ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් හා ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ සොබාදහමෙි සොඳුරු අසිරියෙන් පමණක් නොව නිරාමිස ප්‍රේමයේ භක්ති රසයෙන් ද රසික හද මුසපත් කරයි.
බුද්ධාලම්බන ප්‍රීතිය පරයමින් සොබාදහමේ සොඳුරු අසරිය කැන්දන මෙි මහඟු ගීමිණ අව්ච්ඡින්නව ගලා යන සුභාවිත ගීතාවලියේ අග්‍රඵලය යි.මෙි වූකලි රසික හද මනස ශාන්තරසයෙන් පුබුදු කළ රමණීය ගී නිමැවුමකි.මහ බෝ වන්නම ගීතයට වස්තු විෂය වන්නේ බුද්ධත්වයේ විමුක්ති සුවය යි.බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුන් වහන්සේ නේරංජන නදී තීරයෙහි උරුවෙලාහි අජපල නුගරුක මුල වැඩ විසු සමයේ සොබාදහමින් ලද වින්දනය පළ කරනු වස් මානවසිංහයෝ මෙි ගීතය රචනා කළෝය.
සුදුවැලි තලා සිපගෙන නේරංජන නදිය සෙමෙන් ගලා බසිද්දී බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බෝධි වෘක්ෂයට පිට දී සමාධි සුවයෙන් වැඩ විසුහ.මෙි ගීමිණ සවනත වැකෙද්දී අපට සිහියට නැගෙන්නේ බුද්ධත්වය ලැබූ ඒ ගෞතමයන්ගේ අසමසම රූපකාය නොවෙිද? මෙහිදී යටකී විමුක්ති සුව වින්දනය පරිකල්පනය කොට ඊට රසික සිත් බන්ධනය කිරීමට මානවසිංහයෝ සමත්වෙති.ඔවුහු කදිම බස්වහරක් ද ඊට යොදා ගනිති.මෙනයින් මහ බෝ වන්නම වනාහි ස්වාභාව ධර්මයේ චමත්කාරයට රමණීය චිත්තරූප ඇස අලවා ආගමික ගුණ සුවඳ තැවරූ නිරාමිස සතුට ජනනය කරන්නා වූ ගීමිණකි.
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ - ගයා හිස
වැඩ සිට බුදුවුණදා
තිලෝහිමි - මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා
ඉන්දියාවේ ගංගා නම් ගඟේ අතුගංගාවක් වන නේරංජන නදීය ශුද්ධ වූ ගංගාවකැයි බැතිමත්හු විශ්වාස කරති.මෙි වූකලි සිදුහත් කුමරු බුද්ධත්වය පතා ගිය ගමනේ නොමැකෙන සංධිස්ථානයකි.නේරංජන නදියේ ජල සම්පත අතිනීලවර්ණ යැයි ද එහි මනස්කාන්ත සල්උයනක් පැවැති බව ද ත්‍රිපිටකයේ පවා සඳහන් වෙයි.මෙහිදී වැලිතලා සිපගෙන හෙමිහිට බසිනා නේරංජන නදිය අසබඩ බුදුන් වහන්සේ ගයා ශීර්ෂයට පිට දී සමාධි සුවයෙන් වැඩ විසූ බව රචකයා කියයි.මානවසිංහයන් මෙහිදී මවන පාරිසරික වැනුම අතිරමණීය නොවෙිද? බුදුන්ට නේරංජන නදියේ ගයාශීර්ෂයෙහි සිටින්නට ලැබීම කෙතරම් වාසනාවක්ද? බුදුන් වහන්සේට ලැබුණු බව කියන මෙකී අත්දැකීම විඳින්නට ලෝලයක් පුහුදුන් අපට ඇතිවීම අරුමයක් ද?
හිම කඳුවැටියේ - සීතල හෙවණේ
චන්දන තුරු පීරා
හැපී එන - මල් මුවරද රසිනේ
සමඟ මුසු සීතල මද පවනේ
ගැටීලා පාවෙනා
හිමාල කන්ද,අනෝතප්තවිල සාහිත්‍ය පතපොත ඇසුරේ නිතර වහරන වදන්ය.එහෙත් මෙහිදී හිමකඳු වැටිය පිළිබඳ ගෙනෙන පාරිසරික වර්ණනය අතිශය චමත්කාරය.සඳුන් තුරු පීරා දසත හමන මඳපවන කෝමල බව ද මෙහි කියැවෙයි.සඳුන් තුරු යනු සීතල සදන සුගන්ධිත වෘක්ෂයකි.හිමකඳුවැටිය ද ස්වභාවයෙන් ම සීතලය. මෙකී සීතල සුගන්ධිත පරිසරය මල්මුවරද රසින් මුසුවීමෙන් අතිසුගන්ධිත නොවෙිද? ගීතයක් රමණීය වීමට නම් ඊට සැබෑ කවියකුගේ ගේය පද රචනාවක් පාදක විය යුතු බවට මෙි ගීමිණ ද නිදසුනකි.කිසියම් පුද්ගලයකුට තමා වෙසෙන පරිසරයේ බලපෑමෙන් ඇති වන බලවත් ශාන්ත හැඟීම් තීව්‍ර කර ධ්වනිත කිරීමට මෙි ගීතයේ රචකයා උත්සාහ කර ඇත.භක්ති රසය මුසුවූ ඒ හැඟීම් වින්දනය කරන්නා වූ අප හදවත් නිරාමිස ප්‍රේමයෙන් පෝෂණය නොවන්නේ ද?
සත්සර නගලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ මනෝහර
පලුපත් අතු රිකිලී
නටා ගිය - තාලෙහි රස දැනුණා
සරාගී ජීවනා
මෙහිදී ශ්‍රී මහාබෝධියෙහි දලුපත් අතු හා රිකිලි සෙමෙන් ලතාවකට සෙලවෙන හඬ
අපගේ කර්ණේද්‍රිය පීනනය කරන සත්සර නාදයක් වැන්න.මෙි වූකලි සරාගී ජීවිතයකට අත වැනීමක් නොවෙිද?මෙි දලුපත් තාලයට නටද්දී එබඳු නුරා හැඟුම් නූපදීද? එහෙත් මෙි පරිසරයේ දී බුදුහිමියෝ සමාධි සුව ලැබුවෝය.කෙලෙස්මල පාගා සිත දමනය කර ගත්තෝය.
සඟ මෙත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා සිටම තව
මහ මෙව්නා උයනේ
නටයි කොළ - වන්නම ලෙස මහ බෝ සූමීරී නාදෙනා
මෙි ගීතයේ අවසන් අන්තරා කොටසින් රචකයා අප කැටුව යන්නේ අනුරපුර ජයසිරි මහබෝධිය වෙතටයි.සංඝමිත්තා තෙරණියගේ සම්ප්‍රාප්තිය සමග සපැමිණි ජයසිරි මහබෝ අංකුරය මෙි ධරණී තලයේ රෝපණය කළ දා පටන් මහමෙව්නා උයනේ බෝපත් සුලලිත තාලෙන් නටන බව ද එදා නේරංජන නදී තීරයෙහි මෙන් ඒ සුමිහිරි අත්දැකීම විඳ ගත හැකි බව ද මෙයින් පැවසේ.මෙි කොළ ලෙළදෙන්නේ මහබෝ වන්නම ලෙසිනි.මෙනයින් නේරංජන නදියේ,හිමාල කන්දේ සොබා සිරිසර බිඳ විඳීමට ලොබලිය වඩනනෝ කවරහුද?ඔවුහු අමරදේවයන් ගයන මානවසිංහයන්ගේ මහ බෝ වන්නම ඉඳහිට හෝ අසන්නෝය.
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැලිතල අතරේ