මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්පිත මෙි ගී කුසුම මානවප්‍රේමයේ ඉමිහිරි සුගන්ධයෙන් රසික හදවත් සුවිභූෂිත කරයි.
මානව ප්‍රේමය වූකලී බදා වැළඳ ගැනීම පමණක් නොව පරිත්‍යාගය,පරාර්ථය,ඉවසීම වැනි තාදි ගුණ ප්‍රගුණ කළ සොඳුරු නිරාමිස හැඟීමකි.මෙහිදී එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,වෛරය,ආත්මාර්ථය වැපිරීම නුනුවණ ක්‍රියාවකි.එහෙත් අප වසන සමාජය මානව ප්‍රේමයට සතුරුය.මුළු මහත් සමාජය ම උකුසු ඇස්ලා සිටින්නේ දෙදෙනකු අතර විකසිත වන පෙම් පියුම මුකුලිත කිරීමටය.තතු එසේ වූව ද සියලු බාධක,හිරිහැර පරයා මානව ප්‍රේමය දිනූවෝ ලොව කොතෙක් සිටිත්ද? ජීවිතයේ ඇතැම් පරාජයන් හමුවෙි අනෙකාගේ යහපත වෙනුවෙන් ප්‍රේමය දන්දුන් පරිත්‍යාශීලී ආදරවන්තයෝ ද සිටිති.ඇතැමෙක් තම ප්‍රේමය වෙනුවෙන් ජීවිතය ද පුදති.මෙනයින් මිනිසාගේ පැතුම් අතර අතිසුන්දර පැතුම නම් මානවබන්ධුත්වය සඳහා පවතින පැතුම යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.
මහැදුරු සුනිලුන්ගේ මෙි අතිවිශිෂ්ට පද සංයෝජනය ද යටකී මානව ප්‍රේමයේ සොඳුරු පැතිකඩක් නිරුපණය කරයි.සමහරු මෙි ගීතයට විවිධ අර්ථකථන දෙති.ඇතමකුට අනුව මෙය වාම දේශපාලන නායකයකුගේ පාපෝච්චාරණයකි.තවකෙකුට මෙි ගීතය වළගම්බා රජු යුද්ධයේදී සොලි හමුදාවට බියෙන් පලා යද්දී කරත්තයේ බර සැහැල්ලු කිරීමට ඔහුගේ බිසව එයින් බැස යාමට ගත් උත්සාහයකි.බහුඅරුත් දනවන ගීතයකට විවිධ අර්ථකථන,වචාර,විවරණ ඉදිරිපත් කළ හැකිය.එහෙත් ගේය පද රචකයාගේ අභිලාෂය ඊට ඉඳුරා ම වෙනස් දෙයක් වීමට ද පුළුවන.මානවයන් දෙදෙනකු අතර ගොඩනැගුණු පරමානන්දකර සබැඳියාව,ළබැඳියාව පිළිබඳ කොතෙකුත් ගීත අප අසා තිබුණ ද මෙි ගීතයේ විශේෂත්වයක් ඇත.මහැදුරු සුනිලුන් මෙි ගීතය සම්පූර්ණයෙන් ම ලියා ඇත්තේ ස්වාභාවෝක්තියෙනි.මෙහි උපමා උපමෙිය,ව්‍යංග්‍යාර්ථ, කාව්‍යෝක්ති නැත.එහෙත් රචකයා ගොඩනගන චිත්ත රූපික පද පෙළ ප්‍රබලය.කලාවෙි සාරය ග්‍රහණය කර ගනිමින් නිමැවූ මෙි ගීමිණ චිරාත් කාලයක් ලඹ දෙන්නේ එබැවිනි.කලාවෙි සාරය යනු කිම? ඕනෑ ම කලා කෘතියක කර්තව්‍යය නම් රසිකයා තුළ මානව හැඟීම් සුපෝෂණය ද ශික්ෂණය ද කිරීමය.මානව හැඟීම් යනු ප්‍රේමය,වෛරය,ක්‍රෝධය,ප්‍රහර්ෂය,සන්තාපය යනාදිය යි.යම් කෘතියක යටකී ලක්ෂණ නැති නම් එය කලා කෘතියක් හැටියට ගිණිය නොහැකිය.මෙි ආදි හේතු නිසා ඇතැම් ගීත ඇසීමෙන් අප තුළ පසුතැවීමක්,ජුගුප්සාවක් ඇති වෙි.එහෙත් මහැදුරු සුනිලුන්ගේ මෙි ගීමිණිරුවන එක වරක් නොව දස දහස් වරක් ඇසූවද එපා නෙවෙි.මෙනයින් ගීතය භූෂණය කළෝ කවියෝය.ගීතය දූෂණය කළෝ කුකවියෝය.
රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවානෙණි
නොගිලී දළ රළ පෙළ අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවෙි
මෙි කථකාව වියෝගී හදවතින් පවසන්නේ තම අකලංක,උත්තරීතර ප්‍රාණ සම ප්‍රේමය කිසියම් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී ඇති බව නොවෙිද? රුවල ඉරුණු නැවකට මහ සමුදුර තරණය කළ නොහැකිය.එබඳු නැවකට තව දුරටත් මුහුදුබත් වනවා හැරෙන්නට ඉදිරි ගමනක් ද නැත. විවිධ සුළිකුණාටු චණ්ඩ රළ මැද නිරුපද්‍රිතව ගොඩබිමකට යාමට නම් නැවෙි බර අඩුකළ යුතුය.මෙි කථකාව නැවෙි නියමුවාට පවසන්නේ තමා අතහැර කෙසේ හෝ ගොඩබිමට ගොස් ජීවිතය රැක ගන්නා ලෙසය.මෙි නම් කෙතරම් පරිත්‍යාගයශීලි ආදරවන්තියක්ද? මෙහිදී තම පෙම්වතා වෙනුවෙන් දියඹට බිලි වීමට පවා ඇය සූදානම් වන්නීය.ඇතැම් විට මෙය මාරාන්තික රෝගයකට ගොදුරු වූ ගැහැනියකගේ ශෝකාලාපයක් ද විය හැකිය.තම සහකරුගේ ජීවිතය අනතුරේ නොදමා මියයන්නට වෙර දරන සැබෑ පෙම්වතියකට අනෙකා කෙරෙහි මෙබඳු හැඟීමක් ජනිත විය නොහැකි ද? ප්‍රේමය වෙනුවෙන් ජීවිතය අත්හළ ප්‍රේමවන්තයෝ ලොව කොතෙක් සිටිත්ද? මිනිසාගේ සෑම පැතුමක් ම ඉටුනොවීම ලෝකස්වභාවය යි.එහෙත් ප්‍රේමයේ භෞතික ලෝකය බිඳ වැටුණ ද අධ්‍යාත්මික කාල්පනික විජිතය බිඳ නොවැටෙි.විප්‍රලම්භ ශෘංගාරය යනු අතීත ජීවිතයට පණ පොවන බලගතු ඔසුවකි.එකී ඔසුව බොන්නෝ සදාතනික ප්‍රේමවන්තයෝය.
දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා තබමින් උණුසුම
මා රැකගත් ඔබ රැකගත යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
ගීතයේ පළමු අන්තරා කොටසෙන් ගම්‍ය වන්නේ මෙි කථකාව කලක් දරුණු අසනීපයකින් පීඩා විඳි තැනැත්තියක බවය.තම ජීවන සහකරු මහත් කරුණා දයාවෙන් ඇයට ඇප උපස්ථාන කළ බව නොවෙිද මෙි කියන්නේ? තම ගිලන් ජීවිතයට සහකරු කෙතරම් කැපකිරීම් කළ ද දැන් ඇයට ජීවිතය ජයගැනීමට නොහැකි බව වැටහී ඇත.තමා මියයාමට ආසන්න බව ඇය දන්නීය.ඔහුගේ තරුණ ජීවිතය තවදුරටත් අඳුරු කිරීමට ඇති අකමැත්ත නිසාම තමා අතහැර යන ලෙස ඇය ඔහුට ආයාචනා කරන්නීය.මෙයින් කුළු ගැන්වෙන්නේ ඇය තුළ තම සහකරු කෙරෙහි පවතින අකලංක, උත්තරීතර ප්‍රේමය පිළිබඳ නොවෙිද ?
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැඳිසෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට
සුන්බුන් පමණක් ඉතිරිව ඇති නැව්බඳ දැන් මුහුදුබත් වීමට ඔන්න මෙන්නය.ඇය ඔහුට ආයාචනා කරන්නේ තවත් පමා නොවී තමා දියඹට අත්හරින ලෙසය. එබඳු සංවෙිදී,බිහිසුණු තීරණයක් ගැනීමට නොහැකි නම් දෑස් පියාගෙන හෝ එම කාර්ය වහාම කරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්නීය.කරුණා මෛත්‍රීය පරාර්ථානුකම්පාව ඇති ප්‍රේමවන්තයෝ අනෙකා වෙනුවෙන් සියල්ල කැප කරති.මෙි ගීතයෙන් පරිපෝෂණය කර තිබෙන්නේ එබඳු කැපකිරීම් කළ පෙම්වතුන් යුවළගේ උත්තරීතර ආදර අන්දරයක් ගැනය.ප්‍රේමය පිළිබඳ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිය විලාසිනියකගේ ප්‍රේමය නමැති චම්පුකාව්‍ය කෘතයේ මෙසේ වනති.
ප්‍රේමයේ නම් අසෙනිය කුසුමක් වෙි
රිසි වූ කෙනකුට පූජා කරන්නට
ලොබ සිතින් තොර පිදුවමනා වෙි
පෙරළා ලබන්නට නොසිතා බිඳකුත්
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුවල් ඉරී ගිය නෞකාවෙි