ලාංකේය සුභාවිත ගීතයේ විදග්ධ ගේය පද රචකයෝ සුදුර්ලභ වෙති. චිත්තරූපික ව්‍යංජන ගුණයෙන් පොහොණි රමණීය කාව්‍යෝක්ති ධ්වනිතාර්ථපූර්ණ බසකින් සුවිශද කරන අතළොස්සක් තරම් විදග්ධ ගේය පද රචකයන් අතරින් ලුෂන් බුලත්සිංහලයෝ ඉහළින් ම වැජඹෙති. සොබාදහමේ පාරිසරික සංකේත ව්‍යංගයෙන් ගීතයට මුසුකොට ඉන් ප්‍රබල කතා ශරීරයක් නිමැවුමට ලූෂන් තරම් බුහුටියකු නැති තරම්ය. ජනවහර, ජනකවිය, පුරාණෝක්ති ඔහු ගීතයට විෂයකර ගනී. වෙිදිකා නාට්‍ය ගේය පද රචකයකු ලෙස සුපිළිපන් බුලත්සිංහලයෝ උසස් ගණයේ නාට්‍ය ගීත රාශියක්ම නිර්මාණය කළහ. ඔහු ලියූ නාට්‍ය ගීත අතරින් දීකිරි දීකිරි, මඩෙි ලගින තාරාවුන්, සොබාව දේ, යාළුවෝ මාළුවෝ, කඩෙිට පලයං චූන් චෑන් වැනි ගීත අදත් ජනප්‍රියත්වයේ ඉහළ ම තලයක පවතී.
ලූෂන්ගේ සිනමා ගීතය ද අතිශය ප්‍රබල ආස්ථානයක ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි. ඔහු සිරි මැඳුර චිත්‍රපටයට ලියූ කන්‍යාවී ගීතය ලාංකේය චිත්‍රපට ගීතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටයට ලියූ "නොසැලෙයි දිවි මකුළු ඇස" ගීතය ද සම්මානයට පාත්‍ර විය. කේමදාස - ලූෂන් සුසංයෝගයෙන් බිහිවුණු සොඳුරු වර්ණදාසී සහ දොරමඬලාව ඔපෙරා ද්විත්වය ද රසික - විචාරක උභය පාර්ශ්වයේ අවධානය දිනා ගැනීමට සමත් විය. ලාංකේය සරල ගීතය පිළිබඳ කතා කිරීමෙිදී ලූෂන් බුලත්සිංහලගේ භූමිකාව මගහැර යා නොහැකිය. සුභාවිත ගීතයේ මහඟු ගීමිණි ගොන්නක් ලූෂන් බුලත්සිංහලයෝ සහෘද රසික ප්‍රජාවට දායාද කළහ. ගීතයේ ප්‍රමාණාත්මක පක්ෂයට වඩා ගුණාත්මක පක්ෂය කෙරෙහි වැඩි අවධානය යොමු කළ බුලත්සිංහලයෝ ගීතයක නිර්මාණාත්මක පරිශ්‍රමය පිළිබඳ අනවරතයන්ම සැලකිලිමත් වූහ. එමගින් ඔහු සොයා පාදා ගත් අනගි ගීමිණිරුවන් අතරින් කොළොම්තොට නැත මහළුවී (අමරදේව) පිපුණු මලේ රුව, ඔසරි පොටෙන් අදින්නෙපා (නන්දා මාලනී) මෙි ගඟ මෙි දුරුකතර ගෙවා, මිණි මිණි පොදේ (නෙරංජලා සරෝජනී) මුතුකුඩ ඉහළන මල් වරුසාවෙි (රෝහණ වීරසිංහ) රජ මැඳුරක ඉපදී සිටියා නම්, අහසින් තරුවක්, සැන්දෑ අහස වගේ, මගේ පුංචි කාලිදාස, කන්ද කෙන්ද කරනු පිණිස (මාලනී බුලත්සිංහල) විදුලි මිණි පහන්, බින්දු බින්දු තාරකා, සුදු නැන්දා ඇයි (ගුණදාස කපුගේ) අම්මා නැති මට කිරිඅම්මා වී (වික්ටර් රත්නායක) දම්පාටින් ළා සඳ බැස යනවා (කපුගේ - මාලනී) ආදී ගීත සුවිශිෂ්ට පද සංකල්පනා නොවේද? මෙකී ගීත එක දෙකක් හෝ නෑසු කන් කුමකටද? බුලත්සිංහලයන්ගේ ගීතය වූකලි එකම කවියකි. සෑම කවියක් ම ගීතයක් නොවූව ද සෑම සාර්ථක ගීතයක් ම හොඳ කවියකි.
එකල නෑනා - මස්සිනා හාදකම් කෙළවර වූයේ විවාහයෙනි. ඇවැස්ස නෑකම්වලට කරකාර බැඳගැනීම ලාංකේය ගැමි සමාජයේ චාරිත්‍රයකි. එහෙත් මෙකී නෑනා - මස්සිනා ආදර අන්දරයට කණකොකා හඬන අවස්ථා ද නැතිව නොවෙි. තම නෑනණ්ඩියගේ අකල් මරණයෙන් පශ්චාත්තාප වන තරුණයකු පිළිබඳ මහගම සේකරයෝ මෙසේ කවියට නගති.
ඉරපායා ඉර අවරට ගියාදෝ
සඳපායා සඳ අවරට ගියාදෝ
ඇඬු කඳුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොහි ගියාදෝ
මෙි කවිය පසුකලෙක "පිලේ පැදුර හේනට අරගෙන එනවා" මැයෙන් අමරදේවයෝ ගීතයක් බවට පත් කළෝය. ඇතැමි නෑනලා ඇවැස්ස නෑකම පසෙකලා මස්සිනාලා හැරයති. මස්සිනාලා ද නෑනලාට කොකා පෙන්වති. එසෙත් නැත්නම් නැන්දා මාමලා පෙර පොරොන්දු කඩ කරති. නෑනා මස්සිනාලට වැටෙන මෙි තහංචි හේතුවෙන් අකල් මරන පවා සිදුවිය හැකිය. මෙි වියෝ ගින්නට මැදිවූ ඇතමෙක් වහ බී දිවිනසා ගනිති. තවත් අයෙක් මතට අබ්බැහි වී ජීවිතය ම කාලකණ්ණි කර ගනිති. මෙි ගීතයට විෂය වන්නේ ද එබඳු අත්දැකීමකි. මෙි ගීතයෙන් කියැවෙන්නේ පරාජිත ප්‍රේමයක් ගැනය. පොරොන්දු කඩකිරීමක් පිළිබඳව ය. මෙි පෙම්වතාගේ අකලංක ප්‍රේමයට වැඩිහිටියෝ පරහට සිටියහ. එබැවින් පෙම්වතිය ගේමුල්ලක සිරවී සිටින්නීය. ඇයගේ අසරණ හීන් ඉකිබිඳුම පවා ඔහුට ඇසෙයි. එහෙත් මෙහි පරාජිතයෝ කවරහුද? ප්‍රේමිය ද ප්‍රේමයා ද? මෙහිදී පරාජිතවූයේ ආදරවන්තිය නොව ආදරවන්තයාගේ ප්‍රේමයයි. විප්‍රලමිභ ශෘංගාරය යනු ප්‍රේමය සාක්ෂාත් නොවූ කල්හි ප්‍රේමීන් තුළ උපදින ශෘංගාරාශ්‍රිත විරහවයි. නැන්දා මාමාගේ කරඇරීම, වෙස්පෙරළිය මත සියල්ල උඩුයටිකුරු වී ඇති බව පරාජිත ප්‍රේමියාට හැඟෙයි.
ධනය, බලය, කුලය, පන්ති ආගම් ජාතිවාදී භේද නමැති සතුරෝ විවාහය අබියසදී පෙම්වතුන්ට අවි අමෝරති. මිනිසා විඳින සියලු වියෝගයක් ම, සියලු විරහා ගින්නක් ම මෙකී පිළිමලුන්ගේ බලපෑම හේතුකොට ගෙන පැන නැගුණු දේවල්ය. ඇවැස්ස නෑකමට විවාහ පොරොන්දු දුන්න ද සමාජ චලනය හමුවෙි සියල්ල තත් ක්ෂණයෙන් වෙනස්විය හැකිය. මෙනයින් පිරිමින් පතන ලියන් පිරිමින්ට ද ලියන් පතන පිරිමින් ලියන්ට ද අහිමිවෙත්. එවිට ඔවුන් විඳින වේදනාව, පරිදාහය කෙතරම් ද? මෙබඳු ගීතයක් ඇසුණු කල්හි අප තුළ කරුණ රසය නූපදීද?
සුදු නැන්දා ඇයි ගේදොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකිබිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේමුල්ලේ
හීන් නඟා ඇයි ගේමුල්ලේ
මෙි කථකයා සුපුරුදු පරිදි තම ඇවැස්ස නෑනා බැහැදැකීමට ඇගේ නිවෙසට යයි. එහෙත් පුදුමයකි! වෙනදාට සිනා මුවින් පැමිණ දොර විවර කරන ආදරණීය නැන්දණිය අද ඔහු දුටු මතින් ගෙයිදොර වසන්නීය. මාමණ්ඩිය ද ඊට නොදෙවෙනි වෙස්පෙරළියකය. ඔහු ද සිය බෑනා මගහරිමින් හැංගිමුත්තම් සෙල්ලමකය. කථකයාට මේ කිසිවක් අදහාගත නොහැකිය. ඔහු මෙි විපරිත හැසිරීම් දෙස උපේක්ෂාවෙන් බලයි. වැලිකෙළියේ සිට කෙළිදෙලෙන් සිටි නෑනාට ඔහු ආදරයට ඇමතුවෙි හීන්නඟා යනුවෙනි. එහෙත් අද ඇය ගෙයි මුල්ලකටවී රහසේ ඉකිබිඳින්නීය. ඇයගේ ඉකිබිඳුම ඔහුගේ සවනත පාරයි. හදවත කීරි ගසයි. හිත දෙගිඩියාවෙන් පෙළයි. හිත තුළ නානාවිධ බිය, සැක, සංකා උපදවයි. ඔහුට මෙි සියල්ල ප්‍රහේලිකාවකි. ප්‍රශ්නාර්ථයකි. මෙි කථකයාගේ හදවතේ තෙරපෙන්නේ ප්‍රේම විප්‍රයෝගයෙන් උපන් ශෝකයයි. එහෙත් ලූෂන් බුලත්සිංහලයෝ මෙි සංසිද්ධිය වාගාලාප මගින් විස්තර කිරීමට නොයති. මෙහිදී රචකයා සිය පැසුණු කවිකම උපයෝගී කොට ගෙන මුළු ගීතයම ව්‍යංගාර්ථපූර්ණ චිත්තරූපයකට නගයි. මෙි කථකයා තමා හමුවට පැමිණි දුර්භාග්‍යය අකම්පිතව විමර්ශනය කරයි. සිය නෑනාගේ නිවසේ සිදුවුණු හදිසි වෙස්පෙරළිය දුටු මතින් ඔහු හඬාදොඩා වැළපීමට නොයයි. ඔහු සියල්ල විචක්ෂණශීලි මනසින් විඳ දරා ගනී.
වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ
හීන් නඟේ නුඹ නෑ දන්නේ
ඉදිකඩ යනු පෙම්වතුන් ආදර කතාබස් දොඩන ස්ථානයකි. ඔවුහු ඉදිකඩ අසල හමුවී ආගිය තොරතුරු කතා කරති.එදා ඔහු වෙනුවෙන් ඇරුණු ඉදිකඩ පවා අද හරස්වී ඇත. ගෙදර සිටින නිමිතිකාර සතකු වන බල්ලා ද අද කන්පට නොගසයි. උඩුබිරුම් නොලයි. වෙනදාට නිවෙසට එන අමුත්තන්ට ඉව අල්ලන බල්ලාට ද වගේ වගක් නැත. ඌ ඉන්නේ ද අහක බලාගෙනය. මෙි කථකයා අද හීන්නඟා බැලීමට පැමිණියේ හිස් අතින් නොව ඇගේ ගෙල සැරැසීමට රීදි මාලයක් ද රැගෙනය. එහෙත් ඒබව හීන්නඟා කෙසේනම් දන්නෙහිද? ගේමුල්ලක සිරවී ඉකිබිඳින ඇගේ සිහින් අඳෝනාව ඔහුට මිස වෙන කාටනම් ඇසේවිද? කෙතරම් අගහිඟකම් තිබුණ ද තම ප්‍රාණසම නෑනා රැකබලා ගැනීමට ඔහුට කිසියම් ආර්ථික ශක්තියක් ඇති බව නොවෙිද මෙි කියන්නෙ? මෙි ගීතයේ අන්තර්ගතය සංයෝග - විප්‍රයෝගයකි. සම්ප්‍රයෝග - වියෝගයකි.
තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා
ගලේ විහාරෙත් ගොළු වීල
කථකයා හමුවෙි සුවිශද වන පෙරනිමිති, අසුබ අනාගතය, පාරිසරික සංකේත ඇසුරෙන් චිත්තරූප පෙළකින් ගෙනහැර පෑමට බුලත්සිංහලයෝ මෙහිදී උත්සුක වෙති. වාච්‍යාර්ථය ඉක්මවූ චිත්තරූප ගීතයේ ධ්වනිතාර්ථපූර්ණ ගුණය සුරැකීමට සමත් වෙයි. විශිෂ්ට කවියකු මෙන් වචනවල දිස්නයට, උඩුහඬට වැඩිබර නොදීමට රචකයා යත්න දරයි. මෙි ගීතයේ පමණක් නොව තමා ලියු සියලු ගීතවල ලූෂන් බුලත්සිංහලයෝ මෙි ගුණය ප්‍රගුණ කළහ. මෙි ගීතයේ කථකයාගේ ප්‍රේමය වෙනුවෙන් නැගෙන විරෝධයට හේතු කාරණා කීමට ලුෂන් බුලත්සිංහලයෝ උත්සුක නොවෙති. වයිරා ඉව අල්ලා නොබැලීම, සැලළිහිණියා තටුපොරවාගෙන සිටීම මෙකී අමනාපයේ තතු හෙළි කරයි. ගැමි ගෙදරක පිල මත කනප්පුවක් තිබීම නිතර දැකිය හැකිය. නිවෙසට පැමිණෙන අමුත්තකුට බුලත්විටකින් සංග්‍රහ කිරීම ගැමියන්ගේ සිරිතකි. එහෙත් අද වෙනදා මෙන් නොව හෙප්පුව කනප්පුවෙන් පැන බිම පතිතවී ඇත. හෙප්පුවෙන් බුලත්විටට අඩුවැඩිය ගෙන පයුර්පාසානමෙි, සුහද පිළිසඳරේ යෙදුණු කාලය දැන් නිමවී ඇති බව නොවෙිද මෙි කියන්නේ? නිවැසියන්ගේ වියවුල්සහගත ස්වරූප පැවසීමට මීටත් වඩා හොඳ සංකේතාර්ථ, රූපක තිබේද? ගැමි ගෙදරක පහන් පැලක් තිබීමද අනිවාර්ය අංගයකි. එහෙත් අද මෙි පහන් පැලේ බුදු පුදට වැඩ ඇත්තේ නැවුම් සුගන්ධිත වනමල් නොව පරමල්ය. පරමල් යන යෙදුම මෙහිදී රචකයා භාවිත කරන්නේ අනිත්‍ය ධර්මතාව පසක් කිරීමටය. ගලේ පන්සලේ වෙනදාට ඇසෙන ඝණ්ඨා බෙර නාදය පවා අද ඔහුට නෑසෙයි. ඒ නිමෙිෂයේ පරිසරය වෙළාගෙන තිබුණු නිහඬතාව ඔහුට ගෙන දුන්නේ අප්‍රසන්න, අමිහිරි හැඟීමකි. පන්සලේ මොහොතක පැවැති නිස්කලංක බව ඔහුට දැනෙනුයේ ගොළුවීමක් ලෙසය. පාළුව, හුදෙකලාව වැනි විපත්තිකාරක අන්තරායන් පිළිබඳ ඉංගිතයක් නිමිතිකාර සතකු මගින් විද්‍යමාන කිරීමට යත්න දැරූ සුකීර්තිමත් ගේය පද රචකයෝ කිහිපදෙනෙක් ම සිටිති. ඔවුන් අතරින් සුනිල් සරත් පෙරේරා සහ රන් බණ්ඩා සෙනෙවිරත්න පුමුඛ කොට ගිනිය හැකිය. සුනිල් සරතුන් පණ්ඩිත් අමරදේවයන්ට ලියූ "ඔබ මා සමඟ අතිනත ගන්නා දවස" නමැති ගීතයේ "කිරලා" පිළිබඳ යෙදුමක් ඇත. "පාළුව ලුහුබඳින කිරලා හඬා වැටෙයි" කිරලාගේ හඬින් පරිසරයේ නිහඬතාව දැදුරුවෙයි. වියෝගයේ හුදෙකලාවෙි ශෝකය තියුණු කිරීමට සුනිල් සරතුන් මෙහිදී යත්න දරා ඇත. "කිරල් හඬ ඇසෙයි යකු හඬ ලෙසේයා" යනුවෙන් මහාකවි අලගියවන්නයෝ ද ලියූහ. රන් බණ්ඩා සෙනෙවිරත්නයන් ගුණදාස කපුගේට ලියූ "උලලේනා" ගීතයේ ද ඇත්තේ මෙබඳු ම ප්‍රස්තුතයකි. මෙි කථකයාට සොබාදහමේ සොඳුරුව සුඛස්පර්ශය නොව දු:ඛස්පර්ශය දනවයි. මෙනයින් මෙි මහඟු ගීමිණිරුවන ඇනීම නොව වැනීම කළ යුතු නොවෙි ද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
Tharuka Monday, 26 December 2022 06:30 PM
හොඳම කොටස මේකයි, රෙදි පොටක් හංගාගෙන ආවා, හින්නගේ නුබ නෑ දන්නේ...
රනේ Monday, 26 December 2022 07:18 PM
"සිතැත්තන්ගෙන් වෙන්වීමට සිදුවීම දුකකි." - රණසිංහයිනි ඔබට ස්තූතියි.
randil Tuesday, 27 December 2022 08:10 AM
අගනා ගීතයක්.
sampathdippitigoda Tuesday, 27 December 2022 08:04 PM
නියමයි...!
sunil Thursday, 29 December 2022 06:54 AM
60-70 දශකවල පැවැති සුභාවිත ගීතයට ඉන් අනතුරුව කිමද වුණේ? අද කටහඬ සහ ප්‍රාසාංගික කලාව උද්දීපනය සඳහා කොතරම් වැඩ සටහන් තිබුණද සාර්ථක නව නිර්මාණ පිළිබඳව ජන මාධ්‍යවලින් ලැබෙන පිටුවහල අල්පවීම ඉතා කණගාටුවට කරුණකි. අලුත් ගී රචනා සහ සංගීත රටා මුසුකොට සාර්ථක නව නිර්මාණ සඳහාද තරඟ පැවැත්වීම කාලින අවශ්‍යතාවයකි...