රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මෙි ගීමිණ මානවබන්ධුත්වයේ සුපසන් හැඟීම් දනවයි.
රදා හැත්ත එවාපිය මගේ ගෑනිව.”
“අපිට නම් කොහෙත්ම වුවමනාවක් නෑ රදා උන් එක්කලා නෑකම් පවත්වන්න.”
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ සෙංකොට්ටන් නවකතාවෙි එන යටකී දෙබස් ඛණ්ඩයෙන් පවා සුවිශද වන්නේ කුල පීඩනය සමාජයේ එක්තරා ජන කොට්ඨාසයකට කෙතරම් බලපෑමක් කළා ද යන්නයි.
විසිවන සියවසේ ලංකාවේ සබරගමු පළාතේ පල්ලේබැද්ද, ගොඩකවෙල ප්‍රදේශය ආශ්‍රිත වූ නොදියුණු ගමක රජක කුලයේ ජීවන පුවතකින් නිර්මාණය කළ මෙි නවකතාව කුලවාදයට තෝතැන්නක් වූ රත්නපුරය දිස්ත්‍රික්කයේ රෙදි සෝදන්නන් අත්දුටු කුලීනයන්ගේ ක්‍රියාකලාපය මෙන්ම එයින් සිදුකළ හිංසා, පීඩා පදනම් කරගත් අතිශය සංවේදී කතා පුවතකි. කුලවාදය යහමින් පැලපදියම් වූ ප්‍රදේශයක සිටම කුලවාදයට එල්ල කළ දැවැන්ත යකුළු පහරක් නොවෙිද මෙි?එහෙත් පෙත්තරේ ළඟ පැන්තොටෙි ගම්මානයේ කුණු සෝදපු මිනිසුන්ගේ ආත්මීය අඬහැරය පිළිබඳ රත්න ශ්‍රී විජේසිංහයන් ලියන්නේ මස්ඉඹුලට පෙරය.මස්ඉඹුලගේ සම්මානිත නවකතාවෙි විශිෂ්ටතවය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ලෙංචිනා මගේ නංගියේ නමැති සරල සුගම ගීතයේ ද ඇත.
රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත මෙි ගීමිණ ශ්‍රම වර්ණනාවක් නොවෙි.මෙි වූකලි කුල පීඩනයට නතු වූ සොඳුරු තරුණියකගේ ආත්මීය අඬහැරය යි.කුලීන සමාජයේ ප්‍රභූ පැලැන්තිය අඩුකුලේ සමාජ පන්තිය දෙස නිතර බැලුවෙි වපරැසිනි.එහෙත් ඔවුහු අපරාධකාරයෝය.රජක කුලය යනු අනුන්ගේ වසුරු කරින් ගෙන ගොස් සෝදා පවිත්‍ර කොට ජීවිතය ගැටගසා ගන්නා අසරණයන් සිටින අඩුකුලේ සමාජ පන්තියකි.රදා,ඩෝබි යන හංවඩුව ද යටකී දුප්පත් අසරණයන්ට වැදී ඇත.එහෙත් මෙි වනාහි ඔවුන්ගේ උරුමය හෝ කරුමය නොවෙි සමාජ පන්ති විසමතාවයි.ගොවි,කරාව,දේව,කුඹල්,වහුම්පුර ඇත්තන්ට වඩා රජක කුලය පහත් කොට සැලකීමට සමාජය පුරුදු වී සිටියි.ඉන්දියාවේ මෙන් ලංකාවේ ප්‍රබල කුල පීඩනයක් නැතත් මහජන ඡන්දයකදී පවා කුලයට ප්‍රමුඛතාව දෙන අවස්ථා නැතුවා නොවෙි.දකුණේ බොහෝ ජනතාව කුලයට අනුකූලව තම ආසනයේ අපේක්ෂකයා තෝරා ගනිති.ඇතැමුන් අඩුකුලේ ගම්මුන් ගෙදරට වැද්ද ගන්නේ ද නැත.ගම්මානයේ කුලවතුන්,ධනවතුන්,ප්‍රභූවරුන්ගේ හැටි එසේය.එහෙත් ඔවුන් රැස් කළ පව් සෝදා හරින්නෝ කවරහුද? ඔවුහු අඩුකුලේ රජකයෝය.
මෙනයින් මානවබන්ධුත්වයෙන් අප හද පිරිමදින මෙි මහඟු ගීමිණ රමණීය නොවෙිද?මෙි වූකලි ගංතෙරට වී රෙදි අපුල්ලන ලෙංචිනා නමැති තරුණිය පිළිබඳ අප හද කම්පා කරන අපූරු ගීමිණකි.මෙහි කථකයා තුළ උපන් ගම්භීර දයානුකම්පාවත්,මානවබන්ධුත්වයත්,බුද්ධිවාදී එළැඹුත් මොහාන්ධකාරයේ ගිලුණු හණමිටි සමාජයේ ඔළුගෙඩිවලට එල්ල කළ ප්‍රබල යකුළු පහරක් නොවෙිද?උපතින් කිසිවකු බමුණකු හෝ වසලයකු නොවෙි යැයි බුදුන් වහන්සේ ද දේශනා කළහ.එහෙත් විසිඑක් වැනි සියවයේ ජීවිතවත් වන සමහරු තවමත් යටකී පසුගාමී,ආචීර්ණ කල්පිත,ගතානුගතික හණමිටි අදහස්වල ම එල්බ ගෙන සිටිති.මෙකී කූපමණ්ඩුක සමාජය දැන්වත් කුඩුපට්ම් කළ යුතු නොවෙිද?රත්න ශ්‍රී විජේසිංහයන් මෙබඳු කලා කෘතියකින් ප්‍රශ්න කරන්නේ යටකී සමාජ විසමතාවයි.
ලෙංචිනා මගෙ නංගියේ ඇයි
ගංතෙරට වී ගොම්මනේ
පෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායලා
ලෙංචිනා ඇති වැඩ කළා දැන්
ගෙදර යං කළුවර වුණා
ගොම්මන් කළුවර ගලා වැටෙනකම් ම ලෙංචිනා ගංතෙරට වී අනුන්ගේ රෙදි අපුල්ලමින් සිටින්නීය.මෙි දසුනින් කථකයා කම්පා වෙයි.ඔහුගේ සිතෙහි මෙි සුන්දර යුවතිය කෙරෙහි මානව ප්‍රේමය, දයානුකම්පාව උපදියි.ගීතයේ ස්ථායි කොටසෙන් සුවිශද වන්නේ යටකී මානවබන්ධුත්වය යි. පේඩිතෙර හෙවත් පෙත්තරේ යනු රෙදි අපුල්ලන පැතලි ගලයි.රජක කුලයේ ජනතාව රෙදි සෝදා පිරිසුදු කිරීමට රදාතොට හෙවත් පෙත්තරේ ට එති.
ලෙංචිනා සෝදන්නේ කුණු නොව මුළු ගමෙිම එකතු වුණු පව් ය.එහෙත් ගම්මානයක් ම හැඳ උනාලූ රෙදි සේදීමට තරම් ලෙංචිනා වැනි සියුමැලි ලියකට හැකිද? ප්‍රභූ පැලැන්තියේ පව්කාරයන්ගේ කුණු ලේසියෙන් පහසුවෙන් සෝදා හළ හැකිදැයි කථකයා ප්‍රශ්න කරයි.ලෙංචිනා සෝදන රෙදිවල තැවරී තිබෙන්නේ අපරාධකාරයන් රැස්කළ පව් යන්න ඇඟවීමට මෙහිදී රචකයා යොදන සංකල්ප රූප කෙතරම් ප්‍රබල ද? රත්න ශ්‍රී විජේසිංහයන් මෙි ගීතය කාව්‍යෝක්තියෙන් ගොඩනැගීමට යොදන ව්‍යංග්‍යාර්ථ සහ ධ්වනිතාර්ථ ද අතිශය රමණීය නොවෙිද? මෙි ගීතය ඇසෙන කල්හි වත්මන් පීඩක සමාජය පිළිබඳ රසිකයා තුළ වෛරය, ක්‍රෝධය නූපදී ද?
ලෙංචිනා ඇති වැඩ කළා දැන්
ගෙදර යං කළුවර වුණා
සියුමැලි ලෙංචිනා විඳින පීඩාව දැක කථකයා දුකට පත්වෙයි.ඔහු තුළ උපදින හදකම්පාව මතුකිරීමට රචකයා යොදන භාෂා ප්‍රයෝග කෙතරම් ප්‍රබල ද?
පින්වතුන් කැල ඇන්ද සළුපිළි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිළිකුණු ගිහින් ඒ
කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දෑත් නුඹෙ බබළනා
බස,උපමා රූපක, කාව්‍යෝක්ති,ව්‍යංග්‍යාර්ථ,ධ්වනිතාර්ථ, ඔෟචිත්‍ය ගුණය පමණක් නොව උත්ප්‍රාසය ද ගීතයක් වර්ණවත් කිරීමට පිටිවහල් වෙයි.මෙහිදී "පින්වතුන් කැල" යන්න ප්‍රබල උත්ප්‍රාසය දනවන යෙදුමකි.මෙයින් ගම්‍ය වන්නේ ඔවුන් පව්කාරයන් බව නොවෙිද? ලෙංචිනා සෝදා පවිත්‍ර කරන්නේ පව්කාරයන්ගේ වසුරු බව ඒත්තු ගැන්වීමට රචකයා දැරූ වෑයම සාර්ථක වී ඇත.කෙතරම් සේදුව ද අපරාධකරයන් රැස්කළ පව් සෝදා හළ නොහැකි බව කථකයා කියයි.එහෙත් ඊට හේතුව කුමක්දැයි තමන් නොදන්න බව ද ඔහු පවසයි.කෙතරම් සේදුවත් ඊනියා පින්වතුන්ගේ කුණු නො සේදෙන බවත් එයින් ඇගේ සියුමැලි දෑත් බබළන බවත් මෙහි සඳහන් වෙි.මෙයින් ගම්‍ය වන්නේ කථකයා තුළ ලෙංචිනා කෙරෙහි ඇති ළබැඳියාව නොවෙිද?රෙදි සේදීමෙන් තැළී කරගැට පිපී අවලස්සන වූ ඇගේ දෑතවලින් පවා කථකයා දකින්නේ සුන්දරත්වය යි.ප්‍රභූ වෙස්මුහුණු පැළඳ ගත් අපරාධකාර පාපිෂ්ඨයන්ගේ වසුරු කරින් ගෙන සෝදා පවිත්‍ර කර සොච්චම් වැටුප් ලබන ලෙංචිනාලා තවත් කොතෙක් නම් මෙි පීඩක සමාජයේ සිටිත් ද?
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ලෙංචිනා මගේ නංගියේ