බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟු ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි.
මෙි වූකලි අටලෝ දහම පිළිබඳ සෞන්දර්ය පාඩමකි.බන්දුල නානායක්කාරවසමයෝ කාව්‍යෝක්තියට බුහුටි ගේය පද රචකයෙක් වෙති.ඔවුහු ගීත රචනයේදී ජීවන අරුත් කුළුගැන්වීමට ධ්වනිතාර්ථ පූර්ණ යෙදුම් ඔස්සේ විවිධ අත්හදා බැලීම් කරති.මෙි ගීසපුව වර්ණවත් වී ඇත්තේ බෞද්ධ සංස්කෘතිය අාභාසයෙනි.අටලෝ දහම අවබෝධ කරගත්තෝ සාර්ථක මනුෂ්‍යයෝය.ඔවුහු සියලු බාධක හිරිහැර,දුක් කම්කටොලු අකම්පිතව විඳ දරා ගනිති.දුක - සැප, සිනහව - කඳුළ,නින්දා - ප්‍රශංසා සැමට පොදු දහමකි.බුදුන්ගේ ඉගැන්වීම්වල අග්‍රඵලය අටලෝ දහම හෙවත් මැදුම් පිළිවෙතයි.බන්දුල නානායක්කාරවසමයෝ යටකී අටලෝ දහම සරල,සුගම උපමා උපමෙිය ඇසුරින් චිත්ත රූපික කාව්‍යෝක්තියකට නගති.ඇතැම් ප්‍රේමවන්තයෝ දෙබිඩි ජීවිත ගත කරති.ඇතමෙක් මසැසින් කෙනකුට ළංවී සම්භෝග ශෘංගාර සුව විඳිමින් මනසින් තවත් අයකුට පෙම් කරති.මෙනයින් බලන කල වත්මන් ප්‍රේමයේ අයථාර්ථවත් බව සුවිශද කරන මෙබඳු සුදුර්ලභ ගීමිණි දුර්ලභයෝය.
වියෝවෙි විප්‍රලම්බ ශෘංගාරය රස විඳිමින් තමා හැරගිය පෙම්වතිය පිළිබඳ අතීතාවර්ජනයක නියැළෙන මෙි කථකයා අවසානයේ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය දකී.තමා පණමෙන් ආදරය කළ පෙම්වතිය දැන් ඔහු අසල නැත.ඇය නොසිතූ නොපැතු මොහොතක පැරණි පෙම්වතා සමග ඉගිල ගියාය.ආදරයෙන් වෙළුණු පසු බොහෝ ප්‍රේමවන්තයෝ විරහව ගැන නොසිතති.ජීවිතයේ ගැඹුරු පතුල නොදැක ඔවුහු ප්‍රේමයෙන් කුල්මත් වී වල්මත් වී කාල්පනික ලොක්වල සැරි සරති.එහෙත් සැබෑ ආදරයක වටිනාකම තදින්ම සිතට දැනෙන්නේ තම සහකරු හෝ සහකාරිය අහිමිවී ගිය පසුව නොවෙිද ? මෙනයින් සලකා බලන කල්හි මෙි ගීමිණ මානව ප්‍රේමය පිළිසිඳ ගෙන,විකසිත ව,සන්තෘප්ත වන ආකාරය පමණක් නොව එහි වියෝ ගිනි මැද සුපුෂ්පිත පුෂ්පය මුකුලිත ව, අසන්තෘප්ත වන අයුරු ද අපට සුවිශද කරවයි.මෙි ගීතයේ ස්ථායි,අන්තරා කොටස්වලින් කියවෙන්නේ මෙකී ප්‍රේමය බිඳී වැටීමෙන් ඉතිරි වූ නටබුන් ගැනය.
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අබිමන්
හැඬූදා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්
මෙි කථකයාට දැන් ප්‍රේමයක් නැත.දැන් තිබෙන්නේ එහි ප්‍රතිඵල පමණි.එහෙත් ඒ ප්‍රතිඵල දුක්බරය.එවායින් ගැලවීමක් නම් නැත.දිවි ඇති තෙක් මෙකී ප්‍රේමානිසංස පොදි බැඳගෙන යා යුතුය.ප්‍රියජනයෝ අපගෙන් වියෝ වෙති.සොබාදහම එසේය.ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණි.මෙි කථකයා මෙතෙක් කල් තමා අසල ඇලී,ගැලී සිටි පෙම්වතියගේ වටිනාකම පමණක් නොව ප්‍රේමයේ තේජාන්විත අභිමානය පවා දකින්නේ එහි වියෝව හදවතට තදින්ම දැනුණු පසුවය.එහෙත් දැන් පලක් නැත.අශ්වයා ගිය පසු ඉස්තාලය වසා කුමටද? පෙම්වතිය දැන් ඔහුගෙන් වෙන් ව ගොසිනි.දැන් ඔහුට ඉතිරි ව ඇත්තේ කඳුළ පමණි.කෙනකුට සිනහ ව කෙතරම් සරදමක් දැයි හැඟෙන්නේ දෙයක් අහිමිවී හඬන විට නොවෙිද? පාඵව,හුදෙකලා ව,තනිකම තදින් ම දැනෙන විට ඇගේ සොඳුරු වතින් නැගෙන සිනහව සරදමක් ලෙස ඔහුට පෙනීම කුමන අරුමයක් ද?
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඩයි
ඇස දිසි මානයේ ගඟක් ගලා යන විට එහි ඇති සුන්දරත්වය කෙතරම් නම් අපූරුද?එහි හැඩ පැහැ පමණක් නොව රුව ද ලස්සනට පෙනේ.එහෙත් ගඟට බැස ටික වෙිලාවක් සිටින විට අපට දිස් වන්නේ කුමක්ද? එහි පතුලේ ඇති රළු ගොඩැලි ගල්පර සැඩ රැලි සහ සලාවැටුම්ය.නිහඬ,නිසල සොඳුරු ගඟක් මෙන් පෙනුණු ප්‍රේමය ද අද මෙි කථකයා දකින්නේ බිහිසුණු චණ්ඩ ගඟුලක් මෙනි.ස්ත්‍රී - පුරුෂයන් තුළ පිළිසිඳ ගන්නා ප්‍රේමය බාහිර සොබාදහම විසින් උද්දීපනය කෙරෙයි.මෙි ගීතයේ රචකයා අන්තරා කොටස්වලින් මෙකී සොබාදහමේ මනරම් වස්තු රූපක උපමා උපමෙිය ඇසුරෙන් ව්‍යංග්‍යාර්ථයෙන් යොදා ගනී.මෙහිදී ගඟ පිළිබඳ රචකයා ගොඩනගන ව්‍යංග්‍යාර්ථය රමණීය නොවෙිද?ප්‍රේමයේ සොඳුරු පැතිකඩ නිරුපණය කිරීමට මෙන්ම අඳුරු ඇතුළාන්තය වෙත ප්‍රඥා ප්‍රදීපයයක් දැල්වීමට ද රචකයා ගඟ නමැති සොඳුරු රූපකය භාවිතයට ගනී.
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
තරු සිදුරෙන් සඳරැස් පෙරා එවමින් පූර්ණ චන්ද්‍රයා අහස්කුස අරා විරාජමාන වනතුරු මුළු අහසටම ආලෝකය දෙන්නේ පුංචි තරුකැට පමණි.එහෙත් පුන් පොහොය එළැඹෙන දවසට එබඳු තරුවලින් ආකාශයට පලක් නැත.ප්‍රතාපවත් හඳට ඉඩදී තරුකැටවලට නිවී සැඟවී යන්නට සිදුවෙයි.මෙහිදී සඳ යනු ප්‍රේමය යි. පෙම්වතියට අපමණ ආදරය කළත් ඇය ඔහු අතහැර පැරණි පෙම්වතා සමග නික්ම ගොසිනි.මෙි කථකයා පවසන්නේ ඇය කවරදාකවත් තමා සඳක් මෙන් පිළිනොගත් බවය.ඇය කවදත් ඔහු දෙස බැලුවේ තරුවක් ලෙස නොවෙිද? එහෙත් පෙරදා ඇගේ ලෝකය එළිය කළේ මෙි පුංචි තරුවයි.අනන්තයක් වැනි සුවිසල් අහස බබළවන්නට තරුවකට නොව තරුකැට දහසකටවත් නොහැකිය.එහෙත් සඳ නැති අහසට පුංචි තරුකැටයක් ගෙන දුන් කදෝපැණි එළිය අමතක කිරීම කෙතරම් නම් සදාචාරාත්මක ද?මෙහි කථකයා තමන් අහසේ දිලෙන පුංචි තරුකැටයකට උපමා කරගැනීමෙන් ගම්‍ය වන්නේ ඔහු ප්‍රේමය වෙනුවෙන් පරිත්‍යාගය, පරාර්ථය යන මාවතට පිවිස ඇතිබව නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වියෝ වූ පසුවයි දැනෙන්නේ