IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා

ගීවිනිස 131

 

 

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ විප්‍රලම්භ ශෘංගාරරසය දනවයි.

ජීවිතයේ මධ්‍යම යාමය පසු කරන්නෝ ඊළඟට එළැඹෙන පශ්චිම යාමය වැළඳ ගැනීමට මැලි වෙති.මිනිස් ස්වභාවය එසේ ය.සියලු මනුෂ්‍යයෝ සංසාරය  සමඟ අනුරාගයෙන් බැඳෙති.ඔවුහු සංසාරයට ගිජුව සියලු ලෞකික  ආශා හඹා යති.මිනිසාගේ පැතුම් අනන්තය.එහෙත් මිනිසාගේ සෑම පැතුමක් ම ඉටු නොවීම ලෝකස්වභාවය යි.යටකී පැතුම්වල හරය ලෙස පවතින්නේ  ජීවන ලාලසාවෙන් පවත්නා තත්වය ඉක්ම යෑමෙි ආශාවයි.

පැතූ දෑ නො සිදුවී නො පැතූ දෑ සිදුවීම ද ලෝකස්වභාය යි.බොහෝ පැතුම් බිඳ හැළේ.පැතුම් ඉටු නොවී යෑම මහත් දුක් ගෙන දෙයි.මෙහිදී ජීවිතේ සැඳෑ සමය ගතකරන්නෝ තම අතීත පැතුම් ඉටු නොවීම පිළිබඳ වඩාත් දුකට පත් වන්නෝය.ඔවුහු අතීතකාමයෙන් වෙළෙති.හඬති.වැළපෙති.එහෙත් ඒ සියලු පශ්චාත්තාප වීම් සංවෙිදනා එම අවස්ථාවට පමණි.මතු යම් දවසක සිහිවන විට ඒවා සුව දනවයි.සැමරුම යනු හැඟීම් පෙරා පිරිපහදු කරන පෙරනයක් බඳුය.මෙනයින් මෙි ගීතයේ ගැබ් වන්නේ ද ඉටු නොවූ අතීත පැතුමක් සිහිවීමකි.එහෙත් මෙි මහලු මිනිසාට එය සිහිවන්නේ සොබාදහමේ අපූරු දායාදයක් වන මහ වැස්සක පෙරනිමිති සමඟ ය.ඒ සොඳුරු  අතීතය සිහිවන්නේ කෙසේදැයි දැන් අපි බලමු.


මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත


කබාය ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහලු වියේ
මා දැන් මහලු වියේ

 

වැහිළිහිණින්  මන්දාරම් අඳුරේ පියාසර කරද්දි මහවැස්සක පෙරනිමිති පෙනීම ස්වාභාවිකය.මෙි කථකයා ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් හුදෙකලා සුවය විඳින තනිකඩයෙකි.ඔහු නිතර ජීවිතය ගෙවන්නේ  පාළුව,කාන්සිය,තනිකම සමඟය.එබඳු ජීවිත ගතකරන මහලු තනිකඩයකුට මීවිත යනු සතුට දනවන අමොදයකි.මෙි කථකයා ද තනිකඩ ජීවිතයේ සරතැස නිවාගැනීමට මල්පැන් වඩියක උණුසුම ලබන්න කඩමණ්ඩිය වෙත පිය නගයි.මල්පැන් යනු මීවිත නො වෙි ද?මීවිත පහසින් කුල්මත් නොවන්නෝ කවරහුද?තනි වූ සිතට බමන මත සමඟ අතීත සැමරුම් ගලා එන්නේ ද මෙවිට ය.පදමට ගසන්නෝ එය දනිත්.කබාය ඉරි ඇතැයි කීම මහලු විය අර්ථගැන්වීමට භාවිත කළ අපූරු යෙදුමකි."කවුරු බලන්න ද කවුරු දකින්න ද"යැයි කීම ද එය වඩාත් තීව්‍ර කරයි.

 

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩී
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවළක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි


මෙි නම් අතීතප්‍රේමයක සැමරුමකි.හිරිපොද වැස්සට කුඩයක් යටින් තුරුළු වී ගමන් කරන තරුණ පෙම් යුවළක් දැක කථකයා තම අතීතය සිහිපත් කරයි.ඔහු කල්පනා යානෙක නැඟී යටගියාව හරා අවුස්සයි."මමත් ඔහොම ගිය හැටි මතකයි" නම් යන යෙදුමෙන් සුවිශද වන්නේ  පෙර කල සමීපව උන් කෙනකුන්  මඳින් මඳ මතක් වී ඒමයි.මට හොඳ හැටි මතකයි යන්නෙන් අදහස් වන්නේ  කථකයා අතීතයේ යහමින් පෙම්සුව විඳ ඇති බව නො වෙි ද?


මීවිතකින් ගත උණුසුම් වූවද
සිත උණුසුම් වේදෝ
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මම ආපසු යනවා


මිනිසාට ප්‍රේමය ද මීවිත මෙන් ප්‍රණීත ඔසුවකි.එහෙත් මීවිතකින් ගත උණුසුම් වූවත් සිත උණුසුම් නොවන බව කථකයා කියයි.සිත උණුසුම් වීමට නම් සිතට සහනය දෙන පැතුම් ඉටුවිය යුතුය.මීවිත තොලගෑ පමණින් ම සිතට සැනසුම අත් නොවෙි.මෙහිදී වියෝගී පෙම්වතාගේ සිත්සතන් කල්පනා යානේ නිදහසේ සැරි සරයි.එවිට ඔහුට සිතෙන්නේ මධු සාදයෙන් මිදී නැවත තම කුටියට යෑමටයි.අවසානයේදී කථකයා අතීත මතකයේ සොඳුරු තැන් සිහිපත් කරමින් මධු විතින් තොර මතක පටු මාවතේ ගමන් කරයි.එහෙත් ඔහුගේ අතීත මතකය අවදි වුයේ අහම්බෙන් දුටු තරුණ පෙම් යුවළ නිසා නො වෙි ද?බිඳුණු පැතුම්වලත් ඒවායේ සැමරුම්වලත් සැටි මෙසේ ය.ඒ එසේ වෙතත්  සැමරුම්  සුහද ද සුන්දර ද වන්නේ මැයි.



අදහස් (0)

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 342 0

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 963 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


ගංගා එන්න කෝ ගංගා
2025 මාර්තු මස 18 1100 1

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි


උඩඟු ලියන්
2025 මාර්තු මස 11 1153 1

ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග


දුරුකතර ගෙවාගෙන
2025 මාර්තු මස 04 1156 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල


දස්කොන් සකිසඳ
2025 පෙබරවාරි මස 25 1251 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 189 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 780 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site