මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙිගීමිණ ශෘංගාරරසය දනවයි.
සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා
දුබලෝ
- කව්සිළුමිණ
කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත් පරාක්‍රමබාහු නිරිඳුන් විසින් විරචිත "කව්සිළුමිණ" හෙවත් "කුසඳාවත" නමැති මහා කාව්‍ය ග්‍රන්ථයේ ඉහත සඳහන් කවිය අර්ථ ගන්වන්නේ මෙසේය. සරස්වතියගේ මඳ බැලිමකිනිදු ජනයා කවීහු වෙත්වා. කාව්‍යයෙහි රස හා භාව විඳිය හැක්කා වූ අය නම් ඉතා දුර්ලභයෝ ය.නන්දා මාලිනීයන් ගයන මෙි සුදුර්ලභ ගීමිණ රචනා කළෝ මහැදුරු සුනිල් ආරියරත්නයෝ ය.ඔවුහු දශක ගණනක් තිස්සේ මෙරට ගීත සාහිත්‍ය පෝෂණයට මහත් දායකත්වයක් දැක්වූ මහා ගේයපද රචකයෙක් වෙති.සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලැබූ ආරියරත්නයෝ ගීතයක් රචනා කිරීමට පෙර පෙදෙහි රසහව් සොයා ගියෝ ය.මෙි සොඳුරු ගීමිණ ද ඊට දෙස් දෙයි.මෙි වූකලී අපට තිබෙන විශිෂ්ටත ම මහාකව්‍යය වන කවිසිළුමිණ ඇසුරින් නිමැවූ සුදුර්ලභ ,සුදීප්ත,සුරංජිත,විචිත්‍රෝපශෝභිත ගීමිණකි.එහෙත් සුනිලුන් මෙි ගීතය කව්සිළුමිණෙහි සාහිත්‍යයික වචන අනුකරණය කර ලියූවක් නොවෙි. සම්භාව්‍ය සාහිත්‍යයේ ආනුභාවය ආරියරත්නයන්ගේ බොහෝ ගීතවලට ලැබී ඇතැයි කීම ද අතිශයෝක්තියක් නොවෙි.තතු කෙසේ වූව ද කව්සිළුමිණෙහි වචන හා යෙදුම් ආරියරත්නයෝ මෙි ගීසපුව වර්ණවත් කිරීමට යොදා ගනිති.
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න
මෙහි කථකාව කිසියම් සොඳුරු සිහිනයක් දකිමින් සිටින්නීය.එහෙත් ඇය ආයාචනා කරන්නේ තමා දකින සිහිනය කිසිදු බාධාවකින් තොරව දකින්නට ඉඩ දෙන ලෙසය.ගීතයේ ස්ථායි කොටස නම් සාහිත්‍ය කලා රසිකයකුට පමණක් නොව කලා විහීනයකුට වූව ද තේරුම් ගත හැකිය.එහෙත් මෙහි එන අන්තරා කොටස් දෙකම කෙනකුට එකවර අවබෝධ කර ගැනීමට අපහසුය.සම්භාව්‍ය සාහිත්‍ය රස විඳින පුහුණු රසිකත්වයක් ඇති සහෘදයකුට නම් මෙහි අරුත වටහා ගැනීමට පුළුවන.
සඳැස් විදා මොනරු නටති මේඝ වලා පාවේ
බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
මල්ගොමු තුළ නිල් පළු දළ යහන් නිබඳ සෑදේ
කව්සිළුමිණෙහි වචන සමඟ භාෂා හරඹයක යෙදෙන ආරියරත්නයෝ මෙි ගීතයට අවස්ථාවෝචිතව සම්භාව්‍ය සාහිත්‍ය බස වාත්තු කරති.මෙහිදී සඳැස් යනු සිකිපිල් හෙවත් මොනර පිල්වල තියෙන ලකුණුය.මෙි වූකලී ඇස් දහසක් යන අරුත් දෙන යෙදුමකි.සාමාන්‍යයෙන් කවි සමයට අනුව මොනරුන් පිල් විඳහා රැඟුම් පාන්නේ සවස් යාමයට හෝ පාන්දර කාලයටය.එවිට බොහෝවිට මෙිඝ ගර්ජනා සමඟ වැසි ඇති වන බව ද කියති.මෙයින් ගම්‍ය වන්නේ මොනරුන් පිල් විදහා ගෙන නටන විට වැහි වලාකුළු අහසේ පාවෙන බව නො වෙි ද?
බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
බලාවැල යනු කිම? කිරි කොකුන්ය. මලිගිය මල් ලෙස හඳුන්වා ඇත්තේ සුදු පිච්ච මල්ය.මෙනයින් බලන කල මෙහි සැබෑ අරුත නම් කිරි කොක්කු රෑන අහසේ පියාසර කරන්නේ හරියට සුදු පිච්ච මාලයක් ගෙල පැලඳුවා සේ ය. මෙි වූකලී කෙතරම් අර්ථපූර්ණ යෙදුමක් ද?සොඳුරු කාව්‍යෝක්තියක් ද? අපූරු භාෂා හරඹයක් ද? සහගුම් යනු කවරහුද? මීමැස්සෝ ය.මෙයින් අරුත් ගන්වන්නේ මීමැස්සන් දහස් ගණනක් එකට රොක් වී මිහිරි නාද නගනවා යන්නය.කව්සිළුමිණ කවියා සහගුම් ගැන මෙසේ පවසයි.
පුරකත නුබඳ බද මහවුරු උකුළුවටහී
සහගුම් බිඟුවැල පියුම්පිරි කියලී රසන්දම්
මෙහි අර්ථය නම් ඝෝෂා කරන්නා වූ නැතහොත් නාද කරන්නා වූ මීමැස්සන්ගෙන් ගහන වූ පියුම්වලින් පිරී ගිය පුර අගල,පුරය නමැති කාන්තාවගේ මහප්‍රාකාරය නමැති උකුළ වටෙි ( ඉණ වටා) සෑමවිට ම බඳින ලද රසනාදාමයක් බඳුවිය යන්නය.මහැදුරු සුනිලුන් කව්සිළුමිණෙහි සාහිත්‍යයික වචන භාවිත කළ ද මෙි වූකලී අනනුකරණීය ගී නිමැවුමකි.දෙවැනි අන්තරා කොටසෙහි අවසන් ගීපාදවල නිල්ල නිලන ගහකොළ මත මල්ගොමු මතින් යහන් සෑදෙන බව ද කියති. කොළ පැහැති තුරුලිය යායකට හිරු එළිය වැටෙන විට එය නිල් පැහැයෙන් දිස් නො වෙි ද?එ් සෙවණ යට දළ යහන් ඡායා නොපෙනේ ද?
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ
මෙි අතිවිශිෂ්ට පද සංයෝනය කවරාකාරයෙන් වූව ද අවප්‍රමාණය කළ නොහැකිය. අාරියරත්යන්ගේ භාෂා භාවිතය එතරම්ම ප්‍රශස්තය.දෙවැනි අන්තරා කොටස ද අතිශය ප්‍රණීත රසමසවුලක් බඳුය.එය බුක්ති විඳින්නෝ පුහුණු රසිකයෝ ය.මෙහිදී ලවන් ඔඩම යනු කිම?දෙතොල නමැති බඳුන යි.ඔඩම යනු භාජය යි.මෙයින් අරුත් ගන්වන්නේ දෙතොල් නමැති බඳුනට දමා මධු පානය කිරීම යන්නය.මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද? චිත්තරූපික වචන වාත්තුවක් ද? ව්‍යංග්‍යාර්ථ සුබසක් ද? සම්භෝග ශෘංගාරරසයක් ද? ප්‍රේමණීය රස ගුලාවක සොඳුරු ප්‍රහර්ෂයක් ද?
සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
මීවිතින් සප්පායම් වූ විට ඇස් රතුපාටට හැරෙන බව අපි කවුරුත් දනිමු.සුරත් යනු තද රතු පැහැය යි.මෙයින් අරුත් ගන්වන්නේ මධු රස පහසින් සෑහීමට පත් වූ කෙනකුගේ ඇස්දෙක නමැති මැණික් පහනින් තද රතු පැහැති එළිදැල් වෙන බව නො වෙි ද?
ලඹ සවන් හෙවත් එල්ලෙන කන් ඇත්තෝ වාසනාවන්තයෝ ය. බුදුන්වහන්සේට ද එල්ලෙන දිගු කන් තිබු බව දහම්පොතේ සඳහන්වෙි.එහෙත් මෙයින් අදහස් කරන්නේ සපුමල්,දුනුකේ මල් වැල් පිටින් එකම යායක එල්ලා වැටෙන බවය."ඉතින් සබඳ එබඳු සොඳුරු මාවතක මුතු පබළු පිනි වැටෙන සිහිලැල් හඳපානේ අපි ඇවිද යමු.අපේම කාල්පනික ලෝකයකට".අවසන් ගීපාදවලින් අරුත් ගන්වන්නේ එවැන්නක් නො වෙි ද?
මේ ගීතයේ වචන සමූහයේ නිශ්චිතාර්ථ නැත. එහෙත් ඒ වචන සමස්තය රසිකයා තුළ කිසියම් අත්භූත හැඟීමක් ජනනය කරයි. මෙකී අද්භූතයෙන්, කුතුහලයෙන් විස්මය උපදී. විස්මය වූ කලී චමත්කාරයේ පදනමයි. චමත්කාරය නම් සිත සතුටින් පිරී ඉතිරී යන විස්මය මුසු හැඟීමයි. මෙි කථකාව අවසානයේ දකින්නේ ශෘංගාරරසයෙන් අනූන ප්‍රේමණීය,සදානන්දනීය සොඳුරු සිහිනයක් නො වෙි ද?
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මගේ සිහිනය මට දකින්න