදී ද එසේම වෙිවායි ඔවුහු පුදබිම්වලට ගොස් පතති. අතීතය වත්මනට ගෙන එන පූර්ව ජන්මය සිහියේ නංවන ප්‍රේමය ඇතමෙක් අරවින්දයක්, ආකාශපුෂ්පයක් සේ දකිති. එහෙත් එය සමාජ චලනයට හසුවෙයි. සමාජ සම්බන්ධතා ජාලයේ ගැටී විවිධ හැලහැප්පීම්වලට ලක්වෙයි. ඇතැමි ප්‍රේමවන්තයෝ මෙි බාධක නොදකිති. ඔවුහු ආලයෙන් අන්ධ වී වල්මත්වී බැදිවලම යති.
මෙනයින් නා නා භේදයන්ගෙන් විදාරිත වූ පන්ති සමාජය තුළ ප්‍රේමය සාක්ෂාත් කරගැනීමට හැකිවනුයේ සාපේක්ෂ වශයෙන් පමණි. එහෙත් පිරිමියකුට සහචාරිණියක ද ගැහැනියකට සහචරයකු ද වුවමනාම ය. සහචරලාභය සුඛාස්වාදය, සුඛප්‍රහර්ෂය උපදවයි. එහෙත් සහචරලාභය නොමැති කල වියෝගිනි ඇවිළෙයි. මතකය අවුළවයි. අතීත මතක පටු මං තලාවෙි තනිවෙයි. විප්‍රලමිභ ශෘංගාරය හඹා යයි. මෙි ගීතයේ කථකයාට ද සිදුවී ඇත්තේ ද එබඳු සන්තෑසියකි. ඔහු ළතැවෙන්නේ කවුරුන් වෙනුවෙන් ද? ඔහු මෙි ළසොවින් තැවෙන්නේ තමා හැරගිය ප්‍රියාවිය නාමයෙනි. එකල මෙි කථකයා පූජනීය ප්‍රේමයක නිරාමිස සතුට, ලොව්තුරු සැපය වින්දේය. එහෙත් දැන් ඒ සුඛාස්වාදය, සුඛප්‍රහර්ෂය, කාමසම්භෝග සුවය ඔහුට අහිමිය. එහෙත් නොසිතූ මොහොතක තමා හැරගිය ප්‍රියාවිය පිළිබඳ මතකය ඔහු හද කොනහයි. එබැවින් සිහිනෙන් ගෑ සුවඳක් මෙන් දැනෙන සොඳුරු අතීතයක තතු ඔහු මෙසේ දිගහරියි. මෙි වුකලි සිදුහත් - යශෝධරා තරම්ම ප්‍රබල ආත්මීය ප්‍රේම බන්ධනයකි. සංසාරගත පුරුදු ඔස්සේ බැඳුණු ප්‍රේමයකි. මුළු විශ්ව සාහිත්‍යය ම මෙවැනි ඵෙතිහාසික ප්‍රේම වෘත්තාන්තවලින් පිරී පවතී. කුසජාතකය පාදක කොට ගෙන කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමන් විසින් රචනා කොට තිබෙන කව්සිළුමිණ එවැනි වෘත්තාන්ත විෂය කොටගත් මනහර ශ්‍රේෂ්ඨ කාව්‍යයක් නොවේද?
මෙි කථකයාට එකල්හි පෙම්වතිය වෙනුවෙන් උපන් ප්‍රහර්ෂය මෙසේ විය.
මා හද අසපුව
කුසුමින් සැරැසුව
ඒ මල්බර දෑතයි
ජීවන මහ මග
කැල්මෙන් හෙළි කළ
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවෙිකයි
මෙි ගීතයේ කථකයා පාළුවෙන් වෙළී සිටින කල්හි පූජනීය ප්‍රේමයක් ඔහුගේ හදවතට එබිකම් කර ඇත. බැතිමතියක මෙන් ඔහුගේ හද අසපුවට පැමිණි ඇය ඔහු වෙනුවෙන් ම පේවී, කැපවී සිටියාය. කථකයාගේ හදවත නමැති අසපුව නිල්වණින් දිදුලන සුවඳ කුසුමින් සැරැසුවෙි ඇයයි. ඇගේ ඒ සොඳුරු මල්බර යුගත් ස්පර්ශය ඔහුට තවමත් දැනෙයි. අඳුරු විජිතයක තනිවී සිටි ඔහුගේ නිසරු දිවිය සරු කෙම්බිමක් කොට එකලු කළේත් ඇයම නොවේද? ඇගේ නිල් මාණික්‍යයක් වන් දෙනයන කැල්ම නොතිබුණේ නම් ඔහුගේ ජීවිතය නමැති මහ මාවත කවරදාක නම් හෙළිපෙහෙළි වෙිවිද? අාලෝකමත් වෙිවිද? එහෙත් මෙි සියලු සතුටු සුව කැටුව ආ සුපෙම්බරිය අද ඔහු අසල නැත. දැන් ඔහුට සැනසුම කොහිද? ඇයගේ නාරිලාලිත්‍ය විඳිමින් ගතකළ වසත්සමය කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් හමාරය. යළිත් ඒ සොඳුරු ප්‍රියාවිය පියවි ඇසින් දකිනතුරු ඔහුගේ සිතට දැනෙනුයේ දැඩි අවිවෙිකිභවකි. විඩාවකි. ගීතයේ ස්ථායි කොටසෙන් සුවිශද වන්නේ මෙි රමණීය අත්දැකීමයි. කරුණාරත්න අබෙිසේකරයන් ව්‍යංගාර්ථපූර්ණ රූපකාර්ථවත් වදනින් පවසන්නේ මෙය ලෞකික ප්‍රේමයෙන් ඔබ්බට ගිය ලෝකෝත්තර, පූජනීය ප්‍රේමයක් බව නොවෙිද? මෙි ගීතය අසන ඔිනෑම රසිකයකුට සිදුහත් - යශෝධරා පෙම් පුරාවත සිහිවීම අරුමයක් නොවෙි.
සෙනෙහස පොදිබැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා
මානවසංහතියට ප්‍රේමය, සෙනෙහස, ආදරය තරම් කල්‍යාණයක්, සාධුතර මංගල්‍යයක් තවත් තිබෙිද? මෙි ගීතයෙන් වර්ණිත වන්නේ ඒ ප්‍රේමයෙහි එකී සෞකුමාර්යය යි. මෙි කථකයාට තවමත් තමා හැරගිය පෙම්වතිය පිළිබඳ ඇත්තේ වෛරයක් නොව ආදරයකි. ඔහු ඒ මතක පටු මං පෙත දිගේ සොඳුරු ආවර්ජනයක යෙදෙයි. එකල ඇය බැතිමතියක මෙන් ඔහුගේ හද අසපුවට පැමිණියේ අපරිමිත සෙනෙහසක් හිසින් දරාගෙනය. උසුලාගෙන යාමට බැරි තරමෙි සෙනෙහසක් ඇය සතු වූවාය. මෙහි එන සැනසිලි පිණිදිය රැගෙන පෙරා යන යෙදුම කෙතරම් රමණීය ද? පිණිදිය යනු තැනින් තැන විසුළ බිඳෙන් බිඳ රැස්වන්නකි. ඇයගේ සෙනෙහස ද එසේය. එය ද බිඳෙන් බිඳ වැඩි වර්ධනය වූවකි. එමතු ද නොව ඇය ඒ පිණිදිය එකතුකොට පිවිතුරු ප්‍රේමය ද මුසුකොට පෙරා දෙන්නීය. ඇය කෙතරම් පරෙස්සමෙන් ඔහුගේ සිතැඟි හඳුනාගෙන තම ප්‍රේමය පුදකොට ඇත්ද? සැතපෙන කුටි ඇත්තේ බුදුන්ට, රජුන්ට, භික්ෂූන්ටය. රචකයා මෙහිදී ව්‍යංගයෙන් පවසන්නේ ඇය පැමිණි උත්කෘෂ්ට, උදාර ප්‍රේමාගමනය පිළිබඳ නොවෙිද? සෙනෙහස පොදිබැඳ හිසින් දරා ඇය පැමිණ ඇත්තේ පූජනීය ස්ථානයකටය. මෙි කථකයාට ඇයගේ ප්‍රේම සම්පර්කය භවය පුරාවටම සිහිනෙන්ගෑ මුදු සුවඳක් සේ හැඟීම අරුමයක් ද?
මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොතකමි
ඇගෙ නොකැළැල් හද මට සෑහේ
අමාවතුර (Water of Nectar) යනු බුදුන්ගේ ශ්‍රීමුඛයෙන් පිටවන තෙපුල්සරය. ඇතමකුට අනුව අමාදිය ඇත්තේ දෙව්ලොවය. මෙහිදී ගීත රචකයා කථකයාගේ සිතෙහි උපන් ප්‍රේමයේ ප්‍රබලත්වය සුවිශද කිරීමට ඇගේ මුවින් පිටවන මිහිරි තෙපුල් අමා බිඳුවලට සම කරයි. කථකයාගේ සිත කුළුගන්වන ඇගේ ඉමිහිරි වාග් ලාවණ්‍ය එසේ විය නොහැකි ද? මෙි කථකයා තවත් දෙයක් කියයි. එනම් උනුන්ගේ සිතුම් පැතුම් රන්රස සේ පෑහෙන බවය. එහෙත් මෙි පරම පිවිතුරු අතිරමණීය ප්‍රේමය දැන් ඔහුගෙන් බොහෝ දුර ඈතකට ඇදී ගොස්ය. ඇති නැති පරතරය නිතර ප්‍රේමයට පරහට සිටින බව නොදන්නෝ කවරහුද? දෙදෙනකුට එක වහලක් යට ගේහසිත ප්‍රේමය විඳීමට එය බාධාවකි. එහෙත් මෙි කථකයා එය බාධාවක් කොට ගැනීමට සූදානම් නැත. ඔහු ඇයගෙන් දායාද නොපතයි. මිල මුදල් යාන වාහන තියා අබැටක් තරම් දෙයක්වත් අපේක්ෂා නොකරයි. ඇගේ නොකැළැල්, නොකිලිටි හදවත පමණක් ඔහුට ප්‍රමාණවත් බව නොවෙිද මෙි කියන්නේ? මෙි ගීතයේ සියලු යෙදුම්වලින් ප්‍රකට වන්නේ තම මැකී ගිය පෙමිවතිය සිහිවන කල්හි කථකයා තුළ උපදින මියුරු හැඟුමය. ඇය දකින තුරු ඔහුගේ සිතට දැඩි අවිවෙිකිභවක් දැනෙනුයේ එහෙයිනි. ජීවිතය වියෝගයන්ගෙන් පිරී පවතී. ලෝක ස්වභාව එසේය. එහෙත් මෙබඳු සත්‍යප්‍රේම භුංගරාජයෝ ලොව කොයි අතනම් වෙසෙත් ද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මා හද අසපුව කුසුමින් සැරැසුව
AB Monday, 09 January 2023 06:07 PM
මා හද අසපුව කුසුමින් සැරැසුව ඒ මල්බර දෑතයි ජීවන මහ මග කැල්මෙන් හෙළි කළ ඒ නිල්මිණි දෑසයි දකින තුරු සිත දැඩි අවිවෙිකයි......
රනේ Wednesday, 11 January 2023 01:16 PM
ඒ කෙසේවුවද, ප්‍රේමය විසින් ලෞකිකවාදියා අතරමං කරන්නේමයි...