නිලාර් .එන් කාසිම්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද සුරචනයෙන් ද අසංක ප්‍රියමන්ත පීරිසුන් සහ මාලිනී බුලත්සිංහලයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සමන්ත පෙරේරාගේ සුස්වරාලංකාරයෙන් ද විචිත්‍රශෝභිත මෙි මහඟු ගීමිණිරුවන විප්‍රලම්බ ශෘංගරරස දනවයි.
ශ්‍රී ලංකාවේ ඇති වූ වර්ගවාදී ජනසංහාරවල කූටප්‍රාප්තිය තිස් වසරක් තිස්සේ ඇවිළී ගිය සිංහල - දෙමළ ජාතීන් අතර පැවති යුද ගින්න නොවේද? මෙි වූකලි ජාතීන් අතර අසමගිය ඇති කරමින් රට තවත් ආර්ථික අගාධයකට ඇද දැමූ දරුණුත ම ව්‍යසනය බව කීම ද අතිශයෝක්තියක් නොවේ.එහෙත් යටකී යුද ගිනි දැල් දැන් නිවී ගොසිනි.එදා උතුර දකුණ වෙනසක් නැතිව ඇසුණු වෙඩි,මෝටාර්,බෝම්බ හඬ අද ඇසෙන්නේ නැත.එහෙත් එදා යුද්ධයෙන් බැටකෑ සිංහල - දමිළ ජනතාව ඒ අමිහිරි මතකයේ නටබුන් අතර තවමත් ජීවත්වෙති.අළු යට ගිනිපුපුරු ඇත.පාලකයෝ තවමත් ඒ ගිනිපුපුරු නිවා දැමීමට උත්සුක නොවෙති.ඔවුහු සුළුජාතීන්ගේ හඬට කන් නොදී සුපුරුදු දේශපාලන ක්‍රීඩාවෙි නිරතවෙති.ජනතාවට ඇස්බැන්දුම් සෙල්ලම් පෙන්වති. මෙකී යුද සංහාරය නිසා සිංහල-දෙමළ ජනතාවට විශාල දේපළ ප්‍රමාණයක් අහිමි විය.ගේදොර ඉඩකඩම් පමණක් නොව ඇතමෙක් ජීවිතයෙන් පවා වන්දි ගෙවූහ.මෙකී යුද්ධය අනුමත නොකළ සිංහල - දෙමළ සත්පුරුෂයෝ පිරිසක් ද සිටියහ.ඔවුහු මෙි සා උපන් සියලු ශෝකසන්තාප,දුක්දොම්නස් අසීරුවෙන් විඳ දරා ගත්හ.එහෙත් ඒවායින් අප හදවත්වලට ගෝචර වී තිබෙන්නේ කෙතරම් අංශුමාත්‍රයක්ද? ප්‍රවීණ ගේය පද රචක නිලාර් .එන් කාසිම් ලියූ මෙි අනගි ගීමිණිරුවන ද යුද්ධයේ එක් අංශුමාත්‍රයක් නිරූපණය කරයි.
මෙහි නිරූපණය වන්නේ යටකී සිංහල - දෙමළ යුද සංහාරයට මැදි වූ පෙම්වතුන් යුවළකගේ නුගිනුරා සැලමුතු පෙමක හැඟීම්ය.මෙි ගීතය ඔස්සේ ජාතිගෝත්‍රාදී භේද ඉක්මවා මානව සබඳතා දලුලන අයුරු ඔබට නොපෙනේද?
පි: සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගේ හිත ගාව
ගැ: දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
මෙි කථකයා සිංහල තරුණයෙකි.ඔහුගේ පෙම්වතිය දමිළ තරුණියකි.ඔවුහු දෙදෙන නුගිනුරා ප්‍රේමයෙන් වෙළී සිටිති.එහෙත් දෙදෙනාගේ ප්‍රේමයට ජාතිවාදී කොටුපවුර පරහට සිටියි.සොමි සඳ පරයන ඇගේ මුවකමලෙන් නැගී එන සිනහව දුටුවිට ඔහුගේ ගතසිත සුඛප්‍රහර්ෂයෙන් පිනා යයි.ප්‍රේමයේ පරමානන්ද සුවය හදවතට දැනෙයි.සඳ දිය දෙවුන සේ නැගුණු සිනහව පෙම්වතාට කෙතරම් මනරම් දසුනක් ද? ඇගේ රූපසෞන්දර්ය හා ඇය දැකීමෙන් ඔහු තුළ උපන් පහන් සිත ම මෙයින් හැඟවෙි."සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම" යන්නෙන් ඇගේ කාන්තිමත් රූසපුව නිති ඔහුගේ දෘෂ්ටිපථයෙහි ගැවසෙන බව නොවේ ද මෙි කියන්නේ ?බොහෝ ගේය පද රචකයන්,කවීන් මෙන් නිලාර් .එන් කාසීම් ද සඳ නමැති රූපකය ස්ත්‍රී සංඥාර්ථය හැඟවුමට යොදාගනී.මෙි වුකලි ප්‍රබල චිත්තරූප මැවෙන රූපකයක් නොවේ ද?
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
කථකයාගේ සොඳුරු ආවර්ජනයට පෙම්වතියගෙන් ලැබුණු පිළිතුර එතරම් සෞන්දර්යාත්මක නැත.ඇය ජීවිතයේ යථාර්ථය ඔහුට පෙන්නා දෙන්නීය.ධනබල,සමාජබල,පන්තිබල,ජාතිකුල ගෝත්‍රාදී පිළිමලුන්ගෙන් සැදුණු කොටුපවුර තම ප්‍රේමය වටා ගොඩනැගී ඇති බව ඇය පවසන්නීය.මෙි වනාහි සදාකාලික වියෝගයකට අතවනන ප්‍රේමයකි.මෙහි ඇත්තේ හමුවී වැළපීම පමණි.එකවහලක් යට ගේහසිත ප්‍රේමයේ සම්භෝග ශෘංගාර සුව විඳීමට නොහැකි එබඳු බැඳීමකින් කිසිවකුට පලක් වෙිද?ප්‍රේමය කෙතරම් සෞන්දර්යාත්මක වූවත් වර්ණවත් වූවත් එහි භෞතික පදනම සවිමත් විය යුතුය.කාල්පනික ලෝකය නිසරු බව මෙයින් ගම්‍ය නොවේ ද?තරුණ ප්‍රේමවන්තයෝ යටකී සමාජ කොටුපවුරේ ගැටී නොකල්හි ජීවිතය කෙටිකර ගනිති.ජාතිවාදී කොටුපවුර හමුවෙි මෙි ආදරවන්තයෝ ද දෙලොවක් අතර දෙගිඩියාවෙන් පසුවෙති.
පි : නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේය පුර පස වී සඳ ගාව
ගැ: ඒ සඳ ඇයිද දියවක වී මුළු රෑම
දියවී ගොසින් රැඳුණේ තරු ඇස ගාව
ප්‍රේමාභිලාෂ සිතුම් පැතුම් කෙතරම් අවංක ද? සැලමුතු ප්‍රේමය කවදත් එසේය.ප්‍රේමවන්තයන්ගේ නෑඹුල් එනම් ඉඳුල් නොවූ අහස උසට නැගි ප්‍රාර්ථනා කෙතරම් ද?එහෙත් එබඳු නෑඹුල් පැතුම් සාක්ෂාත් කරගත්තෝ කවරහුද?මෙි කථකයාගේ ප්‍රේම ප්‍රාර්ථනා අහස් කුස අරා ගොස් පුරපස සඳ අසල ලඹ දෙයි.ඔහුගේ ගමනාන්තය වනාහි තම හද තුළ ඇය කෙරෙහි රහසේ නැගුණු නෑඹුල් පැතුම් පුරපස සඳ අසල බබළන අයුරු දැකීම නොවෙිද? මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?මෙහිදී රචකයා පෙම්වතුන්ගේ ප්‍රේමාභිලාෂ ප්‍රකාශ කිරීමට ව්‍යංග්‍යාර්ථපූර්ණ යෙදුම් ගොන්නක් භාවිත කරයි.
ඒ සඳ ඇයිද දියවක වී මුළු රෑම
දියවී ගොසින් රැඳුණේ තරු ඇස ගාව
සමාන්‍යයෙන් පසළොස්වක පෝයට පෙර සඳ පෙනෙන්නට පටන් ගනී.මෙනයින් සඳ පෙනෙන්නට පටන් ගන්නා දවස පෑළවිය නම් වෙයි.දෙවැනි දිනය දියවක නමින් හැඳින්වේ.තුන්වැනි දිනය තියවක ද සිවුවැනි දිනය ජලවක ද වෙයි.අටවැනි දිනය අටවකය.එදිනට සඳ පෙනෙන්නේ අර්ධ වශයෙනි.බාල චන්ද්‍රයා හෙවත් අඩසඳ යනු අටවක සඳය.මෙසේ ක්‍රමයෙන් වැඩෙන සඳ පසළොස්වක පෝය දිනයට පූර්ණ චන්ද්‍රයා ලෙස දිස්වෙයි.මෙි කථකාව අසන්නේ එකී පූර්ණ චන්ද්‍රයා දියවක වී මුළුරාත්‍රිය පුරාම තරු ඇස ළඟ රැදුණේ කුමන හේතුවක් නිසාද යන්නයි.සඳ දියවක වූ විට පෙනෙන්නේ ඉතා කුඩාවටය.අමාවක දිනට මුළුඅහසම කළුවරය.මෙයින් සුවිශද වන්නේ ඉටුනොවන ප්‍රාර්ථනා නොවේ ද?තරුණියගේ හිතේ පැල්පදියම් වී තිබෙන විචිකිච්ඡා සහගත හැඟීම් සමුදාය මෙයින් ඉස්මතු කිරීමට රචකයා දක්වන උත්සාහ කෙතරම් විශිෂ්ට ද? රචකයා කවියකු ද වන නිසා කාව්‍යමය බසක් මෙි ගීසපුව හැඩ කිරීමට යොදාගෙන ඇත.මෙහිදී තරු ඇස යන සංකේතාර්ථයෙන් ගම්‍ය වන්නේ කුමක් ද? මෙි වුකලි මෙකී ප්‍රේමයට පරහට සිටින පිළිමලුන්ය.ජාති,ආගම්,කුලමල සතුරෝ අයෝම හස්තය යොදා ඔවුන් දෙපළගේ බොටු මිරිකීමට බලා සිටිති.මිනිසාගේ පැතුම් අතර අතිසෞන්දර්යාත්මක පැතුම් නම් මනව සබඳතා සඳහා පවතින පැතුමයි.එහෙත් මෙි කුරිරු,දුෂ්ට සමාජය කවරදාකනම් එබඳු පැතුම් ඉටුකර ගැනීමට ඉඩ දෙයි ද?
පි : ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හළ හැකිද ගැරහුම් රළ ගාව
මෙි කථකයාගේ ළෙහි උපන් ළතෙත් ප්‍රේමයේ උණුසුම් සුසුම් සුවඳ සමාජය නමැති ගැරැහුම් රළට කවදාවත් සෝදා දැමිය හැකිද?තම ප්‍රාණසම පෙම්වතිය කෙසේ හෝ හිමිකර ගැනීමට ඔහු මහත් වෙහෙසක් දරයි.එහෙත් දෑ කුල සිරිත් ඒ මග අහුරා සිටියි.බිඳුණු පෙම් පැතුම්වලත් එහි සැමරුම්වලත් හැටි මෙසේය.
ගැ : කඩ ඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නල සේම
තම ප්‍රාණසම පෙම්වතා හිමිනොවුණත් ඇය තුළ ඔහු කෙරෙහි ඇති සෙනෙහස පෙරසේම බලවත්ය.මෙි ප්‍රේමය ඉටුනොවන බව තරුණියට දැන් සහතිකය. කඩඉම,මගතොට අසලදී හරි දුටුවිට නලියන සුළඟක් මෙන් ඔහුට අතවන්නට කියන්නේ ඒ නිසා නොවේ ද?
අප වසන සමාජය මානව ප්‍රේමයට මෙතරම් සතුරුකම් පාන්නේ ඇයි? මෙි ජුගුප්සිත නරාවළේ සිටින කිහිපදෙනෙක් වෛරය, කුහකත්වය, තණ්හාව බලලෝභය වපුරමින් පෙම්වතුන්ගේ ලෝකය සුනුවිසුනු කරති.දෙදෙනකු ආදරෙන් වෙළෙන විට මුළුමහත් සමාජය ම උකුසු ඇස් ලා බලා සිටී.ඉන්පසු ඔවුහු ඊට එරෙහිව සියලු සතුරුකම් කරති.පෙර කී පරිදි ජාති කුලග්‍රෝතාදි සතුරෝ ප්‍රේමය ආක්‍රමණය කරති.මෙනයින් අකලංක ප්‍රේමය භෞතික ලෝකයේ මල්ඵල ගැන්වීම සදාකාලික සිහිනයකි.
මෙි ගීසපුව වඩාත් අර්ථ සම්පන්න වන්නේ ඊට දී ඇති රමණීය ව්‍යංග්‍යාර්ථ නිසා නොවෙිද?
සුජීව හෙට්ටිතන්ත්‍රිගේ ගේයපද රචනයෙන් ද සමන් ලෙනින්ගේ සුගායනයෙන් ද සුනිල් දයානන්ද කෝනාරයන්ගේ ස්වරාලංකාරයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණරසයෙන් අප හ
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලනීයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මධුර මනෝහර මියැසිය
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
බන්දුල නානායක්කාරවසම්ගේ සංකල්පරූප සංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වරාලංකාරයෙන් ද මනරම්
ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැත
මහැදුරු සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනීය ස්වරමාධුර්යයෙන් ද සරත් දසනායකයන්ගේ ප්‍රතිභාසම්පන්න ස්වරාලං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සඳ දිය දෙවුන සේ සිනහව