ස්වර්ණ ගුණවර්ධනයන්ගේ ගේය පද සංකලනයෙන් ද ඉන්ද්‍රණි බෝගොඩගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද ෂෙල්ටන් විජේසේකරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණිරුවන කරුණරසය දනවයි.
ප්‍රේමය වනාහි මානවීය හැඟීමකි.පුහුදුන් මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද ප්‍රේමය,සෙනෙහස,ආදරය යන හැඟීම් දැනේ.මෙනයින් මිනිසාගේ අධ්‍යාත්මය රංජනය හෙවත් වර්ණවත් වන්නේ ප්‍රේමය නමැති විස්මිත මානව හැඟීම නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.මෙහිදී ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය හෙවත් නුරාරස කාමය අතිශය ප්‍රබලය.ආදරයෙන් අන්ධ වූ පසු උනුන් එකිනෙකාට ප්‍රේමය අමෘතයකි. සම්භෝග සම්පර්කයට එළැඹීමට තෝතැන්නකි.එහෙත් ප්‍රේමාවන්ධ ස්ත්‍රීයෝ සහ පුරුෂයෝ ළඟ මිස දුර නොබලති.ඔවුහු අනුරාගික බැඳුම්වල එල්බගෙන කාල්පනික ලෝකවල අතරමං වී සිටිති.එහෙත් මෙි ප්‍රේමයේ ඇති තතු නොවෙි.තරුණ යුවළක් ආදරයෙන් බැඳුණ ද ඔවුනට සමාජ කොටුපවුරේ ගැටීමට සිදුවෙි.එහෙත් මෙි සමාජ කොටුපවුර යනු කිම? මෙි වනාහි ධන,බල,කුල ගොත්, ජාති ආගම්වාදී ඊර්ෂ්‍යා, ක්‍රෝධ,මද,මාන,මාත්සර්යාදී වෙිරම්බවාතය. මෙකී පිළිමලුන්ට ගොදුරු වූ ප්‍රේමවන්තයෝ ලත් තැනම ලොප් වෙති.එහෙත් ප්‍රේමයෙන් වශීකෘත වී සිටින ආදරවන්තයෝ මෙි බාධා නොදකිති.ඔවුහු ප්‍රේමයේ පරමාස්වාදයෙන් මොහාන්ධකාරයේ ගිලී වළකට වැටුණු පසු යථාර්ථය දකිති.එහෙත් එවිට සියල්ල අහිමි වී අවසන්ය.ප්‍රේමයෙන් මූළාවූවෝ අවසානයේ ජීවිතය ද අහිමිකර ගනිති.
ප්‍රේමයේ අමධුර,අපිරිසුදු පක්ෂය නොදැක වැඩ වරද්ද ගත් ගැහැනියකගේ ශෝකාලාපයක් මෙි ගීතයෙන් සුවිශද වෙයි.මෙි වූකලි ආදරයෙන් අන්ධ වී ජීවිතය අපායක් කරගත් තරුණ කාන්තාවකගේ ස්වයං පාපෝච්චාරණයකි.ඇය මෙකී පාපෝච්චාරණය කරන්නේ තම මව ඉදිරියේ වීම ද විශේෂත්වයකි.මවකගේ දාරක ප්‍රේමයට පිටුපා හිතුමනාපෙට කසාදයක කරගැනීම නිසා ඇයට මෙි සන්තෑසිය සිදුවී ඇත.තමා කළ වරද ගැන ඇය දැන් පසු තැවෙන්නීය.මෙහි රචක ස්වර්ණ ගුණවර්ධනයෝ වඩාත් බුහුටි ලෙස ජනවහරේ එන ප්‍රකට උපහැරණ,ප්‍රස්ථාව පිළිරු ගීතය ඔපවත් කිරීමට යොදා ගනිති.
විදුලිය එළිය දැක ගිනිහුල දියේ හෙළා
මග වැරදිලා දිව්වේ මං මුළා වෙලා
පැන ගිය මුවන් ළඟ හැළුණයි නෙළු පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
විදුලිය කොටන මොහොතක ඇතිවන එළියේ ආලෝක තීව්‍රතාව කෙතරම් ද? ඇස් නිලංකාර කරන එබඳු එළි අසුරු සැණින් නිවී යයි.එහෙත් ඇතමෙක් එය දේවතා එළි සේ ද දකිති.ගිනිහුල යනු පිටිසර ජීවත් වන ගම්බද මිනිසුන්ගේ රාත්‍රි විදුලි පන්දමයි.ගම්මු වියළි පොල් අත්තක් හෝ පොල් මටලු බැඳ සදාගත් ගිනිහුල මගතොට යනවිට රැගෙන යති. කාර්ය අවසන් වූ පසු එය නිවා දමයි. මෙලෙස නිවා දැමූ ගිනිහුල අවශ්‍ය නම් නැවත භාවිත කිරීමට ද පුළුවන.එහෙත් එය වතුරට තෙමුණොත් යළි පත්තු නොවෙි.මෙි කථකාව ද පෙම්වතාගේ විදුලිය එළිය බඳු ප්‍රේමනීය ඇස් බැන්දුමට රැවටී ජීවිතයට ආලෝකය දුන් කුඩා ගිනිහුලේ එළිය නිවා දමන්නීය.එහෙත් දියේ හෙළු ගිනිහුල නැවත දැල්විය නොහැකිය .දැන් අඳුර ජීවිතය අරක් ගෙනය.පෙම්වතාගේ විදුලිය එළිය බඳු රැස් වළල්ල ද නැත.තමන්ට මග වැරදුණු බව ද ඇය පවසන්නීය.මෙහිදී "පැනගිය මුවන් දැක හැළුණයි නෙළු පලා"යනු ඇගේ පාරිශුද්ධවය ඔහුට පිදුබව කීමට ගත් වෑයමකි.මෙි උපහැරණය ඖචිත්‍ය නොවෙිද? තමා සතු මහඟු වස්තුවක් අහිමි කරගැනීම පිළිබඳ ප්‍රකාශ කිරීමට කදිම උපහැරණයකි.පිරිසුදුකම කාන්තාවකට ආභරණයකි.රචයා වක්‍රෝක්තියෙන් කියන්නේ එයයි."නෙළු පලා "යනු ඇය සතු පරම ධනය වන කන්‍යාභාවය යි.තතු එසේ වූව ද බැදිවල ගොස් මග වැරැදී එන දරුවන්ට මවුපියෝ කවරදාකවත් ගෙදර දොර නොවසති.
කස්තුරි කපුරු කෑ තරමට එපා වුණි
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි
ඇස් රතු කළ කොලොප්පමකට හිනා වුණි
මහමෙර වගෙයි නුඹ නොදොඩා බලා වුණි
කස්තුරි, කපුරු කෙතරම් සුවඳ වූවත් ඒවා අනුභව කළ නොහැකිය.තම හද බැඳි පෙම්වතාගේ ව්‍යාජ ප්‍රේමය ඇයට එපා වුණු හැටි නොවෙිද මෙි කියන්නේ? එහෙත් ඇයට එදා තම පෙම්වතාගෙන් වහනය වූයේ කෙතරම් මනරම් සුවඳක් ද? ඒ සුවඳට ඉව අල්ලාගෙන ගිය ඇයට දැන් ජීවිතයම එපා වී ඇත.අවසානයේ මීවදේ ඇති සුමිහිරි ප්‍රණීත පැණි පවා ඇයට තිත්ත විය.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? ඔහුගේ ප්‍රේමය එපාවුණු සැටි කීමට මෙයටත් වඩා ව්‍යංග්‍යාර්ථ,සංකේතාර්ථ උපමා උපමෙිය,රූපක අන්‍යාලාප ඇවැසි ද?මෙහිදී ඇස් රතු කළ උසුළු විසුළුවකට පවා ඇය සිනාසුණු බව කියති.අදරෙන් අන්ධ වූ පසු ස්ත්‍රියට පමණක් නොව පුරුෂයාට ද සියල්ල පෙනෙන්නේ සිනා පිරුණු සිහින සාගරයක් මෙනි.එහෙත් එයින් ලැබෙන්නේ තාවකාලික වින්දනයක් පමණි. මවක් යනු මහමෙර උසුලන ගැහැනියකි.ඇයට සියල්ල විඳ දරා ගැනීමෙි ශක්තිය ඇත.මෙි කථකාවගේ මව ද තම දියණියට සිදුවුණු සියලු විපත් දැක සියල්ල ඉවසා දරා අකම්පිතව සිටින්නීය.
මෝල්ගහත් ඇවුළුණි කරුම ගින්නට
උණුසුම මදි වුණා ඔය පැලේ ඉන්නට
ආ ගිය මාවතක් ඉම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට
ජීවිතය යනු දුක සැප නිති පෙරළෙන සංසාර චක්‍රයකි.ජීවන රිය සක කැරකෙන්නේ අටලෝ දහමට අනුවය.ඊට අනුගතව ජීවත් වන්නෝ මෙි ජීවන යථාර්ථය දැනගෙන මැනවින් වෙසෙති. මිනිසාට හැමදාම හොඳ කලදසාවක් උදාවන්නේ නැත.නරක කාලයට හැමදේම පරහට සිටියි.තමන්ගේ ග්‍රහයා නීච වන විට මෝල්ගහත් පත්තු වන බව කියති.කරුමය පඩිසන් දෙන්නේ එසේය.ජේත්තුකාර පෙම්වතාගේ ව්‍යාජ ප්‍රේමයට රැවටුණු මෙි කථකාවට තම මවගේ දාරක ප්‍රේමය පිරුණු කුඩා පැල්පතෙහි ද ඉන්න හිත දුන්නේ නැත.ඇය ඉසුරු සොයා රජ මාලිගයකට කිරිල්ලියක මෙන් ඉගිල ගියාය.එහෙත් අද ඇයට ඉන්න සිදුවී තිබෙන්නේ අත්තටු සිඳගත් කිරිල්ලියක ලෙස නොවෙිද? ඇය ගිය ගමනේ ඉමක් කොනක් දක්නට නැත.සියල්ල මිරිගුවකි.මෙහිදී පොඩි හිඟන්නී යන විශේෂණ පදය යොදා ඇත්තේ මෙි කථකාව පවුලේ බඩපිස්සිය බව ඇඟවීමටය.සමා වෙලා දොර අරින්නැයි ඇය මවගෙන් ඉල්ලන්නේ යථාර්ථය වැටහී ගිය පසුය.පෙම් බැඳුම් හට ගනී.එහෙත් ඒවා තත්ක්ෂණයෙන් හෝ කාලයාගේ ඇවෑමෙන් බිඳී යයි.ලෝකයේ බොහෝ ආදර අන්දර බිඳි යන්නේ ඒවා යට සැඟවී තිබෙන ව්‍යාජය නිසාය.ව්‍යාජ පෙම් බැඳුම්වල මානවබන්ධුත්වයේ ඉමිහිරි සංස්පර්ශය නැත.අද කාලයේ ඇසෙන අපභ්‍රංස අමිහිරි අරුත්සුන් පබැඳුමි,ගැයුම්,වැයුම්වලට වඩා මෙි විශිෂ්ට ගීමිණී කෙතරම් රමණීය ද?
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විදුලිය එළිය දැක