සමුද්‍ර වෙත්තසිංහයන් රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන සුනිල් දයානන්ද කෝනාර සංගීතවත් කළ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය සමයේ ශ්‍රී ලංකාවෙි ඇති වූ වර්ගවාදී යුද්ධයේ අඳුරු පැතිකඩයි.මෙි වූකලි කුරිරු යුද්ධයේ අංශුමාත්‍රයක් මානවබන්ධුත්වයෙන් නිරූපණය කරන සුදුර්ලභ ගීමිණකි.
"යුද්ධයේ අවසානය දැක
ඇත්තේ මළවුන් පමණි "
- ප්ලේටෝ -
යුද්ධයෙන් දිනූවෝ කවරහුද? ඔවුහු සැබෑ ජයග්‍රාහකයන් නොව පරාජිතයෝය.මනුෂ්‍යත්වයට එරෙහිව දිනාගත හැකි සටනක් ලොව නැත.සියලු සටන් දියත් විය යුත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙනි.යන්ත්‍රානුසාරයෙන් කුකුළන්,ගවයන්,එළුවන් ආදී සතුන් මසට ඝාතනය කරන ආකාරයෙන් යුද්ධයේදී අධිබලැති බෝම්බ,කාල තුවක්කු,මල්ටි බැරල් මගින් සිවිල් ජනතාව ද බල්ලන්, පූසන් මෙන් මහමග ඝාතනය කෙරේ.යුද්ධයේ ස්වභාවය එසේය.මෙරට දශක තුනක් පුරා ඇවිළී ගිය යුද ගිනි දැල් නිවී ගිය ද එහි ගිනිපුපුරු තවමත් අළුයට සැඟවී තිබෙි.දමිළ ජනතාවගේ ජාතික ප්‍රශ්නයට තවම ස්ථීර විසඳුමක් නැත.ඔවුහු තවමත් යුද සංහාරයේ අඳුරු අතුරු ප්‍රතිඵල බුක්ති විඳිමින් සිටිති.මෙකී යුද සමයේ වැඩියෙන්ම බැට කෑවෝ කවරහුද?ඔවුහු මායිම් ගම්වැසියෝය.එකල දියත් කෙරුණු යෝධ ජනසංහාරයේ ද දේපළ සංහාරයේ ද ප්‍රබල ගොදුරක් වූයේ මායිම් ගම්මානවල ජීවත් වූ ජනතාවය.මෙකී ජනසංහාර නිසා ඒවාට ගොදුරු වූ සිංහල,දමිළ,මුස්ලිම් ජනතාව බොහෝ ශෝකසන්තාප දුක්දොම්නස් හිතේ දරාගෙන ජීවත් වූහ.
යුද සමයේ මවුපියන් අහිමි වූ දරුවන්ගේ කඳුළු ගංගා කීයක් නම් මෙි මහපොළොව මත ගලා ගොස් ඇත්ද?එකල මවුපියෝ දරුවන් වෙනුවෙන් පාසල් මුර කළහ.එපමණක් නොව දරුවෝ මවුපියන් වැඩ ඇරී නිවෙසට එනතුරු බියෙන් සැකයෙන් මග බලගෙන සිටියහ.කුඹුරට,හේනට ගිය ගොවියා කෙරෙහි ද ඇතිවූයේ එබඳු ම භීතිකාවකි.දරුවන්ට මවුපියන් ද මවුපියන්ට දරුවන් ද අහිමි කළ මෙකී කුරිරු යුද්ධයේ අංශුමාත්‍රයක් මෙි සුදුර්ලභ ගීමිණිරුවනින් නිරූපණය කෙරෙයි.මෙි වූකලි යුද සමයේදී මව අහිමි වූ දරුවකු තම පියා රාජකාරියට ගොස් නිවෙසට එනතුරු දෑස් දල්වා බලාගෙන සිටින නිමෙිෂයකි.එහෙත් වෙනදා මෙන් නොව අප්පච්චිගේ පැමිණීම අද ප්‍රමාදය.දරුවාගේ මානසික වියවුල රචකයා කාව්‍යෝක්තියෙන් චිත්ත රූපයට ගොඩන නගන අපූරුව බලන්න.
මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවෙි
අප්පච්චී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ
රජරට ප්‍රදේශයේ ඈත මායිම් ගම්මානයක වෙසෙන අහිංසක දුප්පත් ගැමි පවුලක චිත්‍රයක් ගීතයේ ස්ථායි කොටසෙන් අප මනසේ ඇඳෙයි.මායිම් ගම්මානවල ජීවත් වන ජනතාවගේ දුෂ්කර ජීවිතය පිළිබඳ අමුතුවෙන් කිය යුතු නොවෙි.බොහෝවිට මුළු ගමටම ඇත්තේ එකම බසයකි.ප්‍රවාහන සේවය එතරම් ම දුෂ්කරය.රාත්‍රියට එකී ප්‍රවාහනය දුෂ්කර මෙන්ම භයානකය.මෙි කථකයාගේ පියා දවසේ මෙහෙය අවසන්වී පැමිණෙන්නේ මන්නාරම් බසයෙනි.එහෙත් වෙනදා මෙන් නොව සුපුරුදු බසය අද ප්‍රමාදය.අප්පච්චිගේ ප්‍රමාදය පුතුගේ හදවතෙහි බිය සැක සංකා මතු කරයි.බෝම්බ වෙඩි හඬ මැද්දෙන් වෙනදාට පැමිණෙන බසය නාවෙි මන්දැයි ඔහු කල්පනා දල්වයි.රජරට ගුවන් විදුලියේ විකාශනය අවසන් වන්නේ පිරිත් සජ්ජායනයෙන් අනතුරුවය.දැන් ගුවන් විදුලියත් දවසේ මෙහෙවර අහවරකර නිදි දෙව්දුව වැළඳගෙනය.එහෙත් අප්පච්චි තාම නැත.මැදියමත් පසුවී ගොසිනි.දරුවාගේ සිතෙහි තනිකම,භීතිය,සෙමෙන් මෝරා වැඩෙයි.ගන අන්ධකාරය ඊට තවත් අනුපාන සපයයි.මෙහිදී රචකයා ගොඩනගන සංකේතාර්ථ, ධ්වනිතාර්ථපූර්ණ යෙදුම් ඖචිත්‍ය ගුණයෙන් පරිපූර්ණ නොවෙිද? මෙි ගීතයේ වාච්‍යාර්ථය ඉක්මවා මතුවන ධ්වනිතාර්ථය ප්‍රබලය.
සංහිඳ ළඟ දේවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රෑ කළුවර පමණයි
සංහිඳ දෙවොල වන්නියේ වෙසෙන ජනතාවගේ අමරණීය පූජස්ථානයකි.බැතිමත්හු කෙම්මුර දවසවලට එහි ගොස් වැඳුම් පිදුම් යාතිකා කරති.එහෙත් මෙි මැදියම් රාත්‍රියේ දෙවොලත් ගොළුවී ගොසිනි.ප්‍රකට ප්‍රවීණ කිවියර විමලරත්න කුමාරගමයෝ සංහිඳ දෙවොල ගැන සිය අයියනායක කාව්‍ය සංග්‍රහයේ මෙසේ වනති.
සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුගගසක බෙනේ
මලකා කළුව ගිය ආයුධ කැබැලි පෙනේ
දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ
බුදු ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මෙි සංහිඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැමදෙන එතැන රැස්වෙති ගම ගෙවල්වල
- අයියනායක -
නූගත් ගැමියෝ විවිධ ඇදහිලිවලට පුරුදු වී සිටිති.ඔවුහු නියංකලට පමණක් නොව තම ජීවිතේ නෙක විපත් දුක් කම්කටොලු ඇති වූ විට ඊට සහනයක්, සැනසීමක් අපේක්ෂාවෙන් ද අදිසි බලවේගවල පිහිට පතති.එහෙත් දෙවියෝ කොහිද? මිනිසාට මිනිසා ම විනා කවර නම් අදිසි බලවේගයක පිහිටක් ද? අයියනායක කවි පන්තිය ලියූ කුමාරගම උගතෙකි.එහෙත් කුමාරගමයෝ මෙකී කවි පන්තියෙන් නූගත් ගැමියාගේ ඇදහිලි,විශ්වාසවලට ගැරැහුම්,අපහහස නොකරති.ගීතයේ දෙවැනි අන්තරා කොටසෙහි "චෙට්ටියාර්ගේ කඩෙි පහන දැන් නිවෙයි "යනුවෙන් ද අපූරු වදන් පෙළක් ඇත.එයින් ගම්‍යවන්නේ මෙකී මායිම් ගමෙි සිංහල,දෙමළම,මුස්ලිම් මිනිසුන් කිසිදු භේදයකින් තොරව සමඟියෙන් දිවි ගෙවූ බව නොවෙිද?
සංහිඳ ළඟ බාරයට
කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින්
සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
අප්පච්චි නැති ජීවිතය කෙතරම් හිස්ද? බිහිසුණු යුද්ධයේ විපාක කෙතරම් දරුණු ද?අනාගත ජීවිතය ගනඳුරින් වැසී ඇති බව කථකයාට හැඟෙයි.එවිට මළපාළු හැඟීමක්,සියුම් ශෝකයයක් ඔහුගේ අධ්‍යාත්මය වසා පැතිරේ.රචකයා මෙි අත්දැකීම කවියට නගන අාකාරය කෙතරම් අපූරුද?
"නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි."
මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?මායිම් ගමක ජීවත් වන මෙි කථකයාගේ අඳුරු අනාගතය පිළිබඳ ඒත්තු ගැන්වීමට මෙයටත් වඩා උචිත යෙදුමක් තිබෙිද?මෙි වදන්වලින් ගම්‍යවන්නේ කථකයා මුහුණපා සිටින අඳුරු දසාව නොවෙිද?සඳ තරු මෙිකුළු නැති නිරුවත් අහස් කුස අරා වැඩෙන්නේ ගනඳුර පමණි.තනිකම,පාළුව,කාන්සිය ඔහු වටා පැතිරෙයි.ඇතැම් විට මෙි කථකයා පවුලේ වැඩිමහල් දරුවා විය හැකිය.මවුපියන් නැති නිවසේ සියලු වගකියමි පැවරෙන්නේ වැඩිමහල් දරුවාගේ කරමතටය.ඒ පිළිබඳ මතක් වන විට කථකයාගේ සිතට දැනෙන බිය දෙගුණ තෙගුණ නොවෙිද?ගනඳුරින් වැසුණු නිරුවත් අහස එකී බිය තීව්‍ර නොකරයි ද?
වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි
රෑ කළුවර නපුරුයි
අවසන් අන්තරා කොටස මෙි ගීතයේ කූටප්‍රාප්තිය යි.සිත්පිත් නැති බෝම්බයට,තුවක්කුවට මැදි වී ගෙවන ජීවිතය කෙතරම් නම් භයානක ද? කොයි මොහොතක හෝ ජීවිතය නැතිවීමට ඉඩ තිබෙි.එහෙත් මෙි යුද ගින්නට මැදි වූ වන්නියේ ජනතාව සියල්ල විඳ දරා ගනිමින් මරුවා සමඟ වාසය කරති.
"අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි "
මෙි ගී සපුව අර්ථපූර්යෙන් ඔපවත් කළ පරිපූර්ණත ම කාව්‍යාත්මක යෙදුම මෙය නොවෙිද?මෙයින් ගම්‍යවන්නේ කථකයාට මවක ද නොමැති බවයි.එපමණක් නොව ඔහුට තවත් සහෝදර සහෝදරියන් ද ඇති බව මෙයින් සුවිශද වෙයි.අම්මා නැති දරුවන්ට පියත් අහිමි වූ කල කාගේ නම් රැකවරණයක් ද?මෙකී හැඟීම දැනෙන කල ඔවුන් හීනෙන් බිය වීම අරුමයක් ද?නිවසේ පහන නිවීගිය පසු දරුවන්ට කුමන ආලෝකයක් ද?දෙගුරුන් නැති දරුවෝ සදා අනාථයෝය.මෙනයින් මෙරට සිදුවුණු කුරිරු ජනසංහාරයේ අඳුරු පැතිකඩ මෙන්ම ජීවිතය,මරණය,දාරක ප්‍රේමය පිළිබඳ කියා දෙන මෙි ගීමිණ මානවබන්ධුත්වයෙන් අප හද කම්පා නොකරයි ද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්නාරම් බස්එක නෑ තාමත් ආවෙි